සඳකඩපහණේ ඓතිහාසික පසුබිම
කැටයම් කලාව යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුනු දායාදයක් වශයෙන් දැක්වෙ. ලාංකේය කැටයම් කලාව පිළිබඳ හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල,මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහණට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.පැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්‍රභූ ගොඩනැගිලි ආශ්‍රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය "සඳකඩපහණ" ලෙස හදුනාගැනේ. සශ්‍රීකත්වය සහ අභිවෘද්ධිය පිළිබඳ විශ්වාසයන් සමඟ බැදී ඇති සංකේතයක් ලෙස එය මුලදී ගොඩනැගිලි දෙරටු අලංකාරකයක් විය.
මුල් යුගයේ නිර්මාණය වූ සඳකඩපහණ් කැටයමින් තොර වූ අතර පසු කාලීනව හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාවන් මෙම ශෛලමය නිර්මාණය හැඩකරන්නට ඇත. කෙසේවෙතත් සඳකඩපහණ ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලට අනුව එය බෞද්ධ පදනමක් සහිතවූත්, දාර්ශනික අගයකින් යුක්තවූත්, විශිෂ්ට නිර්මාණයක් හා ලෝක උරුමයක් ලෙස ද නම්කර ඇත.
"අඩ්ඩචන්දකපද ගණ්ඨිකා" යන පාලි පදයෙන් බිදී මුල් යුගයේදී "අඩසඳ පහණ" ලෙස හැදින්වූ අතර පසුකාලීනව සඳකඩපහණ ලෙස භාවිතා වී ඇත. සඳකඩපහණේ විකාසනය යුග තුනක් ඔස්සේ දැක්විය හැකිය.
එනම් අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය හා පොළොන්නරු යුගයේ සිට මහනුවර දක්වා වූ යුගය වශයෙනි.
අනුරාධපුර යුගයේ සඳකඩපහණ
අනුරාධපුර යුගය යනු බුදු දහමේ ආලෝකය ලංකාවට ලැබුණු හා සීග්‍ර වර්ධනයක් ඇති වූ රජරට කේන්ද්‍ර කරගත් පළමු රාජ යුගයගි. කැටයම් කලාව ඇතුළු අනෙකුත් ශිල්ප ක්‍රම බොහෝමයක වාගේම සඳකඩපහණේ ආරම්භයද මෙම යුගයේ දී සිදුවේ. තවද එහි වර්ධනයේ උපරිම අවස්ථාවද මෙම යුගයේදීම සිදුවීම විශෙෂ ලක්‍ෂණයකි. විහරදොරටුවක් ආශ්‍රිතව පියගැට පෙළට යාබදව කැටයම් රහිත වූ හතරැස් පාටිකාව සඳකඩපහණේ ආරම්භක අවස්ථාවයි. අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව මෙන්ම ජේතවන විහාර භූමියේ ඇති පාටිකාව ඉහත කරුණට නිදසුන් සපයයි. පසුව මෙහි හතරුස් හැඩය වෙනස්වී අර්ධ කවාකාර කැටයමි රහිත ගල් පුවරුවක් ලෙස සකස් වී ඇත. එවැනි සඳකඩපහණ් ජේතවන විහාර භූමියේ ස්ථාන කීපයකම දක්නට ඇත. එහෙත් තවත් නොබෝ කලක් ගත වනවිට ක්‍රම ක්‍රමයෙන් සඳකඩපහණ කැටයම් කර තිබේ. පළමුව අර්ධ පද්මයද, පසුව සත්ව රූපාවලියද, ඉන් පසුව ලියවැල් ආදී අනෙක් කැටයම් මෙයට ආරෝපනය වී තිබේ.සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කැටයම් පිළිබඳ අධ්‍යනය කිරීමේ දී අනුරාධපුර යුගයේ කැටයම් කරුවාට අද්විතීය ස්ථානයක් හිමි වේ. ඉතා සරල ලෙසත්, චාම් ලෙසත් කැටයම් කිරීම නිසා සඳකඩපහණ මෙම යුගයේදී දැකුම්කළු උසස් නිර්මාණයක් බවට පත් වී තිබේ. තවද ඇත්, අස්, සිංහ, ගව, හංස ආදී සත්ව රූප පිටතට නෙරා එන පරිදි ජීවමාන ස්වරූපයෙන් නිමවා ඇත.අනුරාධපුර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස සලකනු ලබන්නේ බිසෝමාලිගයේ ඇති සඳකඩපහණයි. එහි කැටයම් ඉතා ගැඹුරින් හා සියුම්ව නිර්මාණය කර ඇත. ඒවායේ ප්‍රාණවත් බවක්ද, සතුන්ගේ ගමන් විලාසයෙන් සංසාර ගමන වේගවත් කර පෙන්වයි. එතරම් තාත්වික වෙනත් සඳකඩපහණක් දැකිය නොහැක. අනුරාධපුර යුගයේ සදකඩපහණ විශිෂ්ට කලා නිර්මාණයක් වීමට බලපෑ කරුණු අතර කැටයම් සීමිත කිරීමත් ඒවාට ජීවමාන ස්වරූපයක් හා ප්‍රාණවත් බවක් ආරෝපණය කිරීමත් දැක්විය හැකිය.
පොළොන්නරු යුගයේ සඳකඩපහණ
නොව සත්ව රූප වෙන වෙනම පේළිවල නිරූපණය කර ඇත. තවද ලියකම් ද විශාල වශයෙන් වැඩි වී තිබේ. මෙම කැටයම් බාහුල්‍යය නිසා සඳකඩපහණේ පෙර තිබූ චාම්බව හා ප්‍රසන්න බව හීන වී ඇත.
පොළොන්නරු සඳකඩපහණහි දක්නට ලැබෙන මීලඟ සුවිශේෂී ලක්‍ෂණය වන්නේ ගව රූපය ඉවත් කිරීමයි. මේ සදහා හින්ඳු ආගමික බලපෑම් හේතු වී ඇත. ගවයා හින්ඳු ආගමේ පූජනීය සත්වයෙකි, පයට පෑගීම වැලැක්වීම සඳහා ගවයා සඳකඩපහණෙන් ඉවත් කරන්නට ඇත. තවද මෙම යුගයේ ඇතැම් සඳකඩපහණ් වල සිංහ රූපයද ඉවත්කොට ඇත. ඒ වෙනුවට රටා මෝස්තර, ලියවැල් ආරෝපනය වී ඇත. මෙම යුගයේ කැටයම් කරුවා ගල් බිංදු මෝස්තරය, රටා මෝස්තරය ආදී වශයෙන් තවත් තීරු කිහිපයක් සඳකඩපහණට එකතුකර ඇත.පොළොන්නරු යුගයේ සඳකඩපහණ සීමාඝරය හා වටදාගෙය නම් ස්ථානවල පාටිකා ස්ථානවල පාටිකා ස්වරූපයෙන් පවතින නිර්මාණ හමු වේ. විශේෂත්වය වන්නේ අනුරාධපුර යුගයේ ආගමික ස්ථානවල දක්නට ලැබුනු සඳකඩපහණ පොළොන්නරු යුගයේදී බොහෝ විට රජ මාලිගා අසලද දක්නට ලැබීමයි. මෙම යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස හදුනාගෙන ඇත්තේ පොළොන්නරු වටදාගෙය ආශ්‍රීතව ඇති සඳකඩපහණයි. මීට අමතරව පොළොන්නරු සඳකඩපහණේ දැකියහැකි තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ සත්ව රූප අර්ධ උන්නත ලෙස කැටයම් කර තිබීමයි.
පොළොන්නරු යුගයෙන් පසු මහනුවර යුගය දක්වා
පොළොන්නරු යුගය වනවිට කැටයම් බාහුල්‍යය නිසා අර්ධ කවයකට වඩා විශාල වූ සඳකඩපහණ, මහනුවර යුගය වනවිට ඊටත් වඩා වෙනස් හැඩයක් ගනී. එනම් මෙතෙක් පැවති අර්ධ වෘත්තාකාර ස්වරූපය වෙනස් වී ක්‍රමයෙන් ඉදිරියට නෙරාගිය ආකාරයක් දක්වයි. මහනුවර යුගය වනවිට සඳකඩපහණෙහි අර්ධ පත්මය සම්පූර්ණ පියුමක් ලෙස නිර්මාණය කොට ඇත. ලියකමින් හා මල් කමින් අලංකරණය වූ නිසා සත්ව රූප ඉවත්ව ගොස් ඇත. ත්‍රිකෝණාකාර ස්වරූපයක් දක්වන මහනුවර යුගයේ හොදම සඳකඩපහණ හමුවන්නේ දළඳා මාළිගයෙනි.
තවද ගංගාරාමය, මහනුවර විෂ්ණු දේවාලය, දෙගල් දෙරුව, ගඩලා දෙනිය, ලංකා තිලක, අස්ගිරි විජය සුන්දරාරාමය වැනි විහාරාරාම වලද මහනුවර යුගයට අයත් සඳකඩපහණ දක්නට ලැබේ.සඳකඩපහණේ නිරූපිත දාර්ශනික අගය
සඳකඩපහණ විශිෂ්ඨ කලා නිර්මාණයක් ලෙස හැදින්වීමට හේතු වන්නේ එහි ඇති කැටයම් වලින් නිරූපණය වන භාවය හා දාර්ශනිකමය වටිනා කම නිසාවෙනි. මෙහි දාර්ශනික වටිනාකම පිළිබඳ විවිධ මත පලකල උගතුන් අතර මහාචාර්ය පරණ විතාන, මහාචාර්ය එච්. සී. පී. බෙල්, මහාචාර්ය හොකාර්ට්, මහාචාර්ය විනී විතාරණ හා සී. ටී. දේවේන්ද්‍ර යන විද්වතුන් ප්‍රමුකස්ථානයක් ගනී.සිංහල බෞද්ධ කලා ශිල්පියාගේ කලා කෞශල්‍යය ප්‍රකට කිරීම සඳහා නිරූපිත හොදම නිර්මාණය සඳකඩපහණ බව " හොකාර්ට් මහතාගේ" මතයයි. තවද ඔහු පවසන පරිදි කලා නිර්මාණයක තිබිය යුතු නිර්මලත්වය හා චාම් සුන්දරත්වය සඳකඩපහණෙහි අන්තර් ගත වී ඇත.
ඇත්, අශ්ව, හංස, ගව යන සතුන් හතර දෙනාගෙන් සැඳුම්ලත් අලංකාර සත්ව පේලිය පමණක් විග්‍රහ කරණ එච්. සී. පී. බෙල් නම් වු පුරා විද්‍යාඥයා මීට වෙනස් වූ අදහසක් ප්‍රකාශ කරයි. ඔහුගේ මතයට අනුව මෙම නොනැවතී ගමන් කරණ සිවුපාවුන් හතර දෙනා මගින් සිවු දෙසින් එන භික්‍ෂූණ් වහන්සේලාට එකී ආරාමය විවෘතව ඇති බව ප්‍රකාශ වේ.
සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කලා නිර්මාණ වල ඇති සෞන්දර්යාත්මක බව අභිබවා, වෙනස් ආරයකින් පරීක්‍ෂණ පැවත් වූ මහාචාර්ය විනී විතාරණ මහතා මෙහි කැටයම් සම්භන්ධයෙන් විශේෂිත වූ අදහස් ප්‍රකාශ කරයි. ඔහුගේ මතයට අනුව සඳකඩපහණ සූර්ය හා චන්‍ද්‍ර යන දෙවි වරුන් දෙදෙනා හා සශ්‍රීකත්වය ඇදහීම සඳහා නිර්මාණය කරණ ලද්දකි. ඔහුට අනුව පද්මය සෞඛ්‍ය හා වාසනාව නිරූපනය කරයි, ලියවැල සියළු වෘක්‍ෂලතා වල ජීවය සංකේතවත් කරයි. තවද මෙහි දැක්වෙන සත්ව රූප විවිධ දෙවිවරුන්ගේ වාහන සංකේතවත් කරයි. නිදසුනක් ලෙස හංසයා බ්‍රහ්මගේ ආසනයද, ඇතා ඉන්‍ද්‍රගේ අසනය බවද දක්වයි.
සී. ටී. දේවේන්‍ද්‍ර මහතා සියළු සඳකඩපහණ් පිළිබඳ පොදු මතයක් දක්වයි. ඒනම් " සඳකඩපහණ යනු විහාර හා ගෙඩනැගිලි දෙරටු අලංකාර කිරීම සඳහා යෙදාගත් සාර්ථක උපායක්" ය යන්නයි.
මෙම සියළු විද්වත් මතවාද අභිබවමින් සමස්ථ බෞද්ධ මතයට සාපේක්‍ෂ වන පරිදි හරවත් හා සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමට මහාචාර්ය පරණ විතාන මහතට හැකිවිය. ලංකාවේ සියළු සඳකඩපහණ් පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පුසුව "අනුරාධපුර බිසෝ මාලිගයේ සඳකඩපහණ" විශිෂ්ටතම සඳකඩපහණ ලෙස එම මහතා විසින් නම් කරනු ලැබීය. ලංකාවේ පමනක් නොව දැනට ලෝකයේ ඇති වටිනාම සඳකඩපහණ ලෙසද මෙය සලකනු ලබයි. පරණ විතාන මහතා එම සඳකඩපහණ ආශ්‍රිතව තම විග්‍රහය ඉදිරිපත් කරයි.
පළා පෙති මෝස්තරය, නොනැවතී ගමන් කරන සිවුපා රූප පේලිය, විශාල ලියවැල, හංසා වලිය, කුඩා ලියවැල, අර්ධ පද්මය යනාදී වශයෙන් ප්‍රධාන කැටයම් ඔස්සේ පරණ විතාන මහතා අදහස් ඉදිරිපත් කරයි. ගිනිසිළුවන් පිටතට විහිදෙන පළා පෙති මෝස්තරයෙන් දැක්වෙන්නේ, රාග, ද්වේශ, මෝහ ගින්නෙන් සත්වයා දැවෙන බවයි. නොනැවතී ගමන් කරන ඇත්, අශ්ව, සිංහ හා ගව සත්ව රූප පේළියෙන්, ජාති, ජරා, වියාධි, මරණ, යනාදී ඉපිද ඉපදී මැරි මැරී යන භව චක්‍රය නිරූපණය කරයි. විශාල ලියවැල තන්හා ලතාවයි මෙලොව උපදින සියළු සත්වයෝ එකී තෘෂ්ණා ලතාවෙන් වෙලී බැදී පැටලී සිටින බව දක්වයි. හංසාවලිය මගින් පෙර කී තෘෂ්ණා ලතාවෙන් මිදීම සඳහා ආර්ය මාර්ගයට පිළිපන් අර්ය ශ්‍රාවකයන් නිරුපනය කරයි.
කුඩා ප්‍රමාණයේ ලියවැල ආර්ය මාර්ගයේ හැසිරීම නිසා තුනී කරගෙන ඇති තෘෂ්ණාව නිරූපණය කරයි. විකසිත අර්ධ පද්මය බ්‍රහ්ම ලෝකය හෝ නිර්වාණය නිරූපණය කරයි.
මෙම බෞද්ධ දාර්ශනික සිද්ධාන්තය අනුරාධපුර බිසෝමාලිගයේ සඳකඩපහණ සේම තවත් බොහෝ සඳකඩපහණ් වලට තේමාව වූ බව සඳහන් කල හැකිය. නමුත් මෙය සියළු සඳකඩපහණ් වල තේමාව ලෙස ගත නොහැකිය. මන්ද යත් මෙම තේමාවෙන් තොර සඳකඩපහණ් ලංකාවේ මෙන්ම ඉංදියාව, චීනය වැනි වෙනත් රට වලද දැකිය හැකි නිසාවෙනි. නමුත් සඳකඩපහණ මගින් සංසාරයත් නිවණත් සංකේතවත් කර ඇත්තේ සිංහල කලා කරුවා පමණි.
චායාරූප ගැලරිය පහත ඇත
අනුරාධපුර යුගයෙන් ඇරබෙන සඳකඩපහණේ හැඩය පවා පසු කාලයේ දී වෙනස් වි ඇත. මුල් යුගයේ දී කැටයම් රහිත පාටිකා ලෙස තිබිනි. පසුව ක්‍රමයෙන් අර්ධ කවාකාර හැඩයක් ගෙන කැටයම් වලින් අලංකාරවත් විය. ඒ ඒ යුගයන් අනුව කැටයම් වල ස්වරූපය වෙනස් වෙමින් පැවත ආවේය. භාරතයෙන් බුදු දහමත් සමඟ ලංකාවට පැමිණි කැටයම් කලාවේ එක් අංගයක් වූ සඳකඩපහණ අනුරාධපුර, පොළොන්නරු, මහනුවර ආදී යුග ඔස්සේ විකාසනය වී පසුව එය චීනය, ජපානය, බුරුමය, තායිලන්තය වැනි රටවල් කරා ද ව්‍යාප්ත වී ඇත.
උපුටා ගැනීම:-විකිපීඩියා අඩවියෙනි...
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සඳකඩපහණ යනූවෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි.එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ "සොපාන හෙට්ටිචන්දපාෂාණ" යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස කෙරිණ. සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක.සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.
අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි.එයින් අදහස් වන්නේ සාමාන්‍ය ලෝකය කරදර,දුක්ගැහැට,වලින් පිරී තිබෙන බවයි.
අනතුරුව දැක්වෙන සතුන් සතර දෙනාගෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණදීමට සිදුවන ජාති,ජරා,ව්‍යාධි,සහ මරණ යන සතර භයයි.අනතුරුව දැක්වෙන ඝන ලියවැල මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාව දක්වයි.ඊ ළඟට දැක්වෙන හංස පේළියෙන් කියවෙනුයේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බවයි.එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනීවන බව දැක්වීමට ඊළඟට තුනී වු ලියවැලක් දක්වා ඇත.අවසාන වශයෙන් නෙලුමෙන් දැක්වෙනුයේ මෙම ස්ථානයට ඇතුළුවීමෙන් පසුව සිතේ ඇතිවන පිරිසිදු බවත් එය නිර්වාණයට මාර්ගය බවත් ය.
පොළොන්නරැ යුගයේදී එනම් දොළොස්වන සියවසේ දී හින්දු ආගමික බලපෑම තදින්ම ඇතිවීමත් සමඟ ගවරූපය ඊශ්වර දෙවියන්ගේ වාහනය ලෙස සළකන හෙයින් එය කැටයම් යලින් ඉවත් කරන ලදි.පසු කාළයේදී විවිධ හැඩයෙන් යුතු සඳකඩපහණ් දක්නට ලැබේ.
සඳකඩපහණේ නිමිත්ත
- එම්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කරනු ලබන්නේ සඳකඩ පහණ සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි.
- සෙනරත් පරණවිතානමොහුගේ මෙම අදහස අනුව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරුවේ පෙනෙන ගිනිදල් මෝස්තරය කමාග්නියේද කෝධාන්තියේද සංකේතයකි. ඇතා අශ්වයා ,සිංහයා,වෘෂභයා, යන සතුක් සිව්දෙනා සංකේතවත් කරන්නේ ඡාති,ඡරා,ව්‍යාධි, මරණ යන සතර බියයි.ලියවැල වු කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාවද දක්වන සංකේතවේ. මේ අනුව මුළු සදකඩපහණ ම සංසාරය පිළිබඳ සංකේතයකි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පූර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වූ භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාන මහතා කියයි.මෙම අර්ථකථනය නිර්මානාත්මක වූවද සංසාරය එතෙර වීම වැනි ශුද්ධ වූ අදහසක් නිරූපනය වන සදකඩපහණ පයට පෑගෙන ස්ථානයක තබනු ඇතැයි ද යන සැකය මතු වේ.
සඳකඩපහණක සැලැස්ම හා පිහිටීම
___________________________________________________________________________________
අනුරාධපුර යුගය
බිසෝ මලිගයේ පිළිමගෙයි සඳකඩපහණ: -
දාර සහිත සඳකඩපහණක්: -
මහසෙන් මාලිගාවේ පිළිමගෙයි සඳකඩපහණ:-
සිංහ රූපය රහිත අභයගිරියේ සඳකඩපහණ:-
අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව: -
පාටිකාව අඩ කවයකට පරිවර්ථනය වීමේඅවස්ථාවක්: -
අඩ කව ආකාරය ගත් කැටයම් රහිත සඳකඩපහණක්: -
___________________________________________________________________________________
පොළොන්නරු යුගය
සීමාඝරයේ පාටිකාව -පොළොන්නරුව:-
වටදාගෙයි සඳකඩපහණ:-
බද්ධ සීමා ප්‍රාසාදයේ උතුරු පැත්තෙහි සඳකඩපහණ:-
බද්ධ සීමා ප්‍රාසාදයේ දකුණු පැත්තෙහි සඳකඩපහණ:-
_______________________________________________________
මහනුවර දළදා මාලිගයේ සඳකඩපහණක්:-
මහනුවර දළදා මාලිගයේ සඳකඩපහණක්:-
මහනුවර ගංගාරාමයේ සඳකඩපහණ:-
දෙවුන්දර විහාරයේ සඳකඩපහණ :-
_______________________________________________________
බෙලිගල සඳකඩපහණ :-
මුතියංගනයේ සඳකඩපහණ බදුල්ල:-
මිහින්තලේ සෙල්ලිපි සහිත සඳකඩපහණ:-
0Awesome Comments!