ශ්‍රී ලංකා‍වෙ පූජනීය ස්ථාන



  •  1 මහියංගනය
  • 2 නාගදීපය
  • 3 කැළණිය
  • 4 ශ්‍රී පාදය
  • 5 ඳිවාගුහාව
  • 6 දිඝවාපිය
  • 7 මුතියංගණය
  • 8 තිස්සමහාරාමය
  • 9 ශ්‍රි මහා ‍බෝධින් වහන්සේ
  • 10 මිරිසවැටිය
  • 11 රුවන්වැලිසෑය
  • 12 ථුපාරාමය
  • 13 අභයගිරිය
  • 14 ඡේතවනාරාමය
  • 15 කිරිවෙහෙර
  • 16 මිහින්තලය
  • 17 ඉසුරුමුණිය
  • 18 ලංකාරාමය
  • 19 ශ්‍රි දළදා මාළිගාව
  • 20 අළු විහාරය
  • 21 කුඩාගල ලෙන් විහාරය
  • 22 හිරිගඬු සෑය
  • 23 සේරුවිල මංගල මහා විහරය
  • 24 ලෝවාමහාපාය
  • 25 සෝමාවති සෑය
  • 26 යටාල වෙහෙර
  • 27 දිඹුලාගල
  • 28 බෙල්ලන්විල රජමහා විහාරය
  • 29 සිතුල්පවුව
  • 30 ගඩලාදෙණිය
  • 31 පඬුවස්නුවර
  • 32 රිදී විහාරය
  • 33 කවටයමුනේ
  • 34 වට්ටාරම
  • 35 ලංකාතිලකය
  • 36 වැවුරුකන්නල
  • 37 වෙහෙර හේන
  • 38 මුල්කිරිගල
  • 39 බුදුරුවගල
  • 40 දෙවිනුවර
  • 41 රත්නපුර සමන් දේවාලය
  • 42 කතරගම දේවාලය
  • 43 සෙල්ල කතරගම
----------------------------------------------------------------------------------------------------------------------------

මහියංගනය

මහියංගනය සමන් දෙවියන් විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම සෑයෙහි බුදුන් වහන්සේගේ ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිදන් කර ඇතිබව සදහන් වෙයි. චුලාභය රජු විසින් තිස් ----රියන් කොට තනවන ලදි.පසුව දුටු ගැමුණු විසින් අසූ රියන් කොට තනවන ලදි. ශ්‍රි ලංකාවේ පුථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩි.ඵස් සේනානායක මහාතාගේ මුලිකත්වයෙන්1948 දි පුතිසංස්කරන කටයුතු කරන ලදි.
-----------------------------------------------------------------------------------

නාගදීපය

මිණි පළගක් නිසා සටන් වැදුනු චුලෝදර මහෝදර රජවරුන්ගේ අරගලය සංසිදුවාලිම සදහා දෙවෙනවරට ලක්බිමට වැඩමකල බුදුන් වහන්සේ වැඩසිටි තැන මිනි පළඟ නිදන් කොට තැනවු ‍චෛත්‍යය වරින්වර රජ පැමිනි රජවරුන් විසින් පිළිසකර කරවන ලදි.ත්‍රස්තවාදි අරගල ‍හේතුවෙන් වසර විස්සක් පමණ වන්දනාමාන කිරිම අපහසු විය.
-----------------------------------------------------------------------------------

කැළණිය

බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වස භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් සමඟ කැලණියට වැඩමකර නාග ගෝත්‍රිකයන්ට ධර්ම ‍දේශනා කළ තැන මැණික් පුටුව නිදන් කර තනවන ලදි. යටාලතිස්ස රජු විසින් මෙම චෛත්‍යය උසින් රියන්60ක් හා වට ප්‍රමාණය රියන් 120වන සේ කරවන ලද අතර මෙහි විසේසත්වයක් ගන්නේ විභිෂණ දේවාලයයි.
-----------------------------------------------------------------------------------

ශ්‍රී පාදය

කැලණියට වැඩමකල බුදුන් වහන්සේ සමන් දේවියන්ගේ ආරාධනය අනුව තම වම් සිරිපා සලකුන මෙහි තැබු බව පිළිගැනෙයි. නිස්සංකමල්ල රජු විසින් සිරිපා ලකුණ තැබු ඉන්ඳනිල මාණික්‍යය ආරක්ෂා කිරිම සදහා ගල් තලාවකින් වසා සිරිපා සලකුණක් නිමවා ඇත.
-----------------------------------------------------------------------------------

ඳිවාගුහාව

ඳිවාගුහාව සමනලගිර සිරිපා සටහන් තබන ලඳ බුදුරඡානන් වහන්සේ සමවත් සුවයෙන් දිවා කාලය ගතකල ස්ථානයයි. වර්තමානයෙහි මේ ස්ථානය පිලිබදව නොයෙක් මතිමතාන්තර පවති.
------------------------------------------------------------------------------------

දිඝවාපිය

කි.පු 137දි සද්දාතිස්ස රජු විසින් කරවන ලද මෙම චෛත්‍යය රාඡයා තෙවෙනි වරට බුදුන්වහන්සේ වැඩමකරන ලද අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩසි‍ටි ස්ථානයෙහි කරවන ලද්දකි. සර්ඥ ධාතුන් වහන්සේලා නිදන්කොට ඇත.මුතියංගනය-දෙවන පෑතිස් රජු විසින් කරවන ලද්දකි. මුද්ගලු වෙහෙර නමින් පළමුව හැදින්විනි.දෙතිස්ඵල බෝධින් වහන්සේලාගේ ඵක් නමක්මෙහි රෝපණය කර ඇත.
------------------------------------------------------------------------------------

මුතියංගණය


මුතියංගන දාගැබ
මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.
වන්දනා ගාථාව
විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි
සිංහල අර්ථය
සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴
-----------------------------------------------------------------------------------

තිස්සමහාරාමය

තිස්සමහාරාමය බුදුරඡානන් වහන්සේ තුන්වැනි වරට ශ්‍රි ලංකා දිපයට වැඩමකල ගමනේදි සමවත් සුවයෙන් වැඩසිටි ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් ක්‍රි.පු 218 දි ඉදි කරවන ලද්දකි.
------------------------------------------------------------------------------------

ශ්‍රි මහා ‍බෝධින් වහන්සේ


අති තිලෝගුරු සම්මා සම්බුදු පියානන් වහන්සේ බුද්ධත්වය සාක්ශාත් කර ගැනිම සඳහා පිටඳුන් ‍බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. සංඝමිත්තා තෙරණිය විසින් මෙම බෝධින් වහන්සේ ශ්‍රි ලංකාවට වැඩම කරවන ලදි. ඵ් දෙවානමි පියතිස්ස රජ සමයේය.
------------------------------------------------------------------------------------

මිරිසවැටිය

දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍ය වු මෙහි උස අසු රියන් පමණ වන අතර සර්වඥ ධාතුන් මෙහි නිදන්කර ඇත.
------------------------------------------------------------------------------------

රුවන්වැලිසෑය

දුටුගැමුණු රජතුමා මගින් ඉදිකරවන ලද මෙහි වැඩ නිමකරවන ලද්දේ සද්දාතිස්ස රජු විසිනි. සර්වඥ ධාතුන් වහන්සේලා,රන් බුදුපිළිම, රන්,රිදි, හා මුතු මැණික් මෙහි නිදන් කර ඇති බව කියවේ. -----------------------------------------------------------------------------------

ථුපාරාමය

දේවානම්පිනතිස්ස රජු විසින් ඉදිකරවන ලදි.බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයකි.
-----------------------------------------------------------------------------------

අභයගිරිය

වළගම්බා රජු විසින් කරවන ලදි. ගිරිනම් නිගණ්ඨයා සිටි ස්ථානය නිසා අභයගිරි නම් වු බව සදහන්ය. සරවඥ ධාතුන්,රන්පත්වල ලියු ත්‍රිපිටකය මෙහි නිධන් කර ඇති බව කියවේ. -----------------------------------------------------------------------------------

ඡේතවනාරාමය

මහසෙන් රජු විසින් ජෝති නම් වු උද්‍යනයක කරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ වු බව කියවේ. බුදුන් වහන්සේගේ පටි ධාතුව සමඟ සර්වඥ ධාතුන් නිධන්කොට ඇත.
-----------------------------------------------------------------------------------

කිරිවෙහෙර

බුදුන්වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි ස්ථානයකි. මහාසේන රජු විසින් කිහිරි ගසක් මුල ඉදිකරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ බව සඳහන් වේ.
------------------------------------------------------------------------------------

මිහින්තලය

මිහින්තලය සේළ චෛත්‍යයි. ගලක් මත ඉදිකර ඇති නිසා ශෛල චෛත්‍යය නමින් හැඳින්වෙන මෙම චෛත්‍ය රාජයා ක්‍රි.ව 18 දි මහානාග රජු විසින් කරවන ලද්දකි. බුඳුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතු නිදන් කොට ඇත.
-----------------------------------------------------------------------------------

ඉසුරුමුණිය

දෙවන පෑතිස් රජු මගින් ක්‍රි.පු 3වන සියවසේදි කරවන ලදි. දන්ත කුමරු විසින් දළදා වහන්සේ රැගේන පළමු කොට මෙම ස්ථානයට පැමිණි බව කියවෙන අතර කලාත්මක ස්රූපයෙන් නෙත් සිත් ඇඳ ගන්නා පින් බිමක් වශයෙන් හැඳින්විය හැක.
-----------------------------------------------------------------------------------
ලංකාරාමය
             වලගම්බා රජු ද්‍රවිඩයන් හා යුද වැදි පරාජය වි පළාගොස් සැඟව සිටි ගල් හෙබකය නම් වු ස්ථාන‍යෙහි මෙම චෛත්‍ය කරවා ඇති අතර මෙහි සර්වඥ ධාතුන් නිධන් කර ඇත.
-----------------------------------------------------------------------------------

ශ්‍රි දළදා මාළිගාව

                සෙංකඩගල රජකල විමලධර්ම සුරිය රජු විසින් කරවන ලද දළදා මැදුර දෙවන විමලධර්මසුරිය රජතුමා විසින් තුන්මහල් කර තනවන ලදි.

-----------------------------------------------------------------------------------

අළු විහාරය

            වළගම්බා රජු විසින් කරවන ලද්දකි. ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාවේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදි.

-----------------------------------------------------------------------------------

කුඩාගල ලෙන් විහාරය

                    පොළොන්නරුව, මොණරාගල අතර පිහිටා ඇති ක්‍රි .පු 3සියවසට අයත් ලෙන් විහාරයකි. මෙහි චිත්‍ර ජාතක කථා නිර්මාණ සම්ප්‍රදායට අයත් වේ.

-----------------------------------------------------------------------------------

හිරිගඬු සෑය

               භාවනායෝගිව වැඩවිසු රහතන් වහන්සේලා සිටි ස්ථානයක් වන අතර මෙය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට සැතපුම් 30ක් දුරිනි.

-----------------------------------------------------------------------------------

සේරුවිල මංගල මහා විහරය 

                      බුදුන් වහන්සේගේ ලලාට ධාතු නිධන් කර කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දකි.

-----------------------------------------------------------------------------------

ලෝවාමහාපාය

දුටුගැමණු රජතුමා විසින් කරවන ලද්දකි. සද්ධාතිස්ස,ගෝඨාභය වැනි රජවරුන් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු කරවන ලදී.

--------------------------------------------------------------

සෝමාවති සෑය

රියන් 100 කින් උස හා වට ප්‍රමාණය රියන් 150 ක් වනසේ ගිරි අභා රජු විසින් ඉදිකරවන ලදි. බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැම්පත්ව ඇති බව සැලකේ.

--------------------------------------------------------------

යටාල වෙහෙර

මහානාග රජු විසින් කරවන ලද්දකි. රහතන් වහන්සේලා වැඩසිටි ස්ථානයක් වු මෙය රුහුණු මාගම රාජධානිය තුල ඉදිකරන ලද ප්‍රථම චෛත්‍යය වශයෙන් සැලකෙන අතර සර්වඥ ධාතුන් නිදන් කර ඇති බව සදහන් වේ.

--------------------------------------------------------------

දිඹුලාගල

භාවනායෝගි භික්ෂුන් වහන්සේලා වෙසන ලෙන් සහිත පුජනිය ස්ථානයකි. දේවානම් පියතිස්ස රජතුමා මෙහි වෙහෙර ‍විහාර කටයුතු කර ඇත.

--------------------------------------------------------------

බෙල්ලන්විල රජමහා විහාරය

දෙතිස්ඵල බෝධින් වහන්සේලා සහ අත්‍යලංකාර වු බුදුමැදුරකින්ද, දෙවාලයකින්ද සමන්විතය.

--------------------------------------------------------------

සිතුල්පවුව

ගල් ලෙන් සහිත ස්ථානයක් වු මෙහි විහාර, දාගැබ් ඉදිකරවා රහතන් වහන්සේලාට පුජා කරන ලදි. -

--------------------------------------------------------------

ගඩලාදෙණිය

හතරවෙනි බුවනෙකබාහු රජු විසින් කරවන ලද්දකි. දොලොස් රියන් බුද්ධ ප්‍රතිමාවක්, චෛත්‍ය රාජයෙක් සහ ආනන්ද බොධියද මෙහි වෙයි. -

--------------------------------------------------------------

පඬුවස්නුවර

කුරුණෑගල හා දඹදෙනි යුගයන්හි දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂිත ස්ථානයක් වු මෙහි විහාර කර්මාන්ත කරවන ලද්දේ දෙවැනි පෑතිස් රජු විසිනි. -

--------------------------------------------------------------

රිදී විහාරය

රුවන්වැලි සෑය ඉදිකරන සමයෙහි රිදී මතුවු ස්ථානයක් පදනම් කරගෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක් වු මෙම විහාරය ආමණ්ඩ,ගාම්ණි,අභය,කිර්ති ශ්‍රි රාජසිංහ වැනි රජවරුන් මගින් විටින් විට ප්‍රතිසංස්කරන කටයුතු කරන ලදි.

--------------------------------------------------------------

කවටයමුනේ

ක්‍රි.ව 1800 දි කරවන ලද මෙම විහාරය සීවලි මහරහතන් වහන්සේගේ ධාතු නිධන් කර තැනු චෛත්‍යයකින් හා අලංකාර චිත්‍ර, මුර්ති වලින්ද සමන්විතය.

--------------------------------------------------------------

වට්ටාරම

පොල්ගහවෙල සිට සැතපුම් 3ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයෙහි මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි බව සඳහන්ය.

--------------------------------------------------------------

ලංකාතිලකය

ගඩලාදෙණියේ සිට සැතපුම් 2 ක් පමණ දුරින් පිහිටි මෙම විහාරය ක්‍රි.ව 1347 දී බුවනෙකබා රජු විසින් කරවන ලදී.

--------------------------------------------------------------

වැවුරුකන්නල

මුල්කිරිගල සිට සැතපුම්14ක් පමණ දුරින් පිහිටියේය. සර්වඥ ධාතුන් සහ රහතන් වහන්සේලා 400ක් පමණ ධාතු නිධන් කර ඇතිඅ චෛත්‍යක් වේ. --------------------------------------------------------------

වෙහෙර හේන

චෛත්‍ය, පුරාණ මහ බෝධිය,80 රියන් බුදු පිළිම වහන්සේ නිසා සුප්‍රසිද්ධ වු මාතර වෙහෙරහේනේ රජමහා විහාරය පිහිටා ඇත.

--------------------------------------------------------------

මුල්කිරිගල

සද්ධාතිස්ස රජතුමා මගින් කරවන ලද මෙම ලෙන් විහාර 3ක් හා චෛත්‍ය රාජයෙක්ද වෙයි. මෙය පිහිටා ඇත්තේ තංගල්ලේ සිට සැතපුම් 12ක් පමණ දුරිනි.

--------------------------------------------------------------

බුදුරුවගල

වළගම්බා රජු විසින් කරවන ලද්දකි. වැල්ලවායේ තිස්ස පාරේ සැතපුම් 3ක් පමණ රින් පිහිටා ඇත.දේගල්දොරුව රජමහා විහාරය-කීරිති ශ්‍රි රාජසිංහ රජු විස්න් කරවන ලද්දකි.

--------------------------------------------------------------

දෙවිනුවර

ක්‍රි.පු.655 දී දාපුලුසෙත් රජතුමා විසින් කරවනලදී. සියලු විහාර කර්මයන්ගෙන් සම්පුර්ණ වු මෙම වෙහෙර බිමෙහි පුරාණ නටඹුන් දැකිය හැකි අතර පෙර ශීල්ප ශාස්ත්‍රයට කේන්දස්ථානයක් විය. 

--------------------------------------------------------------

රත්නපුර සමන් දේවාලය

සබරගමුවෙහි රත්නපුර පිහිටි සමන් දේවාලය වසරක් පාසා පෙරහැර පවත්තන දේවාලයක් වන අතර 1236 දි දඹදෙණිය රාජධාණියේ රජකල පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකු මගින් කරවන ලද්දකි.

--------------------------------------------------------------

කතරගම දේවාලය

දුටුගැදුණු රජතුමා කරවන ලද්දකි. ඉංදියාවේ සිට ආ කන්දසාමි නැමැත්තෙක් තමන්ගේ ශිලභාවනා ආදියෙන් බොහෝ හාස්කම් කරමින් මෙම ස්ථානයෙහි ජිවත් වු බවත්, ඔහුගේ ඈවැමෙන් ඔහු කතරගම දේවියෝ යනුවෙන් සෙසු ජනයාගේ පුද පුජාවට ලක්වු බවතු ජනප්‍රවාදයෙහි සද‍හන් වේ.

--------------------------------------------------------------

සෙල්ල කතරගම

කතරගම මැණික් ගඟ මැදිකොට පිහිටියේය.වල්ලි අම්මා කඳ කුමරුට මුණ ගැසුණු ස්ථානය වශයෙන් සැලකෙයි. දුටුවන් විශ්මයට පත්කරවමින් මෙහි පවත්වන ගිණි පෑගිමේ උස්සවය දේව භක්තිය මොනවට විදහාපායි.

 

 

 

 

 

 

 

යාපනය රාජධානිය

යාපනය දිස්ත්‍රික්කය

යාපනය රාජධානිය (ක්‍රි.ව. 1215 – 1619) ආර්ය චක්‍රවර්ති රාජ්‍ය ලෙසද හදුන්වයි. වර්ථමාන ශ්‍රී ලංකාවේ උතුරේ තිබුණු එය ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ආක්‍රමණයෙන් පසුව පැවත එන්නේය. ඉන්පසුව 1250 දී ප්‍රවේණි ගත රාජ්‍යයක් විය. පසු කළේක පාණ්ඩ්‍යය අධිරාජ්‍යය කැබලි වු පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍ය යටත්ව සිටියදී මෙම රාජ්‍ය 14 වන සියවසේ මුල සිට මැද භාගය දක්වා ශ්‍රී ලංකාවේ නැගි එන බලවතෙක් වී සිටියේය. කෙසේ නමුදු 1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය.
1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල ශ්‍රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්‍යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වුයේ මෙම රාජ්‍යය තුළයි. මෙම කාලය තුල ප්‍රාදේශිය වශයෙන් දෙමළ සාහිත්‍යයක් බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව හින්දු කොවිල් ද ගොඩ නැගුණි.
1505 දී පෘතුගිසීන් ශ්‍රී ලංකාවට පැමැණියහ. අභ්‍යන්තර සිංහල රාජ්‍යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්‍ර සන්දිය හරහාය. පොක් සමුද්‍ර සන්දිය යුද්ධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. ඒ තුල ලංකාව පිහිටා තිබීමෙන් දේශපාලනික අර්බුදයක් නිර්මාණය විය. බොහෝ රජවරු එකිනෙකා හා ගැටුණු අතර අවසානයේ පෘතුගිසීන් සමග සමාදානයෙන් කටයුතු කළහ. 1617 දී යාපනය රාජ්‍යයට උරුම කරුවෙකු නොවු 11 සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය. සංගිලි පරාජය විය. එයින් පසු එතෙක් එහි පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය.
-----------------------------------------------------------------------------------

මුල්කාල පරිච්ජේදය

රාජ්‍යයේ ආරම්භය පිලිබදව ආරංචි නැත. ඒ පිලිබද ඉතිහාසඥයින් අතර තාමත් වාද විවාද පවතී. පැරණි සිංහල රජ සමයේ උත්තර දේශයේ (ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්‍යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති. ප්‍රධාන ප්‍රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්‍රපාල වැන්නවුන් ප්‍රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්‍රවර්ති රාජ්‍ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්‍රමනිකයාගෙන් පසුව බවයි. මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්‍රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. (මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්‍රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.)
1250 දී පමණ පාණ්ඩ්‍ය කප්පම් ගෙවු ප්‍රදේශ - පසුව ශ්‍රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්‍රදේශය ඇතුලය.
රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’ චෝල අධිරාජ්‍යයට කප්පම් ගෙවු යටත් රාජ්‍යයක් ලෙස තම රාජ්‍යය පත්වා ගෙන ගියේය. මෙම කාලයේදී (1247) මැලේ ජාතික අධිපතියෙකු මෙන්ම මුහුදු කොල්ලකරුවෙකු වු චන්ද්‍රබාහු නැමැත්තෙක් තාමු ලිංගයෙන් පැමිණ දේශපාලන වශයෙන් කැබලි වී තිබු දිවයින ආක්‍රමණය කළේය. දඹදෙණියේ 11 පරාක්‍රම බාහු රජුට (1236 – 70) මෙම ආක්‍රමණය ව්‍යවර්ථ කෙරීමට හැකි වුවද චන්ද්‍රභානු යාපනයට ගෙ‍‍ාස් (1255 දී පමණ) මාඝ ගෙන් කිරුළ ආරක්ෂා කර ගත්තේය. මෙම සිද්දිය දකුණු ඉන්දියාවේ පණ්ඩ්‍ය අධිරාජ්‍යයට මැදිහත් වීමට කරුණක් වු අතර චන්ද්‍රභානු 1258 දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යයට යටත් විය. දෙවැනි වරට දකුණු ප්‍රදේශය ආක්‍රමනය කිරීමට චන්ද්‍රභානු නැව් නැගුණු නමුදු එම අවසුථාවේදී පාණ්ඩ්‍යයන් නැවත වරක් සිංහල රජුගේ ආරක්ෂාව පිණිස පැමිණියහ. ඔව්හු 1262 දී චන්ද්‍රභානු මරා එම ආක්‍රමණ නිසා පාණ්ඩ්‍ය දුර්වල වු විට ආර්ය චක්රවර්තිගෙන් පසු බිහි වු රජවරු යාපනය ස්වාධීන රාජ්‍යයක් කරගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය බලවෙතකු බවටද පත් විය. ඉන්පසු යාපනයේ රජුන් වු සියලු රජවරු කාලිංඝ මාඝ වශයෙන් හදුනාගෙන ඇති කුලින් ‍ෙගයි චක්‍රවරිති නැමැත්තා‍ෙග් පැවත එන අය බව ඔවුන්ගේ පරම්පරා නම් ගැන ලේඛණ පවත්වා ගෙන යන ස්වාමි ඥාණප්‍රකාශණ සහ මුදලියාර් රාසනායගම් කියා සිටිති.

රජ පෙළපත විරුදාවලී කීපයකට හිමිකම් කීවේය. ඒවා නම්
  1. සේතුකාවලන් - (තේරුම - රාමේශ්වරම් කෝවිලේ ආරක්ෂක භාරකාර )
  2. සින්ගයි අරියන් - (සින්ගයි නගර් නමැති නගරයෙන් නල්ලුර් අගනුවරට වෙනත් යමකි.)
  3. ගංගෙයි නාදන් - (ගංගා පෙළපත හෝ ගංගා නම් නදී ආශ්‍රිත ප්‍රදේශයේ සමුබවය වු බවට)
යනාදී ඒවා වේ. දේශපාලනමය වශයෙන් මෙය 13,14 ශත වර්ෂ වලදී කප්පම් ගෙවු ප්‍රදේශයේ රාජ්‍යයන් කීපයක් සහිත ව්‍යාප්ත බලයෙන් යුත් එකක් විය. කෙසේ වෙතත් එය දකුණු ඉන්දීයාවේ විජය නගර් අධිරාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යය සමග එක පිට ගැටුම් ඇති කර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විජය නගර් අධිරාජ්‍යයට මෙන්ම 1450 – 1467 දක්වා කාලය තුල කෝට්ටේ රාජ්‍යයටද යටත් දාසයෙකු ලෙස කටයුතු කිරීමට එම රාජ්‍යයට සිදු විය. කෝට්ටේ රාජ්‍යය සහ විජය නගර් අධිරාජ්‍යයේ බලය පිරිහීමෙන් පසු මෙම රාජ්‍යය නැවතත් ප්‍රතිෂ්ඨාපනය විය. එය දකුණු ඉන්දියාවේ තර්ජෝන් රාජ්‍ය සමගද මහනුවර රාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යයෙන් බෙදුණු කොටස් සමගද සමීප සබදතා ගොඩ නගා ගත්තේය. මෙම කාලය තුල හින්දු කෝවිල් තැනුනු අතර දෙමළ සහ සංස්කෘත සාහිත්‍යයෙන්ද පිබිදීමක් ඇතිවිය.
-----------------------------------------------------------------------------------

යටත් විජිත යුගය

1505 දී පෘතුගිසින් ලංකාවට පැමිණියහ. ඒ වන විට අධික ලාභ උපදවන ව්‍යාපාරයක් වු කුලුබඩු වෙලදාම පිලිබද ඒකාධිකාරය කෝට්ටේ රාජධානිය සතුව තිබුණු අතර පෘතුගිසින්ගේ පරමාර්ථය වුයේ එම අධිකාරය ඔවුන් සතුකර ගැනීමයි. එහෙයින් පෘතුගිසින්ගේ මුල්ම ආක්‍රමණ කොට්ටේ රාජධානියට එරෙහිව සිදුවිය. කොළඹ සිටි පෘතුගිසින්ගේ අවානය ය‍ාපනය දෙසටද යොමු විය. එයට හේතු කිහිපයක් රෝමන් කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම එකක් (මෙය පෘතුගිසින්ගේ අභිප්‍රායන්ගෙන් එකකි) පෘතුගිසි විරෝධි කොට්ටේ රාජධානියේ සිටි සිතාවක ප්‍රධානින්ට උදවු කිරීම අනෙක් කරුණයි.
කිසිදු වරායක් නොමැති මධ්‍ය කදුකරයේ පිහිටි කන්ද උඩරට රාජ්‍ය සේවා‍සහ භාණ්ඩ සපයන ස්ථානයක් ලෙස යාපනය රාජධානිය ක්‍රියාත්මක වූ අතර දකුණු ඉන්දියාවෙන් ලැබෙන යුද්ධ ආධාර ලබාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය. තවත් කාරණයක් නම් යුද්ධ උපාය මාර්ග වශයෙන් යාපනයේ වැදත්කම හේතු කොට ගෙන යාපනය රාජධානිය ලන්දේසි ආක්‍රමණ හමුදාවකට සුරක්ෂිත ස්ථානයක් විය හැකියයි යන බියක්ද තිබුණි. 1 වැනි සංකිලි රජු පෘතුගිසීන්ට පක්ෂව කටයුතු නොකළ අතර මන්නාරම් දුපතේ සිටි ‘පරවා කතෝලික’ පිරිස 600 – 700 ක් දෙනා ද සමුල ඝාතනය කළේය. මෙම කතෝලික පිරිස ඉන්දියාවෙන් මන්නාරමට ගෙන්වන ලද්දේ ඉතා ලාභ දායක ව්‍යාපාරයක් වු මුතු කිමිදීමේ කටයුතු යාපනයේ රජවරුන්ගෙන් අත්පත් කර ගැනීමටයි.


විසුරේ දොම් කොන්ස්තන්තිනෝද බ්රුගන්සාගේ නායකත්වයෙන් 1560 දී කළ පළමු යුද්ධ චාරිකාවේදි රාජ්‍ය යටපත් කර ගැනීමට අපොහොසත් වු නමුදු මන්නාරම් දුපත උදුරා ගන්නා ලදී. සිද්ධිය පිලිබද විස්තර අපහැදිලි නමුත් 1582 වන විට යාපනයේ රජු ඇතුන් 10 දෙනකු හෝ ඒ වටිනාකමට සමා‍න මුදලක් කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. අන්ද්‍රේ ෆමාර්ඩෝද මෙන්ඩොන්සාගේ නායකත්වයෙන් 1591 දී කළ දෙවැනි යුද්ධ චාරිකාවේදි පුවිරාස සිංහම් රජ තනතුරෙහි පිහිටු වන ලදී. ඔහුගේ පුත‍ා වු එදිරිමාන්න කතෝලික මිෂනාරි වරුන් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට නිදහස ලැබුණු අතර රජු විරුද්ද වුවත් නැතත් පෘතුගාලයට ඇතුන් යැවීමේ ඒකාධිකාරයද ලැබුණි. ඔහු 1 වෙනි විමළධර්ම සුරිය සහ සෙනරත් රජුන් යටතේ වු මහනුවර රාජ්‍යයට (1593 – 1635 කාලය තුල) උදවු කළේ පෘතුගිසින්ට එරෙහිව කටයුතු කිරීමට දකුණු ඉන්දියාවෙන් උදව් ලබා ගැනීමේ අදහස ඇතිවයි. කෙසේ වෙතත් ඔහු පෘතුගිසින් ඕනෑවට වඩා කුපිත කිරීමකින් තොරව රාජ්‍යයේ ස්වාධීනව තබාගැනීමට කටයුතු කළේය.
-----------------------------------------------------------------------------------
රාජ්‍යයේ අවසානය
 Statue of King Cankilil 1617 දී සිදුවු පරරාජසේකරම්ගේ මරණයෙන් පසු ඔහු විසින් රජකමට නම් කල තැනැත්තා මරාදමා අනියමින් රාජ්‍ය බලය ලබා ගත්තේ 11 වැනි සංකිලිය. ඔහුගේ රාජ්‍යත්වය පෘතුගිසීන් පිලි නොගත් බැවින් 11 සංකිලි තන්ජෝර් නායක් වෙතින් යුධ ආධාර ඉල්ලා සිටියේය. තවද මලබාර්ගි මුහුදු කොල්ල කරුවන්ට නෙදුන්තිවු හි කදවුරක් පාවිච්චි කිරීමට අවසර දුන්නේය . පෝක් සමුද්‍ර සන්දිය හරහා පෘතුගිසින්ගේ නැව් ගමනා ගමනයට එය තර්ජනයක් විය. 1619 චලබාර් හි මුහුදු කොල්ලකරුවන් විසින් ව්‍යවර්ථ කරන ලදී. පිලිප් ද ඔලිවේජා විසින් කළ දෙවැනි ආක්‍රමණයට 5000 ක් වු බලසම්පන්න හමුදාවක් සහභාගි වුහ. ඔහු 11 වැනි සංකිල පරාජය කලේය. සංකිල සහ ඒ වන විට ඉතිරිව සිටි රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් අල්ලා ගනු ලැබ ගෝවට ගෙන ගොස් එහිදි එල්ලා මරණු ලැබුහ. අල්ලා ගත් ඉතිරි පිරිසට දේවගැති වරු වීමට බල කරන ලදී. බොහෝ දෙනා ඊට එකග වුහ. මේ නිසා යාපනය රාජ්‍යයට තවදුරටත් උරුමක් කාරයෙකු ඉතිරි නොවීය.
-----------------------------------------------------------------------------------

Conseaucncu - පුතිඵලය

ඉතිරි අවුරුදු 40 පුරා පෘතුගිසි පාලනයට එරෙහිව කැලරි 3 ක් ඇතිවිය. මෙයින් දෙකක් මෙහෙය වන ලද්දේ මිගහපුල්ලේ අරෙච්චි විසිනි. අනික යාපනයේ කොටුව ලන්දේසින් විසින් අල්ලා ගන්නා තෙක් උඩරට 1 සෙනරත් රජු විසිනි. මෙම කාලය තුල පෘතුගිසිහු විසින් සෑම කොවිලක්ම පාහේ විනාශ කරන ලදහ. යානය රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය පොත් පත් පිලිබද භාණ්ඩාගාරයක් වැනි වු සරස්වතී මහල් පුස්ථකාලයද විනාශ කළහ. අධික බදු පැනවීම නිසා මහජනයා බොහෝ දෙනෙක් ඉන්දියාවේ රාමනාදන් පුරය වෙතද දකුණු වන්නි ප්‍රදේශයටද සංක්‍රමණය වුහ. ජනගහනය අඩු විය. විදේශ වෙළද කටයුතු අඩපණ විය. ඉන්දියාවේ රාජ්‍යයන් කීපයක් සමග වෙස් ලුණු ලබා ගෙන ලස්බන් වෙත යැවීම පිනිස යාපනයේ ප්‍රධාන අපනයනය වු අලි ඇතුන් හුවමාරු කරගන්නා ලදී. වෙළද කටයුතු පහත වැටීම නිසා අත්‍යවශ්‍ය ආනයනයන් සදහා ගෙවීම් අසිරු වු හෙයින් ආනයන කටයුතු නතර කෙරිනි. පෘතුගිසි ඉතිහාසඥයකු වු ෆර්නාඩ් ද ක්වේරෝස් කියන්නේ පෘතුගිසි යටත් විජිත පාලන සමය තුල යාපනයේ ජනතාව අන්ත අසරණ භාවයට පත්වු බවයි.
යාපනයේ රජ පවුලේ නැති කිරීමට (රාජ්‍යයට උරුමක් කාරයින් නැති කිරීමට) පෘතුගිසින් උත්සාහ කළ නමුත් එම රාජකීය පවුල් වලින් පැවත එන්නේ ය කියනු ලබන ශ්‍රී ලංකා දෙමළ සම්භවයක් ඇති පවුල් බොහෝ ගණනක් ඉතිරිව සිටිති.
-----------------------------------------------------------------------------------
 ආගම්
ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ.
රාමේශ්වරම්හි රාමනාදස්වරම් කෝවිල - ආර්යචක්රහවර්තී රජවරු ගණනාවක් රාමේශ්වරම් අවට කෝවිල් පවත්වාගෙන යාමට උදව් කර ඇත.
යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්යර ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්රකසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්රදහය නිසා ආර්යචක්රසවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ. සටහන් වී ඇති පරිදි රජවරුන්ට ලැබී ඇති නම්බුනාමවලින් එකක් වන්නේ 'සේතුකාවලන්' යනුයි. එහි තේරුම 'සේතු' හි ආරක්ෂකයා යන්නයි. 'සේතු' යනු රාමේශ්වරම් හැඳින්වෙන තවත් නමකි. රජපරපුරේ ලකුණක් ලෙස ඔවුන්ගේ කාසිවල සහ ලේඛණවලද 'සේතු' යන්න පාවිච්චි කර තිබේ.
කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ (සෙම්බපෙරුමාල් නමින්ද හැඳින්වෙන) සපුමල් කුමරු, නල්ලූර් කන්දසාමි කෝවිල ප්ර තිසංස්කරණය කිරීම හෝ එය ගොඩනැංවීම කළ පුද්ගලයා වශයෙන් ගෞරවයට පාත්රනවේ. සත්තනාතර් කෝවිල, වෛකුන්ත පිල්ලේයාර් කෝවිල, සහ වීරකාලි අම්මාන් කෝවිල ආදී කෝවිල් ඉදිකිරීම් සම්බන්ධයෙන් සින්ගෙයි පරරාජසේකරම් ද සම්මානයට බඳුන් වේ. ඔහු යමුනෙරි නමින් පොකුණක් තනවා ඉන්දියාවේ ජනතාව පූජනීය ලෙස සලකන යමුනා නදියෙහි ජලයෙන් එය පිරවූයේය. ප්රාධාන කෝවිල් සාමාන්ය යෙන් නඩත්තු කරන ලද්දේ රජු විසිනි. එහි සේවය කරන්නන්ට රාජ්යි භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවණු ලැබීය. මෙම සිරිත ඉන්දියාවේ හෝ ශ්රීප ලංකාවේ සෙසු පළාත්වල ක්රිරයාත්මක නොවූවකි. මේ කියන පූජ්ය ස්ථාන ස්වාධීන පැවැත්මක් ඇති ඉඩ කඩම් හා සම්බන්ධ ආදයම් මාර්ග තිබුණු ආයතන විය.
බොහෝ දෙනාගේ ප්රුධාන දෙවි වූයේ ශිවයි. ලිංගම් නොහොත් ශිව ලිංගය ශිවගේ විශ්ව සළකුණයි. පූජ්යධ ස්ථානවලදී එයට වැඳුම් පිදුම් කෙරෙන්නේය. දේව මණ්ඩලයේ සිටින අනෙක් හින්දු දෙවි දේවතාවියන් වන මුරුගන්, පිල්ලේයාර් සහ කාලිට ද වැඳුම් පිදුම් කරනු ලැබේ. දකුණේ සිංහලයින් විසින්ද කන්නගි දේවියට මහත් ලෙස ගරු සරු දක්වති. ඒ සමගම ගම් මට්ටමින් දෙවිවරු ඇදහීමද ජනප්රිේය ලක්ෂණයකි. යක්ෂ භූතාදීන් සහ යන්ත්ර. මන්ත්රම පිළිබඳ විශ්වාසයද දකුණු ආසියාවේ සෙසු පෙදෙස්වල මෙන් පැවතුණේය.
රාජධානිය තුළ බොහෝ ප්ර මාණයක් හින්දු කෝවිල් තිබුණි. කලාපය පුරා විසිරී තිබුණු සියගණනක් තවත් කෝවිල් සමග ඓතිහාසික වැදගත් කමෙන් යුක්ත ත්රී.කුණාමලයේ කොනේශ්වරම්, මන්නාරමේ කේතිස්තරම් කෝවිල, කීරමලේ නගුලේශ්වරම් කෝවිල වැනි කෝවිල්ද තිබුණි. පුද පූජා කටයුතු සහ උත්සව ආදි‍ෙය් සුළු වෙනස්කම් හැරුණු විට වර්තමාන දකුණු ඉන්දියාවේ කෙරෙන ඒවා හා සමානය. ශිව පූජකවරුන්ගේ දෙමළ ආගමික ගීතිකා වන්දනාමාන කිරීමේදී යොදා ගනු ලැබේ. අප්රේකල් මාසයේ මැද යෙදෙන හින්දු අළුත් අවුරුද්ද උත්සවශ්රීේයෙන් සමරණු ලබන අතර නවරාත්රී , දීපවාලී, ශිවරාත්රීක සහ තෛපොංගල් ආදී උත්සව ද, විවාහ මරණ සහ වැඩිවියට පත්වීම පිළිබඳ උත්සව ද එදිනෙදා ජීවිතයේ අංගයන් විය.
-----------------------------------------------------------------------------------
 සාහිත්‍යය
රජ පෙළපත්වල රජවරු සාහිත්යභය කටයුතුවලට සහ අධ්යාතපනයට අනුග්රිහය දැක්වූහ. කෝවිල්වල තිබුණු පාඨශාලාවලින් සහ සාම්ප්රතදායික (තින්නෛ පල්ලිකූඩම් යනුවෙන් දෙමළෙන් හැඳින්වෙන) ගුරුකුලම් ආයතනවලින් දෙමළ හා සංස්කෘත භාෂා සහ ආගම් පිළිබඳ මූලික දැනුම සමාජයේ ඉහළ පන්ති සඳහා බෙදා දෙන ලදී. ජයවීර සිංගයිඅරියන්ගේ පාලන කාලය තුල වෛද්යි විද්යාහව ගැන කෘතියක් ද (සේගරාජසේකරම්) ජ්යොමතිෂය ගැන ද (සේගරාජසේකර මාලෙයි) සහ ගණිතය ගැන ද (ගණකාධිකාරම්) වැනි කෘතීන් කරිවයියා විසින් කරනු ලැබීය. ගුණවීර සිංගයි අරියන්ගේ පාලන සමයේදී වෛද්යණ විද්යා)ව ගැන 'පරරාජසේකරම්' නැමැති කෘතියක් නිම කරන ලදී. සින්ගයි පරරාසසේකරම්ගේ කාලයේදී දෙමළ භාෂාව ව්යාීප්ත කිරීම සඳහා පුරාණ දෙමළ සංගම් ආකෘතිය අනුව අධ්යාිපන ආයතනයක් නල්ලූර්හිදී ආරම්භ කරන ලදී. මෙම ආයතනයෙන් පුරාණ දෙමළ කෘතිවල අත්පිටපත් එකතු කර සංරක්ෂණය කිරීම වැනි ඉතා වැදගත් කාර්යයක් ඉටු විය. එම කෘතීන් සරස්වතී මහල් නම් වූ පුස්තකාලයක තැන්පත් කරන ලදී. සිංගයි පරරාසසේකරම්ගේ ඥාති සහෝදරයා වූ අරසකේසරී සංස්කෘත සම්භාව්යත ග්රීන්ථයක් වූ රඝුවංශය දෙමළට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්ර වේ. යුරෝපීය යටත් විජිත වාදීන් පැමිණීමට පෙර සංග්ර හ කොට සකස් කරන ලද අනෙකුත් ඓතිහාසික වැදගත්කමක් ඇති ශාස්ත්රී ය කෘතීන් අතරින් වෛයපුරි අයියර් විසින් ලියන ලද “වයියපවල්” නම් කෘතිය ඉතා ප්රෘසිද්ධ එකකි.
-----------------------------------------------------------------------------------
 ගෘහ නිර්මාණ ශිල්පය

13 වැනි ශත වර්ෂය වන විට ශ්රී් ලංකාවේ පැවති මහා කලා ශිල්ප හා වාස්තු විද්යාිත්මක ක්ර මවල සමෘද්ධිමත් යුගයේ පිරිහීමක් දක්නට ලැබුණු නමුත් කාලයෙන් කාලයට එකී ශිල්ප කෙරෙහි දකුණු ඉන්දීය බලපෑම් එල්ල වෙමින් තිබිණ. ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනයා විසින් 10 වෙනි සියවසේ සිට සාදන ලද කෝවිල්, විජයනගර් යුගයේ මදුරෙයි සම්ප්රකදායට අයත් විය. මධුරෙයි සම්ප්රටදායෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ඉතා අලංකාර වූත් අඹන ලද රූප විශාල ප්ර මාණයක් සහිත කුලුණ හෙවත් 'ගෝපුරම්' නමැති අංගයයි. කෝවිලට ඇතුලු වන දොරටුවට ඉහළින් මෙය එක්කර තිබුණි. යාපනය රාජ්යණය තුල තිබූ එකී සම්ප්රඅදායේ ඉතා වැදගත් ආගමික ගොඩනැගිලි කිසිවක් පෘතුගීසීන් විසින් කරන ලද විනාශයේදී ඉතිරි නොවුනි.
නල්ලූර් නමැති අග නගරය ගොඩ නගන ලද්දේ දොරටු සහිත පිවිසුම් ස්ථාන හතරකින් යුතුවයි. පිවිසුම් දොරටු හතර කෝවිල් හතරකින්ද ප්රුධාන පාරවල් දෙකකින් ද යුක්ත විය. නැවත ගොඩ නගා තිබෙන දැනට පවතින කෝවිල් ඒවායේ මුල් පිහිටීම සමග නොගැලපේ. මුල් ස්ථානවල තිබෙන්නේ පෘතුගීසීන් විසින් ඉදි කරන ලද දේවස්ථානයි. නගරය මධ්ය යේ 'මුදිරෛ සන්තයි' නොහොත් වෙළඳ පොළ විය. එය වට කොට හතරැස් ආරක්ෂක කොටුවක් විය. රජවරුන් සඳහාද පූජකයින්, සෙබලුන්, සහ වෙනත් සේවා සපයන්නන් සඳහා උසස් තත්වයේ ගොඩනැගිලි තිබුණි. උස් පවුරුවලින් යුත් පැරණි නල්ලූර් කෝවිල ක්රිරයාත්මක වූයේ ආරක්ෂිත කොටුවක් වශයෙනි. පොදුවේ ගත් කළ නගරය නිර්මාණය කර තිබුණේ හින්දු සම්ප්රකදායයන්ට අනුව සාම්ප්රකදායික කෝවිල් නගරයක් ලෙසිනි.

 



 

ශ්‍රී ලංකාවේ පුරාවස්තු


පුරාවස්තු ගැන තතු



අතීතයේ මිනිසුන් විසින් කරනලද විවිධ නිර්මාණ වලින් ශේෂ වූ ද්‍රව්‍යාත්මක සාධක පුරාවස්තූන් ලෙසට හඳුන්වනු ලබයි. තවද මේවා ආදිතමයන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට වන අතර පුරාවස්තුවක් ආකාර දෙකකින් හඳුන්වා දිය හැකිය. එනම්,
  1. . පුරාවස්තුවක් පිළිබඳ නෛතික අර්ථ නිරූපණය.
  2. . පුරාවස්තුවක් පිළිබඳ භෞතික අර්ථ නිරූපණය.
භෞතික අර්ථ නිරූපණය යටතේදී ඍජු හා වක්‍ර වශයෙන් ද ආධාර වන සාක්‍ෂි දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආඥා පනත ට අනුව පුරාවස්තුවක්යනු වර්ෂ 1815 මාර්තු 02 දිනට වඩා පැරණි මිනිස් ක්‍රියාකාරකමක් හා සම්බන්ධ වු දෙයකි. එනම්, උඩරට ගිවිසුමට අත්සන් කළ දිනයයි. එසේම යම්දෙයක් වසර 100කට වඩා පැරණි නම් එය පුරාවස්තුවක් ලෙස ප්‍රකාශ කිරීමේ බලය විෂය භාර ඇමතිවරයාට ඇත. මෙය ස්වභාවයයි. මිනිස් ක්‍රියාකාරකම් මුල්කරගෙන පහළ වූ යම්කිසිද්‍රව්‍යාත්මකසාධකයක් (දෙයක්) පුරාවස්තුවක් ලෙසට භෞතික (ද්‍රව්‍යාත්මක) ව දැක්විය හැකිය. අප ආදිතමයන් වාසය කළ ගේ දොර , පරිහරණය කළගෘහ ‍උපකරණ ආහාර වශයෙන් ගත් දෙයෙහි අවශේෂ (ඉතිරි කොටස්) පරිසරයෙහි පැවති ගහ, කොළ, සහ එවකට සිටි සතා සිවුපාවා ද මේ අතරට අයත්වේ. මෙසේ පැරණි මානවයා පිළිබඳව දැනගැනිමට හැකිවන සියලුම භෞතික සාක්‍ෂි පුරාවස්තු වශයෙන් සරලව හැඳින්විය හැකිය.
---------------------------------------------------------------------------------

පුරාවස්තුවක් හඳුනාගන්නේ කෙසේද?

               

පුරාවස්තු හදඳුනාගැනිම උදෙසා පුරාවිද්‍යාඥයන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රම 04 දක්නට ලැබේ. එනම්,
විද්‍යාත්මක කාලනීර්ණ ක්‍රමය.
  1. කාබන් 14 තාප සංදීප්ත ක්‍රමය.
  2. කලා නිර්මාණවල ‍‍‍ශෛලිය අනුව.
  3. නිර්මාණයේ හැඩය අනුව.
  4. පුරාවස්තු වටා ඇති වස්තූන්ගේ පුරාවිද්‍යාත්මක වටිනාකම අනුව
(ඊට ආසන්න වෙනත්සාක්‍ෂි පදනම් කරගෙනය.)
මෙලෙස නීර්ණය (තීරණය) කරන ලද ද්‍රව්‍යන් පුරාවස්තූන් ලෙසට හඳුනාගනී. ඒ අනුව පැරණි දාගැබ් , ශිලා ලෙඛව , පෙති පිළිම, වැව් අමුණු වැනි මහා පරිමාණ නිර්මාණවල හා කර්මාන්තවල සිට කුඩා වළං කැබලිත් දක්වා වු සියලු වස්තූන් පුරාවස්තූන් පුරාවස්තූන් වේ. නමුත් පුරාවස්තු සඳහා පවතින නිතිමය තත්වය රටින් රටට වෙනස් වේ.ඉන්දියාවේ වසර 100 ට වඩා පැරණි ද්‍රව්‍යන් වුනත් යුරෝප‍යේ වසර 50ට වඩා පැරණි ද්‍රව්‍යන් ද පුරාවස්තු ලෙසට ඔවුන් සළකයි.
Colombo museum.jpg
-----------------------------------------------------------------------------------

පුරවස්තු සුරකින ආයතනය

                  ලංකාවේ ජාතික උරුමය සුරුකීමත් ඒ පිළිබඳ ජනතාැවට අවබෝධයක් ලබා දීමටත් , පුරාවස්තු සංරක්‍ෂණය කිරීමත් පැවරී තිබෙන ප්‍රධාන රාජ්‍ය ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. වර්ෂ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥාපනතින් දමම දෙපාර්තමේන්තුව නීතිගතකර ඇත. මෙහි ප්‍රධානියා වූයේ පුරාවිද්‍යා ‍කොමසාරිස්තුමාය. නමුත් වර්ෂ 1990 වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 100 පිරීම නිමිත්තෙන් පුරාවිද්‍යා කොමසාරිස් යන ධුරය පුරාවිද්‍යා අධයක්‍ෂක ජනරාල් යනුවෙන් නවනස් කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානියා හඳුන්වන්නේ පුරාවිද්‍යා අධ්‍යන්‍ෂක ජනරාල් වශයෙනි.වර්ෂ 1890 ජූලි 07 දා ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ දිනය නිමිති කරගනිමින් ජූලි මස 07 දා සෑම වසරකදීම පුරාවිද්‍යා දිනය සමරනු ලබයි. 2007 වසර වනවිට මෙම ආයතනය ආරමිභ කර වසර 117කි. එහිදී මෙම පුරාවිද්‍යා දිනය සතියක් පුරාවට සැමරීම ලාංකිකයන් විසින් විසින් සිදුකරනු ලබයි. එහිදී මෙම ඒ ඒ වසරයන්හිදි විවිධ තේමාවන් යටතේ මෙය සමරනු ලබයි.

ආරම්භයේදී සිටම මේවනතෙක් බොහෝ කොමසාරිස්වරු හා අධ්‍යක්‍ෂක ජනරාල්වරුන් නිල බලය දරන ලදී.

Mr.Senarat paranavitana.jpg 









  1. 1890-1912 - H.C.P. බෙල්
  2. ۔1931-1934 - ආචාර්ය සෙනරත් පරණවිතාන
  3. 1958-1967 - ආචාර්ය C.E.ගොඩකුඹුර
  4. 1967-1979 - ආචාර්ය රාජා ද සිල්වා
  5. 1979-1983 - ආචාර්ය සද්ධාමංගල කර‍ැණාරත්න
  6. 1983-1990 - අාචාර්ය රෝලන්ඩ් සිල්වා
----------------------------------------------------------------------------------

ලාංකීය උරුමයන්

               ශ්‍රී ලාංකිකයන් වු අපට ලොව ‍ශ්‍රේෂ්ඨ යැයි පිළිගැනෙන පුරාවස්තූන් හා නොබියව තරඟ කළහැකි පුරාවස්තූන් රැසක්ම උරුම වී ඇත. ලෝතයම මවිත කරවන තරමේ විශිෂ්ට තාක්‍ෂණයෙන් යුතු පුරාවස්තුන් ද මේ අතර වේ. වාරි පද්ධතියකින් හා සෞන්දර්ය රසිකත්වය තියුණු කරවන විශිෂ්ට කලාවක් ආගමික ශික්‍ෂනයෙන් යුතු සෞභාග්‍යමත් සමාජයක් අතීතනේ උරුමකරගත් ශ්‍රී ලාංකිකයන් තරම් ජනතාවක් ලොව නොමැති තරම්ය. මෙලෙස ලාංකික‍ උරුමයන් අපට කෙ‍ාටස් 04 ‍යටතේ වර්ගීකරණය කළ හැකිය.


01.ශිලා ලේඛන
02.වාස්තු විද්‍යාව
03.මුර්ති හා කැටයම්
04.චිත්‍ර කලාව


මෙයට අමතරව අපට මෙම පුරාවස්තු,
  • දේශපාලනිකව
  • ආර්ථික
  • ආගමිකව හා
  • සංස්කෘතිකව ද වර්ග කළ හැකිය.

ශිලා ලේඛන

යමෙකුට අදහස් ප්‍රකාශ කිරීමට ඇති එක් මාර්ගයක් ලේඛන කලාව. මෙම ශිලා ලේඛනයන් ද පිහිටි ස්ථානය අනුව ලෙන් ලිපි, ටැම් ලිපි, ගිරි ලිපි, පුවරු ලිපි, ලෙසයි. මෙම සෙල්ලිපි මහින්දාගමනයෙන් පසු අක්‍ෂර මාලාවක් ලැබීමෙන් පසු ලියවුණු ඒවාය. ‍මේවා කොටා ඇත්තේ ලංකාවේ පැරණිතම අක්‍ෂර මාලාව වන බ්‍රාහ්මී අක්‍ෂර වලිනි. මේවායින් පැරණි ජන සමාජයන්හි තොරතුරු හෙළිදරව් වන අතර වෙස්සලිරිය, රිටිගල, දඹුල්ල, සිතුල් පව්ව, රජගල, සහ තවත් ප්‍රදේශ වලින් හමුවී තිබේ.

වාස්තු විද්‍යාව

විශිෂ්ට තාක්‍ෂණයෙන් ද කලාත්මක භාවයෙන්ද යුත් අතීත උරුමයන් අතර බොහොමයක් වාස්තු විද්‍යාවට අයත් වේ. වාරි කර්මාන්තය මුල් තැනක් ගනී.මෙපලස නිර්මිත වැව් හා ජලාශ 34,000 කට වඩා අධික ප්‍රමාණයක් වන අතර තිසා වැව,පදවිය,පරාක්‍රම සමුද්‍රය හ‍ා කලා වැව නිදසුන් වේ. බිසෝ කොටුවද ඒහා සමානවම වැදගත් වේ.මැටි, දැව වැඩි කාලයක් නොපවතින ද්‍රව්‍ය වලින් අරම්භ කළ ගොඩනැගිලි තැනීමේ කලාව හා තාක්‍ෂණය වර්ධනය විය.මෙයට යාපහුව පර්වත මස්තකයෙන් සොයාගත් කාල රක්ත වර්ණ මැටි බඳුන මීට නිදසුනකි. ලොව විශාලම ගඩොලු නිර්මාණය වන ජේතවනාරාමය , කලාත්මක අංග සමුහයකගේ එකතුවක් වන සීගිරිය ,මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකළ මහල් 12න් යුතු බද්ධ සීමා ප්‍රාසාදය, අවුකන , තොළුවිල පිළිම, සඳකඩ පහණ, මුරගල, වැනි නිර්මාණ රැසකි.


  • සීගිරියේ වාස්තු විද්‍යාව
              සීගිරිය ලෝක උරුමයක් ලෙසට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය 1982 දී ප්‍රකාශ කරන ලදී. කාශ්‍යප රජුගේ ආලක මන්දාව වු සීගිරිය ක්‍රිස්තු වර්ෂ 07 වන සියවසට අයත්ය. එහි මාක සහැත භූමි භාගය, උද්‍යානය, දිය අගල, කැටපත් පවුර(ගී 1000කි) රජ මාලිගය (හෙක්ටයාර 1.5) සිංහ පාද දොරටුව හා ගල් තලාව වාස්තු විද්‍යාල්මක ලක්‍ෂණ සක්වයි.

  • අවුකන පිළිමය
අනුරාධපුරයේ නෑගම්පහ කොරළයේ පිහිටුවා තිබේ. ක්‍රිස්තු වර්ෂ 8 වන සිය වසට අයත් වන අතර පද්මාසනය මත නෙළා ඇති මෙය මහා පුරුෂ ලක්‍ෂණයන් විදහා පාමින් උත්තම ප්‍රඥාව මුර්තිමත් කෙ‍රේ. සමභංග (පාදයේ මහපට ඇඟිලි දෙක එක සමානව තබා ඇත.) මෙම පිළිමය හිටි පළිමයක් වන අතර උස අඩි 37.26 ක් (මීටර 11.36) වේ. සිවුර ඒකාංශ වන අතර එය තනි රැල්ලකින් යුතුවේ. ධාතුසෙන රජු දවස (ක්‍රි.ව. 459-477) කරවු කාලසේලසන්ථු පිළිම ගෙය වත්මන් අවුකන පිළිම ගෙය වේ.

  • මුරගල    
උස මීටර එකක් හා පළල මීටර භාගයකින් ද යුත් පුන්කලස කැටයම් සහිත හා රහිත ලෙස නිර්මාණය කර ඇත. දිව්‍යරාජ ඔටුන්නක් හා ආභරණ ඇඳුම් ද දැනට මුරගල තුළ දර්ශනය වන කෙ‍ාටස් අතර හිස වටා ඇති වයි පෙණ රැසකි. පහළ වාමන රූප02ක්ද වේ.

මුර්ති හා කැටයම්


ඉසුරුමුණි කැටයම්.jpg
ලංකාවේ ඉතා විශිෂ්ට ගණයේ මුර්ති හා කැටයම් දක්නට ලැබේ.මෙහිදී සමාධි බුද්ධ ප්‍රතිමාව මුල් තැනක් ගනී.
  • සමාධි බුදුධ ප්‍රතිමාව
අනුරාධපුර මහ මෙව්නාවේ පිහිටි අතර උස අඩි 07ක් පමණ වන අතර බුදුන්වහන්සේ සමාධි සුවයෙන් විඩසිටින විලාසයක් මුර්තිමත් වේ.අඩක් පියැවී ඇති දෙනුවන් ද මද සිනාවද නිසා පුතිමාවේ මුහුණට ලැබී ඇත්තේ සෞම්‍ය ගාම්භීර පෙනුමකි. බුදුරදුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඉන් මතුවී පෙනේ. ධ්‍යාන මුද්‍රාව ද ඉන් නිරූපණය වේ.
  • අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව
"ගිරිදර ප්‍රතිමාව " නමින් හැඳින්වෙන යෝගී අව‍ලෝකිතේශ්වර ප්‍රතිමාව ගම්පහ දිස්ත්‍රික්කයේ ගිරිදර ප්‍රදේශයෙන් හමුවුවකි. හිටි පිළිම ගණයට අයත් වන අතර අත් දෙකකින් යුතුව ද දකුණත අභය මුද්‍රාව හා මදක් ඔසවන ලද වම් අතේ කටක මුද්‍රාවද නිරූපළණව වේ. යටි කවෙහි ධෝතියද ඊට යටින් අන්තරාවාසිකය ද වෙයි. පයෙහි ගොප් ඇටයට මදක් ඉහළින් අවසන් වේ. උඩු කයෙහි ද උතුරු සළුව අඟවන පටු රෙදි පටියක් වේ. උඩු කයෙහි ආභරණ කිසිවක් නොමැත.හිසෙහි ඔටුන්නක් ද වේ.
  • ඇම්බැක්කේ දේවාලය


 ලාංකිය කැටයම් කලාවේ විශිෂ්ටත්වය පෙන්වන ස්ථානයකි. 3වන විත්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද අතර දෙල්මඩු ආචාරීන් නම් වු තැටයම් ශිල්පියාගේ දායකත්වය ලැබී ඇත. අලංකාර දැව නිර්මාණයක් වන අතර තැටයම් කලාත්මක බවින් යුක්තය. මෙහි කණුවල පේකඩ සතරකින් යුතුවන අතර සමහර කණුවල පේකඩ 02කි. මල්ලවම‍පොරය, හංස පුට්ටුව, භේරුණ්ඩ පක්‍ෂියා , සිංහයා , ලණු ගැටය, ඇත් නග ලිහිණියා, නළඟන සහිත ලිය වැල, ඇදී අගනා කැටයම් ඇති අතර කණුවල කැටයම් 514 ක් ඇත

  • ඉසුරුමුණි කැටයම්

චිත්‍ර කලාව 

Tyr.jpg 

ලාංකීය චිත්‍ර කලාව තුළ ඉපැරණි සිපතුවම් බොහොමයක් වන අතර ඉන් බොහොමයක් බෞද්ධ මුහුණුවරක් ගත් බව පෙනේ.

  • කැලණියේ පරණ විහාරයේ සිතුවම්
  • හිඳගල සිතුවම්
  • අනුරපුර යුගයේසීගිරි සිතුවම්
මීට අමතරව ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුගයේ මිනිසා සම්බන්ධ තොරතුරු රැසක්ම කුරුවිට බටදොඹ ලෙන තුළින් අනාවරණය විනි. ලෙන අභ්‍යන්තර භූමිය අක්කර 35ක් වන අතර ඉන් එකල මිනිසාගේ චර්්‍යාවන් හඳුනා ගත හැක. පාංශු ස්ථර 10ක් ඇති අතර ඉන් 04 වන ස්ථරයෙහි වසර 13,000-14,000 තරම් කාලයට අයත් බැව් පෙනේ. මින් කැකුණ ඇට ද ඔළු මුවන් දඩු ලේනුන් , වළි කුකුළන් හා වඳුරු වර්ග ආදී සතුන් පිළිබඳ සාධක ද ලැබී ඇත. 1982 දී කළ කැණීමකදී ව්‍යාග්‍රයෙකුගේ ඇඟිලි පුරුකක් හමු වු අතර ඒ පිළිබඳ ව තොරතුරු 2005 දී දිංගප්පුරුවේ රැෆල්ස් (Raffels) නම් විද්‍යාත්මක ප්‍රකාශනයේ පළ විනි. මින් හමු වු මානව ඇට සැකිළි අදැන් වසර 18000 කට පැරණී බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි. අස්ථි උපයෝගී කරගෙන තැනු මෙවලම් ද වේ. ශිලා ‍මෙවලම් දප්‍රමාළණලයන් සෙන්ටිදීටර 5ත් අඩු ප්‍රමාණයේ ඉතා පකුඩා වේ. ඒවා පොදුවේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් (geometic microlithics) නමිනි. තිරුවානා කහඳ මෙවලම් බෝල ,ගල් වෙරළු , සතුන් අතර ගස් බෙල්ලන් , මුහුදු බෙල්ලන්, වල් ඌරන්, මීමින්නන් ද වේ.

 -------------------------------------------------------------

පුරාවස්තු රැකගැනීමේ වැදගත්කම

ඉපැරණියන් අප වෙත දායාද කළා වු මෙම පුරාවස්තු අනාපත පරපුර උදෙසා ආරක්‍ෂ‍ා කළ යුතුය. මේවා රැකගැනීමට අප පෙළඹෙන හේතු
රැසකි. පහත සඳහන් සංස්කෘත කියමන මෙහිදී ඉතා වැදගත් වේ.
" කලාව , සාහැත්‍ය, ඉතාහාසය, ආදී විෂයන් ගැන සංවේදී
නොවන තැනැත්තේ අං යුවළක් හා වල්ගයක් නැති
ගවයෙකු වැන්න. ඔහු තළණකොළ නොකෑම ගවයන්ගේ
භාග්‍යකි"
මිනිසා සංස්කෘතියක් සහිත එකම ජීවියාය. ඔහුට අනිකුත් සතුන් මෙන් පුරාවස්තු බැහැර කළ නොහැක. ඔහුට ඉන් ආධහාත්මික අංශයන්හි ඇසුර ලැබීම මෙයට හේතුවයි. පුරාවස්තු රැකගැනිම මනෝවිද්‍යාත්මක (මනස හා සම්බන්ධ) මුලධර්මයක් මත පදනම් වුවකි.සෑම මිනිසෙකු තුළම පුරාවස්තු හෝ අතීතය පිළිබඳ කුතුහලයක් තිබේ. " යම් අවස්තාවක නුතන හිස් කබලක් පෙන්නුව හෙ‍ාත් පුද්ගලයෙකු ඒදෙස පළිකුලෙන් බලයි. නමුත් වසර 34,000 ක් පැරණි බලංගොඩ මානවයාගේ හිස් කබලක් දකින්නට සැලසුවහොත් එය අතටගෙන බැලීමේ වුවනමනාවක් ඇති වේ. අතීතයත් වර්තමානයත් අනාගතයත් සම්බන්ධ යැයි කිවන මුලධර්මය තවත් කරුණකි.යම් සාජයක මිනිසෙකුට දැඩිව තම සිත හදා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් තමාට ඉතිහාසයක් නැති බවයි , නම් ඔහු නැවතත් ගල් යුගයට යාමට සිදු වේ. වර්තමානයේ අප පරැහරණය කරනුයේ අතිතයේ නිෂ්පාදනයන්හි වර්ධන තත්වයන් වේ. රෝදයේ විකාශනය සිදු වුයේ කුඹල් සකෙනි.අපගේ ඉතිහාසයේ විකෘති තැන් ප්‍රකෘති කර ඇත්තේ ඉතිහාසයේ අඩු තැන් පුරවා ඇත්තේ පුරාවස්තු මඟිනි. පැරැන්නන්ගේ ජීවන රටාව නිර්මාණශීලී පැතිනඩ හා ස්වභාවය හඳුනාගිවීමට බෙහෙවින් උපකාරී වේ. එසේම පුරාවස්තු නිසා විශාල වශයෙන්ම ආර්ථික වාසි ලබා ගත හැතිය. මෙරට ආදායමෙන් වසැළකියයුතු ප්‍රමාණයක් ලබා දෙන්නේ පුරාවස්තුවයි. විදේශ විනිමය උපයාසංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මුළුමනින්ම පදනම් වන්නේ පුරාවස්තු මතය. පුරාවස්තු ආරක්‍ෂ‍ා කර ගැනීමට රටක වෙසෙන සාමාන්‍ය ජනතාවට දායක විය හැකිය. ශ්‍රී ලංකාව තුළ පුරාවිද්‍යා ස්ථාන 2,50,000ක් පමණ වන බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින 1600 පමණ වන පිරිසට මේ සියල්ල ආරක්‍ෂා කර ගැනීමේ දැඩි වගකීමක් ජනතාවට තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන්නේ ජනතාවගේ උරුමය රැකීමට ජනතාවට සහය දීමකි.
----------------------------------------------------------------------------------

පුරාවස්තු විනාශ වීමට හේතු

 පුරාවස්තු විනාශ වීමට බලපාන හේතු 02කි.
  1. සවිඤ්ඤානිකව
  2. අවිඤ්ඤානිකව
අවිඤ්ඤානින බව නිසා පුරාවස්තු සහිත භූමි ස්මාරක ආදිය විනාශ කරති.නිවාස තැනීම, සංවර්ධන යෝජනා ක්‍රම, නාගරීකරණය හා විවිධසිවිල් අර්බුධ නිසා ද වේ. පැරණි බිතු සිතුවම් තිබෙන විහාරස්ථාන වල පුද්ගලයන් විසින් සුවඳ දුම් හා පහන් පූජා කිරීම නිසා හානි පැමිණේ. ඊට වඩා ප්‍රබල ලෙස සවිඤ්ඤානිකව කරන ක්‍රියාවන් නිසා සිදු වේ.
  • පැරණි ස්ථාන ආශ්‍රිතව වටිනා දේ ඇතැයි යව වැරදි සංකල්පය.
  • " නිදන් වදුල" පුස්කොළ ග්‍රන්ථය උපයෝගි කර ගැනීම.
  • රන් ප්‍රතිමා සංකල්පය.
  • මාධ්‍ය මඟින් වගකීමෙන් තොරව ගෙන යන ප්‍රචාර

පැරැන්නන් විසින් නිර්මිත පරිහරණය කළ මේ පුරාවස්තු වල විශේෂත්වය වන්නේඒවා විනාශ වුවහොත් නැවත ඇති කළ නොහැක.පුරාවස්තුවක් රැකගත යුත්තේ ඒ එකිනෙකට ආවේණික වු වටිනාකමක් තිබීමයි.

 

 

රෝමය ගැන බිඳක්

















පුරාණ රෝමය
                      ඔක්ටවියන් තම සතුරන් පරාද කර ඔගස්ටස් යන නම ඈඳා ගත්තේය. ඔහු මහා බලයක් ආරෝපණය කොට ගෙන සමූහාණ්ඩු ජන රජයක් මවා පාමින් රට පාලනය කරන්නට විය. ඔහුගෙන් පසු පැමිණි පදවි ප්‍රාප්තිකයා වූ ටයිබීරියස් ක්‍රි.පූ 68 නීරෝගේ අභාවය දක්වා පැවති ජුලියෝ - ක්ලෝඩියානු රාජ වංශය පිහිටුවමින් මහා විරෝධයකින් තොරව බලය ලබා ගත්තේය. අධිරාජයෝ කිහිප දෙනෙකුගේ දූෂිත පාලනයන් හැරුණු විට රෝම අධිරාජ්‍යයේ බල ප්‍රදේශය පුළුල් වූ අතර ආරක්ෂාවද හොඳ හැටි තිබිණ. (උදා - කලිගුලා උමතු වූවෙක් බවට මත ඉදිරිපත්ව ඇති අතර දරුණු බව හා රාජ්‍යය කටයුතුවලට වඩා තම පුද්ගලික කටයුතුවලට වැඩි ආශාවක් දැක්වූවෙක් ලෙස නීරෝ ප්‍රසිද්ධියක් උසුලයි). පසුව පැමිණි ෆ්ලෙවින් රාජ වංශය ද අනුගමනය කළේ එම නීතිමය. යහපත් අධිරාජ්‍යයවරු පස් දෙනාගේ කාලයේදී (96 – 180) අධිරාජ්‍යය භූමි ප්‍රමාණයෙන් , ආර්ථික වශයෙන් හා සංස්කෘතික වශයෙන් ඉහළ හිණි පෙත්තටම සංවර්ධනය විය. රට අභයන්තර හා බාහිර තර්ජනවලින් රාජයය ආරක්ෂා වූ අතර පැක්ස් රෝමානා (රෝම සමය) අතර තුර අධිරාජ්‍යය වඩ වඩාත් දියුණු විය. ට්රාජන් රාජ්‍යය කාලය තුළ සිදු වූ ඩේසියා විජිතයත් සමගම අධිරාජ්‍යයේ බල ප්‍රදේශය උපරිම විය. රෝම අධිරාජ්‍යයේ විශාලත්වය වර්ග සැතපුම් මිලියන 2.5ක් (වර්ග කි.මී 6.5 ක් ) වේ.
193 සිට 235 දක්වා කාලය තුළ සෙවරන් රාජ වංශය බල පැවැත්වුණු අතර එකළ එලගබලුස් වැනි අදක්ෂ පාලකයන් දැකිය හැකි විය. මෙය සහ රාජකීය පරම්පරාව වෙත තිබූ වැඩිවන හමුදා බලය ,3 වන සියවසේ අරගලය ලෙස කියවෙන බාහිර ආක්‍රමණවලට සහ රාජකීය බිඳවැටීමට හේතු විය. මෙම අර්බුදය නිමාවට පත් වූණේ ඩයෝ ක්ලිටියන්ගේ දක්ෂ පාලනය යටතේය. ඔහු 293 දී සම - අධිරාජ්‍යවරු දෙදෙනෙක්ගෙන් හා ඔවුන්ගේ ජේෂ්ඨ සහකරුවන් දෙදෙනෙක්ගෙන් සමන්විත ප්‍රාදේශීය රජ ක්‍රමයකට රට පාලනය කිරීමට, අධිරාජ්‍යය පෙරදිග හා අපරදිග භාග දෙකකට බෙදීය. වසර 50 කට වැඩි කාලයක් තිස්සේ විවිධ සම - පාලකවරු ආධිත්‍යය ලබා ගැනීමට සටන් කළහ. 330 මැයි 11 වන දින කොන්ස්ටන්ටායින් I අධිරාජ්‍යයයා රෝම අධිරාජ්ය‍යේ අග නගරය කොන්ස්තන්තිනෝපලය ලෙස නම් වෙනස් කිරීමක් කරන ලදී. 395 දී අධිරාජ්‍යය ය ස්ථිර ලෙස පෙර දිග රෝම අධිරාජ්‍යය හා අපරදිග රෝම අධිරාජ්යය ලෙස බෙදන ලදී. පෙරදිග රෝම අධිරාජ්‍යය හා අපරදිග රෝම අධිරාජ්යයය ලෙස බෙදන ලදී. පෙරදිග රෝම අධිරාජ්‍යය පසු කලෙක බයිසන්ටයින් අධිරාජ්‍යය ලෙස හැඳින්විණි.
අපරදිග අධිරාජ්‍යය නිරන්තරයෙන් බාබේරියානු ආක්‍රමණවලින් පීඩා විඳි අතර ශත වර්ෂ ගණනාවක් පුරාවට රෝම අධිරාජ්‍යය ක්‍රමයෙන් පසුබැසීමට ලක් විය. ක්‍රි.පූ 4 වන ශතවර්ෂයේදී හන්වරුන්ගේ බටහිර දෙසට සිදු වූ සංක්‍රමණය නිසා විසිගොත්වරුන්ට රෝම අධිරාජ්‍යයයේ මායිම්වල සරණ සොයන්නට සිදු විය. 410 දී ඇලරික් I ගේ නායකත්වය යටතේ විසිගොත්වරු රෝම නගරය පැහැරූහ. වැන්ඩල් වරු ගෝල්, ස්පාඥඤය සහ උතුරු අප්‍රිකාවේ වූ රෝමයට අයත් පළාත් ආක්‍රමණය කළ අතර 455 දී රෝමය පැහැරූහ. 476 හි සැප්තැම්බර් 4 වන දින ජර්මානු නායක ඔඩෝසර්, අපරදිග රෝම අධිරාජ්යගයේ අවසාන පාලකයා වූ රොමියුලස් ඔගස්ටස් හට රජකම අත හරින ලෙස බල කළේය. මෙලෙස වසර 1200 කට ආසන්න කාලයක් පැවති අපර දිග රෝම පාලනය අවසානයට පත් විය.
පෙරදිග අධිරාජ්‍යයටද අත්වූයේ එවැනිම ඉරනමකි. නමුත් අපරදිග අධිරාජ්‍යයට අත් වූ ඉරණම තරම් උග්‍ර එකක් නොවේ. ජස්ටීනියම් ඉතාලිය හා උතුරු අප්‍රිකා‍ව ක්ෂණිකව යටත් කර ගත්තේය. නමුත් අපරදිග වූ බයිසන්ටයින් හි බල ප්‍රදේශ ජස්ටීනියන්ගේ මරණයෙන් වසර කීපයකට පසු දකුණු ඉතාලිය හා සිසිලිය දක්වා අඩු විය‍. පෙර දිගෙහි ඉස්ලාම් නැගීමත් සමග බයිසන්ටයින්වරුන්ට තර්ජන එල්ලවන්නට විය. ඉස්ලාම් අනුගාමිකයින් සීග්‍රයෙන් සිරියාවේ හා ඊජිප්තුවේ බල ප්‍රදේශ යටත් කර ගෙන ඉක්මණින්ම කොන්ස්තන්තිනෝපලයට ඍජු ලෙස තර්ජන ඉදිරිපත් කිරීමට සමත් විය. කෙසේ වෙතත් ක්‍රි.පූ 8 වන සියවස තුළදී බයිසන්ටයින්වරු තම භූමි ප්‍රදේශයෙන් ඉස්ලාම් පැතිරීම නවත්වා ගත් අතර 9 වන සියවස ආරම්භයේදී යටත් වී තිබූ භූමි නැවත මුදා ගත්හ. නැවත ක්‍රි.ව : 1000 දී පෙරදිග අධිරාජ්යබය එහි උපරිමයේ සිටියේය. බැසිලියස් II වන බල්ගේරියාව හා ආමේනියාව නැවත පැරද වූ අතර සංස්කෘතිය හා වෙළඳාම සමෘද්ධිමත් වුණි. නමුත් 1071 ඇති වූ මැන්සිකර්ට් යුද්ධය නිසා මෙම ප්‍රදේශ පුළුල් කිරීම එකවර නැවතුණි. මෙම අධිරාජ්‍යය පුදුමාකාර ලෙස පසුබෑමට හේතු විය. අභ්‍යන්තර අර්බුද හා ටර්කික් ආක්‍රමණ සහිත ශතවර්ෂ ගණනාවකට පසු ඇලෙක්සියස් I කොම්නෙසස් අධිරාජ්‍යයා 1095 දී අපරදිගින් උපකාර ඉල්ලීය. අපරදිග රෝම අධිරාජ්‍යය ඊට ප්‍රතිචාර දැක්වූයේ කුරුස යුද්ධය ඇති කරමිණි. අවසානයේ IV වන කුරුස යුද්ධයට සහභාගී වූවන් කොන්ස්තන්තිනෝපලය පැහැරූහ. 1024 කොන්ස්තන්තිනෝපලය පැරදවීම , අධිරාජ්‍යයේ ඉතිරි වූ කුඩා කොටස පදවි ප්‍රාප්තිකයන්ගේ ආණ්ඩු බවට පත් වෙමින් කැඩී බිඳී යාමක් ලෙස දැකිය හැක. එයි අවසාන ජයග්‍රහකයා වූයේ නිකායීයාය. රාජකීය හමුදාව විසින් කොන්ස්තන්තිනෝපලය නැවත අත්පත් කර ගැනීමෙන් පසු රෝම අධිරාජ්‍යයා ඊජියන් වෙරළ තීරයට කොටු වූ ග්‍රීක ආණ්ඩුවකට වඩා මදක් වැඩි අධිරාජ්‍යයක් බවට පත් විය. 1453 මැයි 29 දින මේහ්මඩ් II වන කෝන්ස්තන්තිනෝපලය නැවත පැරදවීමෙන් පසු පෙරදිග අධිරාජ්‍යය නිමාවට පත්විය.
පුරාණ ග්‍රීසිය සමග රෝමානු ශිෂ්ඨාචාරයද ඉතා පැරණි ශිෂ්ඨාචාර ලෙස වර්ගීකරණය කෙරෙයි. මෙහිදි ග්‍රීසියානු ශිෂ්ඨාචාරය රෝම සංස්කෘතිය සදහා දැඩි ලෙස බලපෑම් සිදු කළ ශිෂ්ඨාචාරයක් වෙයි. බටහිර ලෝකයේ නීතිය, යුධ කටයුතු, කලා කටුයුතු, සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය සහ භාෂාව යන ක්ෂේත්‍ර කෙරෙහි පුරාණ රෝම ශිෂ්ඨාචාරයෙන් එල්ල වු බලපෑම අති විශාල වන අතර වර්තමානයේ පවා රෝමානු ඉතිහාසය ලෝකය වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි.
ඇමරිකාවට අයත් පැරණි රාජ්‍ය
· ඇඩීනා
· ඇස්ටෙක්
· ඉන්කා
· මායා
· මිසිසිපියානු සංස්කෘතිය
· ස්වදේශික ඇමරිකානුවන්
· ඕල්මැක්වරු
· පවර්ටිපොයින්ට් සංස්කෘතිය
----------------------------------------------------------------------------------------------------------------------------

රෝම සමූහාණ්ඩුව

           

ගේයස් මේරියස්, රෝම හමුදාව ප්‍රතිසංස්කරණය කළ රෝම සේනාපතියෙක් සහ දේශපාලනඥයෙක්.
රෝම සමූහාණ්ඩුව පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 509 දී පමණය. ලිවී වැනි පසුකාලීන ලේඛකයන් කියනා ලෙසට එය සිදු වී ඇත්තේ රෝමයේ රජවරු සත්දෙනාගෙන් අන්තිම රජු වූ ගෞරවනීය ටාකුන් රාජ්‍යත්වයෙන් පහ කර වාර්ෂිකව මහේස්ත්‍රාත්වරු පත් කර රැස්වීම් පවත්වා රට පාලනය ගෙන යන්නට වූ කාලයේ දීය. ප්‍රධානම මහේස්ත්‍රාත්වරුන් වූයේ තානාපතිවරු දෙදෙනාය. ඔවුන් අධිරාජ්‍යයේ විධායක අධිකාරිය හෝ හමුදා විධි විධාන දීම එක්ව කළහ. ඔවුන් සෙනෙට් සභාව සමඟ කටයුතු කළහ. සෙනෙට් සභාවේ සිටියේ බලයෙන් ඔද වැඩී ගිය වංශවතුන් හෝ උපදේශකයන් වූහ. සමූහාණ්ඩුවේ අනෙකුත් මහේස්ත්‍රාත්වරු හෝ උපදේශකයන් වූහ. සමූහාණ්ඩුවේ අනෙකුත් මහේස්ත්‍රාත්වරු වූයේ ප්‍රීටස්, ඊඩිලයිස් හා ක්විස්ටර්ය. මහේස්ත්‍රාත්වරු ඇත්තෙන්ම වංශවතුන්ට බාධාවක් වියග නමුත් පසුව සාමාන්‍ය ජනතාවට විවෘත විය. සමූහාණ්ඩු ඡන්ද විමසීමේ රැස්වීම්වලට සේනාධිනායක රැස්වීම් අන්තර්ගත විය. එමඟින් ඉතාම වැදගත් කාර්යාලවලට නිළධාරීන් තෝරා පත් කර ගන්නා ලදී. එසේම ගෝත්රික රැස්වීම්වලින් එතරම් නොවැදගත් කාර්යාල සඳහා නිළධාරීන් පත් කර ගන්නා ලදී. රෝම සංස්ථාපනයේ ගණුදෙණු සටහනේ පෙන්වා ඇත.
ක්‍රි.පූ.5 වන සියවසේ මුල් භාගයේ දී සිසල්පයින් ගෝල්හි දකුණු කොටසේ සිට එට්රුස්කන් ප්‍රදේශයට ගෝල් ජනතා පාලනයක් දැකිය හැක. සෙනොන්ස් ගෝත්‍රයේ බ්‍රිනස් ගෝල්වරුන්ට මුල් තැන දුන්හ. රෝමවරු රාජ දූතයින් තිදෙනෙක් ඔහු මුණගැසීමට යැවූහ. තවද ඔහුගේ යුධ බලය පිළිබඳ අදහස් තීන්දු කර ගත්හ. රැස්වීම හොඳින් නොව ප්‍රචණ්ඩ ලෙස කෙළවර විය. රෝමවරු තිදෙනාට දඬුවම් ලැබීමට සිදු විය. ඉන්පසු ගෝල්වරු පෙරටු කොට ගමන් කිරීම රෝමවරු විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ ක්‍රි.පූ. 387 ජුලිවලදීය. රෝමවරු ක්වින්ටස් සල්පිකස් යටතේ ගෝල්වරුන්ගේ ආගමනයට තහංචි පැනවූහ. එහි ප්‍රතිඵලය වූයේ අලියා නදිය අසල දී රෝමවරු නැවත පරාජයට පත් වීමයි. එය රෝමය මුහුණ පෑ පශ්චාත් නඟර පැහැරීමයි. කැපිටලින් කඳු දුර්ගය හරහා රෝමවරු නැවත පහර දුන් අතර පණ බේරා ගත්තේ කොල්ල කෑම් හා නඟරය ගිනි තැබීම් දෙස බලා සිටියහ. නගරයේ ගෝල්වරු රජ කිරීමට පටන් ගෙන මාස හතකට පසු රෝමවරු බ්රීනස් වෙත සාම කොන්දේසි රැගෙන ගියහ. බ්‍රිනස් රත්රන් රාත්තල් දහසක් ඔවුන්ට ණය ගෙවීමක් ලෙස ගෙවූහ. ගෝලවරු දෙවැනිවරට ද රෝමය අතහැර ගියහ. රෝමවරු ක්‍රම ක්‍රමයෙන් ඉට්රස්කන්ස් ඇතුළු ඉතාලි අර්ධවීපයට අයත් මිනිසුන් යටත් කර ගත්හ. රෝම අධිරාජ්‍යයට අවසාන වශයෙන් තර්ජන එල්ල වූයේ ක්‍රි.පූ. 281 දී එපිරස්ගේ පිර්හස් ආධාර සහිතව ප්‍රධාන ග්‍රීක ජනපදයක් වූ ටාරින්ටම්වලිනි. නමුත් එම උත්සාහය වාර්තා විය. රෝමවරු තම ජනපදවල ස්ථායී පාලනයක් ගෙන යාමෙන් තම ජයග්‍රහණ තහවුරු කර ගත්හ. ක්‍රි.පූ. 3 වන ශත වර්ෂ දී රෝමය විසින් මැසිඩෝනියාව හා සිලියුසික් අධිරාජ්‍යය පැරදවීමෙන් පසු මධ්‍යධරණී මුහුදේ අශ්‍රිතම මිනිසුන් කොටස බවට රෝමවරුන්ට පත් වීමට හැකි විය.
අභ්‍යන්තර ප්‍රශ්න ඇති වීමට විදේශීය බලපෑම් බලපෑවේය. පළාත්වල සිදු වූ අය කිරීම් මඟින් සෙනෙට්වරු ධනවත් වූහ. නමුත් බොහෝ විට කුඩා පරිමාණයේ ගොවීන් වූ යුධ භටයෝ නිවෙස්වලින් දිගු කාලවලට ඈත්ව විසූ අතර තම භූමි නඩත්තු කර ගත නොහැකි තත්වයට පත්ව සිටියෝය. විදේශීය වහල්ලුන් ගැන විශ්වාසය තබන්නට සිදු වූ අතර ලැටිෆුන්ඩියා හි වර්ධනය නිසා වැඩ සඳහා ගෙවීම් කටයුතු අඩු විය. යුද්ධයේ දී කොල්ල කෑ දෙයින් ලැබුණු ආදායම, නව ප්‍රදේශවල වෙළඳාම සහ බදු ක්‍රමයට ගොවිතැන් කිරීම යන දේවලින් නව ආර්ථික අවස්ථා හඳුන්වා දීමත් සමඟින් වෙළඳ හා අශ්වාරෝහක පන්තියක් බිහි විය. වෙළඳ කටයුතුවලට සම්බන්ධ වීමෙන් ඉවත් කරනු ලැබූ සෙනෙට් සභිකයන් වූ ලෙක්ස් ක්ලවුඩියා තහනම් සාමාජිකයින් හේතුවෙන් අසරුවන්ට සෙනෙට් සභාවට නිල වශයෙන් සම්බන්ධ වීමේ හැකියාව ලැබිණි. ඔවුන්ට දේශපාලන බලය නිසා සෑම විටම බාධා වූයේය. වැදගත් නඟර පිළිසකර කිරීම්වලට අවහිර බාධා පමුණුවමින් සහ අසරුවන්ට ආණ්ඩුවේ වැදගත් තැනක් ලබා නොදීමෙන් සෙනෙට් සභාව තුළ නිරන්තර දබර ඇති විය. සෙනෙට්වරුන් විසින් පාලනය කරන ලද රැකියා විරහිත නාගරික ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් තර්ජනවලින් ජනතාව බය ගැන්වූහ. ක්‍රි.පූ. 2වන සියවස වන විට තත්වය නරක අතට හැරුණි. එය සිදු වූයේ වංශවතුන් අල්ලා ගෙන තිබූ ඉඩම් නැවත සාමාන්‍ය ජනයා අතර බෙදා දීමට උත්සාහ ගත මහජන නායක දෙපළක් වන ග්‍රාඩි සොහොයුරන් යටතේය. පසුව ඔවුන් දෙදෙනා මරා දමන ලදී. නමුත් සෙනෙට්වරුන් එම දේපල සමහරක් මහජනතාවට හා අසරුවන්ට බෙදා දුන්හ. ඉතාලියේ එක්සත් නඟරවලට රෝම පුරවැසිභාවය ලබා නොදීම ක්‍රි.පූ. 91-88 සමාජ යුද්ධයට හේතු විය. හමුදා ප්‍රතිසංස්කරණ (ගැයස් මැරියස්ගේ) නිසා සොල්දාදුවන් තම සේනාපතිට නිතරම හිතවත් වූහ. එවන් බලවත් සේනාපතියකුට නඟරයට මෙන්ම සෙනෙට් මුදල් ද අඛණ්ඩව පවත්වා ගත හැකි විය. මෙය මේරියස් හා ඔහුගේ සංරක්ෂිත සුල්ලා අතර සිවිල් යුද්ධයට හේතු විය. ක්‍රි.පු. 81-79 දී සුල්ලාගේ ආඡාදායක පදවිය අග තැන් විය.
ක්‍රි.පූ. 1 වන සියවසේ මැද භාගයේ දී ජුලියස් සීසර්ළ පොම්පේ සහ ක්‍රෙසස් යන තුන් දෙනා විසින් සමූහාණ්ඩුව පාලනය කිරීමට රහස් ගිවිසුමක් පිහිටුවන ලදී. මෙය ප්‍රථම තුන් කොන් ආධිපත්‍යය වේ. සීසර් ගෝල් රාජ්‍යය යටතේ කර ගැනීමෙන් පසු ඔහුත් සෙනෙට් සභාවත් අතර ඇති වූ දුරස් වීමකින් සිවිල් යුද්ධය ඇරඹුණි. එහි දී සෙනෙට් හමුදාවේ පෙරමුණ ගත්තේ පොම්පේය. සීසර් ජයග්‍රාහකයෙකු මෙන්ම මිනිසුන්ට ආඥාදායකයකු විය. ක්‍රි.පූ. 44 දී සීසර්ගේ අහංකාරකමට අකමැති වූ සෙනෙට්වරු ඔහු මරා දැමීය. තවද ඔවුනට ව්යවස්ථායික ආණ්ඩුවක් යළි පිහිටුවීමේ අවශ්‍යතාවය ද ඊට හේතු විය. ඉන්පසු සීසර්ගේ ඊළඟ උරුමක්කායා වූ ඔක්ටවියන් ද ඔහුගේ සහකරුවන් ලෙස මාක් ඇන්තනී හා ලෙපිඩස් ද එක් වී දෙවන තුන්කොන් අධිපත්යය හිමි කර ගත්හ. කෙසේ වෙතත් මෙම සන්ධානය ඉක්මනින්ම, ප්‍රධානියා වීමට තරඟ කරන බල අරගලයක් බවට පත් විය. ලෙපිඩස් රටින් පිටුවහල් කරන ලදී. ක්‍රි.පු. 31 දී ඇක්ටියම් රණ බිමේ දී ඊජිප්තුවේ ක්ලියෝපැට්රා හා ඇන්තනී පරාද කළ ඔක්ටවියන් නිතරඟයෙන්ම රෝමයේ පාලකයා බවට පත් විය.
----------------------------------------------------------------------------------

රාජ්‍ය පාලනය

                   අතීතයේ රෝමය රජ්ජුරුවන් විසින් පාලනය කරන ලදි. එම රජවරු තෝරාගනු ලැබුවේ රෝමයේ ප්‍රධාන ගෝත්‍ර විසිනි. එහිදී එම රාජ්‍යත්වය ගෝත්‍ර වලට මාරුවෙන් මාරුවට ලැබුණි. එහෙත් මෙහිදී රජතුමාගේ බලතල නිවැරදිව හඳුනාගෙන නොමැත. ඔහුට විධායක බලතල තිබීමට ද, නැතහොත් සෙනෙට් සභිකයෙකුගේ පමණ බලතල සහිතව කටයුතු කිරීමට ද සිදුවු බව සඳහන් වේ. එහෙත් යුධමය කටයුතු වලදී රජතුමාගේ බලතලවලට ප්‍රධාන‍ තැනක් හිමිවුණි. එසේම රාජ්‍යය ආගමේ මුලිකයා වුයේ ද රජතුමාය. රජතුමාගේ බලතල වලට අමතරව පරිපාලනමය ඒකක තුනක් තිබිණි. රජතුමාගේ උපදේශක මණ්ඩලය ලෙස කටයුතු කළ සෙනෙට් සභාව, රජතුමා විසින් ඉදිරිපත් කරන නීති රෙගුලාසි සම්මත කර කොමිටියා කුරියාටා සභාව හා රජයේ පූජකතුමාලාගේ එකමුතුවක් වන කොමිටියා කලාටා සභාව එම ඒකක තුනයි. පන්ති කුල භේද හේතුවෙන් රෝමානු සමූහාණ්ඩුවේ රාජ්‍ය පාලකයා තෝරාගැනීමේ හැකියාව තිබුනේ ඉහළ තල හා පන්ති වලට අයත් පිරිසටය. එබැවින් මෙය ප්‍රජාතන්ත්‍රවාදය හා අනුබද්ධව ක්‍රියාත්මක වූ රාජ්‍ය පාලනයක් විය. ඉංග්‍රීසි භාෂාවෙන් සමූහාණ්ඩුවට භාවිතාවන රිපබ්ලික් නම් වචනය ලතින් භාෂාවේ රෙස්ට් පබ්ලිකා යන වචන දෙකේ එකතුවෙන් ඇති වූවකි. එම රෙස්ට් පබ්ලිකා යන වචනයේ තේරුම “පොදු ජනතාවගේ කටයුතු” යන්නයි. රෝමානු නීති සම්ප්‍රදායිකව සම්මත වන්නේ කොමිටියා ට්‍රිබියුටා නම් සමුහ රැස්වීම් ඡන්ද විමසීමෙනි. ඒ ආකාරයෙන් රාජ්‍ය තනතුරු සඳහා පත්වීමට නම් ප්‍රථමයෙන් ඔවුන් ජනතාවගේ ඡන්දයෙන් පත්විය යුතුය. නමුදු රෝමානු සෙනෙට් සභාව පාලනය වුයේ ඉහල තල හා පන්ති වල ජනතාවගේ ඡන්දයෙනි. සමූහාණ්ඩුව තුළ සෙනෙට් සභාවට විශාල බලතල තිබු නමුත් ව්‍යවස්ථාදායක බලතල නොතිබිණි. එබැවින් එය පැවතියේ උපදේශක මණ්ඩලයක් ලෙසය. සෙනෙට් සභිකයෝ පෞද්ගලිකවම බලතල වලින් හෙබි බැවින් සෙනෙට් සභාවේ සාමුහික අදහස් වලට විරුද්ධව කිසිවක් කිරීමට නොහැකි තත්ත්වයක් පැවතිනි. නව සෙනෙට් සභිකයන් පත්වන්නේ වඩාත් අත්දැකීම් බහුල හා තම සේවාවන් නිවැරදිව ඉටුකල පුද්ගලයන් අතරිනි. සෙන්සර්ස් නම් සෙනෙට් සභික කණ්ඩායම විසින් එය සිදු කරන ලදි. එසේම ඔවුන්ට වර්තමාන සෙනෙට් සභිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට ද බලතල තිබුණි. එසේ සිදු කෙරුණේ වර්තමාන සෙනෙට් සභිකයන්, දූෂණ හා වංචාමය ක්‍රියාදාමවල නිරතවන්නේ නම්ය. පසුකාලීනව සුල්ලා නම් අධිරාජ්‍යයා යටතේ ක්වස්ටර්ස් නම් සාමාජිකයන් ඡන්දයකින් තොරව ස්වාධීනව සෙනෙට් සභිකයන් ලෙස පත්කෙරිණි. එහෙත් එම අධිරාජ්‍යයාගේ සංශෝධන වැඩිකල් නොපැවතුනි.

---------------------------------------------------------------------------------- පුරාණ රෝම සමාජය

                         පුරාණ රෝමය සංවර්ධනය වූ කේන්ද්‍ර ස්ථාන වුයේ රෝම ප්‍රසිද්ධ වෙළෙඳපළ වු අතර එය දෛනික රෝම ජීවිතයේ චක්‍රනාභියක් විය. පුරාණ රෝම සමාජය, කඳු හතක් මත පිහිටා තිබු රෝම නගරය සමග සම්බන්ධව තිබිණි. එහි ක්ලෝසියම්, ට්‍රාජන් වෙළෙඳ පොළ සහ පැන්තියනය වැනි ස්මරණීය ගොඩනැගිලි විශාල ගණනක් තිබිණි. සිය ගණන් වාරිමාර්ග පද්ධති මඟින්, ක්‍රීඩා මණ්ඩප, පුස්තකාල සහ සාප්පු සහිත සනීපාරක්ෂක සංකිර්ණ, වෙළෙඳ පොළවල් වලට නැවුම් පානීය ජලය බෙදා හැරුණු අතර ක්‍රමවත්ව සෑදු කාණු පද්ධති මගින් ඒවා ඉවතට ගෙනයාම සිදු විණි. පුරාණ රෝම පාලනය යටතේ ගෘහයන් නිර්මාණ ශිල්පය නවීන නිවෙස් වල සිට අති විශාල තනි නිවෙස් දක්වා ව්‍යාප්ත විය. රෝමයේ අග නගරයේ අධිරාජ්‍යවරුන්ගේ ගෘහ ඉදිවුණේ පැලටයින් කන්ද මතය. පැලස් නම් වචනය බිදී ආවේද පැලටයින් නම් වචනයෙනි. පහත් සහ මධ්‍යම පන්තිවල ජනයා වාසය කළේ නගරයේ මධ්‍යයේය. ඒ යුදෙවුවන් වසන ගෙවල් වැනි කුඩා වෙන්වු කාමරවලය.

මිලියනයක පමණ ජනගහනයක් සහිතව විශාලම නාගරික මධ්‍යස්ථානය වුයේ රෝම අධිරාජ්‍යයි. (19 වැනි ශතවර්ෂයේදී ලෝකයේ විශාලම නගරය වු ලන්ඩනයේ භූමි ප්‍රමාණයට සමාන ලෙස) එය උපරිම ලෙස මිලියන 14 ක් ද අවම ලෙස 450 000 ක් ද විය. කුර ගැටෙන හඩින් සහ රථවල රෝදවල හඩින් රෝම නගරය ඝෝෂාකාරී වන්නට වු අතර එය ඉසිලිය නොහැකි වු අතර ජුලියස් සීසර් රජ වරක් රථ ගමනාගමනය (දවල් කාලයේ) අත් හිටුවීමට යෝජනා කර ඇත. ඓතිහාසික ඇස්තමේන්තු ප්‍රකාශ කර සිටින්නේ පුරාණ රෝමයට අයත් ප්‍රදේශය යටතේ වු ජනගහනයෙන් 20% ක් නාගරික මධ්‍යස්ථාන වල දිවි ගෙවු බවයි. ඊට හමුදා භටයන් 10000 හෝ ඊට වැඩි ජනකායක් ද පන්සල් හා වෙනත් ගොඩනැගිලිද අයත් විය. ඒවා රෝමයේ මෙන් කුඩා පරිමාණයේ ඒවා විය.
----------------------------------------------------------------------------------- සාමාජීය පන්ති සැකැස්ම
                            
රෝමානු සමාජය තුළ පන්ති වලට බෙදුනු සාමාජීය සැකැස්මක් පවතී. එම සාමාජීය සැකැස්ම තුළ පහළින්ම සිටින්නේ වහල්ලුන්ය. ඔවුනට ඉහළින් නිදහස ලැබූ මිනිසුන්ය. ඔවුන්ට ඉහළින් නිදහස්ව ඉපදුණු මිනිසුන්ය. නිදහස්ව ඉපදුණු පුරවැසියන් නැවතත් පන්ති දෙකකට වෙන් කෙරිණි. එනම් ප්‍රභූ පැලැන්තීන්ට අයත් හා සාමාන්‍ය පවුල්වලට අයත් පුරවැසියන් වශයෙනි. පසුකාලීනව මෙම දේපාර්ශවීය බෙදීම වැදගත් කොට නොසැලකිණි. සාමාන්‍ය පුරවැසියන් ධනවත් වී දේශපාලනයට එක්වී‍මත්, ප්‍රභූ පැලැන්තියේ සමහරුන්ගේ ධනය අඩුවී යාමත් ඒ සඳහා හේතුවිය. පුරවැසියන් ඕනෑම කෙනෙකුගේ පවුලේ ඥාතියෙක් ඉහළ තනතුරු දරන්නේ නම්, එම පුරවැසියන් ද ප්‍රභූන් ලෙස සැලකීය. එසේම යම් පුද්ගලයකු ප්‍රභූ හෝ ඉහළ තනතුරු දරන්නෙකු බවට පත්වුවහොත් ඔහුගෙන් පසු එම පරම්පරාව ප්‍රභූන් ලෙස සැලකිණි. එවන් පුද්ගලයෙක් නෝවස් හෝමෝ, නැතහොත් නව මිනිසා ලෙස හැඳින්විය. එවැනි තත්ත්වයක දී වුවද අතීතයේ පටන් පැවත එන ප්‍රභූ වංශයන්ට, වැඩිපුර සමාජ පිළිගැනීමක් හිමිවිය. එසේම ඇතැම් ආගමික නායකත්ව තනතුරු, අතීතයේ සිට පැවත එන ප්‍රභූ වංශයන්ට අයත් පුරවැසියන්ට වෙන්කර තිබිණි.

ඉන්පසු ඇති වූ සමාජ පන්ති බෙදීම්වලට මුලික වූයේ ආරක්ෂක සේවාවන්හි නියුතු වීම හා ඒවායේ පැවති නිල තල දැරීමය. උදාහරණයක් ලෙස පුරවැසියන් දෙදෙනකු සංසන්දනය කරන විට ආරක්ෂක සේවයේ නිරත වූ පුද්ගලයාට ඉහළ සමාජ පිළිගැනීමක් හිමිවිය. එම සමාජ පන්තිවල සමාජිකත්වය තීරණය වුයේ තමන් සතු වත්කම් ප්‍රමාණය අනුවය. වැඩි වත්කම් දැරුවේ සෙනෙට් සභිකයන් අයිති පන්තීන් හි සාමාජිකයන් ය. ඔවුහු දේශපාලනයේ හා ආරක්ෂක අංශයන් හි ඉතා ඉහළ තනතුරු දැරූහ. ඔවුන්ට පහළ පන්තිය වුයේ එකොස්ට්‍රියන්ස් පන්තියයි. එම පන්තියට අයත් වුයේ ධනවත් වෙළෙඳ ව්‍යාපාරික පුරවැසියන් ය. ඔවුන්ටත් පහළ පිහිටි පන්තිය වුයේ කිසිදු ධනයක් නොමැති පුරවැසියන්ගේ පන්තියයි. මේරියස් නම් ප්‍රභූවරයාගේ සංශෝධන වලට ප්‍රථම එම අවසාන පන්තියේ පුරවැසියන්ට ආරක්ෂක අංශයේ කිසිඳු තනතුරක් දැරීමට නොහැකි විය. ඔවුන්ට සැලකුවේ වත්කම් හා සමාජ පිළිගැනීම අතින් නිදහස ලැබූ පුරවැසියන්ට මඳක් ඉහළ මට්ටමකිනි.

----------------------------------------------------------------------------------

ඉපැරණි රෝමයේ ආර්ථිකය

                                

ඉපැරණි රෝමය මිනිස් සහ ස්වභාවික සම්පත් අතිවිශාල ප්‍රමාණයකට හිමිකම් කී විශාල භූමි ප්‍රමාණයක බලය පවත්වා ගත් රාජ්‍යයකි. එබැවින් රෝමයේ ආර්ථිකය වෙළෙඳාම හා කෘෂිකර්මය මත පදනම් විය. කෘෂිකාර්මික නිදහස් වෙළෙඳාම ඉතාලියේ භූ දර්ශනයද වෙනස් කරනට සමත්විය. බුද්ධ වර්ෂ පළමු ශත වර්ශය වන විට ,විශාල මිදි සහ ඔලිව් වතුවල සේවයේ නිරත ගොවීන් තනතුරෙන් පහ කරන ලදී. ඒ ඔවුන්ට ආනයනය කරන ලද ධාන්‍ය මිලට සරිලන දේ නිපදවීමට නොහැකි වූ බැවිනි. ඊජීප්තුව, සිසිලියාව සහ උතුරු අප්‍රිකාවේ මුනිසියාව වැනි රටවල් යටත් කරගැනීමෙන් නිරන්තර ධාන්‍ය සැපයීම සිදුවුණි. එමෙන්ම ඔලිව් තෙල් සහ වයින් ඉතාලියේ ප්‍රධාන අපනයනයන් විය. ධාන්‍ය වටමාරුවක් භාවිතා කළද ගොවිපල වල ඵලදායීතාවය(හෙක්ටයාරයකට ටොන් 1ක් පමණ ) පහල මට්ටමක පැවතුණි.
කර්මාන්ත සහ නිෂ්පාදන ක්‍රියාකාරීත්වය ඉතා කුඩා විය. තරමක් හෝ මහ පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය වූයේ පතල් කර්මාන්තය සහ මැණික් ගල් කඩතොලු කිරීමයි.(ගල් මූලිකම ඉදිකිරීමේ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන ලදී ) නිෂ්පාදන ආසන්න ලෙස කුඩා ප්‍රමාණයක පැවතුණු අතර සාමන්‍යයෙන් කුඩා කඩ සහ කර්මාන්ත ශාලා වලින් සමන්විත විය. කෙසේ වෙතත් සමහර උළු ගඩොල් කර්මාන්ත ශාලා වල සියගණන් සේවකයින් රැකියාවේ නියුක්ත වූහ.
සමහර ආර්ථික ඉතිහාසඥයන් පැරණි රෝම අධිරාජ්‍යයේ ආර්ථිකය වෙළෙඳපොල මූලික කරගත් ආර්ථිකයක් බව තර්ක කළහ. එය වඩාත්ම දියුණු කෘෂිකාර්මික ආර්ථිකයකි. සියලුම වර්ගවල භාණ්ඩ, ඉඩම්,නැව් බඩු තොග සඳහා වෙළඳපොල පැවතුණි. තවද රක්ෂණ වෙළෙඳපොලක්ද පැවතුණි. පැරණි ජන රජයේ ආර්ථිකය විශාල වශයෙන් කුඩා ඉඩම් හා ගෙවන ශ්‍රමය මත පදනම් විය. කෙසේ වෙතත් විදේශීය යුද්ධ හා යටත් කිරීම්, වහල් වැඩ ලාභ වීමට හා අවශ්‍ය තරම් ලබාගැනීමට හේතුවූ අතර මෑත වනවිට ආර්ථික වශයෙන් විශාල ලෙස වහල් කම්කරුවන් (පුහුණු හා නොපුහුණු ක්‍රියාවන් දෙකම සඳහා) නීතිමය පසුබිම මත පදනම් වුණි. මේ කාලය තුළ කරන ලද ගණනය කිරීම් අනුව රෝම අධිරාජ්‍යයේ ජනගහනයෙන් 20% වහලුන් වු අතර, 40% රෝම නගරය තුළ විසුහ. රෝම අධිරාජ්‍යයේ පමණක් යටත් කිරීම් නතර වනවිට හා වහලුන්ගේ මිල ගණන් වැඩි වනවිට, වහලුන් කුලියට ගැනීම වඩා සකසුරුවම් සහිත විය.
-----------------------------------------------------------------------------------

අතීත රෝමානුවන්ගේ භාෂාව

                                    

රෝමනුවන්ගේ ජන්ම භාෂාව ලතින් භාෂාව හා ඉතාලි භාෂාව වේ. මෙම භාෂාවේ ව්‍යාකරණ එතරම් සංකීරණ ඒවා නොවේ.මෙහි අක්ෂර මාලාව සකස් වී ඇත්තේ Etruscan අක්ෂර මාලාව පදනම් කරගෙනය.එම අක්ෂර මාලාව පදනම් වී ඇත්තේ ග්‍රීක අක්ෂර මාලාව මතයි.කෙසේ වෙතත් ලතින් සාහිත්‍ය අලංකාර කර ගැනීමට හා පැවත්මට අලංකෘත සහිත දියුණු කෘත්‍රීම භාෂාවක් ක්‍රිස්තු පූර්ව පලමුවන සියවසයේ දී භාවිත කරන ලදී.රෝම අධිරාජ්‍යයේ ව්‍යවහාරික භාෂාව වූයේ Vulgar ලතින් ය.මෙම Vulgar ලතින් පැරණි ලතින්වලට වඩා සුවිශේෂී ලෙස වෙනස්ය.එහිදී භාෂා උච්ඡාරණය, ව්‍යාකරණ, මෙන්ම වචන මාලා ආදිය බොහෝ ලෙස වෙනස්ය.
රෝමයේ ප්‍රධාන ලිඛිත භාෂාව ලතින් භාෂාව වන අතර දැන උගත් බුද්ධිමත් ප්‍රභූ ජනයා ග්‍රීක භාෂාවෙන් කතා කළහ.සාහිත්‍යධරයෝ ලේඛන කලාවට ද ග්‍රීක භාෂාව භාවිතා කරන ලදී.රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට තිබූ බ්යිසැන්ටින් අධිරාජ්‍යයේ ලතින් භාෂාව භාවිත වූයේ නැති තරම්ය.නමුත් බයිසැන්ටින්හි (Byzantine) විසූ ජුස්ටිනියන් අධිරාජ්‍යයා මියයෑමෙන් පසු ග්‍රීක භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් විය.රෝම අධිරාජ්‍යයේ බලපෑමට ඒ අවට රාජ්‍ය නතු වනවිට ලතින් භාෂාව මුළු යුරෝපයේම ව්‍යාප්ත විය.මේ කාලයේ vulgar ලතින් උප භාෂාව වන විට රෝම භාෂාව සෑහෙන්න ප්‍රමාණයක් යුරෝපයේ ව්‍යාප්තව පැවතුණි.
ලතින් නෂ්ට වූ භාෂාවක් වුව ද භාෂාව හොඳින් හැසිරවිය හැකි ස්වල්පයක් දෙනා ඉන් ප්‍රයෝජන ගත්හ.ඔවුන් ඒ ඇසුරින් Ecclesiatical ලතින් භාෂාව නිර්මාණය කළහ.එය රෝමයේ වැනිස් නගරයේ ක්‍රිස්තියානි දේවස්ථානවල නිල භාෂාවයි.දැනටමත් බටහිර යුරෝපයේ භාවිතා වන Lingua Franca නමැති භාෂාවේ ලතින් භාෂාවේ ආභාෂය ඇතුළත්ව ඇත.මෙය ජාත්‍යන්තර භාෂාවකි.අවසානයේ 19 වැනි සියවසයේ දී ප්‍රංශ භාෂාව ද 20 වන සියවසයේ දී ඉංග්‍රීසි භාෂාව ද යුරෝපයේ ජනප්‍රිය භාෂා බවට පත් විය.ඉංග්‍රීසි භාෂාවේ එන වචන 80% ක් පමණ ඍජු හෝ වක්‍ර ආකාරයෙන් ලතින් භාෂාවෙන් දායාද වුණු වචන වේ.
-----------------------------------------------------------------------------------

ඓතිහාසික රෝම සංස්කෘතිය

                       

ඓතිහාසික රෝම සංස්කෘතිය වසර 1,200ක් පැරණි එම ශිෂ්ටාචාරය පුරා විකාශනය වූවකි. මෙම යෙදුම මුල්කාලීන රෝම ජනරජයක් ද පසුව තම්බි‍්‍රයාව, මොරොක්කෝව සිට උතුරු අප‍්‍රිකාව හා ස්කොට්ලන්තය තෙක් කලාපයේ ද සංස්කෘතිය විදහා දක්වති.
ඓතිහාසික රෝමයේ ජීවිතය හැඩගැසුණේ රෝම නගරය, සුප‍්‍රසිද්ධ කඳු හත, එහි අතිවිශාල ස්මාරක (කොලෝසියම, ට්‍රොජන් විනිශ්චය සභාව, පැන්තියන් වැනි දේ වටාය. නගරයෙහි බොහෝ නාට්‍යාගාර, ක‍්‍රීඩාගාර සහ තැබෑරුම්, නානශාලා සහ ගණිකා මඩම් විය. රෝම පාලනය යටතේ පැවති භූමි ප‍්‍රදේශය පුරා නිවාසවල ගෘහ නිර්මාණ ශිල්පය වැසුණු නිවාසවල සිට ගම්බද විශාල නිවෙස් දක්වා පිහිටා තිබුණි. ජනගහණයෙන් වැඩි පිරිස වාසය කළේ නගරය තුළ පිහිටි නිවාස සංකීර්ණ තුළය.
එවක පැවති නගර අතුරින් රෝමය විශාලතම නගරය වූ අතර, ජනගහණය උපරිම වශයෙන් මිලියන 3.5ක් ද, අවම වශයෙන් 450,000ක් ද ලෙස ගණන් බලා ඇත. නගරය යකඩ කරත්ත රෝදවල ශබ්දය නිසා ඝෝෂාකාරී වූ අතර, ජූලියස් සීසර් වරක් රාත‍්‍රියට යකඩ කරත්ත ගමන් කිරීම තහනම් කළේය. රෝම අධිරාජ්‍යයේ පුරවැසියන්ගෙන් 20%කට අධික ප‍්‍රමාණයක් නගරබඳ ව විසූ බව ඓතිහාසිකව තහවුරු වී ඇත. ජනගහණය අවම වශයෙන් 10,000ක් ද, හමුදා භටයින් ද සහිතව එය අතිශයින් නාගරීකරණයට ලක් වී තිබේ. 1800 දී එංගලන්තයේ නාගරීකරණයට සමාන ප‍්‍රමාණයක්, එනම් 32% ක් පමණ නාගරීකරණයක් එවකට ඉතාලියේ පැවතුණි. බොහෝ නගරවල රෝමයේ දක්නට ලැබුණු අධිකරණ ශාලා හා ආගමික ස්ථානවල ස්වරූපයෙන්ම කුඩා ගොඩනැඟිලි පැවතුණි. නාගරික ජනගහණය වැඩිවීම නිසා, ආහාර ලබා ගැනීම, ප‍්‍රවාහනය, ගබඩා කිරීම හා බෙදා හැරීම නොනවතින මෙන්ම සංකීර්ණ ක‍්‍රියාවලියක් විය. ඉතාලි ගොවිපළවලින් එළවලූ හා පළතුරු ලබාගත් අතර, මාළු සහ මස් සුඛෝපභෝගී ආහාර විය. නාගරික ප‍්‍රදේශවල ජලය ගෙන ඒම සඳහා වාරි මාර්ග තනවන ලද අතර, හිස්පැනියාව, ගෝල් සහ අප‍්‍රිකාව යන ප‍්‍රදේශවලින් වයින් හා තෙල් ගෙන්වන ලදී.
රෝම අධිරාජ්‍යයේ පළාත් අතර ඉතා කාර්යක්ෂම ප‍්‍රවාහන සේවයක් පැවති හෙයින් ඒවා අතර විශාල වාණිජ ගනුදෙනු සිදුවිය. ප‍්‍රවාහනය හා තාත්ෂණය සඳහා වැය වූ වියදම 18 වන සියවසේ යුරෝපයේ වැය කළ වියදමට සමාන විය.
ග‍්‍රාමීයව ජීවත් වූ පිරිස 10,000කටත් අඩු විය. ඉඩම් හිමිකරුවන් සිය ඉඩම් කළමානාකරුවන්ට භාර දී නාගරිකව පදිංචි වූහ. ග‍්‍රාමීය වහලූන්ගේ තත්ත්වය, නාගරිකව නිවෙස්වල සේවය කළ වහලූන්ට වඩා අයහපත් විය. වඩා හොඳ නිෂ්පාදනයක් ලැබීමේ අරමුණින් ඉඩම් හිමියෝ වහලූන් නිදහස් කොට වැටුප් ගෙවූහ. සමහර වාර්තා අනුව, ‘එක් ඔලිව් ගසක් පවුල් 6කට අයිති වූ අතර, ඊජිප්තුවේ කුඩා ගොවිපළ කූඩාරමක වැසියෝ 42ක විසූහ'. මේ නිසා ඔවුන් නාගරික ප‍්‍රදේශවලට පැමිණිමට පටන් ගත් අතර, නාගරික ජනගහණය වැඩිවීම දෙවන සියවසේ මුල් භාගය තෙක්ම අඩු නොවීය.
ඉහළ පංතික පෞද්ගලික සංස්කෘතිය ලෙස ග‍්‍රීක සංස්කෘතියේ නැඟීම ක‍්‍රි:පූ: 2 වන සියවසේ මැද භාගයේ ආරම්භ විය. එසේ වුවත් සම්ප‍්‍රදායික සදාචාරවාදීන්ගේ ‘හෙලනික’ සංස්කෘතිය වෙනස් කිරීම කෙරෙහි බොහෝ විවේචන පැවතුණි. ඔගස්ටස්ගේ සමය වන විට, සංස්කෘතික හැදියාවක් සහිත ගෘහස්ත වහලූන්, තරුණයින්ට උගැන්වීමට පටන් ගත්හ (සමහර විටක ගැහැණු ළමයින්ට පවා කෝකියන්, අලංකරණ ශිල්පීන්, ලේකම්වරුන්, වෛද්‍යවරුන් හා කේශාලංකරණ ශිල්පීන් නැගෙනහිර ග‍්‍රීසියෙන් පැමිණුන හ). ග‍්‍රීක ප‍්‍රතිමා ගෘහස්ත උද්‍යාන තුළ ඉදි වූ අතර, රෝම ප‍්‍රතිමා ග‍්‍රීක වහලූන් අතින් ඉඳි විය. ්චසජසමි නම් ආහාර වට්ටෝරු පොත්, ග‍්‍රීක ඒවා විය. රෝම ලේඛකයින් ග‍්‍රීක විලාසිතාවට ලතින් හැසිර වූහ. නීතිය හා පරිපාලනය පමණක් ඉතාලි ස්වරූපය ගන්නා ලදී. නාගරික හා ග‍්‍රාමීය පසුතලය තුළ සිදු වූ මෙම මානුෂික පසුබිම මත ඉතිහාසයේ වඩාත්ම බලපෑම් සහගත ශිෂ්ටාචාරය හැඩ ගැසුණි. එය අදට ද ඉතිරිව පවතින සංස්කෘතික උරුමයක් ඉතිරි කර ගොස් ඇත.
-----------------------------------------------------------------------------------

පුරාණ රෝම කලාව - සංගීතය හා සාහිත්‍ය

                                   

දැනට ඉතිරිව ඇති ඉපැරණි ගොඩනැගිලිවල, බිත්තිවල, වහලවල දැකිය හැකි රෝම බිතුසිතුවම් වල ග්‍රීක ආභාෂයක් දැකිය හැකිය. රෝම සාහිත්‍යයේ සඳහන්වන පරිදි එකල දැව සහ ඇත්දත් සිතුවම් නිර්මාණකරණයට භාවිතා කර ඇත. මෙවැනි නිර්මාණවලට උදාහරණ කීපයක් දැනට රෝමයේ පොම්පේහි ඉතිරිව ඇත. පළමුවන ශතවර්ෂයත් දෙවන ශතවර්ෂයත් අතර කාලයට අයත් මුල් යුගයේ රෝම නිර්මාණයන් පබළු සහ පාෂාණ උපයෝගී කොටගෙන නිමකොට ඇත. දෙවන ශතවර්ෂයේ මුල් යුගයේදී නිමවූ නිර්මාණවල ත්‍රිමාන ගති ලක්ෂණද දැකිය හැකිය.
මුලසිටම ලතින් සාහිත්‍යයේ වැදගත් ස්ථානයකක් ග්‍රීක ගත්කතුවරුන්ට හිමිවිය. රෝම රාජ්‍යයේ ව්‍යාප්තියත් සමගම සාහිත්‍යකරුවන් විවිධ ශෝකය, හාස්‍යය වැනි මාතෘකා යටතේ නිර්මාණ එළිදැක්විම වඩාත් කැපී පෙනිණි.
එකල ග්‍රීක ආභාෂයෙන් පණපෙවුන රෝම සාහිත්‍යය සාමාන්‍ය ජන ජීවිතයේ වඩාත් කැපීපෙනෙන අංගයක් විය. විවිධ අවස්ථාවන්වලදී රෝම හමුදාවන්ද ට්‍රම්පට්ටුව වැනි සංගීත භාණ්ඩ යොදාගෙන ඇති බවත් සඳහන් වේ. සමහර ඉතිහාසඥයන් පවසන ආකාරයට සාමාන්‍ය ජනතාව සහභාගී වූ විවිධ උත්සව අවස්ථාවන්වලදී සංගීතය වැදගත් අංගයක් විය.