ත්‍රිකුණාමලයේහි සැඟවුනු රජ පෙළපතක්


උසස් තාක්ෂණයක් පැවැති සුන්දරත්වයෙන් අනූන බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව එකල අතීත රජ දරුවන් විසින් කරවන ලද මහා චෛත්‍ය,වැව් මාලිගා,වන උයන් ආදීයෙන් පිරී පැවතිණී.
                                                                                       ශ්‍රී ලංකාවට විටින් විට එල්ල වූ විදේශ ආක්‍රමණ හමුවේ නොසැලී පවතින්නට මේ  චෛත්‍ය,මාලිගා ආදිය සමත් විය.විටින් විට ශ්‍රී ලංකාව තුල රජ කළ රජවරු නව නිර්මාණයන් ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිත කළහ.
                                                              බොහො සුන්දර,වටිනා ස්ථාන කාලයාගේ ඇවෑමෙන් ලංකා භූමිය තුළ ගිලී ගිය ද පුරාවිද්‍යඥයෝ කෙමෙන් කෙමෙන් එම ස්ථාන සොයාගත්හ.එවැනි ස්ථානවල පුරාවිද්‍යත්මක වටිනාකම,එම ස්ථානවල ඉතිහාස කතාව ලෝකයාට හෙලි කළහ.වසර 30 පුරාවට පැවතුනු ත්‍රස්තවාදී තර්ජන නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඓතිහාසික වටිනාකමින් යුක්ත වූ ප්‍රදේශ ලෝකයාගෙන් වසන් වී ගියේය.එහෙත් යුද්ධය අවසන් වීමත් සමඟ උතුරු,නැගෙනහිර ප්‍රදේශ ගැන ලාංකිකයන්ගේ අවධානය යොමුවිය.උතුරු නැගෙනහිර ප්‍රදේශවල සැගවී ගිය පුරාවිද්‍යාත්මන වටිනාකමින් යුත් ස්ථාන සොයා පුරාවිද්‍යාඥයෝ ගවේෂණ ඇරඹූහ.උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන ගැන ගවේෂණ කරන පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේදානන්ද හිමියෝ ඉන් ප්‍රධාන තැනක් ගනිති.
                                                                               උන්වහන්සේ ත්‍රිකුණාමල කන්දන්කාරු ප්‍රදේශයේ කළ සංචාරයකදී හමුවූ සෙල්ලිපියකින් මහා වංශයේ සඳහන් නොවුනු නව රජ වංශයක් පිළිබඳ තොරතුරු හෙළි කැගෙන තිබේ.උන් වහන්සේ අති දුෂ්කර ගමනකින් පසු කන්දන්කාරු සෙල්ලිපිය සොයාගෙන තිබේ.
                                                                             "ත්‍රිතුණාමලයේ ලඟ චත්‍යයක් හාරලා රං පත්තිරුවක් හොරකංකරලා ඒක විකුණන්න යද්දි පොලිසියට අහුවුනා කියලා මට ආරංචියකු ආවා ඊට පස්සේ මම දිස්ත්‍රික් ලේඛම්ට කියලා ඒ පත්තිරුව පුරාවිධද්‍යා භාරයට ගත්තා"
                                                                මේධානන්ද හිමියෝ සෙල්ලිපිය සොයාගෙන ගිය ගමන පිළිබඳ තොරතුරු පවසන්නට වූහ.
                              "රන්පත්ඉරුව ගෙන්වගෙන මම ඒක කියවලා බැලුවා.බ්‍රාහ්මීය අක්ෂරවලින් තමයි පත්ඉරුව ලියලා තියෙන්නේ.ක්‍රිස්තු වර්ෂ 164 වර්ෂය රජ කළ කණිට්ඨතිස්ස කියන රජතුමා විසින් කරවන ලද චෛත්‍යය තුළ කරඬුවක් නිධන් කළා කියලා තමයි එහි සඳහන් වෙලා තියෙන්නේ"
                                                          "නඛ මහ රජ හපුන මලිතිස මහරජ හා වෙති..."යනුවෙන් බ්‍රාහ්මීය අක්ෂරවලින් තමයි රන්පත් ඉරුවේ සඳහන්ව තිබී ඇත.එහි සිංහල තේරුම වන්නේ,"නාග මහ රජ්ජුරුවන්ගේ පුත්‍ර කණිට්ඨතිස්ස රජුගේ චෛත්‍යයයි" යන්නයි.
                         රන්පත්ඉරුව කියවීමෙන් පසු මේධානන්ද හිමියන්,උන්වහන්සේගේ මිතුරකු වන වෙල්ගම් වෙහෙරේ නාහිමියන්ට දුරකථනය හරහා කතා කොට ත්‍රිකුණාමල කන්දකාරු ප්‍රදේශයේ චෛත්‍යය සොයා යන ගමන ආරම්භ කළහ.
              "ත්‍රිකුණාමලේට ගිහින් කන්දන්කාරුවල චෛත්‍යය ළඟට යනකම් අත් ට්‍රැක්ටරයක හැතැප්ම අටක් විතර දුර ආමි එකේ අයත් එක්ක ගමන් කළා.එතැන චෛත්‍යයක් තියෙනවද කියලාවත් හිතාගන්න බැහැ.සම්පුර්ණයෙන්ම විනාශ කරලා දාලා තිබ්බේ.හැබැයි එතැන අවට තැනින් තැන ගල් කණු තිබ්බා."
                                                                  ගල් කණු අතරින් ඈත් වී ඊට මදක් එපිටින් පිහිටි කුඩා ගල්කන්ද මතට නුගුණු එල්ලාවල මේධානන්ද හිමියන්ට දර්ශණීය ගල්ලෙන් පෙළක් හමු විය.මුරගල්,දොරටුපාල රූප,කොරවක්ගල් විසිරී පැවැති භූමි භාගයක මේ ගල්ලෙන් පෙළ පිහිටා තිබිණි.
                                                           "අපි මේ ගල්ලෙන් පරික්ෂා කළා.බිත්ති බැඳලා දොරටුපාල රූප ගුහා දොර ළඟ තිබුණු ගුහාවට අපේ වැඩි අවධානයක් යොමු වුණා.මේ ගල්ලෙන් ත්‍රසතවාදී තර්ජන තිබුණු කාලේ කොටින්ගේ බංකර බවට පත් වෙලා තිබුණේ.කොටි නිදාගන්න හදපු තැන්,එයාලා භාවිත කරපු දේවල් ගුහාවේ තැනින් තැන විසිරිලා තිබුණේ.
                 අපි ගුහාව ඇත්ළට ගිහින් බලද්දි ඒ ගුහාව බිත්ති හදලා නිදාගන්න පුළුවන් විදියට පිල් හදලා ඇතුළ ට වතුර එන්නේ නැති විදියට කටාරම් කොටලා තිබුණේ"
                                            මේධානන්ද හිමියෝ ගුහාව අභ්‍යන්තර ස්වරූපය විස්තර කරමින් පැවසූහ.එම ගුහාව කටාරමට යටින් කොටා තිබු සෙල්ලිපිය දුටු මෙධානන්ද හිමියෝ ඒ පිළිබඳ අධ්‍යයනය කළහ.මැකී යමින් පවති අක්ෂර අඟුරු ආධාරයෙන් මතු කර ගත් උන්වහන්සේ ඒවා කොළයක පිටපත් කරගත්හ.
                                             "රජ උති ප්‍රතස රජ අභයස අය .........ස ...........පරුමඛ මිත්‍ය දිනේ සගස "
 සෙල්ලිපියේ කිහිපයක අක්ෂර අඩු වී තිබිණි.
                                             "රාජ උත්තියගේ පුත් රජ අභය මුල් වෙලා මේ ගුහා සංඝයා සතු කළා වගේ අදහසක් තමා මෙයින් කියැවෙන්නේ.සමහර තැන්වල අකුරු අඩු නිසා ඒවායින් කියවෙන දේ මොකක්ද කියලා කියන්න අමාරුයි"
                 මේධානන්ද හිමියෝ සෙල්ලිපිය බිළිබඳ විස්තර කළහ.
                                                                                        "උත්තිය කියලා රාජ වංශයක් ගැන කිසිම සඳහනක් වංශකතාවල නෑ.මේ ගල්ගුහා අයිති ක්‍රිස්තු පුර්ව තුන්වැනි සියවසේ දේවානම්පියතිස්ස රජ සමයට.ඒ හින්දා මේ උත්තිය රජු දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ උත්තිය කියන සහොදරයා වෙන්න පුළුවන්.ඒත් දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ උත්තිය කියන සහෝදරයාට අභය කියලා පුතෙක් හිටියා කියලා කිසිම වංශ කතාවක සඳහන් වෙලා නෑ. ඒ නිසා මේ සෙල්ලිපියේ සඳහන් උත්තිය රජු දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහොදරයා නොවෙන්නත් පුළුවන්.ඒ වගේම තමා රජවරුන්ගේ,සහෝදරවරුන්ගේ හැම පුතෙක් ගැනම වංශ කතාවල සඳහන් නොවන නිසා මේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහෝදරයා වන උත්තියට වෙන්නත් පුළුවන්.ඒ ගැන හරියාකාරවම කියන්න අමාරුයි"
                                                         මේධානන්ද හිමියෝ සෙල්ලිපියේ සඳහන් වූ නව රාජ වංශය පිළිබඳ පැහැදිලි කළහ.උත්තිය රජු එකල මෙරට රජ කළ ප්‍රාදේශීය රජෙක් විය හැකි යැයිද උන්වහන්සේ පැවසූහ.
                                                         මහා වංශයේ හෝ වෙනත් කිසිදු වංශ කතාවක සඳහන් නොවූ රජවරු පිළිබඳ තොරතුරු මොනරාගල,අම්පාර,හෙන්නානිගල,බලංගොඩ,කිරිමකුළුගල ආදී ප්‍රදේශ වලින් හමුවූ සෙල්ලිපි වල සඳහන්ව තිබී ඇත.මෙලෙසින් සෙල්ලිපිවල වල පමණක් සඳහන්වන රජවුන් ප්‍රාදේශීය රජවරුන් විය හැකි යැයි උන්වහන්සේ පවසයි.
                                            "සෙල්ලිපියේ සඳහන් වුණු විදියට ක්‍රි.පූ.3 සියවසේ මේ ගල්ගුහා හාමුදුරුවන්ට පූජා කරලා තියෙනවා.මේ ගල්ගුහා පිහිටි තැනට පොඩ්ඩක් එහායින් ක්‍රි.ව. 164 දී චෛත්‍යයක් හදලා තියෙනවා.මෙතැන වැදගත්ම දේ ඒකයි.මොන විදියේ රාජ වංශයකින් මේ කාර්යයන් සිදුකළත් මෙතැනින් දැක්වෙන්නේ බෞද්ධාගම කාලයක් පුරාවට පැවතුණු ආකාරය.....අතීතයේ ඉඳලා තාක්ෂණය ක්‍රමයෙන් දියුණු වුණා වගේම ආගමත් දියුණු වෙලා තියෙනවා.බුද්ධාගම කාලයත් එක්ක විනාශ වෙලා නැහැ"
                                              මේධානන්ද හිමියෝ හැඟීම්බරව පැවසූහ.උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මතුවන සෙල්ලිපි නව රාජ වංශ ගැනත්,විවිධ පාලන සමයන්වල සිදු වූ පෙරළීන් පිළිබඳවත් ලොකයට හෙළි කරයි.ලංකාවේ ඓතිහාසික දියුණුව, එකල පැවති සෞභාග්‍යය සියල්ල මේධානන්ද හිමියෝ සිය සංචාරවලින් ලෝකයාට පෙන්වා දෙති.