සිංහලයාගේ ඉතිහාසය

                                                                            

පුරාණ සංස්කෘත පොතපතේ මේ දිවයිනට සදහන් වෙල ඇත්තේ සිංහලයින්ගේ දූපත යන අරුත ඇති සිංහලද්වීප යන නමිනුයි.මේ නම දැරූ මිනිස්සු ඉතිහාසගත මුල් ම  අවධියේ පටන් ම මේ දිවයිනේ හිටියා.දැන් කාලේ පිටරට ජනයා මේ දූපත අදුන්වන්නේ  'සිංහල' පදයෙන් බිඳිලා ආපු නමකිනු යි.
                                                                                                       
                                                                                                           ලොකයේ වෙනත් ජනතාවන් පිළිබදව වගේ ම සිංහලයනුත් තමන්ගෙ මුල ගැන පවසන කතාපුවත් නොයෙක් අන්දමේ අද්භූත සිද්දින්ගෙන් ගහනයි.සත්වලාංඡන ඇසුරෙන් ඇතිවෙලා තියෙන මේ කතාපුවත් දැනගන්න ලැබෙන්නෙ හයවැනි සතකය පමණෙ දි ලියු වංසකතාවලිනු යි.සිංහලයින් ඇතිවුණු හැටි දක්වන පුවත් අද්භූත සිද්දිවලින් අලංකාර වෙලා ඇති නමුත් ක්‍රිස්තු කාලය පටන්ගැන්මට සතක පහකට පමණ පෙර උතුරුභාරතේ ඉදලා ආරියබාසාවක් කතා කල ජනතාවක් මේ දිවයිනේ පදිංචිවීමට පැමුනුණු බව ඒවායින් නිගමන්න පුලුවන්ය යනු පඬුවන්ගේ පිළිගැනීම යි.ඉන්දුආරිය ජනතාවක් මේ දිවයින තමන්ගේ නිවාසය කරගැනීම පිළිබඳව පුරාණ භාරතයේ පැතිරිලා පැවතුණු කතාපුවත් සකු බවුද්ද පොත්වල දීලා තියෙනවා,ඒ අනුව ඉන්දු-ආරිය වගාව මේ දිවයිනේ පිහිටුවීමට පුරෝගාමීවුවෝ වෙළෙන්දෝ ය යන තීරණයට බහින්න පුලුවනි.මේ ගොඩබිමේ ලැබෙන මැණික් නිසා ගිනිකොණ වෙරලටත් ඇදිලා ආව යි හිතන්න පුලුවනි. සකු බවුද්ද පොත්පත්වල මේ දිවයිනට දීපු නම්වලින් පැරණි ම එකක් තමයි රුවන් උපදින දූපත යන අරුත ඇති රත්නද්වීප යන්න.මේ වෙළෙන්දෝ මෙහාට ඇවිත් ආපහු ගමරටවලට ගොහින් මේ දිවයින ගැන පුදුම කතාවල් පැවසුව.රත්නද්වීපයේ අලංකාර පහයවල්වල හිතුනු රූපයක් මවාගන්න පුලුවන් යස්සයොත් රාස්සියොත් විසූ බවත් මුන් බොහෝවිට මිනිසුන් අල්ලගන කෑ බවත් මෙහේ හිටිය රුවින් අගතැන් පත් රකුසියො ගෑනුමායමින් පුරුසයන් පොලඹවගෙන කලක් වල්ලබයන් හැටියට තියන් ඉඳලා අන්තිමේ දී කාලා දමාපු බවත් මේ පුවත්වලින් සමහරකි.මේ දිවයිනට වෙන වෙලෙන්දන්ගෙ පැමිණීම වලක්වල මෙහෙන් ලැබෙන වටිනා වෙළදබඩුවල අයිතිය තමන්ට තහවුරු කරගන්න අදහසින් මේ බියකරු කතාපුවත් පුරෝගාමීන් ගෙතුවයි කියලා හිතන්න පුලුවනි.




                                                                                                               ඉන්ද-ආරිය ජනයා මේ දිවයිනේ වාසයට පැමිණෙන කාලෙදි පමණ උතුරු බාරතේ බැරෑරුම් සිද්දි ගණනාවක් ඇති වුණා.අවුරුදු සිය ගණනක් මුළුල්ලේ මහණ බමුණු පරම්පරාවන් වත්පිළිවෙත්වලත් තතු දැක්මෙහිත් නිරත වීමෙන් පසුව බුදුදහම මගදදෙසයේ පහළ වුණා.යම්කිසි දෙවියෙකුගේ පිහිටක් නැතිව මනිසුන්ට තමන්ගෙ ම වීරියෙන් මෙලෝ පරලෝ සුබසිද්දියත් අවසානයේ අකාලික සාන්තියත් පිළිලැබිය හැකි යයි පැවසුවාවුත් යුක්තියට නියම තැන දුන්නාවූත් මේ දහමෙහි පැහැදි අයට එයින් ලැබිය හැකි සෙත මුළුලොව පතල කිරීම පැවරිල තිබුණ.ආරිය  ජනතාවක් විසින් පළමුවරට පිහිටෙවු මහාරාජ්ජය වුනාවූත් ඊට පෙර
ඇතිවු හැම මහාරාජ්ජයකට වඩා විසාලවුත් පිරසික මහාරාජ්ජයට දැනට බටහිර පකිස්ථානයට ඇතුළත් පුරාණ ඉන්දියාවේ වයඹ පෙදෙස් යටත් වෙලා තිබුණා.බුදුදහම  පහළවුනු මගද නම් ආරිය රාජ්ජේ පුරාණකාලෙදි ගංගානදිය දෙපැත්තේ පිහිටි ජනපද ඔක්කොම යටත් කරගෙන මහා බලඇණියකුයි කාරියට දස්ස පාලනතන්තරයකුයි පදනම වසයෙන් ඇති මහාරාජ්ජයක් බවට පත්වුනා.පාරසික මහාරාජ්ජෙ පරද්දල ඒ රාජ්ජෙ නැගෙනහිර සීමාවත් ඉක්මවලා බරතෙට ආ අලක්සන්දර යවනරජු ආපහු ගියාම යවනයක් යටතට ගොහින් තිබුණ පුරාණ ඉන්දියාවෙ පෙදෙසුයි ඊට බටහිරින් පිහිටි තවත් විසාල පෙදෙසුයි චන්ද්‍රගුප්ත පිහිටෙවු මොරිය මහාරාජ්ජෙට යටත්ව තිබුණා.
      
                         බටහිර ආසියාවේ අලක්සන්දර රජුගේ විජිත අයිති කරගෙන හිටිය සෙලෙවුකස් නිකතෝර රජුත් චන්ද්‍රගුප්ත මහීපාලයත් අතර දූතයන් මගින් සබඳතා ඇතිවුනා. මේ රජපවුල් දෙක විවාහයකිනුත් බැඳිලා තිබුණලු.
                      මොරිය මහාරාජ්ජෙ සියළු ම පෙදෙස් තමන් අතට අයත් කරගෙත් අසොක නම් චන්ද්‍රගුප්ත රජුගේ මුනුබුරා තමන්ගේ රාජ්ජකාලයේ මුල් අවුරුදු කීපය  තුල දී තවත් අමුතු පෙදෙස් ඒ මහාරාජ්ජෙට එක කළා.ඒ කාලෙදි අසොක රජු පළිපැද්ද දණ්ඩොපායෙන් හටගැනුණු යුද්දවලින් මිනිසුන්ට වුණු විපැත්ති දැකලා සංවේගයට ලත්වුණු ඒ මහීපාලය යුද්දකිරීම  අත ඇරලා දැහැ‍මෙන් දිනීම තමන්ගේ නීතිය කරන්නට ඉටාගත්ත.ලොකානුකම්පා සහිත බුදුදහමට මේ අයුරින් අසොක රජු ඇදිලා ආවා.මීට පස්සේ ඒ රජ්ජුරුවෝ මුළු රාජ්ජබලයම තමන්ගේ විසාල විජිතවල  පමණක් නොව ඉන් පිටතත් බුදුදහම  පතුරුවල ඇරිමට යෙදුව.මෙලෝ පරලෝ දෙකේ සුබසිද්දියට මිනිසුන්ට ඉවහල්වන බුද්දදෙසනා ඒ රජ්ජුරුවන්ගේ වචනවලින් මහජනයාට වැටහෙන  බාසාවෙන් පවසල ඇති දහම්ලිපි රාජ්ජෙ නොයෙක් තැන්වල පිහිටි පරුවත  මත්තෙත් ගල්කණුවලත් කෙටෙවුව.සිරියාව,මිසරේ,ග්‍රීසිය යන යවනරිජ්ජ සමග පැවතුණු දුත සම්බන්දතා ඒ දේසවලත් බුදුදහම ගැන දැනුමක් ඇත් කරවීමට උපයෝගී කරගත්ත.මොරියරාජ්ජේ පසල්දනවුවලටත් ඉන් බැහැර රටවලටත් දහම්දෙසකයන් යැවීමට සඟතෙරුන් ගත් තීරණය  අසොක රජ්ජුරුවො තමන්ගෙ සහාය නොමසුරුව දුන්න.මොග්ගලිපුත්තතිස්ස මහතෙරුන් පිටදේස බුදුදහමේ පැහැදවීමට ඇරිය පාමොක් තෙරනමක් තවත් තෙරුන් හතර නමක් සමගයි වැඩියෙ.එහෙම කෙළේ ඒ ගිය රටවල ටමෙක් මහණ වීමට කැමැත්ත දැක්වුවොත් එයාට පැවිද්ද දෙන්න පස් නමකින් පිරැණු විනයානුකූල ගණයක් ඇතිවෙන්න ඕනෑ නිසයි.අසොකරජු කාලෙදි දහම්දෙසකයන් එවාපු මොරියරාජ්ජෙන් බැහැර රටවලින් එකක් තමයි එසමයේ තම්බපණ්ණි නමින් විවහාරවුණු සිංහලදීපෙ.ලංකාවට එවු ගණයෙ පාමොක්තෙරණුවන් හැටියට වැඩියේ අසොක සක්විති රජුගේම පුතෙක් වූත් රජසැප ඇරල පැවිදබිමට පැමිණිල හිටියාවුත් මිහිඳු මහරහතන් වහන්සේ.සිංහලදීපෙ බුදුසසුන පිහිටුවීම ඉතාමත් ම වැදගත් කටයුත්තක් හැටියට සලකපු බව මෙයින් පේනවා.
                                                                                       

මතු සම්බන්ධයි.......................................................