- 1 මහියංගනය
- 2 නාගදීපය
- 3 කැළණිය
- 4 ශ්‍රී පාදය
- 5 ඳිවාගුහාව
- 6 දිඝවාපිය
- 7 මුතියංගණය
- 8 තිස්සමහාරාමය
- 9 ශ්‍රි මහා බෝධින් වහන්සේ
- 10 මිරිසවැටිය
- 11 රුවන්වැලිසෑය
- 12 ථුපාරාමය
- 13 අභයගිරිය
- 14 ඡේතවනාරාමය
- 15 කිරිවෙහෙර
- 16 මිහින්තලය
- 17 ඉසුරුමුණිය
- 18 ලංකාරාමය
- 19 ශ්‍රි දළදා මාළිගාව
- 20 අළු විහාරය
- 21 කුඩාගල ලෙන් විහාරය
- 22 හිරිගඬු සෑය
- 23 සේරුවිල මංගල මහා විහරය
- 24 ලෝවාමහාපාය
- 25 සෝමාවති සෑය
- 26 යටාල වෙහෙර
- 27 දිඹුලාගල
- 28 බෙල්ලන්විල රජමහා විහාරය
- 29 සිතුල්පවුව
- 30 ගඩලාදෙණිය
- 31 පඬුවස්නුවර
- 32 රිදී විහාරය
- 33 කවටයමුනේ
- 34 වට්ටාරම
- 35 ලංකාතිලකය
- 36 වැවුරුකන්නල
- 37 වෙහෙර හේන
- 38 මුල්කිරිගල
- 39 බුදුරුවගල
- 40 දෙවිනුවර
- 41 රත්නපුර සමන් දේවාලය
- 42 කතරගම දේවාලය
- 43 සෙල්ල කතරගම
මහියංගනය
මහියංගනය සමන් දෙවියන් විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම සෑයෙහි බුදුන් වහන්සේගේ ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිදන් කර ඇතිබව සදහන් වෙයි. චුලාභය රජු විසින් තිස් ----රියන් කොට තනවන ලදි.පසුව දුටු ගැමුණු විසින් අසූ රියන් කොට තනවන ලදි. ශ්‍රි ලංකාවේ පුථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩි.ඵස් සේනානායක මහාතාගේ මුලිකත්වයෙන්1948 දි පුතිසංස්කරන කටයුතු කරන ලදි.-----------------------------------------------------------------------------------
නාගදීපය
මිණි පළගක් නිසා සටන් වැදුනු චුලෝදර මහෝදර රජවරුන්ගේ අරගලය සංසිදුවාලිම සදහා දෙවෙනවරට ලක්බිමට වැඩමකල බුදුන් වහන්සේ වැඩසිටි තැන මිනි පළඟ නිදන් කොට තැනවු චෛත්‍යය වරින්වර රජ පැමිනි රජවරුන් විසින් පිළිසකර කරවන ලදි.ත්‍රස්තවාදි අරගල හේතුවෙන් වසර විස්සක් පමණ වන්දනාමාන කිරිම අපහසු විය.-----------------------------------------------------------------------------------
කැළණිය
බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වස භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් සමඟ කැලණියට වැඩමකර නාග ගෝත්‍රිකයන්ට ධර්ම දේශනා කළ තැන මැණික් පුටුව නිදන් කර තනවන ලදි. යටාලතිස්ස රජු විසින් මෙම චෛත්‍යය උසින් රියන්60ක් හා වට ප්‍රමාණය රියන් 120වන සේ කරවන ලද අතර මෙහි විසේසත්වයක් ගන්නේ විභිෂණ දේවාලයයි.-----------------------------------------------------------------------------------
ශ්‍රී පාදය
-----------------------------------------------------------------------------------
ඳිවාගුහාව
ඳිවාගුහාව සමනලගිර සිරිපා සටහන් තබන ලඳ බුදුරඡානන් වහන්සේ සමවත් සුවයෙන් දිවා කාලය ගතකල ස්ථානයයි. වර්තමානයෙහි මේ ස්ථානය පිලිබදව නොයෙක් මතිමතාන්තර පවති.------------------------------------------------------------------------------------
දිඝවාපිය
කි.පු 137දි සද්දාතිස්ස රජු විසින් කරවන ලද මෙම චෛත්‍යය රාඡයා තෙවෙනි වරට බුදුන්වහන්සේ වැඩමකරන ලද අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩසිටි ස්ථානයෙහි කරවන ලද්දකි. සර්ඥ ධාතුන් වහන්සේලා නිදන්කොට ඇත.මුතියංගනය-දෙවන පෑතිස් රජු විසින් කරවන ලද්දකි. මුද්ගලු වෙහෙර නමින් පළමුව හැදින්විනි.දෙතිස්ඵල බෝධින් වහන්සේලාගේ ඵක් නමක්මෙහි රෝපණය කර ඇත.------------------------------------------------------------------------------------
මුතියංගණය
මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.වන්දනා ගාථාව
විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි
සිංහල අර්ථය
සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴
-----------------------------------------------------------------------------------
තිස්සමහාරාමය
තිස්සමහාරාමය බුදුරඡානන් වහන්සේ තුන්වැනි වරට ශ්‍රි ලංකා දිපයට වැඩමකල ගමනේදි සමවත් සුවයෙන් වැඩසිටි ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් ක්‍රි.පු 218 දි ඉදි කරවන ලද්දකි.------------------------------------------------------------------------------------
ශ්‍රි මහා බෝධින් වහන්සේ
------------------------------------------------------------------------------------
මිරිසවැටිය
දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍ය වු මෙහි උස අසු රියන් පමණ වන අතර සර්වඥ ධාතුන් මෙහි නිදන්කර ඇත.------------------------------------------------------------------------------------
රුවන්වැලිසෑය
දුටුගැමුණු රජතුමා මගින් ඉදිකරවන ලද මෙහි වැඩ නිමකරවන ලද්දේ සද්දාතිස්ස රජු විසිනි. සර්වඥ ධාතුන් වහන්සේලා,රන් බුදුපිළිම, රන්,රිදි, හා මුතු මැණික් මෙහි නිදන් කර ඇති බව කියවේ. -----------------------------------------------------------------------------------ථුපාරාමය
දේවානම්පිනතිස්ස රජු විසින් ඉදිකරවන ලදි.බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයකි.-----------------------------------------------------------------------------------
අභයගිරිය
වළගම්බා රජු විසින් කරවන ලදි. ගිරිනම් නිගණ්ඨයා සිටි ස්ථානය නිසා අභයගිරි නම් වු බව සදහන්ය. සරවඥ ධාතුන්,රන්පත්වල ලියු ත්‍රිපිටකය මෙහි නිධන් කර ඇති බව කියවේ. -----------------------------------------------------------------------------------ඡේතවනාරාමය
මහසෙන් රජු විසින් ජෝති නම් වු උද්‍යනයක කරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ වු බව කියවේ. බුදුන් වහන්සේගේ පටි ධාතුව සමඟ සර්වඥ ධාතුන් නිධන්කොට ඇත.-----------------------------------------------------------------------------------
කිරිවෙහෙර
බුදුන්වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි ස්ථානයකි. මහාසේන රජු විසින් කිහිරි ගසක් මුල ඉදිකරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ බව සඳහන් වේ.------------------------------------------------------------------------------------
මිහින්තලය
-----------------------------------------------------------------------------------
ඉසුරුමුණිය
දෙවන පෑතිස් රජු මගින් ක්‍රි.පු 3වන සියවසේදි කරවන ලදි. දන්ත කුමරු විසින් දළදා වහන්සේ රැගේන පළමු කොට මෙම ස්ථානයට පැමිණි බව කියවෙන අතර කලාත්මක ස්රූපයෙන් නෙත් සිත් ඇඳ ගන්නා පින් බිමක් වශයෙන් හැඳින්විය හැක.-----------------------------------------------------------------------------------
ලංකාරාමය
වලගම්බා රජු ද්‍රවිඩයන් හා යුද වැදි පරාජය වි පළාගොස් සැඟව සිටි ගල් හෙබකය නම් වු ස්ථානයෙහි මෙම චෛත්‍ය කරවා ඇති අතර මෙහි සර්වඥ ධාතුන් නිධන් කර ඇත.
-----------------------------------------------------------------------------------
0Awesome Comments!