පැසුලු අනුරාධපුර සමය


අනුරාදපුරරාජ්ජෙ අත්පත් කරගෙන හිටිය දෙමළ රජුන් පරදවල ක්‍රි.ව. 459දී පමණ සිහසුනට පත්වුණු දාතුසේන රජු ලංකාවේ සිංහල අදිපතිබව නැවත නැංගුව.මොරියවංසෙ කොහොම ඇතිවුණා ද සිංහලරාජ්ජයට උරුමෙ දාතුසේනට කොහොම ආව ද ආදි කරුණු ගැන වංසකතාවල සෑහෙන විස්තරයක් දීල නැහැ.දාතුසේනරජු යි කලාවැව බැන්දෙවුවෙ.හතරස්හැතැප්ම දහයක බිම යටවෙල ඇති මේ වැවේ කණ්ඩිය හැතැප්ම තුනක් දිගයි,උස අඩි 36ටත් 58ටත් අතරෙ.හැතැප්ම 54ක් දිග යෝද ඇළකින් කළාවැවෙන් අනුරාදපුරෙ තිසාවැවට වතුර ගෙන ගියා.සිංහල ජනයා පරාදීන බැවින් මුදාගෙන ඔවුනට සුබසිද්දිය කළ නිසා දාතුසේන රජු මහජනයගෙ සැලකුම් ලබන්නට සුදුස්සෙක් වූ නමුත් ඒ රජුගෙ අවසානය කනගාටුදායක එකක්.දාතුසේන රජුගේ පුත්තු දෙන්නගෙන් කාස්සප,සමකුලේ මෙහෙසියගේ පුතෙක් නෙවෙයි.ඒ නිසා එයැයිට රජකමට උරුමයක් තිබුණෙ නැහැ.නමුත් රජකම බලයෙන් අල්ලාගන්න ඉටා ගත් කාස්සප,දාතුසේන අල්ලල ගෙයක් ඇතුළෙ හිර කරල නිරාහාරයෙන් මැරෙන්න තිබුවලු.මේ ආකාරයෙන් රාජ්ජෙ පැහැරගෙන ක්‍රි.ව. 477 දී පමණ සිහසුනට පත් කාස්සපගෙ නම සීගිරියට සම්බන්දයි.නැගීමට ඉතාමත් අමාරු ඒ ගලේ අක්කර තුණක් පමණ  ඇති මුදුන එහෙම පිටින් ම වැහෙන්න උයන්වත්තකුත් රජමැදුරකුත් කරවල කඳුබෑවුම මාළකවලට හරවල කඳුපාමුල තිබුණු ගල් නොයෙක් විසිතුරු ගොඩනැගිලිවල පදනම් හැටියට යොදල,ගල පාමුල බටහිර පැත්තෙ විසිතුරු උයන්වත්තක් පිළියෙළ කරල ගලට බටහිරින් නැගෙනහිරින් සෑහෙන පමණ බිම ඇතුළුවෙන්න ගැඹුරත් පළලත් ඇති අඟලකුත් කනවල උස පවුරකුත් ගොඩනැංගුව.ගලේ කෙලින් නගින පැත්ත බදාගෙන මුදුනෙ මැදුරට යෑමට ආලින්දයක් ඇසුරෙන් පාරක් තැනූ කාස්සපරජුගෙ කාර්මිකයින්ගෙ උපායකුසලතාවත්  කාරියසූරබවත් විශ්මයජනකයි.පඩිපෙළක් ඔස්සෙ ගොහින් ගල්බෑවුමෙ අඩක් පමණ උස මට්ටමේ එල්ලිල වගේ පේන පාරක් දිගේ ගොහින් ආයිත් පඩි පෙළක් නැංගම ගලේ උතුරු පැත්තෙ ඇති කුඩා තැන්නකට එලඹෙනවා.මෙතන ගල ඉදිරියට නෙරල ඇති නිසා ගල් බෑවුමෙ පාරක් ගෙනයාම කොයි විදියකින්වත් කරන්න බැහැ. ඒ නිසා ලැගල ඉන්න ආකාරෙට සිංහ රූපයක් ගලේ ඒ කොටසෙ උසට ගඩොලින් හදවල සිංහකටෙන් පඩිපෙල ඇතුලට ඇරලා පිටෙන් පිටවෙල ගලේ යම්තමට බෑවුම් ඇති හරියට ලඟාවුනා.සිංහයා ගල ඇතුලේ ඉදලා එලියට නික්මෙන විදියට ඉදිරි කය විතරයි දක්වලා තිබුනෙ.මේ පවුර හුඟක් දුරට තවමත් ඉතිරි වෙල තියෙනවා.ගඩොලෙන් බැඳපු ඒ පවුරෙ ගාපු හුණු බදාම කොයි තරමට ඔපෙට මට්ටම් කරලා තිබුනද කියනවා නම් අවුරුදු 1500ට පස්සෙ තවමත් ඒ බදාමෙන් කණ්නාඩියකින් වගේ යමෙකුට තමන්ගේ පිළිබිඹුව දකින්න පුළුවනි.මේ නිසා ඒ පවුරට පුරාණකාලෙදි කැටපත්පවුරෙයි කිව්ව.තවමත් ඒ නම එහෙම බාවිතා වෙනව.ගලේ බටහිර පැත්තෙ මුදුනේ හිටන් අඩි 60 ක් පමණ පහතින් දිගට කපාපු කටාරයටත් අලින්දයටත් අතර සුදු බදාම ගාලා ඒ මතුපිට තැනින් තැන දිවසරන්ගේ රූ තනි තනිව නැත්නම් දෙන්න දෙන්න වලාකුළුවලින් නගින ආකාරෙට ඇඳල තිබු

මතු සම්බන්ධයි.....!