සිංහලේ රාජාවලිය

 

පූර්ව යුගය

මනු රාජ වංශය

මෙම රාජවංශය දඹදිව රාජ වංශයක් බව සමහර වංශකථා පවසයි. හෙල හවුල පවසන්නේ මෙය ලක්දිව මුල් රාජවංශය බවයි.

 මඛාදේව රාජ වංශය

තාරක රජ සුරපද්ම රජ සහ සිංහමුඛ රජ
 ලංකාපුර යුගය

යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය

  
දේව රාජධානිය

නාග රාජධානිය

නාග රාජධානිය - වඩුන්නාගල නගරය

නාග රාජධානිය - මණි නාග දීපය

නාග රාජධානිය - කැළණි නගරය



     තම්මන්නාව - උපතිස්සනුවර - විජිතපුර යුගය (ක්‍රි.පූ. 544 සිට ක්‍රි.පූ. 437 දක්වා)







නාමය කාලය පාලන කාලය (අවුරුදු) සටහන්
විජය රජ ක්‍රි.පූ. 543-505 38 කාලිංඝ දේශයේ සිට පැමිණ ක්‍රමන්ත්‍රණයකින් රජවූ ආක්‍රමණිකයෙකි තම්මැන්නා නුවර රජකම් කළේය.
උපතිස්ස රජ 505-504 1 අගනුවර-උපතිස්ස නුවර.
පඬුවස්දෙව් රජ 504-474 30 ඉන්දියාවේ සිට පැමිණි විජය රජුගේ ඥාතියෙකි.
අභය රජ 474-454 20 මිය යාමට පෙර රජකම සහෝදරයින්ට පැවරීය.
තිස්ස කුමරු 454 -
(පණ්ඩුවාසදේව රජගේ 2වන පුත්) රාජාභිෂේක නොවී. රාජ්‍යය පාලනය කිරීම










අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 437 සිට ක්‍රි.ව. 1029 දක්වා)

 

අනුරාධපුර පණ්ඩුකාභය රාජ වංශ යුගය 1


අනුරාධපුර චෝල යුගය

අනුරාධපුර චෝල යුගය - රජරට රාජධානිය

අනුරාධපුර චෝල යුගය - මායා (කැළණි) රාජධානිය

අනුරාධපුර චෝල යුගය - රුහුණු රාජධානිය

අනුරාධපුර පණ්ඩුකාභය රාජවංශ යුගය 2 - සිංහලේ රාජධානිය

  • ආක්‍රමණක පංච ද්‍රවිඩයන් (පුලහත්ථ, බාහිය ,පනයමාර,පිළයමාර, දාඨිය)
  • වළගම්බා රජු (යළි රජවීම)
  • මහවුලිතිස්ස
  • චෝරනාග
  • තිස්ස (කුඩාතිස්ස)
  • සිව
  • වටුක
  • දාරුභාතික තිස්ස
  • තිලිය (පුරෝහිත බමුණා)
  • අනුලා රැජින
  • කූඨකණ්ණ තිස්ස
  • භාතික අභය
  • මහාදාථික මහානාග
  • ආමන්ද- ගාමිණී අභය
  • කණිරජානු තිස්ස
  • චූලාභය
  • සීවලී රැජින
-- අරාජික සමය --
  • ඉලනාග
  • චණ්ඩමුඛසීව
  • යසලාලක තිස්ස

සුබ රජ

  • සභ (සුභ)

ලම්බකර්ණ රාජ වංශය

  • වසභ රජ
  • වංකනාථතිස්ස
  • ගජබාහුක - ගාමිණී (Iවන ගජබාහු රජ)
  • මහල්ලකනාග
  • භාතික තිස්ස
  • කනිට්ඨතිස්ස
  • බුජ්ජනාග
  • කුංචනාග
  • Iවන සිරිනාග
  • වෝහාරිකතිස්ස (වෙහෙරතිස්ස)
  • අභයනාග
  • IIවන සිරිනාග
  • විජය - කුමාර
  • Iවන සංඝතිස්ස
  • සිරිසංගබෝධි (දැහැමි සිරිසඟබෝ)
  • ගෝඨාභය (ගොළු අබා)
  • Iවන ජෙට්ඨතිස්ස
  • මහාසේන ( මහසෙන්)
  • සිරි මේඝවණ්ණ( කිත්සිරිමෙවන්)
  • IIවන ජෙට්ඨතිස්ස
  • බුද්ධදාස රජ
  • Iවන උපතිස්ස
  • මහානාම
  • වට්ටගාහජන්තු
  • මිත්තසේන (මිත්සෙන්)

 

ෂඩ් ද්‍රවිඩයන්

  • පණ්ඩු
  • පාරින්ද
  • ඛුද්ධ පාරින්ද
  • තිරිතර
  • දාඨිය
  • පීඨිය

මෞර්ය රාජ වංශය

ධාතුසේන රජු
Iවන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය)
මොග්ගල්ලාන (මුගලන්)
කුමාර - ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්)
කිත්තිසේන
සිව
IIවන උපතිස්ස
සීලාකාර අම්බ සාමනේර
දාඨාපභූති (දාපලුසෙන් )
IIවන මොග්ගල්ලාන
කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් )
මහානාග
Iවන අග්ගබෝධි (අක්බෝ)
IIවන අග්ගබෝධි (කුඩා අක්බෝ )
IIවන සංඝතිස්ස
IIIවන මොග්ගල්ලාන
සීලාමේඝවණ්ණ
IIIවන අග්ගබෝධි සිරිසංඝබෝධි
IIවන ජෙට්ඨතිස්ස
IIIවන අග්ගබෝධි (යළි රජවීම)‍
දාඨෝපතිස්ස
IIවන කස්සප
Iවන දප්පුලු
හත්ථදාඨ
IVවන අග්ගබෝධි
දට්ට
IIවන හත්ථදාඨ

ලම්බකර්ණ මානවම්ම රාජ වංශය

මානවම්මරජ
Vවන අග්ගබෝධි
IIIවන කස්සප
Iවන මහින්ද
VIවන අග්ගබෝධි
VIIවන අග්ගබෝධි
IIවන මහින්ද
Iවන උදය
IIIවන මහින්ද
VIIIවන අග්ගබෝධි
IIවන දප්පලු
IXවන අග්ගබෝධි
Iවන සේන
IIවනසේන
IIවන උදය
IVවන කස්සප
Vවන කස්සප
IIIවන දප්පුලු
IVවන දප්පුල
IIIවන උදය
IIIවන සේන
IVවන උදය
IVවන සේන
IVවන මහින්ද
Vවන සේන
Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 - 993)




පොළාන්නරු යුගය (ක්‍රි.ව. 1029 - 1232)

 

පොළාන්නරු යුගය - චෝල යුගය (ක්‍රි.ව. 993 - 1054)

පොළාන්නරු චෝල යුගය - චෝල රාජධානිය

Iවන රාජරාජ චෝල ඇතුළු 6 දෙනෙක් (ක්‍රි.ව. 993 - 1014)
Iවන රාජේන්ද්‍ර චෝල (ක්‍රි.ව. 1018 - 1054)

පොළාන්නරු චෝල යුගය - රුහුණු රාජධානිය නාම මාත්‍රික රජවරු

වික්‍රමබාහු රජ (VIවන කස්සප)
මහලනාකිත්ති
වික්‍රමපණ්ඩු
ජගතිපාල (ජගත්පාල)
පරාක්‍රමපණ්ඩු
ලෝක (ලෝකිස්සර - ලෝකේස්සර)
VIIIවන කස්සප
Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1055 - 1070දී රටටම රජවීම)

 

පොළාන්නරු යුගය - Iවන විජයබාහු යුගය (ක්‍රි.ව. 1070 - 1110)

Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1070දී රටටම රජවීම - 1110)

පොළාන්නරු යුගය - රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය (ක්‍රි.ව. 1110 - 1153)




රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය
රාජධානිය රජ
1090 1100 1110 1120 1130 1140 1153 1160 1170 1180
රජරට
Iවන වික්‍රමබාහු රජ IIවන ගජබාහු රජ
දක්ඛිණදේශ Iවන විජයබාහු රජ මානාභරණ රජ කිත්ති සිරි මේඝ රජ පළමුවන පරාක්‍රමබාහු රජ
රුහුණ
ශ්‍රී වල්ලභ රජ සහ කිත්ති සිරි මේඝ රජ ශ්‍රී වල්ලභ රජ මානාභරණ රජ




පොළාන්නරු යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1153 - 1232)

Iවන පරාක්‍රමබාහු රජ (මහා පරාක්‍රමබාහු රජ)
IIවන විජයබාහු

පොළාන්නරු කාලිංග යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1187 - 1212)

නිශ්ශංකමල්ල රජ (පෙර නම = කිත්ති නිශ්ශංක)
IIවන වික්‍රමබාහු
චෝඩංග රජ
ලීලාවතී රැජිණ (පළමු රාජ සමය) (Iවන පරාක්‍රමබාහු අග මෙහෙසිය)
සහස්සමල්ල
කල්යාණවතී රැජින (නිශ්ශංකමල්ල අග මෙහෙසිය)
ධර්මාශෝක රජ (මාස3 - මාස15 ලදරු රජ. අනිකංග මහාධිපාද විසින් ඝාතනය කරණ ලදී)
චෝල ආක්‍රමණික අනිකංග මහාධිපාද දින 17ක් පමණි
ලීලාවතී රැජින (දෙවන රාජ සමය)
දකුණු ඉංදීය දමිළ ආක්‍රමණික ලෝකේශ්වර රජ
ලීලාවතී රැජින (3වන රාජ සමය)

පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1212 - 1236)

පරාක්‍රපණ්ඩු


දඹදෙනි යුගය (ක්‍රි.ව.1232 - 1272)

IIIවන විජයබාහු රජ (ක්‍රි.ව. 1232 - 1236)
II වන පරාක්‍රමබාහු රජ
(ක්‍රි.ව.1236 - 1270)
IVවන විජයබාහු රජ
(ක්‍රි.ව.1267 - 1270)
I වන බුවනෙකබාහු රජ

යාපව්ව යුගය (ක්‍රි.ව.12?? - 1293)

 

ඇතුගල්පුර යුගය (ක්‍රි.ව.1293 - 1341)

නාමය කාලය පාලන කාලය (අවුරුදු) සටහන්
II වන බුවනෙකබාහු රජ 1292-1305
මුල් පාලන කාලය යාපව්ව සිට වේ
IV වන පරාක්‍රමබාහු රජ (පණ්ඩිත පරාක්‍රමබාහු රජ) 1305 - 1326
සිංහල සාහිත්‍යය අතිශයින් දියුණුවූ යුගයකි
III වන බුවනෙකබාහු රජ

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
ජයබාහු II

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
V වන විජයබාහු රජ

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
IV වන බුවනෙකබාහු රජ

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.

ගම්පොල යුගය (ක්‍රි.ව.1341 - 1408)

ගම්පල යුගය- ගම්පොල රාජධානිය

දැදිගම අගනුවර

V වන පරාක්‍රමබාහු රජ

ගම්පොල අගනුවර

III වන වික්‍රමබාහු රජ
V වන බුවනෙකබාහු රජ

ගම්පල යුගය - රයිගම රාජධානිය







IIවන වීරබාහු:- උපත:_____,විපත:_____,රාජ්‍යයත්වයේ ආරම්භය:1391/1392,රාජ්‍යයත්වයේ අවසානය:1397,












වීර අලකේශ්වර







උපත:_____,විපත:_____,රාජ්‍යයත්වයේ

ආරම්භය:1397,රාජ්‍යයත්වයේ අවසානය:1409,


  

පරාක්‍රමබාහු Epa(ඈපා)



 

උපත:_____,විපත:_____,රාජ්‍යයත්වයේ

ආරම්භය:1409,රාජ්‍යයත්වයේ අවසානය:1412,

 

 

අරාජික සමය (ක්‍රි.ව.1408 - 1411)

කෝට්ටේ යුගය - සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1411 - 1521)

 VI වන පරාක්‍රමබාහු රජ ‍(රට එක්සේසත් කළේ ය)
II වන ජයබාහු රජ

VI වන බුවනෙකබාහු ර
ජ(සෙම්පගප් පෙරුමාල් = සපුමල් කුමරු)
VII වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ

VIII වන වීරපරාක්‍රමබාහු රජ

Xවන ධර්මපරාක්‍රමබාහු රජ

VIවන විජයබාහු රජ
(1521 දී මොහුගේ පුතුන් තිදෙනා අතර විජයබා කොල්ලය සිදුවිය

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1521 - 1591)

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - කෝට්ටේ රාජධානිය (ක්‍රි.ව. 1521 - 1597)

VIIවන බුවනෙකබාහු
දොන් ජුවන් ධර්මපාල රජ * (කතෝලික) )(ක්‍රි.ව. 1551 - 1597 මැයි 27)
පෘතුගාලයේ Iවන ෆිලිප් රජට යටත් වීම.
පෘතුගාලයේ IIවන ෆිලිප් රජ

 

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - සීතාවක රාජධානිය (ක්‍රි.ව. 1521 - 1594)

මායාදුන්නේ රජ
Iවන රාජසිංහ රජ
පෘතුගාලයේ Iවන ෆිලිප් රජ හෙවත් ස්පාඤයේ IIවන ෆිලිප් රජට යටත් වීම.

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - යාපාපටුන රාජධානිය (ක්‍රි.ව. 1521 - 1619)

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - උඩරට රාජධානිය (ක්‍රි.ව. 1521 - 1591)

සේනාසම්මත වික්‍රමබාහු රජු
ජයවීර අස්ථාන රජ (සේනාසම්මත වික්‍රමබාහු පුත්)
කරලියැද්දේ බංඩාර රජ (ජයවීර අස්ථාන පුත්)
Iවන රාජසිංහ රජ උඩරට රාජධානිය සීතාවකට ඈඳාගැනීම
දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඤාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැති ව රජවීම
දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව රජවීම)
කොනප්පු බංඩාර යුද්ධ කර පෘතුගීසි පලවාහැර දෝන කැතරිනා රැජින විවාහ කරගැනීම.


සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය - පහතරට පාලනය

සෙංකඩගල යුගය - පහතරට පෘතුගීසි පාලනය (ක්‍රි.ව. 1597 මැයි 27- 1638)

සෙංකඩගල යුගය- පහතරට ලන්දේසි පාලනය (ක්‍රි.ව. 1638 - 1796)

සෙංකඩගල යුගය- පහතරට ඉංග්‍රීසි පාලනය (ක්‍රි.ව. 1796 - 1815 මාර්තු 2)

පහතරට ඉංග්‍රීසි පාලනය -පෙරදිග ඉංදියා වෙළඳ සමාගම (ක්‍රි.ව. 1796 - 1802)
පහතරට ඉංග්‍රීසි පාලනය -බ්‍රිතාන්‍ය ආණ්ඩුව (ක්‍රි.ව. 1802 - 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය

Iවන විමලධර්මසුරිය රජ (නමින්, දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස, කොනප්පු බංඩාර නැවත රජවීම ()
සෙනරත් රජ (දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස)
IIවන රාජසිංහ රජ (දෝන කැතරිනාගේ පුතෙකි)
IIවන විමලධර්මසූරිය රජ (IIවන රාජසිංහ රජ පුත්)
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (IIවන විමලධර්මසූරිය රජ පුත්)

සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - නායක්කර් රාජ වංශය (ක්‍රි.ව. 1739 - 1815 මාර්තු 2)

විජයරාජසිංහ රජ (වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජබිසවගේ සොහොයුරු)
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
රාජාධි රාජසිංහ රජ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ

ත්‍රිකුණාමලයේහි සැඟවුනු රජ පෙළපතක්


උසස් තාක්ෂණයක් පැවැති සුන්දරත්වයෙන් අනූන බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව එකල අතීත රජ දරුවන් විසින් කරවන ලද මහා චෛත්‍ය,වැව් මාලිගා,වන උයන් ආදීයෙන් පිරී පැවතිණී.
                                                                                       ශ්‍රී ලංකාවට විටින් විට එල්ල වූ විදේශ ආක්‍රමණ හමුවේ නොසැලී පවතින්නට මේ  චෛත්‍ය,මාලිගා ආදිය සමත් විය.විටින් විට ශ්‍රී ලංකාව තුල රජ කළ රජවරු නව නිර්මාණයන් ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිත කළහ.
                                                              බොහො සුන්දර,වටිනා ස්ථාන කාලයාගේ ඇවෑමෙන් ලංකා භූමිය තුළ ගිලී ගිය ද පුරාවිද්‍යඥයෝ කෙමෙන් කෙමෙන් එම ස්ථාන සොයාගත්හ.එවැනි ස්ථානවල පුරාවිද්‍යත්මක වටිනාකම,එම ස්ථානවල ඉතිහාස කතාව ලෝකයාට හෙලි කළහ.වසර 30 පුරාවට පැවතුනු ත්‍රස්තවාදී තර්ජන නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඓතිහාසික වටිනාකමින් යුක්ත වූ ප්‍රදේශ ලෝකයාගෙන් වසන් වී ගියේය.එහෙත් යුද්ධය අවසන් වීමත් සමඟ උතුරු,නැගෙනහිර ප්‍රදේශ ගැන ලාංකිකයන්ගේ අවධානය යොමුවිය.උතුරු නැගෙනහිර ප්‍රදේශවල සැගවී ගිය පුරාවිද්‍යාත්මන වටිනාකමින් යුත් ස්ථාන සොයා පුරාවිද්‍යාඥයෝ ගවේෂණ ඇරඹූහ.උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන ගැන ගවේෂණ කරන පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේදානන්ද හිමියෝ ඉන් ප්‍රධාන තැනක් ගනිති.
                                                                               උන්වහන්සේ ත්‍රිකුණාමල කන්දන්කාරු ප්‍රදේශයේ කළ සංචාරයකදී හමුවූ සෙල්ලිපියකින් මහා වංශයේ සඳහන් නොවුනු නව රජ වංශයක් පිළිබඳ තොරතුරු හෙළි කැගෙන තිබේ.උන් වහන්සේ අති දුෂ්කර ගමනකින් පසු කන්දන්කාරු සෙල්ලිපිය සොයාගෙන තිබේ.
                                                                             "ත්‍රිතුණාමලයේ ලඟ චත්‍යයක් හාරලා රං පත්තිරුවක් හොරකංකරලා ඒක විකුණන්න යද්දි පොලිසියට අහුවුනා කියලා මට ආරංචියකු ආවා ඊට පස්සේ මම දිස්ත්‍රික් ලේඛම්ට කියලා ඒ පත්තිරුව පුරාවිධද්‍යා භාරයට ගත්තා"
                                                                මේධානන්ද හිමියෝ සෙල්ලිපිය සොයාගෙන ගිය ගමන පිළිබඳ තොරතුරු පවසන්නට වූහ.
                              "රන්පත්ඉරුව ගෙන්වගෙන මම ඒක කියවලා බැලුවා.බ්‍රාහ්මීය අක්ෂරවලින් තමයි පත්ඉරුව ලියලා තියෙන්නේ.ක්‍රිස්තු වර්ෂ 164 වර්ෂය රජ කළ කණිට්ඨතිස්ස කියන රජතුමා විසින් කරවන ලද චෛත්‍යය තුළ කරඬුවක් නිධන් කළා කියලා තමයි එහි සඳහන් වෙලා තියෙන්නේ"
                                                          "නඛ මහ රජ හපුන මලිතිස මහරජ හා වෙති..."යනුවෙන් බ්‍රාහ්මීය අක්ෂරවලින් තමයි රන්පත් ඉරුවේ සඳහන්ව තිබී ඇත.එහි සිංහල තේරුම වන්නේ,"නාග මහ රජ්ජුරුවන්ගේ පුත්‍ර කණිට්ඨතිස්ස රජුගේ චෛත්‍යයයි" යන්නයි.
                         රන්පත්ඉරුව කියවීමෙන් පසු මේධානන්ද හිමියන්,උන්වහන්සේගේ මිතුරකු වන වෙල්ගම් වෙහෙරේ නාහිමියන්ට දුරකථනය හරහා කතා කොට ත්‍රිකුණාමල කන්දකාරු ප්‍රදේශයේ චෛත්‍යය සොයා යන ගමන ආරම්භ කළහ.
              "ත්‍රිකුණාමලේට ගිහින් කන්දන්කාරුවල චෛත්‍යය ළඟට යනකම් අත් ට්‍රැක්ටරයක හැතැප්ම අටක් විතර දුර ආමි එකේ අයත් එක්ක ගමන් කළා.එතැන චෛත්‍යයක් තියෙනවද කියලාවත් හිතාගන්න බැහැ.සම්පුර්ණයෙන්ම විනාශ කරලා දාලා තිබ්බේ.හැබැයි එතැන අවට තැනින් තැන ගල් කණු තිබ්බා."
                                                                  ගල් කණු අතරින් ඈත් වී ඊට මදක් එපිටින් පිහිටි කුඩා ගල්කන්ද මතට නුගුණු එල්ලාවල මේධානන්ද හිමියන්ට දර්ශණීය ගල්ලෙන් පෙළක් හමු විය.මුරගල්,දොරටුපාල රූප,කොරවක්ගල් විසිරී පැවැති භූමි භාගයක මේ ගල්ලෙන් පෙළ පිහිටා තිබිණි.
                                                           "අපි මේ ගල්ලෙන් පරික්ෂා කළා.බිත්ති බැඳලා දොරටුපාල රූප ගුහා දොර ළඟ තිබුණු ගුහාවට අපේ වැඩි අවධානයක් යොමු වුණා.මේ ගල්ලෙන් ත්‍රසතවාදී තර්ජන තිබුණු කාලේ කොටින්ගේ බංකර බවට පත් වෙලා තිබුණේ.කොටි නිදාගන්න හදපු තැන්,එයාලා භාවිත කරපු දේවල් ගුහාවේ තැනින් තැන විසිරිලා තිබුණේ.
                 අපි ගුහාව ඇත්ළට ගිහින් බලද්දි ඒ ගුහාව බිත්ති හදලා නිදාගන්න පුළුවන් විදියට පිල් හදලා ඇතුළ ට වතුර එන්නේ නැති විදියට කටාරම් කොටලා තිබුණේ"
                                            මේධානන්ද හිමියෝ ගුහාව අභ්‍යන්තර ස්වරූපය විස්තර කරමින් පැවසූහ.එම ගුහාව කටාරමට යටින් කොටා තිබු සෙල්ලිපිය දුටු මෙධානන්ද හිමියෝ ඒ පිළිබඳ අධ්‍යයනය කළහ.මැකී යමින් පවති අක්ෂර අඟුරු ආධාරයෙන් මතු කර ගත් උන්වහන්සේ ඒවා කොළයක පිටපත් කරගත්හ.
                                             "රජ උති ප්‍රතස රජ අභයස අය .........ස ...........පරුමඛ මිත්‍ය දිනේ සගස "
 සෙල්ලිපියේ කිහිපයක අක්ෂර අඩු වී තිබිණි.
                                             "රාජ උත්තියගේ පුත් රජ අභය මුල් වෙලා මේ ගුහා සංඝයා සතු කළා වගේ අදහසක් තමා මෙයින් කියැවෙන්නේ.සමහර තැන්වල අකුරු අඩු නිසා ඒවායින් කියවෙන දේ මොකක්ද කියලා කියන්න අමාරුයි"
                 මේධානන්ද හිමියෝ සෙල්ලිපිය බිළිබඳ විස්තර කළහ.
                                                                                        "උත්තිය කියලා රාජ වංශයක් ගැන කිසිම සඳහනක් වංශකතාවල නෑ.මේ ගල්ගුහා අයිති ක්‍රිස්තු පුර්ව තුන්වැනි සියවසේ දේවානම්පියතිස්ස රජ සමයට.ඒ හින්දා මේ උත්තිය රජු දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ උත්තිය කියන සහොදරයා වෙන්න පුළුවන්.ඒත් දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ උත්තිය කියන සහෝදරයාට අභය කියලා පුතෙක් හිටියා කියලා කිසිම වංශ කතාවක සඳහන් වෙලා නෑ. ඒ නිසා මේ සෙල්ලිපියේ සඳහන් උත්තිය රජු දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහොදරයා නොවෙන්නත් පුළුවන්.ඒ වගේම තමා රජවරුන්ගේ,සහෝදරවරුන්ගේ හැම පුතෙක් ගැනම වංශ කතාවල සඳහන් නොවන නිසා මේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහෝදරයා වන උත්තියට වෙන්නත් පුළුවන්.ඒ ගැන හරියාකාරවම කියන්න අමාරුයි"
                                                         මේධානන්ද හිමියෝ සෙල්ලිපියේ සඳහන් වූ නව රාජ වංශය පිළිබඳ පැහැදිලි කළහ.උත්තිය රජු එකල මෙරට රජ කළ ප්‍රාදේශීය රජෙක් විය හැකි යැයිද උන්වහන්සේ පැවසූහ.
                                                         මහා වංශයේ හෝ වෙනත් කිසිදු වංශ කතාවක සඳහන් නොවූ රජවරු පිළිබඳ තොරතුරු මොනරාගල,අම්පාර,හෙන්නානිගල,බලංගොඩ,කිරිමකුළුගල ආදී ප්‍රදේශ වලින් හමුවූ සෙල්ලිපි වල සඳහන්ව තිබී ඇත.මෙලෙසින් සෙල්ලිපිවල වල පමණක් සඳහන්වන රජවුන් ප්‍රාදේශීය රජවරුන් විය හැකි යැයි උන්වහන්සේ පවසයි.
                                            "සෙල්ලිපියේ සඳහන් වුණු විදියට ක්‍රි.පූ.3 සියවසේ මේ ගල්ගුහා හාමුදුරුවන්ට පූජා කරලා තියෙනවා.මේ ගල්ගුහා පිහිටි තැනට පොඩ්ඩක් එහායින් ක්‍රි.ව. 164 දී චෛත්‍යයක් හදලා තියෙනවා.මෙතැන වැදගත්ම දේ ඒකයි.මොන විදියේ රාජ වංශයකින් මේ කාර්යයන් සිදුකළත් මෙතැනින් දැක්වෙන්නේ බෞද්ධාගම කාලයක් පුරාවට පැවතුණු ආකාරය.....අතීතයේ ඉඳලා තාක්ෂණය ක්‍රමයෙන් දියුණු වුණා වගේම ආගමත් දියුණු වෙලා තියෙනවා.බුද්ධාගම කාලයත් එක්ක විනාශ වෙලා නැහැ"
                                              මේධානන්ද හිමියෝ හැඟීම්බරව පැවසූහ.උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මතුවන සෙල්ලිපි නව රාජ වංශ ගැනත්,විවිධ පාලන සමයන්වල සිදු වූ පෙරළීන් පිළිබඳවත් ලොකයට හෙළි කරයි.ලංකාවේ ඓතිහාසික දියුණුව, එකල පැවති සෞභාග්‍යය සියල්ල මේධානන්ද හිමියෝ සිය සංචාරවලින් ලෝකයාට පෙන්වා දෙති.

රාවණා රජුගේ ගුවන් යානයේ නටඹුන්


ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය ඉතාමත් දියුණු සංස්කෘතියක් පුවති බව ඒ යුගයට අයත් ශිලාලේඛන,අභිලේඛන,චිත්‍ර හා පුස්කොළ ලිපි ශාස්ත්‍රීය පර්යෙෂණයකට භාජනය කරන විට පෙනී යන සත්‍යයක්.
                                                      රාවණ යුගයේ හෙළදිව ගුවන් යානා පමණක් නොව මිසයිල් පරමාණු,ජලකර ආදිය පවා තිබුණු බවට අපමණ ශාක්ෂි හා තොරතුරු අප රටේ මෙන්ම ඉන්දියාව,එංගලන්තය,ග්‍රීසිය ආදී රටවල පුස්තකාලවලද ඇත.
                           පසුගිය කාළය තුළ අප රටේ ඇතිවු සුනාමිය වැනි උදම් රළ නිර්මාණය කළ හැකි බෝම්බ වර්ග පිළිබඳවද මහා බාරත කාව්‍ය වැනි සම්භාව්‍ය ග්‍රන්ථ වල සදහන් වී තිබෙන්නේ නිකමට නොවේ.
                                                                                                                                        රාවණ යුගයේ ගුවන් යානා පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා කරන්නේ වාල්මිකීගේ රාමායණ කාව්‍ය යැයි පැවැසීම සාධාරණය.
                                                                                                                                                    'පුෂ්පක' නම්න් ගුවන් යානටක් රාවණ රජුට තිබුණු බව රාමායණය ප්‍රමුඛ තවත් පොත් පත් රැසක සදහන් වී ඇත.මෙම 'පුෂ්පක' ගුවන් යානයට අප බොහෝ දෙනෙකු කීවේ 'ඳඬු මොනරය' යනුවෙනි.පුෂ්පක ගුවන් යානයට ඳඩු මොනරය යන නාමය ලැබුණේ ඇයිදැයි ප්‍රශ්නයකි.
                                                               රාවණ කතා නමැති ඉපැරැණි පුස්කොළ ග්‍රන්ථය අනූව පෙනී යන්නේ සිත් ඇදගන්නා කරුණකි..එනම් හිමාලය කන්දේ උතුරු දෙසට ගව් හතක් ගිය විට 'මයුර දණ්ඩ' වෘක්ෂයන්ගෙන් පිරී ඇති වන පෙදෙසත් ඇති බවත්,එම මයුර දණ්ඩ ලී ගුවන් යානා නිපදවීම පිණිස භාවිත කරන බවත්ය.ඉතා ශක්තිමත් වූ මෙම ලී  වර්ගය කැඩෙන්නෙ බිඳෙන්නේ නැත.එහෙත් එය ඉතා සැහැල්ලු ලී වර්ගයකි.මෙම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩය ගෙන ඇති නිසාත්,මොනරුන් බෙහෙවින් මෙම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත්,එය මදුර දණ්ඩ යනුවෙන් හදුන්වන බවත් 'රාවණ කතා' පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වන බව අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
                                                            රාවණ යුගයේ ශ්‍රී ලංකාවේ ගුවන් යානා වර්ග රැසක් අපරට තුළ තිබුණු බවට ශාක්ෂි ඇත.'විමන්' නමින් විශාල ගුවන් යානාද 'බිමන්' නමින් Glider වර්ගයේ කුඩා ගුවන් යානාද,පාපැදි,අහස් යානා,ගිරි මුදුන් වල සිට පහළට බසින යානා,කන්දන සිට තවත් කන්දකට ගමන් කළ හැකි ඕතධඡඩ යානා අප රට තුළ තිබි ඇත.(ශ්‍රී ලංකා රාජධානිය,පිටු අංක: 108)
                                 එදා මෙදා ගුවන් යානා වල වෙනස නම් මෙගලිතික ගුවන් යානා සුළං බල ශක්තියෙන් ක්‍රීයා කිරීමත්,වත්මන් ගුවන් යානා ,සුපිරි යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රීයා කිරීමත්ය.
                                                      සුළං බලශක්තියෙන් ක්‍රියා කරන 'විමන්' සහ 'බිමන්' පණ ගන්වන්නේ පා පැදියක් මෙනි.එහි බඹර කිහිපයක් වී කැරකැවීමත් සමඟම 'විමන්' ක්‍රමානුකූලව ඉහලට ගමන් කරයි.යා යුතු දිසාව ,ගමන් කල යුතු උස ප්‍රමාණය,නැවැත්වීම,බිමට බැසීම ආදී කටයුතු සියල්ල නියමුවා විසින් කල හැකි ලෙස ඝන රිදී ලෝහයෙන් නිමිකළ උපකරණවලින් යුත් ඉතා සැහැල්ලු යන්ත්‍රයක් එයට ඇත.(රාවණා කතා)
                                               වාරියපොළ නමැති ග්‍රාම නාම රැසක්ද අද දක්වා අප අතර තිබෙන්නේ සුළං බල ශක්තියෙන් ගමන් කළ ගුවන් යානා අහසට නැංවු ග්වන් පථ නිසා බව යැයි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි.
        අප රටේ ඇතැම් සෙල්ලිපිවල මේ ගුවන් යානා චිත්‍ර ඇති අතර,ගුවන් නියමුවන් විසින් කරන ලද ප්‍රදාන සඳහන් සෙල්ලිපි රැසක්ද තිබීමෙන් පෙනී යන්නේ අපට දියුණු ගුවන් සේවයක් එදා තිබුණු බවයි.
 ඒ කාලයේ ගුවන් නියමුවන් හැදින්වූයේ 'දූතක'යන නාමයෙනි.(අප හෙළ සිංහල ඉතිහාසය පිටු අංක 7) නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ ස්ථානයක එම ගුවන් යානා තොටුපළක් තිබෙන බව ඉතිහාස ගවේෂක භද්‍රා මාරපන පවසා ඇති බව ආචාර්ය ඔබේසේකර සඳහන් කරයි.

කාලගිරි හෙවත් වත්මන් තොප්පිගල ප්‍රෙද්ශයේද'බිමන්' නමැති කුඩා ගුවන් යානා සඳහා ගුවන් පථයක් තිබී ඇත.(රාවණ කතා)
"පරමුක ශූර පුත පරමුක බිමණ දතකහ දතකහ ගගස" යනුවෙන් අපේ පැරණි සෙල්ලිපියක් ඇත.එම සෙල්ලිපියේ ගුවන් යානා සමාගමේ ලාංඡනය සහ ගුවන් නැවක චිත්‍රය කළු ගලේ කොටා ඇත.(අපේ හෙළ ඉතිහාසය 5)
මිසරය,බැබිලෝනියාව ආදී රටවල පිරමීඩවල ගුවන් යානා සටහන් චිත්‍ර ගත කර ඇත.ඒ කාලයේ හෙලදිවෙන් මිසරයට,බැබිලෝනියාවට ගිය යක්ෂ ගෝත්‍රික ඉංජිනේරුවන් විසින් මෙම පිරමීඩ ගොඩනඟනු ලැබ ඇති බවත්,ඔවුන් පැමිණ 'බිමන්' නමැති ගුවන් යානාවල චිත්‍ර ඒවා විය හැකි බවත්,විද්වතුන්ගේ අදහසකි.
                                     රත්නපුර බොල්තුඹේ දේවාලයේ රාවණා රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව 'අපේ හෙළ සිංහල ඉතිහාසය,පිටු අංක 8' කියයි.තමා පෞද්ගලිකව ඒ පිළිබඳව සොයා බැලු නමුදු ඒ සුන්බුන් සොයා ගැනීමට අපොහොසත් වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කීය.ලග්ගල කන්දේ ගිරි ශීඛරයක් මත ගුවන් යානයක් යැයි සිතිය හැකි ලාංඡනයක් ඇත.නිදන් හොරුන්ගෙන් එම ස්ථානයට විනාශයක් ඇති විය හැකි බැවින් එහි විස්තර හෙළි නොකරන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
                            ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියේ  මහදූවද මෙගලිතික යුගයේ වාරියපොළක් විය හැකි බව මහාචාර්ය ශ්‍රී වාත්සව ප්‍රකාශ කළේ 1982 මැයි 31 වැනිදා කරන ලද  සංචාරයේදී .කරඳහෙල කන්දේ කුම්භකර්ණගේ උපදෙස් පරිදි ගලේ කොටන ලද ගුවන් යානයක් දැකිය හැකිය.(රාවණ පත්‍රය පිටු:30) 
                                     රාම රාවණ යුද සමයේ රාම කුමරුගේ උදව් උපකාර පිණිස බෙහෙත් ඖෂධ රැගත්'විමන්' යානයක් රූමස්සල කඳු මුදුනේ ගිරිකුළක ගැටී උනා වැටුනු ප්‍රදේශය වත්මන් උනවටුන ග්‍රාමය බව පැවසේ.(නව නුවණ පිටු1942:පිටු 18) 
                     මෙම 'විමන්' යානය නාග ගොත්‍රිකයන්ට අයත් වූවක් යැයිද විභිෂණගේ බලපෑම නිසා නාග ගොත්‍රිකයන්ද රාම කුමරුට උදව් කළ බවත්,එම 'විමන්' යානය අනතුරෙන් පසු නවතා තිබුණු ප්‍රදේශය 'නා විමන'වී ඇතැයි එම ලිපිය කියයි.රාම-රාවණ යුද්ධයෙන් හෙළ දිව ගුවන් යානා තාක්ෂණය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.(රාවණ කතා)‍

බිම් කොට ගිං තොට දක්වා          බලැ'ති
භීම රජ 'විමන' නවතා තිබූ          නොදැනි
මහ දූවේ තැන්න 'වාරියපොළ'     නමැති
ජනපදයක් කළා දෙවි පතිරජ       ඇමැති 


                         දැනට අවුරුදු 40කට පමණ පෙර දක්ෂිණ ලංකාවේ අග්‍රගණයේ පඬිවරයෙකු වූ ජෝන් සිරිමන් ද සොයිසා මහදූව ගැන කියවී ඇති මෙම ජනකවිය තමාට විස්තර කළ බව පවසන ආචාර්ය ඔබේසේකර එය කොතරම් සත්‍යදැයි සදහන් කරයි.
                                         මෙගලිතික යුගයේ යක්ෂ ගොත්‍රික පාලකයකු වූ භීම රජතුමාගේ ගුවන් විමනකට මාදූවේ ගුවන් තොටක් වූ බවත්,භීම රජ මැඳුර පිහිටා තිබුණේ බලපිටියේ මහල දූවේ බවත්,සිරිමන් ද සොයිසා තමාට පැවැසු බවත්,ආචාර්ය ඔබේසෙකර කියයි.මේ අනුව විමසා බලන විට කුඩා ගුවන් යානා මෙන්ම විශාල ගුවන් යානාද සිව් ‍හෙළ පාලන යුගයේ හෙළදිව තිබුණු බවත්,ගුවන් යානා ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ යුරෝපයේ රයිට්  සහෝදරයන්ට නොව ශ්‍රී ලංකාවේ ආදිවාසී හෙළයන්ට බවත් ආචාර්ය ඔබේසේකරයන්ගේ මතයයි.
                                                   සූර්ය බලශක්තියෙන් ක්‍රියා කළ 'තීරු' නමැති ගුවන් යානා නැගෙනහිර පළාතේ පානම තිබුණු බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයේ සදහන්  වේ.ඉන්ද්‍රජිත් රාවණ රජුගේ යුද දක්ෂ පුත්‍රයාය.මොහු සහස්‍රගත නම් යුධෝපකරණය සහිත යානයෙන් අහසේ සිට යුද්ධ කළ අයුරු ඉන්දීය ඉතිහාසයෙහි සඳහන්ය.මොහු විසින් කරන ලද ගුවන් රථවල ඡායාරූප ඉන්දීය සඟරාවක පවා පළවී තිබිණ.

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි




හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා.


                                                                                             ඉසුරු මුණියේ දක්නට ඇති මෙය විශ්‍රවස් මූණිගේ යැයි සැලකෙනවා රාවණ රජුගේ පියපාර්ශවයේ සීයා, ඒ කියන්නේ විශ්‍රවස් මුණිගේ පියා ලෙස සැලකෙනේනෙ පුලතිසි නම් මුණිවරයා. පරාක්‍රම සමුද්‍රය අසල පිහිටි පිළිමයත් පුලතිසි නම් මුණිවරයාගේ ලෙස සැලකෙනවා. පුලතිසි මුණිවරයාගේ තපෝ වනය වුනේ අද පරාක්‍රම සමුද්‍රය පිහිටි භුමිය ලෙස සැලකෙනවා. කොහොම වුණත් හින්දු සාහිත්‍යට අනුව පුලතිසි කියන්නේ මහා භ්‍රමයාගේ මනසින් ඉපදුනා වු පුතයෙක් ලෙසයි සැලකෙනේනේ. මෙතනින් අදහස් කරන්නේ පුලතිසි සෘෂිවරයා ඉතා බලවත් හා ප්‍රඥාවන්ත කෙනෙක් කියන එක වෙන්න ඇති. මේ නිසා රාවණ රජුට තම සම්බවයේදි බ්‍රාහමණ හා රාක්ෂ සම්මිශ්‍රණයක් ලෙස වුණා කියන්න පුළුවන්. රාවණගේ පියා වන විශ්‍රවස් මුණියටතේම ශිල්ප හැදැරු රාවණ අහංකාර හා කලහකාරි අයෙක් බව විශ්‍රවස් මුණි නිරික්ෂණය කරා. ඒ වගේම රාවණ ඉගෙනීමේ අතිදක්ෂයෙකු වු අතර වේද ග්‍රන්ථයන් පරතෙරටම හැදැරුවෙක් වෙලා තියෙනවා. රාවණ රජු විසින් චතුර්වේචයෙන් එක් වේද ග්‍රන්ථයක් ලිවු බවද කියැවෙනවා. ඒ වගේම රාවණ රජු වීණා වාදනයේද අති දක්ෂයෙක් හා දක්ෂ රණ ශුරයෙක් වූ බවත් සදහන් වෙනවා. මෙම අධ්‍යාපනයෙන් අනතුරුව රාවණ රජු විසින් ගෝකන්නේ දී උග්‍ර තපස් රැකීම කල බවත් සදහන් වෙනවා. හින්දු සාහිත්‍යට අනුව නම් උග්‍ර තපස් රැකි රාවණ මේ තපස් රැකීම සිදු කර ඇත්තේ මහාබ්‍රහ්මයාගෙන් වර ලබා ගැනීමටයි. එහිදී දස වතාවක් ඔහු තම හිස මහාබ්‍රහ්මයාට පුජාකල අතර මෙහිදී ඔහු තම හිස සිදගන්නා වාරයක් වාරයක් පාසාම තවත් හිසක් මතු වූ බවත් අවසානයේදී දස වන හිසද සීදීමට යාමේදී මහාබ්‍රහ්මා පැමිණ ඔහුට වරම් ලබා දීමට සූදානම් වු බවද වරය ලෙස රාවණ විසින් අමරණියත්වය හෙවත් අමෘතය ඉල්ලා සිටි අතර මෙයින් පසුබෑ මහ බ්‍රහමයා අවසානයේදී ඔහුට අමෘතය ලබා දී තියෙන අතර එය ඔහුගේ නාභියේ තිබූ අතර එය රැදී පවතින තාක් කල් ඔහුගේ අමරණිය බව රැදී තිබෙන්නට සලස්වා තියෙනවා. මෙයට අමතරව මහා බ්‍රහ්ම විසින් රාවණ විසින් පුජා කල හිස් දහයම නැවතත් රාවණට දුන් බව සදහන් වෙනා. බොහෝ තැන් වල මෙම රාවණගේ හිස 10 ගැන කියවෙනවා. හිංදු සාහිත්‍යෙය් එසේ සදහන් වුවත් මෙයට වසර 1000 ගාණකට පෙර වුවද හිස් 10 සිටින මිනිසෙක් සිටිය නොහැක. මේ හිස් 10 යන්නෙ අදහස් වන්නේ රාවණ රජුගේ තිබූ අති මහත් වූ ඥානය විය හකි. හිස් 10 ත් සමගව තිබුණා යැයි කියැවෙන අත් විස්සෙන් කියැවෙන්නෙ රාවණ රජුගේ නොයේක් විද හැකියාවන් විය හැක.


                           රාවණ රජුගේ නාභියට විද මැරීම අපි අපේ කලින් ලිපියකින් පැහැදිලි කලානේ විශ්ව කර්ම විසින් සිංහමුඛ උදෙසා නිර්මාණය කරන ලද ලංකාපුරය හා දඩුමොණරය පිළිබදව. සුරපද්ම කතිර කුමරු විසින් මැරුම් කැව නිසාම සිංහමුඛ රජුත් ලංකාපුරය අතහැර පළා යම නිසා විශ්වස් මුණිගේ වැඩිමහල් පුත්, ඒ කියන්නේ රාවණගේ සහෝදරයා ලංකාපුරය අත්පත් කරගැනීමත් අපි සටහන් කරානේ. අපේ ගවේෂණයේ අපි සදහන් කලේ රාවණ විසින් කුවේර දේව අධ්‍යාපනය සම්පූර්ණ නොකල නිසා ලංකා පුරය අත්පත් කර බවනේ. නමුත් සමහර තැන්වල වෙනස් විදියටත් සදහන් වෙනවා. ඒ විස්තර වලට අනුව නම් රාවණ රජුගේ මව යක්ෂ ගෝත්‍රික වන අතර රාවණ පැමිණ කුවේරගෙන් ලංකාපුරය හා දඩුමොනරය ඉල්ලා සිටි කල්හී කුවේර විසින් රාවණ පලවා හරිනවා. නමුත් ලේසියෙන් පසුබට නොවන්නෙකු වන රාවණ විසින් තම යක්ෂ ගෝත්‍රික නෑයන්ගේ උදව්වෙන් කුවේරව පලවා හැර ලංකා පුරය අත්පත් කරගන්නවා. රාවණ විසින් සීතාව පැහැරගෙන ඇවිත් රාමාගෙන් පැරදුන බව කියමින් අදටත් රාවණ රජු පුළුස්සන හින්දූන් විසින් රාවණ කියන්නේ ඉතා ශ්‍රේෂ්ඨ පාලකයෙක් බවත්, රාවණ රජ සමයේ ලංකාව සමෘද්ධිමත් බවත් කියන අතර රාවණ රජුගේ සමයේ රටවැසියන් සියල්ල ඉතාමත් සැපයෙන් ජීවත් වූ බවද කියනවා. මෙතනදී අපට සිතිය යුතු දෙයක් තමයි ඉතා බලවත්, යුද ශක්තියෙන් අනූන රාවණ රජු යුද්ධයෙන් රාමට පැරදුනාද යන වග... රාවණ රජුගේ පවුලේ විස්තර හරියටම දැන ගන්න තියෙන මුලාශ්‍ර අඩු නමුත් රාමයාණයා අනුව අපිට රාවණ රජුලේ පුවලේ විස්තර මේ විදියට ගොඩ නගන්න පුළුවන්. පුලතිසි සෘෂිවරයා -රාවණ රජුගේ පිය පාර්ශවයෙන් සීයා සුමාලී - රාවණ රජුගේ මවු පාර්ශවයෙන් සීයා විශ්‍රවස් මුණි - රාවණ රජුගේ පියා කයිකේෂි - රාවණ රජුගේ මව සුභානු හා මරීච - රාවණ රජුගේ මාමාවරුන් (මවගේ සහෝදරයන්) කුවේර - රාවණ රජුගේ සහෝදරයා(විශ්‍රවස් මුණිගේ රකුස් බිරිදගේ පුත්‍රයා) විභිෂණ - රාවණ රජුගේ සහෝදරයා. රාමායණයට අනුව නම් රාමගේ බැතිමතෙක් වූ විභිෂණ රාම- රාවණා යුද්ධයේදී රාමට උදව් කරන අයෙක්. කොහෝම උනත් ඉන්දියානු කණ්නාඩිය ගලවා බලන කල නම් විභීෂණ කියන්නේ ඉතිහාසයේ මුල්ම පවා දීම කරපු පුද්ගලයා. පරාජය වීමට තිබූ රාමට උදවු කරන ලද්දෙ ලංකා රාජ්‍යත්වය අපේකෂාවෙනි. තමාගේ දේෂයටත් ජාතියටත්, එකකුස උපන් සහෝදරයාටත් ද්‍රෝහි වූ විභිෂණට අදත් දෙවියෙක් මෙන් සලකා පුද සත්කාර කීරීමත් පුදුමයක්. කුම්භකර්ණ - රාවණ රජුගේ සහෝදරයා. හින්දු සාහිත්‍යට අනුව නම් කුම්භකර්ණගේ උග්‍ර තපස් රැකීමෙන් අනතුරුව මහා බ්‍රහමයා කුම්භකර්ණට වරයක් ඉල්ලීමට අවස්ථාව දුන් විට සදාකාලීකව නින්දක් ඉල්ලා තියෙනවා. නමුත් රාවණ රජුගේ බලපෑම මත මේ වරය වසරකට මාස හයක් නිදාගැනීමටත්, ඉතිරි මාස හය අවදී වී සිටින්නත් වරය වෙනස් කරලා තියෙනවා. (සමහරක් කෘති වල මෙය වසරකටම එක දිනයක් බව සදහන් වෙනවා) කෙසේ වෙතත් කුම්භකර්ණ රාම රාවණා යුද්ධයේදී රාවණ රජුගේ පාර්ශවයේ සටන් කල අයෙක් වුණ අතර තම සහෝදරයාට පක්ෂපාතී වූ අතරම රාමට නැවත සීතා ලබා දෙන ලෙස ඉල්ලා ඇති නමුත් අංහකාර රජෙක් වූ රාවණ එයට එකග වී නැහැ. එයට එකග වූවා නම් ලංකා ඉතිහාසය මෙයට බොහෝ සෙයින් වෙනස් වන්න ඉඩ තිබ්බා කියලා හිතන්න පුළුවන් ඛාර - රාවණ රජුගේ සහෝදරයා. ජන්ස්ථාන් හෙවත් හෙළ අධිරාජ්‍යෙය් උතුර දිග ප්‍රෙද්ශ පාලනය කල මොහුත් ඉතා දක්ෂ රණ ශූරයෙක් බව සදහන් වෙනවා. ඓරාවණ - රාවණ රජුගේ සහෝදරයා. පාද+තල+යට( පාතාල) රාජධානියේ පාලකයා වූ අතර රාවණ යටතේ පාලනය කල බව හින්දු සාහිත්‍යෙය් සදහන් වන නමුත් රාවණ රජු සුපර්ණිකාගේ සැමියා වන විද්්‍යුත් කුමරු පාද+තල+යට රාජධානියට යවා පාලන කටයුතු ලංකා පුර යටතට ගැනීමේ දී ස්වාධීන රාජ්‍යක් විදියට කටයුතු කරලා තියෙනවා. දුෂාන - රාවණ රජුගේ සහෝදරයා ජනස්ථාන් හී උපරජු කුම්භාණි - රාවණ රජුගේ සහෝදරියක් වන මැය රූප ශ්‍රීයෙන් අනූන අයෙක් බවත් පසුව තපසට ගිය බවත් සදහන්. සුපර්ණිකා - රාවණ රජුගේ සහෝදරිය. රාම රාවණා යුද්ධයට කරුණක් වූ මැය දණ්ඩකාරණ්‍ය හී පාලිකාව වූවාය. රාවණ රජු කියන්නේ ලංකාවේ හිටියම දක්ෂම රජකෙනෙක් යැයි දැනට තියෙන මුලාශ්‍ර වලින් අපිට කියන්න පුළුවන්. ආයුර්වේදයේදී අදත් රාවණ රජු විසින් ලියන ලදැයි සැලකෙන පොත් පත් වල සදහනන් වෙනවා. රාජාවලිය හා හෙළ හවුලේ සොයාගැනීම් වලට අනුව රාවණ රජු ජීවත් වන්නෙ බුදුන් වහන්සේටත් පෙර නමුත් මහායන බුද්ධ ධර්මයේ එන ලංකාවතාර සූත්‍රයට අනුව රාවණ රජු බුදුන් වහන්සේට සමකාලීනව සිටි අයෙක් විදියටයි සැලකෙනේනේ. ලංකාව ථෙරවාදී බෞද්ධ රටක් වූ බැවින් ලංකාවේන් මේ ලංකාවතාර සුත්‍රය සොයාගන්න අමාරුයි. බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කර බව ථෙර වාදී බුදු දහම පිළිගත්තද එහිදි බුදුන් වහන්සේ කල දේශනවාන් හොයාගන්න ථෙරවාදී බුදුදහම තුල අපහසුයි. බුදුන් වහන්සේ ලංකාවට වැඩි තුන් අවස්ථාවේම ධර්මය දේශනා කල අතර අපි දන්නා පරිදි බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය සියල්ලම ආනන්ද මහ රහතන් වහන්සේ විසින් පළමු ධර්ම සංගයනාවේදී ප්‍රකාශ කරනවා. නමුත් කෙසේ හෝ ථෙරවාදී බුදු දහම තුල මේ ලංකාවතාර සුත්‍රය නොතිබෙන අතර මහායන බුදු දහමේ ප්‍රධාන සුත්‍රයක් විදියට ලංකාවතාර සුත්‍රය සැලකෙනවා.


                       ලංකාවතාර සුත්‍රය - මෙය ලියා ඇත්‍තෙ චීන බසිනි මෙම ලංකාවතාර සුත්‍රය දේශනා කරන ලද්දෙ රාවණ රජු උදෙසා බව ලංකාවතාර සුත්‍රයේ සදහන් වෙනවා. ඒ අනුව ලංකාවතාර සුත්‍රය රාවණ රජුට දේශනා කරන ලද්දෙ වී නම් රාවණ රජු බුදුන් වහන්සේ බැහැ දැක්ක අයෙක් විය යුතුයි. අති විශාල ප්‍රඥාවක් තිබුණා වූ රාවණ රජු බුදුන් සරණ නොගියායැයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. රජකම පිළිබදව පසුකලෙක ඇති වූ රාවණ හා වීභිෂන අතර පැවති යුද්ධයකදී එයින් ලංකා සමාජය මුහදට යට වී බිහිසුණු විපත් ඇති වන දේශපාලන අර්බුදයක් වූ කල එය සමතයකට පත් කිරීමට බුදුන් වහන්සේ වැඩියායි යන්න තවත් මතයක්. ඒ කලේ ලංකවේ යක්ෂ නාග දේව හා රාක්ෂ කියලා කුල තිබුණා යැයි අපි පැවසුවනේ. යක්ෂ යැයි හදුන්වා ඇත්තේ යකඩ භාවිතා කල නිසාවෙනි. රකුස් රකු+කුස් කුස රැකීමට ගොවිතැන් කල අය රකුස් වුන අතර නාවික නාග වු අතර සියලලන්ම සංසකෘත භාෂාවට යද්දී අමනුෂ්‍යන් බවට පත් වී යක්ෂයන් බවට පත් කරතිබේ. කෙසේ වුවත් යක් ගෝත්‍ර නාමය අතීතයේදීත් භාවිතා වූ බව දක්නට පුළුවන්. එයට ගන්න පුළුවන් හොදම උදාහරණය තමයි මහා වංශයටත් වඩා පැරණි ලියැවිල්ලක් වන වරිග පූර්ණිකා නමැති යක් ගොත්‍රික පුස්කොල පොතෙහි ශ්‍රි රාවණ අධිරාජ්‍යාෙග් නාමය කෞරාණ මන්ඨක ලෙස සදහන් වීම. මෙහි කෞරාණ යන්නෙහි සිංහල තේරුම සියල්ල සම්පූර්ණ කරන ලද වන අතර මන්ඨක යනු යකාය. එනම් රාවණ රජු සියල්ල සම්පූර්ණ කල යක් ගෝත්‍රිකයෙක් බව පැහැදිලිය. මෙයිනුත් රාවණ රජුගේ තිබූ හැකියාවන් තහවරු කරන සාක්ෂී වැඩි වේ.


මෙය රාවණ රජුගේ පොරෝව යැයි සැලකෙනවා ලෝකයට මමීකරණ හෙවත් සිරුරු නරක් නොවී තබා ගැනීමේ තාක්ෂණය දායක කලේද රාවණ රජු බව සදහන් වේ. ඒ වගේම තවත් පුරාවෘත්තයකට අනුව රාවණ රජු යුද්ධයෙන් මිය ගියේ නැත. රාමගේ විෂ පොවන ලද හී පහරින් මුර්ජා වූ රාවණ රජු අදටත් රාවණ+ගල රාගල නමින් හැදින්වෙන පර්වතයේ ඇති කුටියක සගවා ඇති බවත් කියවේ. මේ සියල්ලේ ඇත්ත නැත්ත කෙසේ වුවත් තුන් ලොවක් පාලනය කල රාවණ රජු යුද්ධයෙන් රාමගේ වානර හමුදාවකට පරාජය වූ වා යැයි පිළීගැනීම අපහසුය. රාවණ රජු විසින් සවර්ග, මතස්‍ය හා පාතාල යන තුන් ලොවක් පාලනය කල බව කියැවේ. ( බුදු දහමේ එන අංඝුත්තර නිකයේ , තික හී ආනන්ද වග්ගයේ එන මේ හා සමාන ලෝක, සමාන්තර ලෝක සංකල්පයට අනුව රාවණ රජු මේ හා සමාන ලෝක 3ක් පාලනය කලා විය හැක. බුදු දහමට අනුව එකල පෘථිවිය හැදින් වූයේ ජම්ඹූද්වීපය නමිනි.) රාවණ රජුගේ පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් කුමරු විසින්ම වානර හමුදාව සමූල ඝාතනය කර රාම හා ලක්ෂමණ පරාජය කල බවත් සදහන් වන තැන් නැතේද නොවේ.


                           රාවණ රජු විසින් ඉන්දියාවද පාලනය කල බව කියැවේ. රමායනයේ එන දණ්ඩකාරණ්‍ය රාවණ විසින් තම නැගෙනිය වූ සුපර්ණිකා ලවා පාලනය කිරම අපට රාමායණයෙන්ම තහවුරු කරගන්න පූළුවන්. රාම රාවණ බිහිසුණු යුද්ධයට මුල පුරන්නේද මෙම කරුණ විය හැක. රාවණ රජු සත්ව ඝාතනය හෙලා දකින්නෙක් විය. නමුත් දණ්ඩකාරණ්‍ය ආශ්‍රිතව සිටි යෝගී වරුන් යාග හෝම වලට සතුන් බිලිදීම වැලක්වීම සුපර්ණිකා ප්‍රමුඛ රාවණ රජුගේ දණ්ඩකාරණ්‍ය රකුස් (රක්+කුස්) සේනාවට පවරා තිබූ එක් වගකීමකි. ඒවිට අයෝධ්‍යාවේ රාජ්‍ය කල දශරථ රජු විසින් තාපස වෙස් ගෙන තම පුත්‍රයන් දෙදෙනා එවන ලද්දෙ එය නැවැත්වීමටයි. ඔවුන් විසින් රාවණ රජුගේ 12000ක් වු රකුස් සේනාව මරාදමන ලද බව කියැවේ.තාපසයන් යනු භාවනා යෝගීව සිටන්නන් මිස අවි ආයුධ දරන්න් නොවේ. තාපස වෙස් රැගෙන වනයට පැමිණී රාම හා ලක්ෂමණගෙන් එ පිළිබදව විමසීම ඒ ප්‍රෙද්ශ පාලිකාව වූ සුපරණීකා විසින් කිරීමෙන් අත් වූයේ ගැටුමක් ඇති වී ලක්ෂමණයන් විසින් ඇගේ නාසය කපා දමා ඇයට නින්දා කීරීමයි. හින්දු සාහිත්‍යෙය් මීනාක්ෂී යන( මාළුවෙක්ගේ මෙන් ඇස් ඇති) නමින්ද හැදින්වෙන සුපර්ණිකා රූමතියකි. අගේ නාසය කැපීමෙන් මහත් නින්දාවට පත් වූ ඇය මේ පීළීබදව ඇගේ පාලකයා වූත් සහෝදරයා වූත් රාවණ රජුට පැමිණිලි කරන ලදි. රාවණ පැමිනෙන්නේ රාමට හා ලක්ෂමණට දඩුවම් දීමට මිස රාමගේ බිරිද සොරකම් කිරීමට නොවේ. මෙය පැහැදිලි වන්නේ ඇය පැහැරගෙන ගියත් ඇයට කිසිදු අතවරයක්., අවහිරයක් නොකර ආරක්ෂාකාරීව තබා ගැනීමෙනි. රාවණට වුවමානා වන්නේ රාමට දඩුවම් දීමටයි. මෙයින් ඇති වූයේ බිහිසුණු යුද්ධයකි. එම යුද්ධයේ දී දක්නට ලැබෙන වැදගත් කරුණු කීහිපයකි එනම් 1. රාම හා ලක්ෂමණ විසින් විභීෂණව මුහුදු ජලයෙන් නහවා අභීෂෙක කරවීම 2. ලංකාව හා ඉන්දීයාව අතර පිහිටි ආදම්ගේ පාලම මිනිසා විසින් කරන ලද නිර්මාණයක් බව වාල්මිකිගේ යුගයේ සිටි මිනිසුන් දැන සිටීම 3. තුන් ලොවක් පාලනය කිරීමේ බලයක් රාවණ රජුට තිබීම 4. රාවණ රජු ඔත්තු සේවා මගින් රාමගේ හමුදා ගැන දැන ගැනීම 5. රාමගේ හිස මවා සීතාට පෙන්වීම 6. ගුවන් විමාන විවධ වෙස් වලට පර්වර්තනය කර ගුවන් ප්‍රහාර එල්ල කිරීම (මෙය භෞතික තාක්ෂණයක් බව විමානික ශාස්ත්‍ර පොතෙහි දක්වා ඇත. 7. වානර හා මිනිස් සටන 8. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් හදේ සිට ලෙස්ර් කිරණ මගින් පහර දීම 9. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් විසින් නාග පාශ්‍ර නම් අස්ත්‍රය හෙලීමෙන් නාගයන් අසූ හාරදහසක් මැවී රාම හා ලක්ෂමණ වෙලාගෙන පහර දීම (මෙබදු විෂ වායු සහිත බොම්බ හෙලීම් ගැන විමානික ශාස්ත්‍ර පොතේ දක්වා ඇත) රාවණගේ මරණයෙන් ලංකාපුරයෙන් කොටසක් මුහුදට ගිලාබසින ලදි. තවත් සමහර කතා පුවත් වලට අනුව නම් විභීෂණගේ පවා දීම් හා රාවණගේ අවිම ඔහුට එරෙහිව භාවිතා කරීම නිසා යුද්ධයෙන් පරාජය වු රජු වෙනත් සමාන්තර ලෝකයකට පලා ගිය බව කියැවේ. ඉසුරුමූණියේ ඇති තාරකා ලංජනය ඇති තැන අතීත ලෝකයේ ලෝක ලෝක අතර ගමන් සදහා යොදගත් බව පැවසේ කෙසේ නමුත් රාම රාවණ යුද්ධයෙන් පසුව රාවණ රජු ගැන හෝ ලංකාවේ රාජාලීය ගැන කරුණු සොයාගැනීම අපහසුය. නැවතත් ලංකාවේ රාජාලිය ඇරාඹෙන්නෙ බුදුන් වහන්සේට සමකාලීන යුගයේ සෙල්ලිපි වලිනි. රාජාලියට අනුව නම් සම්බුද්ධ පරිනිර්වාණයේ දවස් 7කට පසු විජය ලංකාවට ගොඩබසින ලදි. ඒ වන විට රාවණ මිය ගොස් හෝ පලා ගොස් වසර 1844ක් ගෙවී තිබු බවද රාජාවලියේ සදහන්වේ. බුදුන් වහන්සේට සමකාලීනව පනීත රජු සිටි බව කියැවේ. නිවැරදි කාල නිර්ණයන් සහිතව ඉන් පසු රජුන් සොයා ගැනීම අපහසුය. නමුත් නුහුත නැතහෝත් සංඛ්‍ය නැමති රජකෙනෙක් ගැන සදහන් වේ. බින්දු 27 ක් දක්වා ගනන් කිරීම මේ රජු සොයගත් බවක්ද කියැවේ.