පාහියන්ගල ලෙනෙන් මතු වූ වර්ෂ 12,000 ක් පමණ පැරැණි මිනිසා ගැන පුවතක්


 පාහියන්ගල පින්තූර  මෙතනින් බලන්න

 

කුඩා පින්සලකින් ඉවත් කර පස් තට්ටු අතරේ දූවිලි දුමාරයට මැදිව මේ සොයන්නේ කාලයේ ලවැල්ලෙන් මීට වසර දස දහස් ගණනකට පෙරදී සැගවී ගිය මානවයා සතු අභිමානනීය අතීතයේ සලකුණුය.අව්වේත්,වැස්සෙත්,කන්දේත්,තැන්නේත්,ගුහාවෙත්,එළිමහනෙත් කිසිදු වෙනසක් ඔවුන්ට නැත.ඒකායන පැතුම පුරාමානවයාගේ කියුම් කෙරුම් සළකුණු වූ අවශේෂයන්ගේ තිත් රේඛා මතු කරගැනීමය.
                                              දවසින් දවස අලුත් වන්නා වූ තාක්ෂණික ක්‍රම ශිල්ප යටතේ පිරිපුන් වන දැනුම එක් තැනක නතර කොට සැනහෙනු නොහැක්කකි.ඒනිසාවෙන්ම වරෙක කැණීම් කළ බුලත්සිංහල පාහියන් ලෙනට යළිත් කැනීම් කරන්නට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව කටයුතු යෙදුවේ.ඒ පාහියන් ලෙනේ පස් ස්තර තවදුරටත් නවීන තාක්ෂණය නව කාලනීර්ණ ක්‍රම ඔස්සේ අධ්‍යයනය කිරීම පිණිසය.
                                         1968 තරම් වූ අතීතයේ දවසකදී හිටපු ‍කෞතුකාගාර අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ පි.ඊ.පි.දැරණියගල පාහියන් ලෙස සොයාගනිමින් එහි කැනීම් කළේය.ඒත් ඒ වකවානුවේදී අද තරම් නිවැරදිව සාධක කාලනීර්ණය කරන්නට පහසුකම් දියුණුව නොතිබිණි.එනිසාම 1986 වසරේදී නැවත වරක් අචාර්ය ශිරාන් දැරිණියගල,අචාර්ය ඩබ්.එච්.විජේපාලගේ ප්‍රධානත්වයෙන් පාහියන් ලෙන කැණීම ආරම්භ කළේය.
                                             ඒ කැණිමෙන් ලංකාවේ පැරැණිම මානව අවශේෂ අවුරුදු 37,000 ක් දක්වා දිවෙන බවට සොයාගන්නට හැකිවිය.දකුණු ආසියාවේ විශාලතම ලෙන වූ පාහියන් ගලෙන් ලැබි මානව අවශේෂ අතර අවුරුදු 5500 සිට 28,000 දක්වා පැරැණි මානව හිස්කබල් පහක්ද හමුවිය.මානවයාගේ පැරැණිම සාධක රැඳි කුරුවිට බටඳොඹ ලෙනත් ,පාහියන් ලෙනත් හමුවමානව සාධක බලං‍ගොඩ මානවයා හෙවත් වර්තමාන මිනිසාට ළංවූ ලක්ෂණ දක්වන්නා වූ හෝමෝ සේපියන් සේපියන් ලක්ෂන පෙන්නුම් කරන්නට විය.මේ ලෙන් කැණීම් මගින් සොයාගත් පුරා අවශේෂ අතරින් පුරාණ මානවයා සතු වූ ජනාවාස ක්‍රමය,ආහාර රටාව,අභිචාර විධි,තාක්ෂණය,අන්තර් මානව සබඳතා මෙන්ම අතීත කාලගුණික දේශගුණික තත්ත්වයද,සත්ත්ව,ශාක සංහතීන් පිළිබඳවද කරුණු කාරණා අවබෝධ කරගන්නට හැකි විය.
              පුරාවිද්‍යාඥයන් පහසුවකට පසු නොබසින්නේය.එහෙයින්ම එවර පාහියන් ලෙන තුළ වූ කැණීම් කටයුතු නිමව වසර විස්සකට වැඩි කාලයක් ගෙවී ගියද ආචාර්ය ශිරාන් දැරණියගලයන්ට තම පැසුණු බුද්ධිය නිතර පැවසූ රහසක් විය.ඒ මේ බිම මත මෙතෙක් හෙළිදරව් කරගත්තාට වැඩි යමක් සැඟව තිබිය හැකි බවය.
                                         ඉන්දියාව වැනි රටවල් අපගේ අතීතය ප්‍රශ්න කරන්නටත් එහි කාලනිර්ණයන් පිළිගැනීමටත් අදිමදි කරන කල නැවත නැවතත් අතීතය හාරන්නට මේ පුරාවිද්‍යාඥයන්ට ඇවැසි විය.


මෙය මව්බිම පුවත්පතෙන් උපුටාගන්නා ලදී...

ශ්‍රී ලාංකීය ඉතිහාසය කෙටියෙන්


ශ්‍රී ලංකීය ඓතිහාසික ලේඛන සහ පුරවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරුකරගනිමින් පුරාණ ශ්‍රීලාංකිකයින් පිළිඹඳ සහ ඔවුන්ගේ චර්යාත්මක ක්‍රියාවලීන් මූලිකව අපට ශ්‍රී ලාංකීය ඉතිහාසය නමින් හඳුන්වා දිය හැක.අදාල පුරාවිද්‍යාත්මක සාධක සහ සිංහල වංශකතා ඇසුරින් වසර දසදහසකටත් වඩා පැරණි ලාංකීය ඉතිහාසය පිළිඹඳ පුරෝකථනය කල හැක.
_________________________________________________________
කෙටියෙන් හැඳින්වීම
 බලංගොඩින් සොයාගත් ආදි කල්පිත මානවයා ලංකාව තුල මීට අවුරුදු 30000 කට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිඹඳ සාක්ෂි දරයි. තවද දෙමල බසින් "බාලම්" යනුවෙන් හැඳින්වෙන (සිංහලෙන් ප්‍රබලත්වය)වදන සමග බලංගොඩ නගර නාමය දක්වන සබැඳියාව මත ලංකාවේ එවක විසූ ප්‍රබල මානවයින් පිලිබඳ අදහසක් නිතැඟින්ම ලබාගත හැක.ලංකාවේ ක්‍රිස්තුපූර්ව සයවන සියවසේ සිට ක්‍රිස්තුවර්ෂ දහසයවන ශතවර්ෂයේ බටහිර ආක්‍රමණවල ආරම්භක වකවානුව දක්වා ලිඛිත දත්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ පුරාවිද්‍යා වංශකතා වන මහාවංශය, දීපවංශය, චූලවංශය හා පූජාවලිය තුලින් ලබාගත හැක.ක්‍රිස්තුවර්ෂ 1815 රාජාණ්ඩු ක්‍රමය අවසන්වන තෙක් එම ආක්‍රමණ මගින් ලංකාව යටත් කරගෙන සිටි අතර එයින් ඇතිවූ අස්ථාවරත්වය ලංකාවේ ස්වෛරීභාවය බිඳවැටීමට හේතුවූවා යැයි අනුමාන කල හැක.ක්‍රිස්තුවර්ෂ 1815 රාජාණ්ඩු ක්‍රමය අවසන්වන තෙක් එම ආක්‍රමණ මගින් ලංකාව යටත් කරගෙන සිටි අතර එයින් ඇතිවූ අස්ථාවරත්වය ලංකාවේ ස්වෛරීභාවය බිඳවැටීමට හේතුවූවා යැයි අනුමාන කල හැක.ක්‍රිස්තුපූර්ව හයවන සියවසට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිඹද දත්තයන් ලබාගත හැකි මූලාශ්‍ර එතරම් සුලබ නොවූවත් වාල්මිකීන්ගේ රාමායනය, මහාභාරතය සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අපට ඊට පෙර තිබූ ශිෂ්ඨාචාර පිළිබඳ යම් අදහසක් ලබාගැනීම අපහසු කරුණක්ද නොවේ.

දහසයවන සියවසට පසු ලංකාව පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයට නතු විය එම කාල වකවානු තුල යම් යම් ප්‍රාදේශීය රාජ්‍යයන් තුල සිංහල බලය පැවතියද ක්‍රිස්තුවර්ෂ 1815 න් පසුව ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුරුසියට පිටුවහල් කිරීමත් සමග නුවර මගුල් මඩුවේදී අත්සන් තැබූ ගිවිසුමත් සමග ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයින් යටතට පත් වන ලදී.එතැන් සිට ක්‍රිස්තුවර්ෂ 1948 නිදහස ලැබෙන තුරු ලංකාවාසීන් යම් යම් අවස්ථාවල බ්‍රිතාන්‍ය අධිරජ්‍යයට විරුද්ධව නැගී සිටි අතර 1818 කැප්පෙටිපොල අදිකාරම්ගේ නායකත්වයෙන් යුත් ඌව වෙල්ලස්ස කැරැල්ල හා 1848 වීර පුරන් අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩාගේ නායකත්වයෙන් යුත් මාතලේ කැරැල්ල මීට උදාහරණලා සැලකිය හැක. ක්‍රිස්තුවර්ෂ 1972 දී ලංකාව ජනරජයක් බවට පත් විය.


ක්‍රිස්තුවර්ෂ 1978 නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර ඊට අනුව ලංකාවේ ප්‍රධානියා ලෙස විධායක ජනාධිපති පත්වන ලදී. එහි අතුරුඵලයක් ලෙස ලංකාවේ තරුණ කොටස් වල නැගී සිටීමක් සිදුවූ අතර එය 1971 කැරැල්ල ලෙස හඳුන්වා දෙයි. 1983 ලංකාවේ ජනවාර්ගික අරගලය ආරම්භ වන අතර ඒ අතරතුර නැවතත් 1987 - 89 කාල සීමාව තුල තරුණ නැගී සිටීමක් සිදුවන අතර 26 වසරක සිවිල් යුද්ධය 2009 දී නිමාවට පත්විය.
 

ලංකාවේ මූලික සංස්කෘතික වෙනස්කම් සඳහා හේතු වූ මූලික හේතු තුනක් පෙන්වා දිය හැක.
  • මිහිඳු හිමිගේ ආගමනය
  • බටහිර ආක්‍රමණ
  • 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය
__________________________________________

ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පැරණිතම ශිෂ්ඨාචාරය පිළිඹඳ පුරාවිද්‍යා සාධක හමුවන්නේ බලන්ගොඩිනි.ඔවුන් මීට අවුරුදු 34000 කට පමණ පෙර සිට දඩයම් කරමින් (මෙසොලිතික දඩයම් කරුවන් ) ගල්ගුහාවල ජීවත් වී ඇත.මෙවැනි ගුහා කිහිපයකින් ( බටදොඹ ලෙන හා පාහියංගල වන සෙනසුන )ලංකාවේ මෙම ආදිතමයින් පිළිබඳ සාධක ලැබී ඇත.

මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න සොයාගනු ලැබීයැයි සැලකෙන සඳකැළුම් ජනතාව විසින් වගා කිරීම සඳහා හොර්ටන් තැන්න ගිනි තබා ඇති බවට සාධක ලැබී ඇති අතර ක්‍රිස්තුපූර්ව 15000 ටත් පෙරතුව සිට ඔවුන් විසින් බාර්ලි සහ ඕට්ස් වගා කර ඇති බවට තහවුරු වී ඇත.එමගින් ලංකාවේ එවක කෘෂිකර්මාන්තය දියුණු ලෙස පැවති බව පිලිගත හැක.ක්‍රිස්තු පූර්ව 6000 ට ඉහත මෙසොලිතික යුගයට අයත් සෙන්ටිමීටර 4 පමණ දිගින් යුත් කුඩා ග්‍රැනයිට් ආම්පන්න, මැටි බඳුන්, දැවී ගොස් ඉතිරි වූ දැව කැබලි සහ භූමිදානය සඳහා තිබුණු මැටි බඳුන් කලටුවාව, වාරණ රජ මහා විහාර ආශ්‍රිත කැණීම්වලින් හමුවී ඇත.
ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක.

ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක. එමෙන්ම බයිබලයේ සඳහන් වන සුප්‍රසිද්ධ වෙලඳ නගරයක් වන ටාර්ෂිෂ් (Biblical Tarshish)නගරය දැනට ගාල්ල නගරය විය හැකි බව පුරාව්ද්‍යාඥ ජෝන් එමර්සන් ටෙනට් විසින් පෙන්වා දී ඇත.

දකුණු ඉන්දියානු මුල්ම ශිෂ්ඨාචාරයන් හමුවනුයේ ක්‍රිස්තුපූර්ව 1200 තරම් ඈතකදීය අනුරාධපුර රාජධානියේ මුල් පදිංචිකරුවන් පිලිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 800-1000 තරම් ඈතකට විහිදෙන බව ( පොසෙල් 1990; දැරණියගල 1992:734) කාබන් පරීක්ෂා මගින් තහවුරු වී ඇත.නූතන පරීක්ෂණ මගින් මෙම අගය තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇත.ක්‍රිස්තුපූර්ව 900 වන ශතවර්ෂයේ පමණ ඉදිකරන ලදැයි විශ්වාස කල හැකි හෙක්ටයාර 15 ක නගර සංකීර්ණයක් අනුරාධපුරයෙන් හමුවුන පසු ඒ පිලිඹඳ තවදුරටත් කැණීම් කිරීමේදී එය හෙක්ටයාර 50 දක්වා ක්‍රිස්තුපූර්ව 700 ශතවර්ෂයේදී පමණ වර්ධනය කර ඇති බව පෙනී ගොස් ඇත. මේ හා සමාන සංකීර්ණයක් සීගිරිය අලිගලින්ද හමුවී ඇත.

දැනටත් ශ්‍රී ලංකාවේ ඌව,මධ්‍යම හා ගිණිකොණ ප්‍රදේශවල වාසය කරන වන්නිල ඇත්තෝ නමින් හඳුන්වන වැද්දෝ සෘජු ලෙසම ලංකාවේ ආදිතමයින්ගෙන් පැවත එන බවට විශ්වාසයක් පවතී. තවද ඔවුන් ඉන්දියානු උපමහද්වීපයෙන් හෝ එවකට ජනාවාසව පැවති අප්‍රිකාවෙන් පැවත එන ලදැයි විශ්වාස කරයි.

ක්‍රිස්තුපූර්ව 500 පමණ සිට ලංකාව තුල ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයක් දියුණු වීමත් සමග ඉදිකිරීම් කර්මාන්තයේ නව ප්‍රවනතාවයක් ඇතිවූ අතර මහා වැව්, වෙනත් ජලාශ ඇතුළු වාරිමාර්ග සමග බුදුදහමේ ආභාෂයත් සමග ඉදිවූ පිරමිඩාකාර ඉදිකිරීමක් වන ස්ථූප හෙවත් දාගැබ්ද ප්‍රමුඛතාවයක් ගනී.ක්‍රිස්තුපූර්ව 400 දී පමණ විජය ඇතුළු ඉන්දු ආර්යයින් ලංකාවට සංක්‍රමණය වන අතර එතැන් පටන් ලංකාව තුල ඉන්දු මිශ්‍රිත ශිෂ්ඨාචාරයක් බිහිවීම ආරම්භ වුනි.සිංහල ජාතිය ඇතිවීයැයි සැලකෙනුයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. බුදුරජානන් වහන්සේගේ තෙවරක් සිදුවූ ලංකාගමයත් සමග ලංකාවේ එවකට පැවති ගෝත්‍රවල සියළු රජවරු බුදුරදුන් හමුවීම සිදුවිය.

ලංකාවේ සිංහල ජනගහනය 70% පමණ වන අතර ඉතිරියෙන් බහුතරය දෙමල ජාතිකයින් වෙති.දීපවංශයට හා මහාවංශයට අනුව විජයට පෙර ලංකාවේ ස්වදේශිකයින් ලෙස යක්ෂ, නාග, හා දේව ගෝත්‍ර පැවතී ඇත. ලේඛන කලාව පිළිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 600 දී පමණ බ්‍රාහ්මී අකුරු කොටා ඇති මැටි බඳුන් මගින් සනාථ වී ඇත.

_______________________________________________________

ඓතිහාසික ශ්‍රී ලංකාව

ලංකාවේ සුප්‍රසිද්ධ පාලි වංශකථා ත්‍රිත්වයක් වන මහාවංශය, දීපවංශය හා ථූපවංශය ඇසුරින් හා චූලවංශය, ලංකාවේ ආදිතම ශිලාලේඛන, ඉන්දියානු ශිලාලේඛන අධ්‍යන ඇසුරින් හා බුරුම වංශකථා ආශ්‍රයෙන් ක්‍රිස්තුපූර්ව 600 සිට ශ්‍රී ලංකාව ( ඓතිහාසික යුගය ) පිළිඹඳ තොරතුරු ලබා ගත හැක.

මහාවංශය ක්‍රිස්තුවර්ෂ 400 දී පමණ නාගසේන තෙරුන් විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා දීපවංශය, අට්ඨ කතා සහ ඉංදියානු ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.අසෝක අධිරාජයාගේ රාජාභිෂේකය පිලිඹඳ විශේෂ විස්තරයක් මහාවංශයේ සඳහන් වීම මගින් මහාවංශය අසෝක රාජාභිෂේකය එනම් බුද්ධ පරිණිර්වාණයට වර්ෂ 218 කට පසු ලියැවීයැ‍යි විශ්වාස කල හැක.

 

විජයාගමනය

ලංකාවේ ඓතිහාසික යුගය ඇරඹෙනුයේ විජයාගමනයත් සමගය. විජයාගමනය යනු කාලිංග වංශික කුමාරයෙක් වන හා සිංහබාහු රජතුමාගේ හා සිංහබාහුගේ සහෝදරිය වූ සිංහසීවලීගේ වැඩිමහල් පුත්‍රයා වූ කාලිංග වංශික කුමාරයෙක් වන විජය සහ ඔහුගේ සත්සියයක් පරිවාර පිරිස සමග ලංකාවට ගොඩබැසීමය. සිංහබාහුගේ හා සිංහසීවලීගේ උත්පත්තිය සිදුවූයේ සිංහයෙකු හා සුප්පාදේවිය නම් කුමාරිකාවකගේ එක්වීමෙන් බව පැවසෙන මිථ්‍යා විශ්වාසයක් ලංකාව පුරා ප්‍රචලිතව පවතී.මහාවංශයට අනුව විජයාගමනය සිදුවී ඇත්තේ බුද්ධ පරිණිර්වාණය දිනයේදී මහාතිත්ථ නමින් එකල හැඳින්වුන මන්නාරමටය. මහාතිත්ථ පසුකලෙක ඉන්දියාව සහ පර්සියානු බොක්ක සම්බන්ධ කරන සංධිස්ථානයක් බවට පත්විය.මුල්කල තිමිරභාරණී නමින් හැඳින්වුන ලංකාවේ දෙවැනි විශාලතම ගංගාව වන මල්වතු ඔය (දෙමලෙන් අරුචි ආරු ) අනුරාධපුර නගරය ජලයෙන් පෝෂණය කරමින් පැමිණ මුහුද හමුවන්නේ. මහාතිත්ථ හිදීය. එහිදී විජයගේ පිටිඅල්ල වැල්ලේ තබා හිඳගත් කල අත්ල තඹ පැහැ වූ බැවින් තම්බපණ්ණි නමින් ලංකාව හැඳින්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වී ඇත. ග්‍රීක ජාතික ටොලමි විසින් ඇඳි මුල්ම සිතියමේ ලංකාවේ නම තැප්‍රොබානා ලෙස සඳහන් වීමෙන් එය තහවුරු කරගත හැක.( ග්‍රීක බසින් තැප්‍රොබානා යනු තම්බපණ්ණි නමට ග්‍රීක පරිවර්තනය වේ ). විජය කුමරු හා යක්ෂ ගෝත්‍රික කුවේණි නම්වු කුමාරිකාව අතර සිදුවී යැයි සැලකෙන කතාන්තරය ග්‍රීක පුරාවෘත්තයක් ඇසුරින් නිර්මාණය වූවක් බව හෝ ප්‍රාක් ඉන්දු - යුරෝපීය ජනකතා ඇසුරින් නිර්මාණය කරන ලද බවට විශ්වාසයක් පවතී. වර්තමාන සිංහල ජනයා සහ බහුතරයක් ද්‍රව්ඩ ජනයා ඉන්දියානු මෙම සංක්‍රමණිකයින් හා ලංකාවේ එවකට විසූ ස්වදේශිකයින්ගේ මිශ්‍ර වීමෙන් ජනනය වූ බවට උපකල්පනය කල හැක.එමෙන්ම විජයගේ ආගමනයත් සමග උතුරු ඉංදියානු සංස්කෘතිය හා එවකට ලක්දිව පැවති බුදුදහම මිශ්‍ර වීමෙන් දකුණු ඉංදියාවෙන් පැහැදිලි ලෙස වෙන්වූ සංස්කෘතියක් ලෙස ශ්‍රී ලාංකීය සංස්කෘතිය බිහිවූ බව පැහැදිලි වන කරුණකි.


අනුරාධපුර රාජධානිය

රුවන්වැලිසෑය
රුවන්වැලිසෑය
විජයට පසු දිගින් දිගට සංක්‍රමනිකයින් ලංකාවේ විවිධාකාර වූ ජනපද පිහිටුවා ගන්නා අතර එම ප්‍රදේශ මූලිකව රුහුණු, මායා, පිහිටි ලෙස වෙන්විය. එක් එක් ප්‍රදේශ සඳහා වෙන වෙනම ප්‍රාදේශීය පාලකයින් බිහිවන අතර ඊසාන, නැගෙනහිර හා උතුරු මැද ගංගා බොහොමයක් කේන්ද්‍රගතවූ එවකට පැවති කෘෂිකාර්මික ආර්ථික රටාවට උචිතම ස්ථානය ලෙස හඳුනගත් අනුරාධ විසින් පිහිටුවන ලද අනුරාධග්‍රාමය කේන්ද්‍රකර ලාංකීය ජනාවාස ඇතිවීමත් සමග පාලකයා ලෙස රජකෙනෙකුගේ බිහිවීම සිදුවිය.රජතුමා මූලිකව නීතිය, ආරක්ෂාව සහ ආගම පිලිඹඳ මූලිකත්වය හිමිවූ අතර ඒ පිලිඹඳ ඒකාධිපතිත්වයද ඔහු හට හිමිවිය.ලංකවේ මුල්ම දේශීය රජතුමා ලෙස පණ්ඩුකාභය ක්‍රිස්තුපූර්ව 437 දී රජවිය.පණ්ඩුකාභය රජු විසින් අනුරාධග්‍රාමය සියළු පහසුකම් සහිත නගරයක් බවට පත් කිරීමෙන් පසු එය අනුරාධපුර නමින් හැඳින්වුනි.පසුව ඔහුගේ පුත් මුටසිව රජකමට පත්වූ අතර ලංකාවේ සංස්කෘතිය වෙනස් කිරීමෙහිලා විශාල කාර්යයක් සිදුකල මහමෙවුනා උයන නිර්මාණය සිදුවනූයේ මෙම අවධියේදීය.

 

මුටසිවට පසු මෞර්ය වංශික දේවානම්පියතිස්ස( ක්‍රිස්තු පූර්ව 250-210 ) රජවුන අතර ඔහු ඉංදියාවේ එවකට රජකම් කල අසෝක අධිරාජ්‍යයා සමග පැවැත්වු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපයෝගීකරගෙන ථේරවාදී බුදුදහම ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසෝක රජුගේ පුත් මහින්ද රහතන්වහන්සේ විසින් ලංකාවට ථේරවාදී බුදුදහම රැගෙන එන ලදී.පසුව අසෝක අධිරාජ්‍යයාගේ දියණිය සංඝමිත්තා මෙහෙණිය විසින් භික්ෂුණී ශාසනය සහ බුදුරජණන් වහන්සේ බුදුබවට පත් වූ ජය ශ්‍රී මහා බෝධියේ දක්ශිණ ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවන ලදී.

අසේල රජු ඝාතනය කල එලාර රජු විසින් අනුරාධපුරය අගනගරය වූ පිහිටි රට පාලනය අල්ලා ගැනීම අනුරාධපුර රාජධානියේ නැගීමට හේතුවන සාධනීය හේතුවක් විය. එය ලංකාවේම අගනගරය බවට මුල්වරට දුටුගැමුණු රජු ලංකාව එක්සේසත් කිරීමෙන් පසු පත්වීම එහිලා දැක්විය හැකි මූලික හේතුවක් ලෙස දැක්විය හැක.එලාර පිහිටි රට රජකරන කාලයේ රුහුණේ කාවන්තිස්ස සහ මායා රටේ කැලණිතිස්ස ලෙස ප්‍රාදේශීය රජවරුන් දෙදෙනෙකු පාලනය කලේය. දුටුගැමුණු යනු රුහුණේ පාලක කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයාය. මහාවංශ කතෘවරයා දුටුගැමුණු හඳුන්වා දෙනුයේ ලංකාවේ අසෝක යන අන්වර්ථ නාමයෙනි.දුටුගැමුණු රජතුමා දාගැබ් නිර්මාණයෙහිලා ප්‍රමුඛතාවයක් දක්වන අතර ඔහු නිර්මාණය කල රුවන්වැලිසෑය සහ අභයගිරිය අද්විතීය නිර්මාණ ලෙස ඉතිහාසගතව ඇත.

දෙවන ප්‍රධාන ආක්‍රමණය වන දකුණු ඉන්දීය පංචපාණ්ඩවයින්ගෙන් පලමුවැනියා වන
පුලහත්ථ ගෙන් පසු පිළිවෙලින් බාහිය, පනයමාර, පිලයමාර, දාඨිය එකිනෙකා මරාගනිමින් රජවිය අවසානයේ රජවූ දාඨිය මරා වලගම්බා රජ (ක්‍රීස්තුවර්ෂ 89-77) රජ විය වලගම්බා රාජ සමයෙහි සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස මහාවිහාර (ථෙරවාද ) සහ අභයගිරි (මහායාන ) ගැටුමට පිළියමක් ලෙස පාලියෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම මාතලේ අළුවිහාරයේදී සිදුකිරීම පෙන්වා දිය හැක.

ලංකාවේ මුල්ම රැජිණිය ලෙස චෝරනාගට පසුව සිහසුනට පත්වූ අනුලා බිසව (ක්‍රිස්තුවර්ෂ 48-44 ) ඉතිහාසගත වෙයි. චෝරනාගට හා කුඩාතිස්සට වසදී මරුමුවට පත් කල අනුලා බිසව ආදරවන්තයින් කිහිපදෙනෙකුටම වසදී මරණයට පත්කිරීම පිළිබඳ ප්‍රසිද්ධය. ඇය අතින් අවසානයට මරුමුවට පත්වූයේ කුට්ටකන්නතිස්ස රජතුමාය.ලංකාවේ වැඩිම වැව් ප්‍රමාණයක් නිර්මාණය කල රජතුමා ලෙස වසභ රජ(ක්‍රිස්තුවර්ෂ 67-111 ) හඳුන්වාදිය හැක. වල්ලිපුරම් රන්පතට අනුව එය සංඛ්‍යාත්මකව 11 පමණ වේ. ගජබාහු රජ (ක්‍රිස්තුවර්ෂ 114-136) විසින් චෝලයින් විසින් සිරකරුවන් ලෙස රඳවා තබාගත් 12000 ලාංකිකයින් බේරාගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

ථේරවාද
මහාවිහාර භික්ෂූන් මහායාන භික්ෂූන්ව මර්ධනයට ගත් උත්සාහය මහසෙන් රජසමයේ (ක්‍රිස්තුවර්ෂ 274-301) වැදගත් සිදුවීමකි. මහසෙන් රජු පසුකාලීනව මහාවිහාරීය භික්ෂූන්ගේ පාර්ශවය ගෙන ජේතවනාරාමය සාදා නිමකර එය ථේරවාදී භික්ෂූන් සඳහා පූජා කරන ලදී. ඒ නිසා ථේරවාදය තුල තවත් නිකායක් ජේතවන නිකාය ලෙස ඇතිවිය.මහාවංශය ලියවෙන්නේ ධාතුසේන (ක්‍රිස්තුවර්ෂ 459-477) රජසමය තුලදීය.ධාතුසේන රජුගේ මාමා කෙනෙකු වූ මහානාම හිමි විසින් මහාවංශය ලියා ඇත. ධාතුසේන රජ කලාවැව නිර්මාණය කල අතර ඔහුගේ පුත් කාශ්‍යප රජු (ක්‍රිස්තුවර්ෂ 477-495) විසින් සීගිරිය නිර්මාණය කරන ලදී.
 

පාහියංගල

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකටව පාහියංගල ගල්ලෙන සොබාදහමේ මනස්කාන්ත නිර්මාණයකි. ගංගා, දියඇලි සහ වනාන්තර වලින් හෙබියා වූ සොඳුරු කඳු මුදුනක පිහිටි පාහියංගල දර්ශනීය මෙන්ම ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයක් ලෙසින් අද්‍යතනය වන විට නම් දරා ඇත.

පාහියංගල ලෙනෙහි පිහිටීම සහ විශාලත්වය

බස්නාහිර පලාතට අයත් කළුතර දිස්ත්‍රික්කසේ නැලගනහිර පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයෙහි පිහිටි මෙම ස්වභාවික ගල්ලෙන පස්යොදුන්-කුකුළු යන දෙකෝරළ මායිමෙහි පිහිටා තිබේ. මෙරටෙහි ගල්ලෙන් අතර ප්‍රකටව පවත්නා දඹුලු ලෙන, මාතලේ අළුලෙන, කුරුණෑගල
දේවමැදි හත්පත්තුවේ වාරියපොළට නුදුරින් පිහිටි කබල්ලෑලෙන, රුහුණේ මුල්ගිරිගල, සියනෑ කෝරළයේ වාරණ ලෙන ආදී ලෙන් විහාර ප්‍රථම වරට දුටු අයෙකු විස්මයට පත්වන බැව් ප්‍රථම වර දුටු අය පවසති. පාහියංගල ලෙනද එලෙසම ප්‍රථම වරට දුටු ඇස් විස්ම කරවන ස්වභාවික නිර්මාණයකි. කොළඹ සිට කළුතර ඔස්සේ දිවෙන මාර්ගයේ සැතපුම් පනහක්ද(50),කොළඹ සිට කැස්බෑව ඔස්සේ හොරණ-කලවැල්ලාව මාර්ගයේ සැතපුම් හතලිහක්ද(40),පසුකළ විට මෙම ලෙන හමුවේ.
ලෙනට පිවිසෙන මග

සමුද්‍ර මට්ටමින් අඩි 400ක් පමණ උසින් පිහිටි මෙම පාහියංගල ලෙනට යාම සඳහා ගල්පඩි 496ක් පසු කළ යුතුය. එතැන් සිට නයි පෙනයක හැඩයෙන් අඩි 468ක් උසට නැගීගිය මෙය පිහිටා තිබෙනුයේ ලෙන් කට අඩි 150ක් පමණ උසින් සහ අඩි 175ස් පමණ පළලින් අර්ධ කවාකාරවය. ලෙනේ මුළු දිග අඩි 282ක් වන අතර පළල ඉතා අධික තැන අඩි 160ක් පමණ වේ.එය ලංකාවේ අති විශාල ගල්ලෙන ලෙස ප්‍රකට දඹුලු ලෙනේ පළල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මේ ගල්ලෙනට අයත් නොතෙමී සිටිය හැකි මුළු භූමි ප්‍රදේශයෙහි මිනිසුන් 3000 කට පමණ රැස්වී සිවිය හැකියැයි විශ්වාස කරයි.‍ මේ අනුව බලන විට ලංකාවේ දැනට පවත්නා විශාලතම ගල්ලෙන මෙය බැව් පැවසීම නිවැරදිය.
_______________________________________________________

පාහියන් නාමය

පස්යොදුන් සහ කුකුළු යන දෙකෝරළයේ මායිම්ගලව පිහිටි මෙම සුවිසල් ලෙන් පර්වතය සඳහා පාහියංගල යන නාමය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව විමසා බැලුව හොත් විවිධ ජනප්‍රවාද පවතී. ක්‍රි.ව. 5වන සියවසේ මුල් භාගයේ පමණ අනුරාධපුර රාජධානියේ රජකම් කළ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුව මේ ලෙනෙහි වැඩ වාසය කළ හෙයින් පසු කලෙක මායිම්ගල පාහියංගල නම් ලද බැව් ජනප්‍රවාදයේ පවතී. සුප්‍රකට දේශ සංචාරකයෙකු වූත්,ධර්ම ගවේශිකයෙකු වූත් චීන ජාතික පාහියන් භික්ෂුව ලංකාවට පැමිණ දෙවර්ෂයක් පමණ මෙරට නොයෙකුත් පලාත්වල සංචාරය කොට ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඵෙතිහාසික තොරතුරු රැස්කර ගෙන සිය රටට ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. ,පාහියන්ගේ ගමන් විස්තරය, නමින් ඔහු විසින්ම රචිත ඓතිහාසික ග්‍රන්ථයෙන් උන්වහන්සේගේ ගමන් බිමන් සහ ඇස දුටු දේ පිළිබඳව සවිස්තරයක් පැනෙන මුත් ශ්‍රී ලංකාවේ ගතකළ දෙවර්ෂය තුළ වැඩ වාසය කළ ස්ථාන පිළිබඳව සඳහන් නොකරන ලද බැව් එය පරිශීලනය කළ අයගේ අදහසයි.

පාහියන් භික්ෂුව මෙම ලෙනෙහි වැඩ වාසය කළා යැයි යන මතය සාක්ෂාත් කිරිමට තරම් ඵෙතිහාසික සාධකයක් පෙන්විය හැකිව නැති නමුත් චීන ජාතිකයින් අතර මේ පිළිබඳව බලවත් විශ්වාසයක් පවතින බැව් පැවසේ. ක්‍රි.ව.1940 දී පමණ ලංකාවට පැමිණි චීනයේ තායිෂූ සංඝරාජ තුමා දිවයිනේ ගතකළ කාලය තුළදී සිය ජාතික ඉතියාසයට ආලෝකයක් ගෙන දුන් පාහියන් නාමයට ගරුකරනු වස් මෙම ලෙනට පැමිණ තොරතුරු පරික්ෂාකර ගිය බවට වාර්තා වේ. මෙතුළින් චීන ජාතිකයින් අතර පවත්නා විශ්වාසය මැනවින් පිළිඹිබු වේ.

_______________________________________________________

පාහියන් ලෙන විහාරයක් වීම සහ එහි සඟ පරපුර


මෙම ඵෙතිහාසික පාහියන් ලෙන භික්ෂූන් වහන්සේලාගේ පාලන තන්ත්‍රයට පත්ව ශත වර්ෂ දෙකහාමාරකට වඩා නොවන බැව් පැවසේ. මෙම වකවානුවේදී ප්‍රථමව මෙම ලෙන සොයා භික්ෂු වාසයට යෝග්‍ය පරිදි සකස් කිරිසමහි ලා පූලිකව ක්‍රියා කන ලද්දේ පොරවගම උන්වහන්සේ නමින් ප්‍රකටව සිටි භික්ෂූන් වහන්සේ නමකි. ඒ හෙයින් මෙම පාහියංගල ලෙන් විහාරයෙහි නාර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ උන්වහන්සේය. උන්වහන්සේ ගුහාව අවහිර කරමින් වැටී තිබුණු ගල් කුට්ටි කඩා ඇද දමා බිම සමතලා කොට වර්තමාන දියුණුවේ අඩිතාලම දැමීමට පුරෝගාමි වූහ. යෝධ පුරුෂයෙකු යැයි කියන පොරෝගම උන්වහන්සේ ගල් කැඩීම සඳහා භාවිතා කර තිබෙනුයේ යකුළක් නොව අඩි 6ක් පමණ දිගැති එවැනිම වූ ගල් ආයුධයකි.මෙකල මිනිසුන් සිව් දෙනෙකු විසින්වත් එසවිය නොහැකි තරම් යැයි කියනු ලබන එය දැනට ලෙන තුළ බැඳ තිබෙන මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පාදමට තබා වඳින ලදැයි පැවෙස්. එලෙසම පොරොවගම හිමියන් ගල්ලෙන භික්ෂු වාස භූමියක් බවට පත්කරලීම උදෙසා උන්වහන්සේ විසින්ම කපා ඔපදැමූ යෝධ උළුවහු දෙක අද්‍යතනයේ පවා මෙම ලෙන් විහාර භූමිය තුළින් දැක බලා ගත හැකිවනු ඇත. පොරෝගම උන්වහන්සේගෙන් අනතුරුව පිළිවෙලින් යේරවත්තේ සෝභිත, වෑවල ධම්මජෝති, උඩුමුල්ලේ සරණංකර, උඩුවලකන්දේ ජිනානන්ද, ජඹුරලියේ පඤ්ඤානන්ද, වෑවල ධම්මරංසි, කඳනේ පඤ්ඤාශේකර යන ස්ථවීරපාදයන් වහන්සේලා මෙහි අධිපති ධූරහට පත්ව ඇත. වෑවල ධම්මරංසි හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය කඳනේ පඤ්ඤාශේකර හිමියන් යන දෙදෙනාගේම ශිෂ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී යටගම්පිටියේ චන්දිම හිමියන් වර්තමාන විහාරාධිපතිත්වය උසුළනු ලබන අතර උන්වහන්සේ ශිෂ්‍ය හිමිවරුන් 40කගේ පමණ ගුරු ස්වාමීන් වහන්සේ වනු ඇත.

_________________________________________

පාහියංගල මානවයා

පාහියංගල ගල්ලෙනෙහි පුරා විද්‍යා පර්යේෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ 1986/87 වර්ෂ වලදීය. මෙම කටයුතු ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදී. විශේෂයෙන්ම මෙම කැනීම් කටයුතු හා ගවේෂණ කටයුතු කෙරුණේ ලංකාවේ ආදි වාසින් පිළිබඳව තොරතුරු සොයනු වස්ය.මෙම පර්යේෂණ වලදී ආසියාවේ වාසය කරන නූතන මිනිසාට සමාන ලක්ෂණ ඇති පැරණිම මානව අවශේෂ සොයාගන්නා ලදී. මෙම මානව භෂ්මාවශේෂ කැනීම් වලෙන් මතුපිටට ගැනීමට පාහියංගල ලෙනට ඇමෙරිකාවේ කෝනර් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යයවරයෙකු වන කෙනත් කෙනඩි මහතාද පැමිණ ඇත. මෙලෙස භෂ්මාවශේෂ හමුවූ මී මුත්තාගේ වයස අවු:37000කි. කාබන් 14 නැමති විද්‍යාත්මක කාල වාර්තා ක්‍රමය උපයුක්ත කොට දියුණු රසායනාගාර තුළදී මෙකී වයස තීරණය කොට ඇත. ආසියාවේ ජීවත්වන නූතන මිනිසාගේ ඉපැරණි මිනිසා කුරුවිට බටදොඹ ලෙනින් සොයාගත් බලංගොඩ මානවයා බැව් මෑතක් වන තුරුම පිළිගෙන තිබුණි. එකී මානව යුගයට අයත් එනම් වසර 28000කට පෙර ජීවත් වූ මිනිසාගේ හිස් කැබලි ද, මෙකී පර්යේෂණ භූමිය තුළින් සොයාගෙන ඇති බැව් පැවසේ. මෙය මොසෝතික් යුගයට අයත් හෝමෝ සේපියන්ගේ මුල්ම අවධිය ලෙස සැලකේ. එබැවින් පාහියංගල මානවයාට,බලංගොඩ මානවයාට වඩා ඉපැරණි ඵෙතිහාසිකත්වයක් ඇති බැව් මෙම පර්යේෂණ තුළින් පිළිඹිබු වීමෙන් ශ්‍රී ලංකාවේ විසූ ආදීම මිනිසා පාහියංගල මානවයා බැව් මේ වන විට සාක්ෂාත් වී ඇත.

අවුරුදු දස දහස් ගණනක් පැරණි ඝන දූවිලි තට්ටුවකින් වැසී ඇති මෙම පුරා බිමෙහි ප්‍රාග් ඓතිහාසික පිහිටි බිම ඇත්තේ දැනට පිහිටා ඇති පොළොව මට්ටමෙන් මීටර් 16ක් පමණ පහළින් බව සොයාහෙන ඇත. තවදුරටත් කරන පර්යේෂණ කටයුතු වලදී මෙම ගල්ලෙනෙහි වාසය කරන ලද ආදිවාසින් ගල් අවි තාක්ෂණයේ දියුණුම අවි වන ක්ෂුද්‍ර ගල් මෙවලම් භාවිතාකර ඇති බව සොයා ගෙන ඇති අතර ඒවා විවිධ ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් ද යුක්ත බැව් හමුවූ ගල් මෙවලම් තුළින් මැනවින් පසක් වෙනු ඇත. එලෙසම මෙම ලෙනෙහි විසූ ආදි මානවයා ගින්දර භාවිතා කළ බවට වසර දස දහස් ගණන් පැරණි,කැනීම් කටයුතු වලදී සොයාගන්නා ලද අඟුරු සාක්ෂි දරයි.

_______________________________________________________

ලෙන් විහාරයෙහි පවතින සිතුවම් සහ මූර්ති

මෙම ලෙන් විහාරයෙහි ගල්ලෙන දකුණු පසට වන්නට කුඩා විහාරයක් පවතී. මෙහි විහාරාධිපතිව වැඩ විසූ වෑවල ධම්මජෝති ස්වාමිපාදයන් වහන්සේගේ පාලන සමයෙහි මෙය තනන ලදැයි පැවසේ.මෙම තුඩා විහාරයෙහි මහනුවර යුගයට අයත් සිතුවම් හා මූර්ති දක්නා ලැබේ.මුචලින්ද නාග දරණය මත වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ,දෑගසව් දෙනම සහ විෂ්ණු,සමන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමාවන් මෙහිදී දක්නා ලැබෙනු ඇත.මෙහිදී බුදුරජාණන් වහන්සේගේ දෑගසවු වහන්සේලාගේ මූර්තිවල විශේෂිත වූ ලක්ෂණයක් දක්නා ලැබෙනු ඇත. එනම් සිවුරේ රැළිති සහ අත්ලේ රේඛාවන් ඉතා ක්‍රමානුකූලව දක්වා තිබීම එකී වි‍ශේෂත්වයයි. එලෙසම මීට ඇතුළු වන ස්ථානයේ දොරටුව දෙපස අසිපතක් රැගත් දොරටුපාල රූප දෙකක් චිත්‍රයට නගා ඇති අතර දකුණුපස දොරටුපාල රූපය අසල සක් පිඹින අයෙකුගේ සිතුවමක් ද දක්නා ලැබේ. මීට අමතරව විහාරගෙය ඇතුළත බිත්ති මත නෙළුම් මල් මෙන්ම ලියතඹරා මල් ද සිතුවම් කර තිබෙනු දක්නා හැකිය. මෙකී සිතුවම් හි විශේෂිත ලක්ෂණය වනුයේ එකී සියළුම සිතුවම් වර්ණ ගැන්වීමේදී උපයුක්ත කොට ගෙන ඇත්තේ ස්වභාවික වනයෙන් ලබාගන්නා ලද ගස්වල මුල්, කොළ, අතු සහ පොතුවලික් සාදාගන්නා ලද වර්ණයන් වීමයි. මෙලෙස වර්ණ ගැන්වූ සිතුවම් අද්‍යතනයේ පවා නොනැසී පවතින අයුරු එය නරඹන්නට යන අයට දැක බලාගත හැකිවනු ඇත. 

_________________________________________

අවට වන ලැහැබ

පාහියංගල ගල්ලෙන සුවිශේෂත්වයක් උසුළනුයේ මානව වංශ විද්‍යාව,පුරා විද්‍යාව හෝ ප්‍රාග් ඓතිහාසිකත්වය අතින් පමණක් නොවේ. පාරිසරික විද්‍යාව අතින් ද ඉහළ වටිනාකමක් මේ සඳහා හිමිවනු ඇත. මන්ද පස්යොදුන්,කුකුළු යන දෙකෝරළයේ මායිමට මැදිවු සොඳුරු වන පෙතක මෙහි පිහිටීම සනිටුහන්ව ඇති නිසාවෙනි. මෙ‍ම රක්ෂිත වන පෙදෙස පහතරට නිවර්තන තෙත් කලාපීය වනාන්තර ගනයට අයත් යැයි කියන අතර මීට දකුණු දෙසින් දිවෙන සිංහරාජ වනය ද,ඊසාන දෙසින් දිවෙන මා කෙළි වනය ද මේ හා සමාන කමක් දක්වයි. මෙම වන පෙතෙහි පිහිටි සමුද්‍ර මට්ටමින් අඩි 200-400 දක්වා භූමි ප්‍රමාණය ලෙනට අයත් ප්‍රදේශය ලෙස සලකන අතර අඩි 400-1100 දක්වා දළ බෑවුම් සහිත ප්‍රදේශය කඳු මුදුන වන අතර ඊසාන දිශාවට මුහුණලා මෙම පර්වත ප්‍රදේශයේ අක්කර 80 ක පමණ වන ප්‍රදේශයක් පවතී. දිවයිනේ තෙත් කලාපයේ පිහිටි මෙම වනයට වර්ෂාපතනය ලැබෙනුයේ නිරිත දිග මෝසම් වැසි වලිනි. මෙලෙසින් ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 2060300ක් පමණ වේ. තුරුලතා වැඩීමට මනා උෂ්ණත්වයක් මෙහි පවත්නා අතර වෘක්ෂලතා විශේෂ 49ක් ද, වැල් වර්ග 11ක් පමණ ද, ජලජ පැලෑටි විශේෂ 8ක් පමණ ද, සත්ව විශේෂ 10ක් පමණ ද හඳුනාගෙන ඇත. මීට අමතරව උඩවැඩියා විශේෂ 23 ක් පමණ ද මෙම සොඳුරු වන පෙත තුළින් හඳුනාගෙන ඇත. 

_________________________________________


 

 


 


 


 

ලංකාවේ-පෘතුගීසි යුගය


ceilâo ceylon පෘතුගීසි කොළණිය 1505-1658 අගනගරය - කොළඹ භාෂා - පෘතුග්රී සි දේශපාලනික ව්යුතහය - යටත් විජිතය රජු - 1505-1521 1 වැනි මනුවේල 1656-1658 vi අෆොන්සෝ කැප්ටන් මේජර් 1518 ජෝහා ද සිල්ඕර්ගා (පළමු) 1827-1835 පෙද්රෝ හොමෙම් පෙරෙයියා (අවසාන) ආණ්ඩුකාරවරු 1594 පෙද්රෝ ලොපෙස් ද සූසා (පළමු) 1656-1658 A අන්තෝනියා දො අමරාල් ද මෙනෙසෙස් (අවසාන)
ඓතිහාසික යුගය - අධිරාජ්යඅවාදී
හමුවීම සහ වෙළඳාම 1505 අගෝස්තු 15 කෝට්ටේ රාජ්ය සමග
පෘතුගීසි  පාලනය බිඳ වැටීම - 1658 ජනවාරි 14 මුදල් වර්ගය - පෘතුගීසි ටැන්ගා
පෘතුගීසි  ලංකාව (පෘතුග්රීසසි භාෂාවෙන්- Ceilâo)
පෘතුගීසි  ලංකාව යනු පෘතුග්රීුසීන්ට අයිතිව තිබූ භූමි ප්රඹදේශයකි. ශ්රීත ලංකා ඉතිහාසයේ 1505-1658 දක්වා පෘතුගීසීන් පාලනය කළ කාලයයි. පෘතුගීසීන් ලංකාවට පළමුවෙන්ම පැමිණ කෝට්ටේ රාජ්යද සමග ගිවිසුමක් ඇතිකර ගත්හ. පෘතුගීසි ලංකාව සංස්ථාපනය වන්නේ යටත් කර ගත් කෝට්ටේ රාජ්ය හා ඉන්පසු ආක්ර මණය කොට යටත් කර ගත් අවට පිහිටි රාජ්යකයනුත් එක්වීමෙනි. 1565 දී පෘතුගීසි ලංකාවේ අගනගරය කෝට්ටේ සිට කොළඹට ගෙන එන ලදී. පෘතුගීසීන් හඳුන්වාදෙන ලද ක්රිවස්තියානිය සිංහල ජනතාව සමග ඝට්ඨන ඇති වීමට හේතු විය.
කලක් ගත වෙද්දී ලාංකිකයෝ තම නිදහස ලබා ගැනීම සඳහා ලන්දේසීන්ගෙන් උදව් බලාපොරොත්තු වූහ. ලන්දේසීන් මුලින්ම කන්ද උඩරට රාජ්යී සමග ගිවිසුමක් ඇති කර ගත්හ. 1627 දී අයිබීරියන් ආර්ථිකය බිඳ වැටුණු පසු ලන්දේසීන් ආසියාවේ යටත් විජිත ආක්රොමණය කරන බව පෙනී ගියේය. පසුව පෘතුගීසි පාලනය යටතේ තිබූ ලංකාවේ ප්‍රදේශයන් ලන්දේසීන්ට පවරා දෙනු ලැබුණි. එසේ වුවද පෘතුගීසි පාලනය සමයේ සිට අද දක්වා පෘතුගීසි සංස්කෘතික ලක්ෂණ ශ්‍රී ලංකාවේ ඉතිරිව පවතී.
_______________________________________________________

පසුබිම

ආසියාව බටහිරින් මුස්ලිම් වරුන්ගෙන්ද නැගෙනහිරින් මොංගෝලියන් වරුන්ගෙන්ද එල්ල වූ ආක්‍රමණවලට මුහුණ දෙමින් සිටියේය. ලංකාව තිබුනේ චීනයේ ආරක්ෂාව යටතේය. පෘතුග්රීආසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුග්රීපසි ආක්රගමණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්රීක ලාංකිකයෝ ලන්දේසීන්ට පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.
ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්රංදශයන් ලංකරගෙන ඔවුනට ත්රී කුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්රීිකුණාමලය ප්රංදශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්රනදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්රිායාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පලාත් සියල්ලම පාලනය කල අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර්වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්යර මිනිස් ශ්රහමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.
සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙස් ප්ර්දේශ පහක්ද (වර්තමාන නුවර දිස්ත්රිේක්කය) රජු යන නාමයද ප්රනධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්රිරයාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්රියෝජනයට ගෙන ගෝව නගර‍ෙය් ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්රී සි හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුග්රීමසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්රේ ල් 3 දින ත්රිැකුණාමලයට ගොඩ බැස්සේය.
_______________________________________________________

ලංකාවට පෘතුගීසීන් පැමිණීම

1505 හෝ 1506 දී සිදු වූ ලංකාවේ ප්‍රථම පෘතුග්‍රීසි පැමිණීම කෙරුණේ ලොරොන්සෝද අල්මේදා විසින් හදිසියේ මුහුණ පෑ කුණාටුවේ ප්‍රථිඵලයක් ලෙස ඔහු ලංකාවේ ගාල්ලට ආසන්න වෙරළට ගසා ගෙන ඒමෙණි. 1505 හෝ 1506 වසරේ අන්තිම මාස කිහිපය තුළ ලොරෙන්සෝගේ නැව් හමුදාව කොළඹට පිටතින් නැංගුරම් ලන ලදී. මෙම ප්‍රථම ගොඩබැසීම සිහිවීම පිණිස ගොඩනැගූ ස්මාරකය කොළඹ බොක්කේ සිට බැලූ විට දක්නට ඇත. පෘතුග්‍රීසීන් එය පාද්රෝ (Padrao) යනුවෙන් නම් කළහ. පෘතුග්‍රීසීන් රාජ්‍ය ලාංඡනයට ඉහළින් කුරුසිය සහිත මෙම සිහිවටනය 1920 දී තරම් කාලයේදී දක්නට ලැබුණේ 1501 දාතම සමගයි. එවැනි දාතමක් සඳහන් වන්නේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලි කළ නොහැක.
ඔව්හු කෝට්ටේ නැවතී හිඳිමින් රජු සමග ගිවිසුමක් සම්පූර්ණ කරන ලදී. දිවයින රාජධානි හතරකට බෙදා තිබුණේය. ඒ කෝට්ටේ, සීතාවක, මහනුවර සහ උතුරේ යාපනය වශයෙනි. මෙයින් වැදගත් ස්ථානයක් ඉසිළුවේ කෝට්ටේය.
1518 දී විසුරේ තැන්පත්, ලෝපෝ සොආරේස් ද අල්බර්ගේරියා විශාල නැව් හමුදාවක් සමග කොළඹට ගොඩබැස්සේය. මෙහිදී ඔවුහු කුඩා බල කොටුවක් තැනීම ආරම්භ කළහ. එය නම් කර තිබුණේ නොසා සෙඤෝරා දා වර්තුදේ නොහොත් සැන්ටා බාබරා වශයෙනි. මෙම පළමු බල කොටුව ත්‍රිකෝණාකාර විය. මධ්‍යයේ කුළුණකින් යුක්ත විය. සිංහලයෝ වහාම කොටුව වැටලුහ. 1524 දී පමණ පෘතුග්‍රීසීහු එය කඩා දැමූහ. ඔවුහු කෝට්ටේ රජුගේ ආරක්ෂාව යටතේ ඔවුන්ගේ නියෝජිතයෙකු දිවයිනේ නැවැත්වූහ.
කොළඹ අතහැර දැමීම පෘතුග්‍රීසීන්ට සිදුවූ අත්වැරදීමක් බව පැහැදිලි විය. මුස්ලිම්වරු වහාම කළේ කෝට්ටේ රාජධානි‍යේ ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරවීමටත් කුරුඳු වෙළඳාමේ අයිතිය නැවත ඔවුනට ලබා ගැනීමටත් උත්සාහ කිරීමයි. කෙසේ වෙතත් ඒ වන විට ලංකාවේ රැඳී සිටි පෘතුග්‍රීසීන් ස්වල්ප දෙනෙක් විසින් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කරන ලදී. මාපිල්ලාවරු (මලබාර් මුස්ලිම් ජනතාව) 1539 දක්වා කෝට්ටේ සහ සීතාවක රාජධානි තුළ අර්බුදයන් ‍දියුණුකළ අතර පෘතුග්‍රීසීන් ලංකාවේ සිටීම සම්බන්ධයෙන් විරුද්ධ වූහ. 1538 දී මාර්ටිම් අෆොන්සෝ ද සොයිසා 'වෙ‍ඩෙලෙයි' දී ද 1539 දී මිගෙල් ෆෙරෙයිරා මීගමුවේදී ද මාපිල්ලාවරු අවසාන වශයෙන් පරාජය කළහ.
මෙම වර්ෂවලදීම කෝට්ටේ රජු විසින් දිරිමත් කරන ලදුව මිෂනාරිවරු ලංකාවාසී ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ කටයුතු ආරම්භ කළහ. ගිනිකොණ පෙදෙ‍සේ ධීවර ගම්මානවල පල්ලි ගොඩනැගුණි. 1544 දී යාපනයේ රජු මන්නාරම් දිවයිනේදී ක්‍රිස්තියානි ලබ්ධිකයින් 600 ක් සමූල ඝාතනය කළේය. එසේ වුවත් 1582 වන විට යාපනයේ රජු පෘතුග්‍රීසීන්ට යටත් වී කප්පම් ගෙවුවේය.
1550 ඔක්තෝබරයේ අෆොන්සෝද නොරොඤ්ඤා විසුරේ තැන පෘතුග්‍රීසි හමුදා භටයන් 500 දෙනෙකු කැටුව ලංකාවට පැමිණියේය. ඔහු කෝට්ටේ යටත් කරගෙන සීතාවක රාජ්‍යය කොල්ල කෑවේය. එහෙත් ඒ විසුරේට මුළු ලංකාවම පෘතුග්‍රීසි ආධිපත්‍ය පැතිරවීමට තිබුණු හොඳ අවස්ථාවක් අහිමි කර ගත්තේය. 1554 නොවැම්බරයේදී ඩුආර්තේ ද ඒසා තවත් සොල්දාදුවන් 500 ක් දෙනා සමග කොළඹ නව බලකොටුවක් තැනුවේය.
1556 වන විට ධීවර ජනාවාසවල 70000 ක් ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලදී. කෝට්ටේ රජු වූ ධර්මපාල, දොම් ජුවඕ පෙරෙයිරා බණ්ඩාර නමින්ද බිසව දෝන කතරිනා නමින්ද නැවත බෞතීස්ම කරණු ලැබ ක්‍රිස්තියානි ආගමට හරවා ගනු ලැබූහ. රජු අනුව යමින් ප්‍රභුවරු කිහිපදෙනෙක්ද දොම් යන ගෞරවාර්ථ පෘතුග්‍රීසි පදය තමන්ගේ නම්වලට එක් කර ගත්හ. එමෙන්ම පෘතුග්‍රීසි සිරිත් විරිත් සහ ඔවුන්ගේ භාෂාව භාවිතා කරන්නට පටන් ගත්හ. මෙවැනි ක්‍රියා හේතුවෙන් සිංහල පොදු ජනතාව රජු සහ රජුගේ පිරිවර කෙරෙහි කළ කිරුණහ.
______________________________________________________

පෘතුගීසි පාලනයේ පිරිහීම

පෘතුගාල ස්පාංඤ්ඤ රාජකීය නිවාස මගින් පාලනය කිරිමෙන් පසුව (1580 සිට 1640 දක්වා) යටත් විජිත ජනයාට ජීවිතය ගතකිරීම අපහසු විය. රජතුමා වෙත වැසියන් රැක බලාගැනීමට සුදුසු පහසුකම් නොතිබු නිසා ශ්‍රී ලංකාවේ බෝහෝ ප්‍රදේශ අපරාජිත තත්ත්වයට පත්විය. දේශපාලනමය හා සමාජමය ව්‍යාකූලත්වය ජිවිතයේ මග වු අතර, රටේ සියල්ලම පැහැර ගෙන පැහරගෙත් දෙය පෘතුගාලයට නැව්ගත කරන ලදී. මෙම කාලයේ දී මිනිසුන් පෘතුගීසි පාලනයට වෛර කළ අතර, ලන්දේසින්ගේ මැදිහත්වීම අප්‍රසන්න පෘතුගීසි පාලකයගේ නිදහස් වීම සඳහා හැකි එකම මාර්ගය ලෙස සලකන ලදී. ලන්දේසින් විසින් මහනුවර රජ සමග 1639 දී මහනුවර ගිවිසුමට අත්සන් තබන ලදී. එමගින් පෘතුගිසින්ට විරුද්ධව කරන යුද්ධය වෙනුවෙන් ගෙවනු ලබන චේතනය සහ අනිකුත් වියදම් මහනුවර රජතුමා විසින් ගෙවිය යුතු බවට සඳහන් විය. රජතුමා සතුව ප්‍රමාණවත් මුදල් හෝ කුළු බඩු වියදම් සඳහා ගෙවීමට නොහැකි වු විට ගෙවිය යුතු මුදලට වන්දිය ලෙස ඔවුන් අයකරගත් වරායන් සහ ඉඩම් ලබා ගන්නා ලදී.
පෘතුගීසි පාලනයෙන් ශ්‍රීලංකාවට උරුම වූ දේ
පෘතුගීසින් විසින් මහනුවර රජු සමග සටන් වැදීමට කැනේරියා දුපත් වල සොල්දාදුවන් ගෙන්වන ලදි. එවුන් පහතරට සිංහල ජනතාව සමඟ පදිංචි වු අතර මිශ්‍රව විසීය.කම්කරුවන් කේරල ප්‍රදේශයෙන් ගෙන්වා ගත් අතර ඔවුන් කුරුදු වතුවල කුරුදු තලන්නන් බවට පත්විය. පෙරේරා, ආබනි, ප්‍රනාන්දු , රොද්‍රගු සහ සිල්වා වැනි පෘතුගිසි නම් සිංහල සංස්කෘති‍යේ කොටසක් බවට පත්විය. අළුත් තාලයක වු සමාගම කුලයේ ඇතිවිය. පෘතුගීසින් ලාංකීකයන් සඳහා සිංහල රජවරු හෝ ‍ලන්දේසි පාලනයන්ට වැඩි පහසුකම් සපයන ලදී. පෘතුගීසි සංස්කෘතිය ලාංකික සංස්කෘතියේ ස්ථිර කොටසක් වු ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ මුහුදු බඩ පළාත් වල ජනයා සහ ‍කතෝලිකයින් බවට පත්වුනි.මිනිසුන්ගේ ආහාර සහ ඇදුම් පෘතුගීසින් විලාසිතවන්ට හැඩගැසුණි .
දැනට ශ්‍රී ලංකාවේ සිටින පෘතුගීසින් ගෙන් පැවත ගෙන එන ජනයා කලින් වරයන් තිබු ප්‍රදේශවල ජීවත් වු ඔවුන්ගේ භාෂාවන් පවත්වාගෙන යනු ලබයි.
_______________________________________________________

කොළඹ අග නගරය

1565 ජුලි මසදී එතෙක් කොට්ටේ තිබුණු අගනගරය හා උසාවි කොළඹට ගෙනා යුතු යැයි තීරණය කළහ. සිංහල ආරක්ෂක හමුදා තුනක් වත්තල, නාහලගම, හා මාපනේ සිටිමෙන් කොළඹ සිටි පෘතුගිසින් කොටුවුනි. එහෙත් ඔවුන්ට පහර දීමක් කළේ 1574 දීය. ඔවුහු මීගමුව, කලුතර හා බේරුවල කොල්ල කෑහ. නාගලගම හා මාපානේ තිබු සිංහල ආරක්ෂක බලකායන් පලවා හරින ලදී. වැලිගම හා හලාවත දිස්ත්‍රික්කය විනාශ කරන ලදී.
1581 අගොස්තු මාසයේදී කන්ද උඩරට හා සීතාවක රජු වු 1 වැනි රාජසිංහ රජු කොළඹ වැටලීම ආරම්භ කළේය. පෘතුගිසීන් නගරය අට්ටාල 12 කින් යුතු ආරක්ෂිත වශයෙන් ශක්තිමත් නගරයක් විය. සිංහලයන් කීප වරක් පහර දුන් නමුත් සෑම අවස්ථාවකදීම නගරය අත්පත් කර ගැනීමට අසමත් වූහ. 1588දී ඔවුහු වටලෑමේ අදහස අත්හැරියහ. 17 වැනි සියවසේ අවසානය දක්වාම පෘතුගිසීහු වෙරළ බඩ බලකොටුව වු කොළඹට, ගාල්ල, කලුතර සහ මීගමුව ආදියෙහි බලය අත්කර ගෙන සිටියහ.
1591 දී ආන්ද්‍රේ ෆුර්කාඩෝ ද මෙන්දොන්යා යාපනය ආක්‍රමණය කොට නල්ලුර් වල නව රජ කෙනෙක් පත් කලහ. 1592 දී පෘතුගිසීන් සුළු කාලයකට කන්ද උඩරට අල්ලා ගත් නමුදු සති කිහිපයකින් ඔවුන් ආපසු පලවා හරින ලදී. පෘතුගිසීන් කොට්ටේ සහ සීතාවක බලයේ සිටි නමුදු කන්ද උඩරට අල්ලා ගැනීමට කීප විටකදී කරන ලද උත්සාහයක් ව්‍යර්ථ විය.
1597 දී පෘතුගිසීන් ගාල්ල ශක්තිමත් කිරීම ආරම්භ කළහ. 1597 මැයි 27 දොන් ජුවන් ධර්මපාල රජු රාජ්‍යයට උරුමක් කාරයෙකු නොමැතිවම කොළඹ දී මිය ගියේය. ඔහුගේ අන්තිම කැමැත්ත අනුව ඔහුගේ රාජධානිය පෘතුගාලයේ රජුට පරිත්‍යාග කර තිබුණි. ඒ අනුව පෘතුගාලයේ 1 වැනි පිලිප් රජු බවට ප්‍රකාශයට පත්වුණි. මෙසේ කොට්ටේ රාජධානිය සම්පුර්ණයෙන්ම පෘතුගිසි පාලනයට යටත්විය. එහෙත් කන්ද උඩරට රාජධානිය පමණක් පෘතුගිසින්ට යටත් නෙවී පැවතුනි. පෘතුගිසින් යටත් විජිත පාලනයෙන් පළමු හානිය සිදු වුයේ ස්වදේශිය ආගම් වලටයි. විහාර , කොවිල්, පන්සල් විනාශ කරනු ලැබින. ගාල්ලේ සහ ත්‍රිකුණාමලයේ ප්‍රධාන ශිව කෝවිල් බිමට සමතලා කොට ඒවායේ සුන්බුන් එම ප්‍ර‍ෙද්ශයේම ඉදිකළ පෘතුගිසි බලකොටු ගොඩනැංවීමට යොදා ගන්නා ලදී. කොට්ටේ රාජධානිය තුල නොමැරී ඉතිරි වුයේ භික්ෂුන් වහන්සේල‍ා සිව් නමක් පමණි. වෙරළ බඩ තිරුවේ වෙළද ආධිපත්‍ය ලබාසිටි මුස්ලිම් වරුන් මිත්‍යා දෘෂ්ටිකයින් ලෙස සලකා හිරිහැර කළ අතර ඔවුන්ගේ පල්ලි විනාශ කරනු ලැබීය. මේවායේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ජනතාව කන්ද උඩරට හා මධ්‍ය කදුකරයට පලා ගියහ.
මාටින් ලුනර් නව ප්‍රො‍තෙස්තන්ත ව්‍යාපාරයක් ඇරඹීමත් සමග යුරෝපයේ ආගමික යුද්ධ පැන නැගෙද්දී ලාංකිකයෝ ද අසල්වැසි පාලකයන්ගේ උදවු ඇතිව තම රට නිදහස් කර ගැනීමට කටයුතු කරමින් සිටියහ. ලන්දේසිහුද ඔවුන්ගේ හමුදා සහායද ඇතිව ඉදිරියට එමින් දිගුකලක් පැවතුණු සටනක් ආරම්භ කලේ (එක් විදේශ ආධි පත්‍යක් තවත් විදේශ බලාධිකාරයකට) දිවයින මුදා ගැනිම සදහාය. ලන්දේසිහු ජාවා දිවයිනේ බතාමියා නගරයෙන් පැමිණි විගස මඩකලපුවට ගොඩ බැස ඔවුන්ගේ පාලනය ප්‍රදේශයේ පුළුල් කළේය. ඔවුහු උඩරට රජු සමග ලංකාවේ අනාගතය සම්බන්දයෙන් ගිවිසුමක් ඇති කර ගත්හ. “වඩා ‍ෙහාද නිදහස් මත දාරීන්” යැයි සිතනා මහජනතාව ඔවුන්ට සහයෝගය පළකලහ.
_______________________________________________________

ලංකා ඉතිහාසය-බුද්ධාගම අදහන්නන්ට හිරිහැර කිරීම්‍

1505 දී පෘතුග්‍රීසි යටත් විජිතවාදීන් ලංකාවට පැමිණීමෙන් පසු බෞද්ධාගමික කටයුතු ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක් විය. තවදුරටත් කියතොත් පැවති පාලනයට මුහුණ දීමට සිදුවුණු අර්බුද, පෘතුග්‍රීසි මිෂනාරිවරුන්ගේ ක්‍රියාකාරකම් සහ වෙනත් ආපදා සහිත තත්වයන් හේතු කොටගෙන සැදැහැවත් භික්ෂූන් වහන්සේලා දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂිත ස්ථානයකට රහසේ ගෙන ගියහ. එපරිදි දන්ත ධාතුව ඊළඟ රාජධානිය වූ මායා දුන්නේ රජ කළ සීතාවකට ගෙන යනු ලැබිණි. දාඨාධාතුවංශයට අනුව රත්නපුරයට දන්තධාතුව ගෙන ඒමට පළමුව ඈත දකුණේ මුල්ගිරිගල විහාරයට ද ඉන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයට ද ගෙන යනු ලැබීය. අන්තිමට රත්නපුර දෙල්ගමුව විහාරයටත් එතැනින් විමලධර්ම සූරිය රජු විසින් (1592-1603) දැනට තැන්පත් කර තිබෙන මහනුවර දළදා මාළිගයටත් ගෙන එන ලදී.

_________________________________________

යාපනය රාජධානිය ඈඳා ගැනීම

කොළඹ සිටි පෘතුග්‍රීසි නිලධාරීන්ගේ අවධානයට යාපනය රාජධානිය යොමු වූයේ එය රෝමාණු කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම්වලට බාධා පැමිණෙන පරිදි මැදිහත් වීම හේතුවෙනි. මිෂනාරිවරුන්ගේ කාර්යය වී තිබුණේ පෘතුග්‍රීසි වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමයි. එමෙන්ම යාපනය රාජධානිය කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී පාර්ශවය වූ සීතාවක රාජධානියේ උප රජවරුන්ට සහයෝගය දැක්වීම තවත් හේතුවක් විය. කන්ද උඩරට රාජධානිය දකුණු ඉන්දියාවෙන් යුද්ධ ආධාර ලබා ගැනීමේදී හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසද යාපනය රාජධානිය ක්‍රියා කළේය. තවත් කාරණයක් නම් යුද්ධ කටයුතුවලදී උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් උසුලන යාපනය ලන්දේසින්ට රට තුළට පැමිණීමේදී ආරක්ෂාව සලසන ස්ථානයක් වේ යයි පෘතුග්‍රීසීහු කල්පනා කිරීමයි. පෘතුග්‍රීසීන් සමග සියලු සම්බන්ධකම් නතර කළ රජෙකු වූයේ සංකිලි රජුය. (1519-1561). එපමණක් නොව ඔහු ලාභදායී ව්‍යාපාරයක් වූ මුතු කිමිදීමේ කටයුතු යාපනය රජවරුන්ගෙන් අත්පත් කරගැනීම සඳහා ඉන්දියාවෙන් ගෙන ආ පරවා කතෝලිකයින් 600-900 ක් පමණ දෙනා මන්නාරම් දූපතේදී ඝාතනය කළේය.
පළමු චාරිකාව 1560 දොම් කොන්ස්තන්තිනෝ ද බ්‍රැගන්සා යටතේ ක්‍රියාත්මක කළ නමුදු එය අසාර්ථක විය. එහෙත් මන්නාරම් දූපත උදුරා ගැනීමට එය සමත් විය. එහෙත් 1582 වන විට රජු වාර්ෂිකව ඇතුන් 10 ක් හෝ ඒ වෙනුවට මුදල් හෝ කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. 1590 දී අන්ද්‍රෙ ෆර්තාදෝ ද මෙන්ඩොසා යටතේ මෙහෙයවුණු ආක්‍රමණයේදී පුවිරාස පණ්ඩාරම් (1561-65, 1582-91) මරණයට පත් කොට ඔවුන්ගේ අනුග්‍රාහයෙකුවූ එදිරිමාන්නසිංගම් නැමැත්තකු රජකමේ පිහිටුවන ලදී. ඒ කතෝලික මිෂනාරී ක්‍රියාකාරකම්වලට ඉඩදීමත්, ඇතුන් අපනයනය කිරීමේ ඒකාධිකාරිය පෘතුග්‍රීසීන්ට පැවරීමත් යනාදී කොන්දේසිවලට යටත් වීමෙණි. එහෙත් එදිරිමාන්නසිංගම් (1591-1617) එම කොන්දේසි කඩ කළේය. ඒ හැරුණු විට ඔහු නැවත පිහිටවූ කන්ද උඩරට රාජ්‍යයේ විමලධර්මසූරිය (1593-1604) සහ සෙනරත් (1604-1635) රජවරුන්ට පෘතුග්‍රීසීන් සමග සටන් කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ලැබෙන උදව් වලදී ආරක්ෂාව සැපයීමේ කටයුතුද කළේය. එමෙන්ම පෘතුග්‍රීසීන් කුපිත කරවීමකින් තොරව තම රාජ්‍යයේ ස්වාධීනත්වයද රැක ගත්තේය.
1617 දී පරරාජසේකරම්ගේ මරණය හා සමගම දෙවැනි සංකිලි නම් වූ රජකම උරුම නැති පුද්ගලයෙකු, රජකමට උරුමය තිබූ තැනැත්තා මරා දැමීමෙන් පසුව සිහසුනට පත් විය. දෙවැනි සංකිලිට පෘතුග්‍රීසීන් සමග ඇති කර ගත් ගිවිසුම පවත්වා ගෙන යාමට නොහැකි විය. ඔහු යුදමය ආධාර එවන ලෙස තන්ජවුර්නායක්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු මලබාර්හි මුහුදු කොල්ලකරුවන්ට නෙදුන්තිව්හි ප්‍රධාන කඳවුර පාවිච්චි කිරීමට අවසර දුන්නේය. එම කඳවුර පෝක් සමුද්‍ර සන්ධිය හරහා පෘතුග්‍රීසීන්ගේ නැව් ගමනාගමනයට තර්ජනයක් වූ මුරපලක් විය. 1619 ජුනි වන විට සංකිලිට එරෙහිව දියත් වූ යුද චාරිකාවන් දෙකකින් එකක් වූ මුහුදු චාරිකාව මලබාර්වරුන් විසින් ව්‍යර්ත කල අතර පිලිප්පෙද ඔලිවේරා යටතේ ගොඩබිමින් ගිය 5000 ක පමණ පිරිස දෙවැනි සංකිලි පරාජය කළේය. සංකිලි අල්ලා ගෙන ගෝවට ගෙන ගොස් එල්ලා මරනු ලැබීය. ඉතිරිවූ අනිකුත් රාජකීය පවුලේ සාමාජිකයන් සියල්ල ගෝවට රැගෙන ගොස් ඔවුනට පැවිදි වන ලෙස බල කරන ලදී. බොහෝ දෙනෙක් ඊට එකඟ වූහ. මෙසේ කරන ලද්දේ යාපනය රාජ්‍යයට උරුම කියන්නන් වැළැක්වීමේ අදහසිනි. පෘතුග්‍රීසි පාලනයට එරෙහිව කැරළි තුනක් ඇති විය. 1658 දී ලන්දේසීන් යාපනයේ කොටුව අල්ලා ගන්නා තෙක් ගතවූ අවුරුදු 40 ක පමණ කාලය තුළ පෘතුග්‍රීසීහු එවකට දැන සිටි කෝවිල්ද ඒ වන තෙක් රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය ලේඛන එකතු කර තිබු නල්ලූර්හි සරස්වතී මහල් නම් පුස්තකාලයද විනාශ කළහ. අධික බදු බර උසුලාගත නොහැකි වුණු ජනතාවගෙන් කොටසක් ඉන්දියාවේ රාමනාදපුරම් වෙතටද තවත් කොටසක් දකුණේ වන්නි දිස්ත්‍රික්කයටද පලා ගියහ. ජනගහනය අඩු විය. විදේශ වෙළඳාම දහයෙන් එකක් දක්වා අඩු විය. අලි ඇතුන් අපනයනය කර ඒ වෙනුවට ඉන්දියාවේ නොයෙකුත් රාජ්‍යයන්ගෙන් වෙඩිලුණු ලබා ගෙන ඒවා ලිස්බන් වෙත යවන ලදී. මෙහිදී යාපනය රාජ්‍යයට ආනයන ද්‍රව්‍ය සඳහා ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් එම කටයුතු නවතා දමන ලදී. ෆර්නාඩ් ද ක්වේරෝස් නැමති ප්‍රධාන පෘතුග්‍රීසි ඉතිහාස ලේඛකයා "යාපනයේ ජනතාව පෘතුග්‍රීසි යටත් විජිත යුගයේදී අනන්ත දුක්ඛිත තත්වයට පත් වී සිටියහ." යනුවෙන් ලියා තිබුණේය.
_______________________________________________________

උඩරට යුද මෙහෙයුම සහ බදුල්ලේ දී පරාජය වීම

1598 දී පාතුග්‍රීසීහු ඇත්ගාලතොට අල්ලා ගත්හ. එය මහඔයෙහි එතෙර මෙතෙර වීම පාලනය කළ ස්ථානයයි. 1599 දී මැණික් කඩවර ශක්තිමත් බලකොටුවක් ගොඩ නංවන ලදී. මෙම ස්ථානය උඩරට රාජ්‍යයේ මායිමේ පිහිටියේය.
1602 මැයි 31 වෙනි දින පළමු ලන්දේසි කණ්ඩායම ලංකාවට පැමිණියහ. ඔව්හු මඩකලපුවේ නැංගුරම් ලෑහ. මඩකලපුව පෘතුග්‍රීසීන්ට කෙදිනකවත් අයිති කරගත නොහැකි වූ වරායකි. ලන්දේසීහු ලංකාවේ අධිරාජයා සහ මහනුවර රජු වූ 1 වැනි විමලධර්මසූරිය සමග පෘතුග්‍රීසීන්ට එරෙහිව මිත්‍ර සබඳතා ගොඩ නගා ගත්හ.
1603 ජනවාරියේදී දොන් ජොරනිමෝ ද අසවේදු ගනේතැන්න කොටුව සහ අත්හැර දමන ලද බලන කොටුව ද අල්ලා ගත්තේය. බලන, මහනුවර රාජධානියේ ඉතා වැදගත් ස්ථානයකි. කීප දිනකට පසු ඔවුනට පසු බැසීමට කරුණු සිදු විය. ඔවුනට මැණික් කඩවර ද අහිමි විය. 1611 දී අසවේදු, පෘතුග්‍රීසි භටයින් 700 ක්ද, ලස්කිරිඤ්ඤ භටයින් විශාල සංඛ්‍යාවක් ද, රැගෙන නුවර බලා ගමන් කළේය. ඒ යන ගමනේදී බලන කොටුවද අත්පත් කර ගෙන භට හමුදාවක් ද එහි නතර කළේය. ඔහු මහනුවර නගරය අල්ලා ගෙන එය ගිනි බත් කළේය. මහනුවර සෙනරත් රජු රට අභ්‍යන්තරයට පලා ගියේය. යටත් නොවුණු නමුදු මහනුවර රාජ්‍යය තාවකාලිකව අරාජික විය.
1624 දී පෘතුග්‍රීසීහු ත්‍රිකුණාමලය අල්ලා ගෙන එය ශක්තිමත් කළහ. 1628 දී දොන් කොන්ස්තන්තිනෝද සා මැණික් කඩවර ශක්තිමත් කර රට හරහා ගොස් මඩකලපුව අල්ලා ගෙන එයද ශක්තිමත් කළේය. ඔහු කොළඹ දක්වා ආපසු ගමන් කිරීමේදී මහනුවරට ද කඩා වැදුණේය. 1629 දී ඌව (දැනට බදුල්ල) විනාශ කරන ලදී.
1630 දී දොම් කොන්ස්තන්තීනු ද සා, විසුරේ ගේ බල කිරීම මත සෙනරත් රජුට එරෙහිව ඔහුගේ අගනුවර ආක්‍රමණය කිරීම සඳහා යාමට තීරණය කළේය. 1630 අගෝස්තු 9 දින පෘතුග්‍රීසි සොල්දාදුවන් 400 ක්ද, විවාහක 200 ක්ද, 4400 ක් වූ ලස්කිරිඤ්ඤ භටයින්ද සබරගමුවේ සිට (රත්නපුර අසල) ඌවට කැලෑ මැදින් ගමන් ආරම්භ කළහ. 1630 අගෝස්තු 18 වෙනි දින පෘතුග්‍රීසීහු බදුල්ලට ඇතුළු වූහ. ඔවුන් එන විට නගරය පාළු වී තිබුණි. ඔව්හු දින දෙකක් නගරය කොල්ල කෑහ. ගිණි තැබූහ. 1630 අගෝස්තු 21 වෙනි දින පෘතුග්‍රීසීහු කොළඹ බලා ආපසු ගමන් ආරම්භ කළ නමුත් වැල්ලවායේදී සිංහල හමුදා ප්‍රහාරයකට ලක් වූහ. බොහෝ ලස්කිරිඤ්ඤ භටයෝ පෘතුග්‍රීසීන් පාවා දුන්හ. පක්ෂපාතීව සිටියේ 500 ක් පමණි. අනෙකුත් අය සතුරාට එක් වූහ. උඩරට රජුට මෙය විශාල ජයග්‍රහණයක් විය. මෙම පෘතුග්‍රීසි ආක්‍රමණයේදී දිවි ගැලවුණේ 130 දෙනෙකුගේ පමණී. ඔව්හු යටත් වූහ. කපිතාන් ජොරනිමෝ ද අසවේදු අල්ලා ගනු ලැබ ඔහුගේ හිස ගසා දමනු ලැබීය. ඔහුගේ හිස (පසුව දෙවැනි රාජසිංහ නමින් රජ වූ ) මහාස්ථාන කුමරු විසින් රැගෙන ගොස් සෙනරත් රජුට පෙන්වා සිටියේය.
මෙම පරාජය පෘතුග්‍රීසි ලංකාව අනතුරුදායක තත්වයකට පත් කළේය. මෙම ජයග්‍රහණයෙන් පසු සබරගමුව බලකොටුව අල්ලා ගෙන කොළඹ නගරය වට කළේය. එහෙත් මාස තුනක් වටලා සිටීමෙන් පසුව නැවත ඔවුනට පසු බැසීමට සලස්වන ලදී.

 


 


 


 


 


 

ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
-----------------------------------------------------------------------------------

දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය

 මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංඛඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

--------------------------------------------------------------

දළදා මාළිගයේ ඉතිහාසය

                    මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි.ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

--------------------------------------------------------------

දියවඩන නිළමේ තනතුර

                    පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ සම්බන්ධයෙන් දාතූවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "දාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහාරයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.

 

දියවඩන නිළමේවරු වර්ෂය
කපුවත්තේ අධිකාරම් නිළමේතුමා 1814-1824
දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා 1825-1827
කුඩා මොල්ලිගොඩ නිළමේතුමා 1827-1828
කුඩා දෙහිගම නිළමේතුමා 1828-1835
මුල්ලේගම අධිකාරම් නිළමේතුමා 1835-1842
දුල්ලැව අධිකාරම් නිළමේතුමා 1842-1848
.ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා 1848-1862
.කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා 1862-1882
කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා 1882-1897
සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා 1897-1901
කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා 1901-1916
පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා 1916-1937
ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා 1937-1947
කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා 1947-1961
හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා 1961-1964
හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා 1964-1974
ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා 1975-1985
නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා 1985-2005
ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා 2005 සිට

 

-------------------------------------------------------------- සිව් මහා දේවාල

            දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

නාථ දේවාල

දළඳා පුද බිමේ ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.

  

ශ්‍රි විෂ්ණු දේවාල

පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.

       

ශ්‍රි කතරගම දේවාල

14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.

ශ්‍රි පත්තිනි දේවාල

දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.
-----------------------------------------------------------------------------------

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

                      සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

--------------------------------------------------------------

දළඳා මාළිගාවේ ඇත් පන්තිය

         

  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

--------------------------------------------------------------

කෞතුකාගාරය

      

දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ.එහි පහත කෞතුක වස්තු තැම්පත් කර ඇත.
Kandy-llibresagrat2.jpg
Rightt
  1. සමාදි පිළිමය
  2. පැරණි ධාතු කරඬුව
  3. සිරි පතුල
  4. රිදි කලය
  5. කැටයම් කරනලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ
මෙම නගරයේ ශ්‍රී ධාතු මන්දිරය,මල්වතු අස්ගිරි උභය මහා විහාරය විෂ්ණු , කතරගම, පත්තිනි.නාථ යන දේවාල හා කිරි සයුර නම් මහනුවර වැව හේතුවෙන් ලෝක උරැම නගරයක් බයට පත්ව ඇත.

 

යාපහුව බලකොටුව


ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් ආරක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි ඵලවන්නේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විස්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී. එය ලංකාවේ සිව්වන රාජධානියයි.
 _______________________________________________________

භූභෞතික පසුබිම

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි යාපහුව පැරණි නගරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ උස්වූ සමබිමේ සිට අඩි 400 ක් ඉහළට නැගෙන පාෂාණ උන්නතයක් ආශ්‍රිතවයි. සමබිමෙන් අඩි 400 ට කනාවැඩි උසකට නැගෙන කදුවැටි මෙම කලාපයේ දුලබ වශයෙන් දක්නට ලැබෙන අතර මොනරකන්ද, දියටැඹේ. යාපහුව වැනි කදුගැට කිහිපයක් එකී උස පරයා නැගේ. යාපහු පෙදෙස වී ගොවිතැන සඳහා හිතකර වන්නා වූ රතු-දුඹුරු පසෙන් සහ නොමේරූ දුඹුරු ලොම් පසෙන් යුත් පස් සැකැස්මකින් යුතුවේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂපතනය මිලිමීටර 1500-2000 ත් අතර වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 25.0-27.5 ත් අතර වේ.

_________________________________________

ඓතිහාසික පසුබිම

මෙකල යාපහුව නමින් දන්නා පව්වෙහි පැරණි නම අප්‍රකටය. යාපහුව පිළිබඳ මුලින්ම අසන්නට ලැබෙනුයේ සුභ නම් සෙනවියා විසින් 13 වන සියවසේ මුල් භාගයේ පැවති කාළිංග මාඝගේ අවිචාරවත් පාලන සමයේ දී ප්‍රදේශ ආරක්ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා එහි විසීම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවේදීත් මීට පසු අවස්ථා කිහිපයකදීත් මෙම පර්වතය හදුන්වනු වස් යාපව්ව, යාපව්ගල යන නම් වංශකතාවල යෙදී තිබේ. සිංහල බෝධිවංසය යාපහුව විෂයෙහි 'සුන්දරගිරි පව්ව' යන නම ආරෝපණය කොට තිබේ. සුභ සෙනවියා විසින් සිය වාසය සඳහා තෝරා ගැනීමෙන් ඉක්බිති මෙම පව්ව සුභවාල, සුභගිරි යන නම් වලින් ද හැදින්වූ බව පෙනේ. දළදා පූජාවලියේ මෙම පව්ව හදුන්වනු වස් අයෝපබ්බත යන්න යොදයි. යාපහුව පුරාස්ථානය සහ තදාසන්න ප්‍රදේශය පිළිබඳ ඉපැරණිම පුරා විද්‍යාත්මක සාධක ප්‍රාග් ඓතිහාසික සමය දක්වා දිවේ. යාපහු පර්වත මස්තකයෙන් ද පර්වත බෑවුමේ ඇති ලෙනකින් ද අවට ප්‍රදේශයෙන් ද ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක අනාවරණය කෙරේ. මෙම සාධක අතරට භාවිතකළ සහ නොකළ තිරුවානා වටගල්, භාවිතකළ රත්හිරියල්, කහඳ හා තිරුවානා අපද්‍රව්‍ය සහ දුලබ තිරුවානා ගල් අයත්ය. දඹදෙණියේ රජකල හතරවන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයටපත් පළමු බුවනෙකබාහු රජුද රාජ්‍යත්වයෙන් පසු වසර කිහිපයක් දඹදෙණියේ වාසයකොට පසුව යාපහුවට පැමින එහි සෞභාග්‍යයෙන් බබලන අතිශය සංකීර්ණ වූ රාජධානියක් කරවීය. පළමු බුවනෙකබාහු රාජ්‍යකාලය වසර 12 කට සීමා වේ. ඔහු රාජ්‍යත්වයට පැමින වසර කිහිපයක් අවසන් දඹදෙණි පාලකයා ලෙස දඹදෙණි නුවරද ගතකල හෙයින් බුවනෙකබාහු රටේ අගරජ ලෙස යාපහුවෙහි කොපමන කලක් ගතකලේ දැයි අපහැදිලිය. යාපහුව දිවයිනේ අගනගරය ලෙස පැවති කෙටි කාලසීමාව රටේ අගනගරය ලෙස පැවති ස්ථාන අතරින් දෙවැනි වන්නේ නම් ඒ දැදිගම රාජධානියට පමණි. එසේ වුවද අගනගරයක් වශයෙන් යාපහුවේ ශේෂව ඇත්තා වූ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන්හි ප්‍රමාණය දෙවැනි වන්නේ අනුරාධපුරය, පොළොන්නනරුව, සීගිරිය සහ ඇතැම් විටෙක මහනුවරට පමණි. ආරක්‍ෂිත බලකොටුවක් වශයෙන් ඇති වැදගත්කම අතින් යාපහුව දෙවැනි වන්නේ සීගිරියට පමණකැයි පරණවිතාන පවසයි.

__________________________________________

පුරාවිද්‍යාත්මක අවශේෂ

සීගිරිය හැරුණුවිට දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වූ බලකොටුව යාපහුව බවට විවාදයක් නැත. උතුරු, නැගෙනහිර සහ බටහිර පාර්ශවයෙන් තරණයකල නොහැකි ප්‍රපාතාකාර පර්වතයක් වූ යාපහුවේ පර්වත මස්තකයට පිවිසිය හැකි පැරණි මග පර්වතයෙහි දකුණු පසින් පිහිටා තිබේ. පර්වත මස්තකයට පිවිසිය හැකි ප්‍රපාතාකාර නොවන පර්වතයේ දකුණු පාර්ශවයේ ආරක්ෂක සංවිධාන කෘත්‍රිම උපාය මාර්ග සැළසීමෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය විය. එකී අරමුණ ශාක්ෂාත් කරගනු පිණිස පර්වතයේ දකුණින් වූ සම බිම පවුරු සහ දිය අගල් වලින් පිරිකෙව් කර ඉන් අනතුරුව පුවනෙකබාහු රජු යාපහුව රාජධානිය ගොඩනගන්නට ඇත. දිය අගල් දෙකකින් සහ ප්‍රාකාර දෙකකින් ආරක්ෂිත වූ ඇතුල් නගරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් වී යැයි සිතිය හැකි ගොඩනැගිලි ගණනාවකින් ද විසිතුරු සෝපානයකින් ද සමන්විත වේ. පර්වත මස්තකයේ රජ මාළිගය සහ තවත් ගොඩනැගිලි ද පනාබැමි සහ පොකුණු ඇතුලු ඉදිකිරීම් ද තිබී ඇත. එදා පළමු බුවනෙකබාහු රජු සමයේකළ ඒ විශ්මිත නිමැවුම්වල අද අපිට දක්නට ඇත්තේ නෂ්ටාවශේෂ පමණි. 

 පිට නගරය:-පිට දිය අගල සහ පිටනගර ප්‍රාකාරයත් පිට නගරයට සම්බන්ධ ද්වාර මණ්ඩපයත් පිටනගර ප්‍රාකාරයේ සිට ඇතුල් නගර අගල දක්වා වු බිම් ප්‍රදේශයත් පිට නගරය සේ සැලකේ. වපසරිය අතින් පිට නගරයට වඩා ඇතුල් නගරය කිහිපගුණයකින්ම විශාල මුත් මෙම බිම් ප්‍රදේශය තුල පැහැදිලි ගොඩනැගිලි කිසිවක් හදුනාගත නොහැකිය. නමුත් ඇතුල් නගරයේ බටහිර දොරටුවේ සිට මීටර 22 ක් පමණ බටහිර දෙසින් වූ ගල් තලාවක කොටා ඇති පියගැට 03 පිට නගරයට අයත් ගොඩනැගිල්ලක් පිළිබඳ අනුමාන සහගත වූ එකම පුරාවිද්‍යාත්මක සාධකය වේ. මීට අමතරව ඇතුල් නගරයේ දක්නට නොලැබෙන පොකුණු කිහිපයක් පිට නගරයේ දක්නට ලැබෙන බැවින් පිට නගර ප්‍රදේශය රජ මාළිගයක අවශ්‍ය අංගයක් ලෙස සලකන ලද්දාවූත් එහෙත් යාපහුවේ හදුනාගත නොහෙන 'රාජකීය උද්‍යානය' ද යන්න පිළිබඳ පුරාවිද්‍යාඥයින් තුළ සැකයක් මතු වී ඇත.  

 

පිට දිය අගල:-පර්වතයට දකුණින් පර්වත පාදස්ථානයේ පිහිටි ඇතුල් නගරයත් ඒ වටා පිහිටි පිට නගරයත් ඇතුලත් බිම් ප්‍රදේශය පිරිකෙව් වන පරිදි පිට නගර ප්‍රාකාරයත් එහට පිටතින් පිට දිය අගලත් ගොඩනගා තිබේ. දිය අගලෙහි දෙපස යාපහු පර්වතය හා වැදී කෙළවර වේ. අශ්ව ලාඩමක හැඩයට කිලෝමීටරයකට අධික දුරක් ගමන් ගන්නා පිටත දිය අගල මෙකල පුළුලින් මීටර 18 ක් ද ගැඹුරින් මීටර 03 ක් ද වෙයි.

 

පිට ප්‍රාකාරය:-පිට දිය අගලට ඇතුලතින් පිහිටි පිට නගර ප්‍රාකාරය දිය අගල ගමන් ගන්නා සමස්ථ දුර ප්‍රමාණය ඊට සමාන්තරව ගමන් ගනී. ප්‍රාකාරය මැනවින් ශේෂිත ස්ථානයන් හි උපරිම උස මීටර 04 ක් පමණ ද පළල මීටර 22 ක් පමණ ද වේ. මෙහි පහළ කොටස ගල් කුට්ටිවලින් තනා ඉහළ කොටස ගඩොලින් ඉදිකර ඇති බවට සාධක කිහිප ස්ථානයක දක්නා ලැබේ. පිට නගරය මධ්‍යයෙන් ඇතුල් නගරයට ප්‍රවේශවීම සඳහා දොරටු 03 කි. මින් වඩා සිත්ගන්නා සුළු වනුයේත් වඩා වැඩි ආයාසයකින් තනා ඇත්තේත් දකුණු දොරටුවයි. ද්වාර මණ්ඩපයට ගොඩවීමටත් බැසීමටත් පියගැට 16 ක් සහිත මෙම දොරටුව පාගමනින් යන්නන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නට ඇතැයි සිතිය හැකි අතර එය මෙහි ප්‍රධාන දොරටුව වන්නට ඇත.

 

පියගැට පෙළ සහ ගල් කෙමිය:-ඇතුල් නගර පව්වේ බටහිර දොරටුවේ සිට මීටර 22 ක් පමණ බටහිර දෙසින් ඇති ගල් තලාවක් මත ගලෙහිකෙටූ පියගැට 03 කි. මෙම පියගැට පෙළට මීටර 06 ක් නැගෙනහිරින් ස්වභාවික ගල් කෙමියක් ඇති අතර එහි ඉවුරු සක්කා ගලින් බැද තිබූ බවට සාක්ෂි දක්නට ඇත.

 

ඇතුල් නගරය:-ඇතුල් නගරයේ සීමාවන් ලෙස යෙදෙන ඇතුල් නගර ප්‍රාකාරයත් දිය අගලත් පිට දිය අගල සහ පවුර මෙන් ම අශ්ව ලාඩමක හැඩති සැලැස්මකින් යුතුව ගමන් ගනී. ඇතුල් නගර පව්වෙහි සහ දිය අගලෙහි එක් අන්තයක් පුරාවිද්‍යා කෞතුකාගාරය පිටුපසින් පර්වතයට සම්බන්ධවන අතර අනෙක් අන්තය යාපහු පර්වතයේ දකුණු පසට ඇති නෙරුමට පහළින් පර්වතය හා සම්බන්ධ වේ. යාපහු නගරයට අයත් කැපීපෙනෙන ස්මාරක අතරින් බහුතරය දක්නා ලැබෙන්නේ ඇතුල් නගරය තුළයි.

 

ඇතුල් අගල:-ඇතුල් නගරයේ බාහිර සීමාව ලෙස යෙදෙන ඇතුල් දිය අගලේ පළල තැනින් තැනට වෙනස්වන අතර එය දළ වශයෙන් මීටර 14 ක් පමණ ද දැන් ඇති ගැඹුර 1.7 ක් පමණ ද වේ. ඇතුල් දිය අගලේ සමස්ථ දිග ප්‍රමාණය මීටර 330 කි.

 

ඇතුල් පවුර:-ඇතුල් දිය අගලත් සමගම ඊට ඇතුලතින් දිවෙන ඇතුල් පවුර මනාසේ සැකසුන ගලින් නිමි චිත්තාකර්ෂණීයවූත් චාම්වූත් නිමැවුමකි. භූ විෂමතාවට අනුරූපීව උසින් විෂම වන මෙම පවුරේ උසම ස්ථානය මීටර් 03 කි. පවුර මුදුනෙහි බොකු පියස්සක හැඩයට නෙලූ තෙප්පි ගල් පෙළක් යොදා තිබේ. පවුර ඔස්සේ ඇතුල් නගරයට පිවිසීමට දොරටු දෙකකි. ඇතුල් නගරයේ එක්රැස්වන ජලය ඇතුල් පවුර තුළින් ඇතුල් දිය අගල කරා බැස්සීමට ඉවහල් වූ ගලින් කල සොරොව් දෙකක් ද මේ පවුරේ දක්නට හැකිය. ප්‍රාකාරයේ සම්පූර්ණ දිග මීටර 440 ක් පමණ වේ.

සභා ශාලාව:-දළදා මාළිගාවට පිවිසෙන විසිතුරු පියගැට පෙළෙහි ආරම්භක පියගැට පංතිය ආරම්භ වන තැන සමබිමේ ඇති සිව්රැස් සැලැස්මෙන් යුත් ගොඩනැගිල්ල සභා ශාලාව නමින් හැදින්වේ. ඊසාන-නිරිත අතට මීටර 17.7 ක් ද වයඹ-ගිනිකොන දෙසට මීටර 11.9 ක් ද බැගින් දිග පළල වූ මෙම ගොඩනැගිල්ලට පිවිසෙනු සඳහා පියගැට පංති 03 ක් එහි ගිනිකොන,වයඹ සහ නිරිත දිසාවන්ගෙන් වේ.

 

රජ මාළිගය:-සැලැස්මෙන් සිවුරැස් වූ මෙම ගොඩනැගිල්ල රජ මාළිගය බැව් සාමාන්‍ය පිළිගැනීම වුවත් මෙය සහතික කරවනු වස් කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධකයක් හමුනොවේ. දිගු පුළුලින් මීටර් 26.7 ක් බැගින්වන මෙම ගොඩනැගිල්ල ගඩොළුමය ඉවුරෙන් යුත් සිවුරැස් වේදිකාවක් ලෙස දිස් වේ.

 

ගොඩනැගිලි:-ඇතුල් නගරයේ ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි 03 ක නටඹුන් දක්නට හැකිය. 'සභාශාලාව' නමින් හැදින්වෙන ගොඩනැගිල්ලට බටහිර දෙසින් පිහිටි ආයත චතුරඝ්‍රාකාර පෙනුමෙන්යුත් ගොඩනැගිල්ලක්වන මෙහි අපේක්ෂිත අරමුණ අපහැදිලිය. පැරණි වීථියේ එක් පාර්ශවයක ඇති මෙම ගොඩනැගිල්ල මීටර 66.3 ක් දිගුවන මුත් පළල මීටර 6.6 කි. මෙම ගොඩනැගිල්ලට යාබදව වීථියේ අනෙක් පාර්ශවයේ තවත් එවැනිම ගොඩනැගිල්ලක් වෙයි. දිගින් මීටර් 70 ක් වන මෙය වීථියට විරුද්ධ දිශාවෙන් පර්වතයට මළුවක ආකාරයෙන් සම්බන්ධවන බැවින් බිත්තියක් නොදක්නා ලැබේ. අනෙක් ගොඩනැගිල්ල දළදා මාළිගය නම් ගොඩනැගිල්ල අසල පිහිටා ඇත.

 

ද්වාර මණ්ඩපය සහිත විසිතුරු පියගැට පෙළ:-යාපහුවේ ඇති වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක අංග සියල්ල 'දළදා මාළිගය' නමින් හැදින්වෙන ගොඩනැගිල්ල සහිත මළුවට පිවිසෙනු සඳහා වූ පියගැට පෙළත් එහි ඉහළ අන්තයේ වූ ද්වාර මණ්පයත් අලංකාරවත් කිරීම මූලික අභිප්‍රාය කොට ගත්තේ වේ. මෙය කෙතරම් විස්තීරණ නිමැවුමක් ද යත් මේ විසිතුරු පියගැට පංතියේ ස්වරූපය විස්තර කිරීම පවා අසීරුය. ගලින්කළ වාමනරූප, නලඟනන්ගේ රූප, කාන්තා රූප, දොරටුපාල රූප, පුන්කලස්, ලියවැල්, කොරවක් ගල්, කූඩ්‍ය ස්ථම්භ, කිඹිහි මුහුණ සහිත තොරණ, ගජසිංහ කොරවක් ගල්, නටන වයන රූප ආදියෙන් සුසැදි පියගැට පෙළ යාපහුවේ විස්මිත නිමැවුම් වන අතර දෙපසෙහි අල්වැල මත නිමවූ 'සිංහ මූර්ති' යුගලය එහි වටිනාකම තවත් වැඩි කරවන්නකි. ( විසිතුරු පියගැට පෙළෙහි ඇති මෙම සිංහ මූර්ති දෙක අතරින් නැගෙනහිර පාර්ශවයේ අත්වැල මත වන සිංහ රුව සම්පූර්ණයෙන්ම නිමකර ඇති අතර දකුණු පාර්ශවයේ සිංහ මූර්තිය සම්පූර්ණ වශයෙන් ඉදිකර නැත.) මීට අමතරව ද්වාර මණ්ඩපයේ උළුවස්සත්, ත්‍රිත්ව කුළුණු සහ මකර තොරණත් යාපහුවේ වාස්තු විද්‍යාව සහ කලාව ලොවට හඩගා කියන්නක් වෙයි.

 

දළදා මාළිගය:-ද්වාර මණ්ඩපය ඔස්සේ කුඩා සම බිමට පිවිසෙන්නා අභිමුඛ වනුයේ බටහිර-නැගෙනහිර අතට මීටර 30 ක් ද උතුරු-දකුණු අතට මීටර 17.1 ක් ද වන ගඩොළුමය ගොඩනැගිල්ලක් වෙතටයි. දළදා මාළිගය සේ සැලකෙන මෙහි ඉදිරි බිත්තියේ මීටර 3.4 ක් ඉදිරියට ප්‍රක්ෂේපනය වන කොටසින් ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමට පියගැට පේළි දෙකකි.

 

දළදා මාළිගය:-ද්වාර මණ්ඩපය ඔස්සේ කුඩා සම බිමට පිවිසෙන්නා අභිමුඛ වනුයේ බටහිර-නැගෙනහිර අතට මීටර 30 ක් ද උතුරු-දකුණු අතට මීටර 17.1 ක් ද වන ගඩොළුමය ගොඩනැගිල්ලක් වෙතටයි. දළදා මාළිගය සේ සැලකෙන මෙහි ඉදිරි බිත්තියේ මීටර 3.4 ක් ඉදිරියට ප්‍රක්ෂේපනය වන කොටසින් ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමට පියගැට පේළි දෙකකි.

 

පර්වත මස්තකයේ නටඹුන්:-පර්වත මස්තකයේ ඇති ඉපැරණි පුරාවිද්‍යාත්මක සාධක වශයෙන් සැලකිය හැක්කේ විශ්වසනීයත්වය සැක සහිත ප්‍රාග් ඓතිහාසික සාධක ස්වල්පයකුත් ක්‍රිස්තු පූර්ව අවසන් සහශ්‍රකයට හෝ ක්‍රිස්තු වර්ෂාරම්භ මුල් සියවස් දෙක තුනට හෝ නිසැක ලෙස දින නියමකළ හැකි කාල රක්ත වර්ණ මැටි බදුන් වලින් හෙලිවන ජනාවාස සාධකත්ය. මේ හැරුනුවිට අක්කර 05 ක් පමණ වන පර්වත මස්තකයෙහි 13,14 වන සියවස් වල ඉදිකලා යැයි සිතිය හැකි පොකුණු සහ පනාබැමි ඇතුළු ඉදිකිරීම් 32 ක් හදුනාගෙන තිබේ. ඇතැම් තැනක ගොඩනැගිලි ඉදිකිරීමට යෝග්‍යවන පරිදි විෂම බිම් පනාබැමි මගින් සමකොට තිබේ. මෙම ගොඩනැගිලි අතරින් විශාලම ගොඩනැගිල්ල වන රජ මාළිගයත් තවත් ගොඩනැගිලි කිහිපයකුත් හැරුනුවිට බොහෝ ගොඩනැගිලිවල අපේක්‍ෂිත අර්ථය මෙකල අපහැදිලිය. පර්වත මස්තකයට ගමන්කල මාර්ගයට අයත් බැව් බොහෝ විට නිසැක සෝපාන පංතියක අවශේෂ පර්වතයේ දකුණු බෑවුමේ කඩින් කඩ දක්නට හැකිය. පර්වත මස්තකයේ විවිධ ප්‍රමාණයෙන් යුත් ස්වභාවික ගල්කෙමි 05 ක් දක්නට හැකි අතර ඉන් සමහරක් ඉවුරු බැද පොකුණු බවට පත්කර ඇත. ප්‍රමාණයෙන් සහ ගණනින්ද වෙනස් කුඩුම්බි සිදුරු සහ ඒහා බැඳි අත්තිවාරම් කාණු සහිත ස්ථාන 03 ක් ද පර්වත මස්තකයේ ඇති අතර කුඩුම්බි සිදුරු පමණක් හමුවන ස්ථාන 02 කි. පිහිටි ගලේ කෙටු කාණුවක් මෙන්ම වෘත්තාකාර පාදම් යුගලයක් ද පර්වත මස්තකයේ නටඹුන් අතර වේ. මීට අමතරව පොකුණු 02 ක් සහ මල්විලක් ද පර්වත මස්තකයේ දැකිය හැකිය. පර්වත මස්තකයේ නටඹුන් අතර විවිධ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් යුත් පනා බැමි 06 ක් ද වේ. මේ හැරුණුවිට ගොඩනැගිලි කිහිපයක නටඹුන් දැකියහැකි පර්වත මස්තකයේ මුර කුටියක නටඹුන් ද ඇත. තවද පර්වත මස්තකයේ උසම ස්ථානයට වන්නට ඇති ස්ථූපයත් ඊට නුදුරුව ඇති බෝධිඝරයත් පර්වත මස්තකයේ නටඹුන් අතර ශේෂව පවතී.

 

ලෙන් සංකීර්ණය:-යාපහුව පර්වතය ආශ්‍රිත ලෙන් 40 ක් පමණ දක්නා ලැබෙන අතර ඉන් ලෙන් 25 ක් පමණ කටාරම් කොටා සකසන ලද ඒවායි. මෙම ලෙන් පර්වතය ආශ්‍රිතව පැවති ආරාම සංකීර්ණයක් පිළිබඳ සාධක සපයයි. මෙම ලෙන් අතරින් ලෙන් 03 ක පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි දක්නා ලැබෙන අතර ක්‍රිස්තුවර්ෂාරම්භයේ හෝ ක්‍රිස්තුවර්ෂයට සුළු කළකට පෙරාතුවප පටන්ම මෙම ලෙන් සංඝාවාසයක් ලෙස උපයෝගී කොටගත් බව පෙනේ. කටාරම් නොකෙටූ ස්වභාවික ලෙන් අතරින් ඇතැමක් වාසස්ථාන ලෙස යොදාගත් බවට සාධක වෙයි. ඇතැම් ලෙන් ඇසුරේ ප්‍රාග් ඓතිහාසික යුගය නියෝජනය කරන්නා වූ සාධක ද හමුවන හෙයින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙම ලෙන් මානව ක්‍රියාකාරකම් වලට හසුවී ඇති බව පෙනේ. පර්වතයේ උතුරු, නැගෙනහිර සහ දකුණු බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව ලෙන්වල බහුල ව්‍යාප්තියක් දක්නා ලැබේ. විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් මෙම ලෙන් 40 අතරින් විශාලම ලෙනේ දිග මීටර 30 ක් ද ගැඹුර මීටර 08 ක් ද උස මීටර 30 ක් ද වේ.