රාවනා රජු ගැන විකීපීඩියා හි අදහස





ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 දක්වා ලංකාවේ රාජ්‍යත්වය හෙබවූ  රාවණා රජ යනු කවු ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස කුමක් ද? ඔහුට සත්ය වශයෙන් ම හිස් දහයක් [ඔලු 10ක්] සහිතව සිටියේද? ඔහුගේ වාහනය ලෙස සැලකෙන දඬුමොණරය යනු කුමක්ද? ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබේ. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම සංකේතය වන්නටත් පුළුවන.



රාවණා රජතුමාගේ පිලිමයක් (තායි රජමාලිගය)
රාජ්‍ය කාලය ක්‍රි:පූ 2554 -
ක්‍රි:පූ 2517
පූර්වප්‍රාප්තිකයා කුවේර රජ
අනුප්‍රපාප්තිකයා විභීෂණ රජ
වල්ලභ වූයේ මදෝරාවන
පියා වෛශ්‍රව
මව පුෂ්පොත්කටා
දරුවෝ ඉන්ද්‍රජිත්

________________________________________________________

හැඳින්වීම

             සිංහලේ රාජාවලියේ එන මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක, මහාබාලි, රාවණා ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැයි කීමෙන් පෙනීයන්නේ, ඔහු තුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය මිස සැබෑ ලෙසම ‍හිස් දහසක් තිබුණා යන්න නොවේ. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමාගෙන් පරාජයට පත් වෙයි. ඉන්දියානු ජනතාව අදටත් "දීපාවාලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාමගේ යටතට ගැනීමයි. රාවණා හා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය යන ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගනියි.

_______________________________________________________

පෙලපත

  • මවගේ පියා - සුමාලි රජ
  • මව ‍- පුෂ්පොත්කටා කුමරිය
  • පියාගේ පියා - පුලස්ති ඉසිවරයා
  • පියා - වෛශ්‍රව ඉසිවරයා
  • බිරිඳ - මන්දෝදරී කුමරිය
  • පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්
  • සොයුරන් - වෙශණ,කුම්භකර්ණ , විභීෂණ , කරන් සහ දූෂණන් (නිවුන්)
  • සොයුරිය - සුපර්ණකා
  • මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා 

 රාවණා රජුයේ රාජ්‍ය ධූරාවලිය ගැන අධ්‍යයනය කරන විට පොළොන්නරුවේ සිටියා යැයි කියන මහා ඍෂි පුලස්තිගේ වැඩි මහලු පුතා වන වෙසමුණි හෝ වෛශ්‍රවනගේ පුතා, එනම් පුලතිසි ඍෂිවරයාගේ මුනුපුරා වූ කුවේර යි. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ, ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.

කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටු සහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍ය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්යටයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්රිපකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්යෙය සියතට ගැනීමට සමත් විය. තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.
_______________________________________________________

දස රාවණ සංකල්පය

වර්ග පූර්ණිකාවට අනුව රාවණා ප්‍රදේශ දහයක් පාලනය කිරීම නිසා දස රාවණ නම් වූ බවට මතයක් ඇති අතර තවත් මතයක් වන්නේ රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට ඇතැයි යන්නයි.


  1. රාජාධිරාවන : - රටවල් රාශියක් පාලනය කරන ලද නිසා
  2. විරුරාවන: - වීරත්වය තිබූ නිසා
  3. තිර රාවන
  4. රණ රාවන
  5. සිරි රාවන (ලස්සන නිසා)
  6. තරු රාවන (තාරකා විධායව පිළිබද ඇති දැනුම)
  7. පුත්රා රාවණ (පුතුන් ඇති නිසා)
  8. මනු රාවන (ජනතාවට අධිපති)
  9. දික් රාවන (දික්විජය කළ)
  10. රාජාවරාවන (සියලු දේට දක්ෂ නිසා) 

    
________________________________________________________

සිවු හෙළය නොහොත් සිංහලය

ඇතැම් ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි, සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි. ඒ යක්ඛ, නාග, දේව සහ රාක්ෂ යන සිවු පෙළපතයි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්යියක් බව නොරහසකි. තවද, හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය ලෙස ද සැලකෙයි. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.
රාවණා විසින් තමන් බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්රිය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පුළුවන. මේ දෙවොල පන්ඩුකාභය රජු දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙයි. පන්ඩුකාභය රජු යනු, යක්ඛ ගෝත්රකය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බවට සැලකෙයි.
________________________________________________________

ආලකමන්දාව

ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ අර්ධ සොහොයුරා වූ කුවේර විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු වෙයි.
රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්‍රි.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.
මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන් ය. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්‍රකට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි ය. එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ.
________________________________________________________

දඬුමොණරය

අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.
පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.


දඩුමොණරය වර්තමාන චිත්‍රශිල්පියෙකුගේ ඇසින්:-

 


 

 

__________________________________________

රාවන නම් වෛද්‍යවරයා

                 

සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කිහිපයක්ම රවුලන් හෙවත් රාවණ විසින් කර ඇත.

  • කුමාර තන්ත්‍රය (කුමාර චිකිත්සා) : ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය
  • උදිස්සා තන්ත්‍රය (උද්දීය තන්ත්රාය) : මෝහන ප්රීතිකාරය හා ගුප්ත විද්යාරවන් පිළිබදව
  • නාඩි ප්‍රකාශය : නාඩි ශාස්ත්රායට අනුව රෝග නිශ්චය
  • අර්ක ප්‍රකාශය : මේ කෘතිය අවසන් වන්නේ පහත වැකියෙනි. “ලංකාධිපති රාවන විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”.
  • රසරත්නාකරය
  • වටිකා ප්‍රකරණය
මේ ග්‍රන්ත වල රවුලන්ගේ ප්‍රධානත්වයෙන් හිමාලයෙහි ආයුර්වේද සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවද සදහන් වී ඇත. ඒ අනුව රාවන අති දක්ෂ වෛද්‍යවරයකු , මනෝ වෛද්‍යවරයකු මෙන්ම ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.
________________________________________________________

අංගම් ශාස්ත්‍රය

රාවණා රජු සමය වන විට අංගං ශාස්ත්‍රය කොටස් 7කින් යුක්ත වූ අතර එම යක්ෂ ගෝත්රිගක සටන් ක්‍රම 7ට තවත් කොටසක් එකතු කිරීමට රාවණා සමත් වේ. අදටත් රාවණා සෙල්ලම් යනුවෙන් හැඳින්වෙන රාවණා රජු විසින් දියුණු කරන ලද සටන් ශිල්ප ක්‍රම අංගම්පොර සටන් කලාව තුළ දක්නට ලැබේ. මෙවැනි අන්තිම එකතු කිරීමක් ලෙස සීතාවක යුගයේ දී පළමුවන රාජසිංහ රජ හොවත් ටිකිරි කුමාරයා විසින් අංගං ශාස්ත්‍රයට “ඉලංගක්කාර” නැමැති කොටස සැලකේ.

________________________________________________________

පුරා විද්‍යාත්මක සාක්ෂි

රාවණාගේ දඩුමොනරය ගොඩබස්සවන ලදැයි සැලකෙන රාවණා ගුහාව

 

  • “පරුමුඛ නගුලිය ලෙන” සීගිරියේ (අද නයිපෙන ගුහාවේ) හෙළ භාෂාවෙන් ලියවී ඇති සෙල්ලිපිය. මෙවැනි සාධක රාශියන් තල්කොටේ ගම තුල හා ඒ අවට අදද දක්නට ඇත.
  • ආදම්ගේ පාළම - මන්නාරම (පාවෙන ගල්වලින් බැද ඇත)
  • යාල (බ්ලොක් 5) හි ඇති ගෝනාගල සෙල්ලිපිය වැනි සෙල්ලිපි
  • රාවන ගොඩ (නුවරඑලිය) සෙල්ලිපිය
  • ග්‍රාම නාම - සීතා එලිය, රාවනා ඇල්ල වැනි
  • මන්දෝදරී බිසවගේ මාලිගාවක් මහියංගනයේ ඇත.

 _________________________________________

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි

 

හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා.
ඉසුරු මුණියේ දක්නට ඇති මෙය විශ්‍රවස් මූණිගේ යැයි සැලකෙනවා රාවණ රජුගේ පියපාර්ශවයේ සීයා, ඒ කියන්නේ විශ්‍රවස් මුණිගේ පියා ලෙස සැලකෙනේනෙ පුලතිසි නම් මුණිවරයා. පරාක්‍රම සමුද්‍රය අසල පිහිටි පිළිමයත් පුලතිසි නම් මුණිවරයාගේ ලෙස සැලකෙනවා. පුලතිසි මුණිවරයාගේ තපෝ වනය වුනේ අද පරාක්‍රම සමුද්‍රය පිහිටි භුමිය ලෙස සැලකෙනවා. කොහොම වුණත් හින්දු සාහිත්‍යට අනුව පුලතිසි කියන්නේ මහා භ්‍රමයාගේ මනසින් ඉපදුනා වු පුතයෙක් ලෙසයි සැලකෙනේනේ. මෙතනින් අදහස් කරන්නේ පුලතිසි සෘෂිවරයා ඉතා බලවත් හා ප්‍රඥාවන්ත කෙනෙක් කියන එක වෙන්න ඇති. මේ නිසා රාවණ රජුට තම සම්බවයේදි බ්‍රාහමණ හා රාක්ෂ සම්මිශ්‍රණයක් ලෙස වුණා කියන්න පුළුවන්. රාවණගේ පියා වන විශ්‍රවස් මුණියටතේම ශිල්ප හැදැරු රාවණ අහංකාර හා කලහකාරි අයෙක් බව විශ්‍රවස් මුණි නිරික්ෂණය කරා. ඒ වගේම රාවණ ඉගෙනීමේ අතිදක්ෂයෙකු වු අතර වේද ග්‍රන්ථයන් පරතෙරටම හැදැරුවෙක් වෙලා තියෙනවා. රාවණ රජු විසින් චතුර්වේචයෙන් එක් වේද ග්‍රන්ථයක් ලිවු බවද කියැවෙනවා. ඒ වගේම රාවණ රජු වීණා වාදනයේද අති දක්ෂයෙක් හා දක්ෂ රණ ශුරයෙක් වූ බවත් සදහන් වෙනවා. මෙම අධ්‍යාපනයෙන් අනතුරුව රාවණ රජු විසින් ගෝකන්නේ දී උග්‍ර තපස් රැකීම කල බවත් සදහන් වෙනවා. හින්දු සාහිත්‍යට අනුව නම් උග්‍ර තපස් රැකි රාවණ මේ තපස් රැකීම සිදු කර ඇත්තේ මහාබ්‍රහ්මයාගෙන් වර ලබා ගැනීමටයි. එහිදී දස වතාවක් ඔහු තම හිස මහාබ්‍රහ්මයාට පුජාකල අතර මෙහිදී ඔහු තම හිස සිදගන්නා වාරයක් වාරයක් පාසාම තවත් හිසක් මතු වූ බවත් අවසානයේදී දස වන හිසද සීදීමට යාමේදී මහාබ්‍රහ්මා පැමිණ ඔහුට වරම් ලබා දීමට සූදානම් වු බවද වරය ලෙස රාවණ විසින් අමරණියත්වය හෙවත් අමෘතය ඉල්ලා සිටි අතර මෙයින් පසුබෑ මහ බ්‍රහමයා අවසානයේදී ඔහුට අමෘතය ලබා දී තියෙන අතර එය ඔහුගේ නාභියේ තිබූ අතර එය රැදී පවතින තාක් කල් ඔහුගේ අමරණිය බව රැදී තිබෙන්නට සලස්වා තියෙනවා. මෙයට අමතරව මහා බ්‍රහ්ම විසින් රාවණ විසින් පුජා කල හිස් දහයම නැවතත් රාවණට දුන් බව සදහන් වෙනා. බොහෝ තැන් වල මෙම රාවණගේ හිස 10 ගැන කියවෙනවා. හිංදු සාහිත්‍යෙය් එසේ සදහන් වුවත් මෙයට වසර 1000 ගාණකට පෙර වුවද හිස් 10 සිටින මිනිසෙක් සිටිය නොහැක. මේ හිස් 10 යන්නෙ අදහස් වන්නේ රාවණ රජුගේ තිබූ අති මහත් වූ ඥානය විය හකි. හිස් 10 ත් සමගව තිබුණා යැයි කියැවෙන අත් විස්සෙන් කියැවෙන්නෙ රාවණ රජුගේ නොයේක් විද හැකියාවන් විය හැක.


රාවණ රජුගේ නාභියට විද මැරීම අපි අපේ කලින් ලිපියකින් පැහැදිලි කලානේ විශ්ව කර්ම විසින් සිංහමුඛ උදෙසා නිර්මාණය කරන ලද ලංකාපුරය හා දඩුමොණරය පිළිබදව. සුරපද්ම කතිර කුමරු විසින් මැරුම් කැව නිසාම සිංහමුඛ රජුත් ලංකාපුරය අතහැර පළා යම නිසා විශ්වස් මුණිගේ වැඩිමහල් පුත්, ඒ කියන්නේ රාවණගේ සහෝදරයා ලංකාපුරය අත්පත් කරගැනීමත් අපි සටහන් කරානේ. අපේ ගවේෂණයේ අපි සදහන් කලේ රාවණ විසින් කුවේර දේව අධ්‍යාපනය සම්පූර්ණ නොකල නිසා ලංකා පුරය අත්පත් කර බවනේ. නමුත් සමහර තැන්වල වෙනස් විදියටත් සදහන් වෙනවා. ඒ විස්තර වලට අනුව නම් රාවණ රජුගේ මව යක්ෂ ගෝත්‍රික වන අතර රාවණ පැමිණ කුවේරගෙන් ලංකාපුරය හා දඩුමොනරය ඉල්ලා සිටි කල්හී කුවේර විසින් රාවණ පලවා හරිනවා. නමුත් ලේසියෙන් පසුබට නොවන්නෙකු වන රාවණ විසින් තම යක්ෂ ගෝත්‍රික නෑයන්ගේ උදව්වෙන් කුවේරව පලවා හැර ලංකා පුරය අත්පත් කරගන්නවා. රාවණ විසින් සීතාව පැහැරගෙන ඇවිත් රාමාගෙන් පැරදුන බව කියමින් අදටත් රාවණ රජු පුළුස්සන හින්දූන් විසින් රාවණ කියන්නේ ඉතා ශ්‍රේෂ්ඨ පාලකයෙක් බවත්, රාවණ රජ සමයේ ලංකාව සමෘද්ධිමත් බවත් කියන අතර රාවණ රජුගේ සමයේ රටවැසියන් සියල්ල ඉතාමත් සැපයෙන් ජීවත් වූ බවද කියනවා. මෙතනදී අපට සිතිය යුතු දෙයක් තමයි ඉතා බලවත්, යුද ශක්තියෙන් අනූන රාවණ රජු යුද්ධයෙන් රාමට පැරදුනාද යන වග... රාවණ රජුගේ පවුලේ විස්තර හරියටම දැන ගන්න තියෙන මුලාශ්‍ර අඩු නමුත් රාමයාණයා අනුව අපිට රාවණ රජුලේ පුවලේ විස්තර මේ විදියට ගොඩ නගන්න පුළුවන්. පුලතිසි සෘෂිවරයා -රාවණ රජුගේ පිය පාර්ශවයෙන් සීයා සුමාලී - රාවණ රජුගේ මවු පාර්ශවයෙන් සීයා විශ්‍රවස් මුණි - රාවණ රජුගේ පියා කයිකේෂි - රාවණ රජුගේ මව සුභානු හා මරීච - රාවණ රජුගේ මාමාවරුන් (මවගේ සහෝදරයන්) කුවේර - රාවණ රජුගේ සහෝදරයා(විශ්‍රවස් මුණිගේ රකුස් බිරිදගේ පුත්‍රයා) විභිෂණ - රාවණ රජුගේ සහෝදරයා. රාමායණයට අනුව නම් රාමගේ බැතිමතෙක් වූ විභිෂණ රාම- රාවණා යුද්ධයේදී රාමට උදව් කරන අයෙක්. කොහෝම උනත් ඉන්දියානු කණ්නාඩිය ගලවා බලන කල නම් විභීෂණ කියන්නේ ඉතිහාසයේ මුල්ම පවා දීම කරපු පුද්ගලයා. පරාජය වීමට තිබූ රාමට උදවු කරන ලද්දෙ ලංකා රාජ්‍යත්වය අපේකෂාවෙනි. තමාගේ දේෂයටත් ජාතියටත්, එකකුස උපන් සහෝදරයාටත් ද්‍රෝහි වූ විභිෂණට අදත් දෙවියෙක් මෙන් සලකා පුද සත්කාර කීරීමත් පුදුමයක්. කුම්භකර්ණ - රාවණ රජුගේ සහෝදරයා. හින්දු සාහිත්‍යට අනුව නම් කුම්භකර්ණගේ උග්‍ර තපස් රැකීමෙන් අනතුරුව මහා බ්‍රහමයා කුම්භකර්ණට වරයක් ඉල්ලීමට අවස්ථාව දුන් විට සදාකාලීකව නින්දක් ඉල්ලා තියෙනවා. නමුත් රාවණ රජුගේ බලපෑම මත මේ වරය වසරකට මාස හයක් නිදාගැනීමටත්, ඉතිරි මාස හය අවදී වී සිටින්නත් වරය වෙනස් කරලා තියෙනවා. (සමහරක් කෘති වල මෙය වසරකටම එක දිනයක් බව සදහන් වෙනවා) කෙසේ වෙතත් කුම්භකර්ණ රාම රාවණා යුද්ධයේදී රාවණ රජුගේ පාර්ශවයේ සටන් කල අයෙක් වුණ අතර තම සහෝදරයාට පක්ෂපාතී වූ අතරම රාමට නැවත සීතා ලබා දෙන ලෙස ඉල්ලා ඇති නමුත් අංහකාර රජෙක් වූ රාවණ එයට එකග වී නැහැ. එයට එකග වූවා නම් ලංකා ඉතිහාසය මෙයට බොහෝ සෙයින් වෙනස් වන්න ඉඩ තිබ්බා කියලා හිතන්න පුළුවන් ඛාර - රාවණ රජුගේ සහෝදරයා. ජන්ස්ථාන් හෙවත් හෙළ අධිරාජ්‍යෙය් උතුර දිග ප්‍රෙද්ශ පාලනය කල මොහුත් ඉතා දක්ෂ රණ ශූරයෙක් බව සදහන් වෙනවා. ඓරාවණ - රාවණ රජුගේ සහෝදරයා. පාද+තල+යට( පාතාල) රාජධානියේ පාලකයා වූ අතර රාවණ යටතේ පාලනය කල බව හින්දු සාහිත්‍යෙය් සදහන් වන නමුත් රාවණ රජු සුපර්ණිකාගේ සැමියා වන විද්්‍යුත් කුමරු පාද+තල+යට රාජධානියට යවා පාලන කටයුතු ලංකා පුර යටතට ගැනීමේ දී ස්වාධීන රාජ්‍යක් විදියට කටයුතු කරලා තියෙනවා. දුෂාන - රාවණ රජුගේ සහෝදරයා ජනස්ථාන් හී උපරජු කුම්භාණි - රාවණ රජුගේ සහෝදරියක් වන මැය රූප ශ්‍රීයෙන් අනූන අයෙක් බවත් පසුව තපසට ගිය බවත් සදහන්. සුපර්ණිකා - රාවණ රජුගේ සහෝදරිය. රාම රාවණා යුද්ධයට කරුණක් වූ මැය දණ්ඩකාරණ්‍ය හී පාලිකාව වූවාය. රාවණ රජු කියන්නේ ලංකාවේ හිටියම දක්ෂම රජකෙනෙක් යැයි දැනට තියෙන මුලාශ්‍ර වලින් අපිට කියන්න පුළුවන්. ආයුර්වේදයේදී අදත් රාවණ රජු විසින් ලියන ලදැයි සැලකෙන පොත් පත් වල සදහනන් වෙනවා. රාජාවලිය හා හෙළ හවුලේ සොයාගැනීම් වලට අනුව රාවණ රජු ජීවත් වන්නෙ බුදුන් වහන්සේටත් පෙර නමුත් මහායන බුද්ධ ධර්මයේ එන ලංකාවතාර සූත්‍රයට අනුව රාවණ රජු බුදුන් වහන්සේට සමකාලීනව සිටි අයෙක් විදියටයි සැලකෙනේනේ. ලංකාව ථෙරවාදී බෞද්ධ රටක් වූ බැවින් ලංකාවේන් මේ ලංකාවතාර සුත්‍රය සොයාගන්න අමාරුයි. බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කර බව ථෙර වාදී බුදු දහම පිළිගත්තද එහිදි බුදුන් වහන්සේ කල දේශනවාන් හොයාගන්න ථෙරවාදී බුදුදහම තුල අපහසුයි. බුදුන් වහන්සේ ලංකාවට වැඩි තුන් අවස්ථාවේම ධර්මය දේශනා කල අතර අපි දන්නා පරිදි බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය සියල්ලම ආනන්ද මහ රහතන් වහන්සේ විසින් පළමු ධර්ම සංගයනාවේදී ප්‍රකාශ කරනවා. නමුත් කෙසේ හෝ ථෙරවාදී බුදු දහම තුල මේ ලංකාවතාර සුත්‍රය නොතිබෙන අතර මහායන බුදු දහමේ ප්‍රධාන සුත්‍රයක් විදියට ලංකාවතාර සුත්‍රය සැලකෙනවා.
ලංකාවතාර සුත්‍රය - මෙය ලියා ඇත්‍තෙ චීන බසිනි මෙම ලංකාවතාර සුත්‍රය දේශනා කරන ලද්දෙ රාවණ රජු උදෙසා බව ලංකාවතාර සුත්‍රයේ සදහන් වෙනවා. ඒ අනුව ලංකාවතාර සුත්‍රය රාවණ රජුට දේශනා කරන ලද්දෙ වී නම් රාවණ රජු බුදුන් වහන්සේ බැහැ දැක්ක අයෙක් විය යුතුයි. අති විශාල ප්‍රඥාවක් තිබුණා වූ රාවණ රජු බුදුන් සරණ නොගියායැයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. රජකම පිළිබදව පසුකලෙක ඇති වූ රාවණ හා වීභිෂන අතර පැවති යුද්ධයකදී එයින් ලංකා සමාජය මුහදට යට වී බිහිසුණු විපත් ඇති වන දේශපාලන අර්බුදයක් වූ කල එය සමතයකට පත් කිරීමට බුදුන් වහන්සේ වැඩියායි යන්න තවත් මතයක්. ඒ කලේ ලංකවේ යක්ෂ නාග දේව හා රාක්ෂ කියලා කුල තිබුණා යැයි අපි පැවසුවනේ. යක්ෂ යැයි හදුන්වා ඇත්තේ යකඩ භාවිතා කල නිසාවෙනි. රකුස් රකු+කුස් කුස රැකීමට ගොවිතැන් කල අය රකුස් වුන අතර නාවික නාග වු අතර සියලලන්ම සංසකෘත භාෂාවට යද්දී අමනුෂ්‍යන් බවට පත් වී යක්ෂයන් බවට පත් කරතිබේ. කෙසේ වුවත් යක් ගෝත්‍ර නාමය අතීතයේදීත් භාවිතා වූ බව දක්නට පුළුවන්. එයට ගන්න පුළුවන් හොදම උදාහරණය තමයි මහා වංශයටත් වඩා පැරණි ලියැවිල්ලක් වන වරිග පූර්ණිකා නමැති යක් ගොත්‍රික පුස්කොල පොතෙහි ශ්‍රි රාවණ අධිරාජ්‍යාෙග් නාමය කෞරාණ මන්ඨක ලෙස සදහන් වීම. මෙහි කෞරාණ යන්නෙහි සිංහල තේරුම සියල්ල සම්පූර්ණ කරන ලද වන අතර මන්ඨක යනු යකාය. එනම් රාවණ රජු සියල්ල සම්පූර්ණ කල යක් ගෝත්‍රිකයෙක් බව පැහැදිලිය. මෙයිනුත් රාවණ රජුගේ තිබූ හැකියාවන් තහවරු කරන සාක්ෂී වැඩි වේ.
මෙය රාවණ රජුගේ පොරෝව යැයි සැලකෙනවා ලෝකයට මමීකරණ හෙවත් සිරුරු නරක් නොවී තබා ගැනීමේ තාක්ෂණය දායක කලේද රාවණ රජු බව සදහන් වේ. ඒ වගේම තවත් පුරාවෘත්තයකට අනුව රාවණ රජු යුද්ධයෙන් මිය ගියේ නැත. රාමගේ විෂ පොවන ලද හී පහරින් මුර්ජා වූ රාවණ රජු අදටත් රාවණ+ගල රාගල නමින් හැදින්වෙන පර්වතයේ ඇති කුටියක සගවා ඇති බවත් කියවේ. මේ සියල්ලේ ඇත්ත නැත්ත කෙසේ වුවත් තුන් ලොවක් පාලනය කල රාවණ රජු යුද්ධයෙන් රාමගේ වානර හමුදාවකට පරාජය වූ වා යැයි පිළීගැනීම අපහසුය. රාවණ රජු විසින් සවර්ග, මතස්‍ය හා පාතාල යන තුන් ලොවක් පාලනය කල බව කියැවේ. ( බුදු දහමේ එන අංඝුත්තර නිකයේ , තික හී ආනන්ද වග්ගයේ එන මේ හා සමාන ලෝක, සමාන්තර ලෝක සංකල්පයට අනුව රාවණ රජු මේ හා සමාන ලෝක 3ක් පාලනය කලා විය හැක. බුදු දහමට අනුව එකල පෘථිවිය හැදින් වූයේ ජම්ඹූද්වීපය නමිනි.) රාවණ රජුගේ පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් කුමරු විසින්ම වානර හමුදාව සමූල ඝාතනය කර රාම හා ලක්ෂමණ පරාජය කල බවත් සදහන් වන තැන් නැතේද නොවේ.
රාවණ රජු විසින් ඉන්දියාවද පාලනය කල බව කියැවේ. රමායනයේ එන දණ්ඩකාරණ්‍ය රාවණ විසින් තම නැගෙනිය වූ සුපර්ණිකා ලවා පාලනය කිරම අපට රාමායණයෙන්ම තහවුරු කරගන්න පූළුවන්. රාම රාවණ බිහිසුණු යුද්ධයට මුල පුරන්නේද මෙම කරුණ විය හැක. රාවණ රජු සත්ව ඝාතනය හෙලා දකින්නෙක් විය. නමුත් දණ්ඩකාරණ්‍ය ආශ්‍රිතව සිටි යෝගී වරුන් යාග හෝම වලට සතුන් බිලිදීම වැලක්වීම සුපර්ණිකා ප්‍රමුඛ රාවණ රජුගේ දණ්ඩකාරණ්‍ය රකුස් (රක්+කුස්) සේනාවට පවරා තිබූ එක් වගකීමකි. ඒවිට අයෝධ්‍යාවේ රාජ්‍ය කල දශරථ රජු විසින් තාපස වෙස් ගෙන තම පුත්‍රයන් දෙදෙනා එවන ලද්දෙ එය නැවැත්වීමටයි. ඔවුන් විසින් රාවණ රජුගේ 12000ක් වු රකුස් සේනාව මරාදමන ලද බව කියැවේ.තාපසයන් යනු භාවනා යෝගීව සිටන්නන් මිස අවි ආයුධ දරන්න් නොවේ. තාපස වෙස් රැගෙන වනයට පැමිණී රාම හා ලක්ෂමණගෙන් එ පිළිබදව විමසීම ඒ ප්‍රෙද්ශ පාලිකාව වූ සුපරණීකා විසින් කිරීමෙන් අත් වූයේ ගැටුමක් ඇති වී ලක්ෂමණයන් විසින් ඇගේ නාසය කපා දමා ඇයට නින්දා කීරීමයි. හින්දු සාහිත්‍යෙය් මීනාක්ෂී යන( මාළුවෙක්ගේ මෙන් ඇස් ඇති) නමින්ද හැදින්වෙන සුපර්ණිකා රූමතියකි. අගේ නාසය කැපීමෙන් මහත් නින්දාවට පත් වූ ඇය මේ පීළීබදව ඇගේ පාලකයා වූත් සහෝදරයා වූත් රාවණ රජුට පැමිණිලි කරන ලදි. රාවණ පැමිනෙන්නේ රාමට හා ලක්ෂමණට දඩුවම් දීමට මිස රාමගේ බිරිද සොරකම් කිරීමට නොවේ. මෙය පැහැදිලි වන්නේ ඇය පැහැරගෙන ගියත් ඇයට කිසිදු අතවරයක්., අවහිරයක් නොකර ආරක්ෂාකාරීව තබා ගැනීමෙනි. රාවණට වුවමානා වන්නේ රාමට දඩුවම් දීමටයි. මෙයින් ඇති වූයේ බිහිසුණු යුද්ධයකි. එම යුද්ධයේ දී දක්නට ලැබෙන වැදගත් කරුණු කීහිපයකි එනම් 1. රාම හා ලක්ෂමණ විසින් විභීෂණව මුහුදු ජලයෙන් නහවා අභීෂෙක කරවීම 2. ලංකාව හා ඉන්දීයාව අතර පිහිටි ආදම්ගේ පාලම මිනිසා විසින් කරන ලද නිර්මාණයක් බව වාල්මිකිගේ යුගයේ සිටි මිනිසුන් දැන සිටීම 3. තුන් ලොවක් පාලනය කිරීමේ බලයක් රාවණ රජුට තිබීම 4. රාවණ රජු ඔත්තු සේවා මගින් රාමගේ හමුදා ගැන දැන ගැනීම 5. රාමගේ හිස මවා සීතාට පෙන්වීම 6. ගුවන් විමාන විවධ වෙස් වලට පර්වර්තනය කර ගුවන් ප්‍රහාර එල්ල කිරීම (මෙය භෞතික තාක්ෂණයක් බව විමානික ශාස්ත්‍ර පොතෙහි දක්වා ඇත. 7. වානර හා මිනිස් සටන 8. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් හදේ සිට ලෙස්ර් කිරණ මගින් පහර දීම 9. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් විසින් නාග පාශ්‍ර නම් අස්ත්‍රය හෙලීමෙන් නාගයන් අසූ හාරදහසක් මැවී රාම හා ලක්ෂමණ වෙලාගෙන පහර දීම (මෙබදු විෂ වායු සහිත බොම්බ හෙලීම් ගැන විමානික ශාස්ත්‍ර පොතේ දක්වා ඇත) රාවණගේ මරණයෙන් ලංකාපුරයෙන් කොටසක් මුහුදට ගිලාබසින ලදි. තවත් සමහර කතා පුවත් වලට අනුව නම් විභීෂණගේ පවා දීම් හා රාවණගේ අවිම ඔහුට එරෙහිව භාවිතා කරීම නිසා යුද්ධයෙන් පරාජය වු රජු වෙනත් සමාන්තර ලෝකයකට පලා ගිය බව කියැවේ. ඉසුරුමූණියේ ඇති තාරකා ලංජනය ඇති තැන අතීත ලෝකයේ ලෝක ලෝක අතර ගමන් සදහා යොදගත් බව පැවසේ කෙසේ නමුත් රාම රාවණ යුද්ධයෙන් පසුව රාවණ රජු ගැන හෝ ලංකාවේ රාජාලීය ගැන කරුණු සොයාගැනීම අපහසුය. නැවතත් ලංකාවේ රාජාලිය ඇරාඹෙන්නෙ බුදුන් වහන්සේට සමකාලීන යුගයේ සෙල්ලිපි වලිනි. රාජාලියට අනුව නම් සම්බුද්ධ පරිනිර්වාණයේ දවස් 7කට පසු විජය ලංකාවට ගොඩබසින ලදි. ඒ වන විට රාවණ මිය ගොස් හෝ පලා ගොස් වසර 1844ක් ගෙවී තිබු බවද රාජාවලියේ සදහන්වේ. බුදුන් වහන්සේට සමකාලීනව පනීත රජු සිටි බව කියැවේ. නිවැරදි කාල නිර්ණයන් සහිතව ඉන් පසු රජුන් සොයා ගැනීම අපහසුය. නමුත් නුහුත නැතහෝත් සංඛ්‍ය නැමති රජකෙනෙක් ගැන සදහන් වේ. බින්දු 27 ක් දක්වා ගනන් කිරීම මේ රජු සොයගත් බවක්ද කියැවේ.

 

 

 


 


 

 

 

රාවනා රජුගේ ඥාති පරපුර


                                                             

                                                                    පුලස්ති


                                                  රාවණා රජුට පරම්පරාවක් හා ඥාතීන් සමුහයක් ඇත්තා සේ ප්‍රධාන  චරිතයන් වන රාමා, සීතා,ලක්ෂ්මන,හනුමන් යන අයට පරපුරක් හෝ ඥාතීන් නොමැත.එමෙන්ම රාවණා රජු මින් වසර අට දහසකට හෝ පෙර සිටි බවට ආයුර්වේද ඉතිහාසයේ සදහන්ය.නමුත් රාම කුමරු සිටි අයෝධ්‍යාව ජනාවාසයක් වී ඉතිහාසයට එකතුවන්නේ භාරතීය සොළොස් මහා ජනපද යුගය වූ ක්‍රී. පුර්ව 8වැනි සියවස පමණ කාලයෙදීය.ඒ අනුව අයෝධ්‍යාවේ රාම කුමරුවකු  හා ලංකාපුරයේ රාවණා සමකාලීන නොවන්නේය.
                                                                      රාම කුමරු විෂ්ණුගේ හයවැනි අවතාරය බව රාමායනයේ සදහන්ය.සීතා ඕපපාතිකව (මවක හා පියෙකු නැතිව) නඟුල් මිටෙන් ඉපදුනි.ලක්ෂ්මණ දසරථ රජුගේ පුතෙකු පමණි.හනුමන් වඳුරෙකි.රාමා හා ලක්ෂ්මණ සරඟු ගඟට පැන දිවි නසාගති.සීතා  පොළොව පැළුණු විවරයට පැන දිවි නසාගති.සීතාගේ දරුවන් වූ ලව හා කුස ගැන රාමායණ කතෘ කියතුදු ඕපපාතික ගැහැනියකට දරුවන් ලද නොහැක.ඇයද රාමා මෙන්ම අවතාැයක් හෝ මායාවක් පමණක් විය හැක.දෑත් දෙපා හා වල්ගය සහිත  හනුමන් ගැන කතා කළ යුතු නැත.එබැවින් මනුෂ්‍ය බව හා ඓතිහාසික බව සනාථවන රාවණා ඥාති පිරිස් ගැන සීමිත තොරතුරු පහත දැක්වේ.


පුලස්ති : පුලස්ති නුවර ලෙස හදුන්වන ලද වත්මන් පොලොන්නරුව තම මධ්‍යස්ථානය කරාගෙන විසුවේ පුලස්ති සෘෂිවරයාය. වා,පිත්,සෙම් ලෙස දක්වන ත්‍රිදෝෂ න්‍යාය වෛද්‍ය විද්‍යාවට හදුන්වා දුන්නේද,හිමාලයේ පැවති ලොව ප්‍රථම වෛද්‍ය සම්මේලනයේ සභාපතිත්වය දැරුවේද පුලස්ති බව සුශ්‍රැත සංහිතාව නමැති ආයුර්වේද ග්‍රන්ථය පවසයි.බ්‍රහ්මගේ මානස දරුවන් (ශිෂ්‍යයන්) 7 දෙනා අතුරින් එක් අයකුවන මොහුගේ විශේෂඥතාව වෛද්‍ය විද්‍යාව විය.එම පරම්පරාවට අයත්  හැම සෘෂිවරයෙකුටම ඖෂධ වනයක් වු අතර පුලස්තිගේ බෙහෙත් වත්ත පිහිටි ස්ථානය ගැන මතභේද ඇත.අනුරාධපුර වෙස්සගිරියේ පිහිටි තෘණබින්දු (තණචොඩග) ඍෂිගේ අසපුවේ බහන වඩද්දී තෘණ බින්දු ඍෂිගේ දියණි"හවිර්ගු" පුලස්ති නිසා ගැබ්ගති.එම දරුවා  විශ්‍රවස් මුණි වේ.මේ අනුව රාවණාගේ සීයා පුලස්ති ඍෂිවරයාය...........................
                                                              විශ්‍රවස් මුණි


                                                                      රාජ්‍යත්වය හිමි වුවද ඔහුගේ පාලන මධ්‍යස්ථානයක් ගැන අසන්නට නැත.ඉහත සදහන් පුලස්තිට දාව හවිර්ගු කුසින් බිහි විය.විසව (විශ්‍රවස්)ගැන සදහන් සෙල්ලිපියක් වෙස්සගිරියේ ඇත.පාතාල රාජ්‍යය හා නිරය (පොළොව යට)වෙසමුණිට අයත් බවත් වෙසමුණි රජුගෙන් වරම් ලැබ අවුත් ගංගා විල් පොකුණු පාලනය කළ දිය රකුසන් හා යකුන් ගැන බෞද්ධ සාහිත්‍යෙයේ අසන්නට ඇත.ජල පාලනයක් වෙසමුණි විසින් කරන්නට ඇති බවට මේ අනුව අනුමාන කළ හැක.රාවණා රජු වෙසමුණිට දාව උපන් අයෙකි.සතරවරම් දෙවියන් අතුරින්  ඔහුද අයෙකු බවට (වෛශ්‍රවණ)බෞද්ධ සාහිත්‍යයේ කියවේ.
                                 
                                    මන්දාත නොහොත් දේවයානි



                                                                             රාවණාගේ මව් පාර්ශවයේ සීයාගේ මවයි.බලි රජුගේ සමයේ ශක්‍ර නොහොත් දේව අධ්‍යාපනයේ ප්‍රධානියා දේවයානිගේ පියාය.විෂ්ණු දෙවියන් වාමනක (අඟුටු මිට්ටා)අවතාරයෙන් අවුත් උපායෙන් බලි රජු පැහැරගෙන ඉන්දියාවට ගෙන ගිය විට ඊට විරුද්ධව සටන් කිරීමට  හමුදාවක් හෝ යුද ශිල්පය හෝ යුද අවි නොවීය.මින් සංවේගයට  පත් දේවයානී කාශ්‍යප මුණි වෙත ගොස් දරුවන් තුන් දෙනකු ලද්දීය.ඔවුන් මාලී,සුමාලී හා මාල්‍යවන්ත ලෙස දැක්වේ.එම දරුවන්ට යුද ශිල්ප හා ගුවනින් ගොස් පහරදීම (බොම්බ දැමීම) ඇය පුහුණු කළාය.පත්තිනි හා කාලි ලෙසද දේවයානි හැඳින ගැනීම සිදුවේ.පියාවන ශක්‍ර විසින් ඇත ! ඇත ! ඇත ! යනුවෙන් තුන්වරක් පවසා ඇගේ ගුවන් ප්‍රහාර නවත්වාගත් ස්ථානය ඇතැන්ස්ය යනු (මේ ග්‍රීසියේ නොව වයඹ ඉන්දියාවේය)හින්ඳු පුරාකතාවයි.
සුමාලී


දේවයානිගේ දරුවන් තිදෙනා අතුරින් එක් අයෙකි.මහින්දපුර නොහොත් වැඩහිටිකන්ද ඔහුගේ මධ්‍යස්ථානය විය.රාවණා රජුගේ මවගේ පියා සුමාලි රකුස්  රජුය.ඉන්ද්‍ර දේශයේ ඉන්ද්‍ර රජුගේ පුත් "ජයන්ත" කුමරු පැහැරගෙන ඒම නිසා ඊට දඬුවම් කිරීමට ඉන්ද්‍ර රජු විසින් මහා දේව සේනාවක් සමග කතිර කුමරු එවීය.ඔහු විසින් සුමාලි පරාජය කර මරා ජයන්ත කුමරු ආපසු යවා කතිරගම ඇත්කර එහි පාලනය කළේය.මේ කන්දේ කුමරු (කඳ කුමරු) හා කතරගම මහසෙන් ලෙස සැලකේ.
                                                      මාල්‍යවන්ත
                 
                                                                සිංහමුඛ නමින්ද හඳුන්වන දේවයානි පුතකු වන මොහුට පාලනයට පුරයක් නොවීය.රාවණ රජගේ මවගේ (කෛසී) පියාවන සුමාලිගේ සහොදරයෙකි. විශ්වකර්ම නොහොත් "මය" විසින් ලංකාපුරය හා පුෂ්පක යානය සාදා දුන්නේ මාල්‍යවන්ත කුමරු සඳහාය.කතිර කුමරු සටනට ආ විට මාල්‍යවන්ත විසින් ලංකාපුරය හා පුෂ්පක යානය හැරදමා පලා ගියේය.ඉන්පසු ඔහු නැවත ආපසු නො ආවේය.

                                                       කෛකසී බිසව


                                                                       රාවණා රජුගේ මව වන මැය සුමාලී රකුස් රජුගේ දියණියකි. පුෂ්පෝත්කටා යනුවෙන්ද ඇය හැදින්වේ.උත්තම දරුවන් ලැබීම සදහා රජවරුන් විසින් තමන්ගේ දියණිවරුන් හා බිසෝවරුන් ඍෂිවරුන් හා මුණිවරුන් වෙත යැවීමේ මෙකල සම්මතයට අනූව සුමාලී රජුද තම දියණි කෛකසී කුමරිය යවන ලද්දේ අති බලවත් විශ්‍රවස් මුණි වෙතටය.කෛකසී මෙසේ වශ්‍රවස්  මුණිට දාව රාවණා පමණක් නොව කුඹුක්කන් හා සුපර්ණකා කුමරියද ලදුවාය.ඉසුරුමුණි පෙම් යුවළ යනු විශ්‍රවස් හා කෛකසී බවටද මතයක් ඇත.කතරගම අසල පිහිටි "නිල්මල් පැලැස්ස" ඇයගේ පදිංචි ස්ථානය බවට ජනප්‍රවාදයක් එහි ඇත.
 
                                                        මන්දෝදරී

                                                                     රාවණා රජුගේ බිසවයි.ඇය ඉතා රූමත් බව හා උස මහතින් යුතු බවද ජනප්‍රවාදයේ එයි.රාවණා රජු වෙත ඉමහත් සෙනෙහසින් යුතු ඇය රජුගේ සියළු රහස් දැන සිටියාය.රාවණායන් මැරිය හැකි ආයුධ තුන හා ඒවා තබා තිබුණේ වේරම්බ වාතයේ බව දැන සිටියේ මන්දෝදරී හා විභීෂණ පමණි.රාවණා රජුගේ මරණින් අසරණ වූ නිසා අනතුරුව රාජ්‍යත්වයට පත් විභීෂණ විසින් ඇය පාවා ගැනීම සිදුවිය.
 
                                                           සුපර්ණකා

                                                                             රාවණා රජුගේ සහොදරිය වේ.සුපර්ණකා යන්නෙහි අර්ථය දිගු නිය ඇත්තිය යන්නයි.ඇය විවාහ වී සිටියේ විද්‍යුත්ජීව සමගයි.හෙළදිවින් ගිය වීරඡන්ත කුමරු (ප්‍රාලද රජුගේ පුතා) විසින් ඇති කළ දකුණු ඇමෙරිකාවේ පාතාල ශිෂ්ටාචාරය  මෙවක ස්වාධීනව සිටි නිසා එය යුධ කර යටත්  කර ගැනීමට  රාවණා විසින් යැව්වේ විද්‍යුත්ජීවය.නමුත් ඔහු පරාජය මරණයට පත්කරන ලදී.වැන්ඳඹු වූ සුපර්ණකා දණ්ඩකාරණ්‍යයේ පාලනය  සඳහා යවන ලදී.ඇයගේ රාම කුමරු සමග ගැටුම ඇති වුණේ එහිදීය.රාමායණය පවසන පරිදි තවුස් ඇඳුම්වලින් සැරසී දුනු ඊතලද රැගෙන සිටි රාම ඇතුළු තිදෙනාට ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තවුස් ඇඳුම් ඇඳ සිටියද දුනු  ඊතල දරා සිටීමට දණ්ඩකාරණ්‍යයේ අවසර නැති බැවින් දුනු ඊතල බැහැර කිරීමට හෝ නොහැකි නම් දණ්ඩක වනයෙන් ඉවත් වී  යාමටය.ඊට උරණ වූ ලක්ෂ්මණ ඇයගේ නාසය කපා ඇත.මෙම සිද්ධිය සීතාව පැහැරගෙන යාමටත් අනතුරුව මහා රාවණ - රාම යුධයටත් හේතු වූ බව රාමායණයේ එයි.

                                                          විභීෂණ

                                                              විශ්‍රවස් මුණිට දාව උපන් රාවණ රජුගේ සහොදරයෙකු වන අතර රාම - රාවණා යුද්ධයේදී තම සොහොයුරාට විරුද්ධව රාම කුමරුන්ට ආධාර කළ අයෙකු ලෙස වභීෂණ හැඳින්වේ. මරණයෙන් පසු දේවත්වයට පත් කරන ලද විභීෂණගේ මධ්‍යස්ථානය කැළණිය වේ.මේ වත්මන් කැළණිය නොව නැගෙනහිර වෙරළෙහි හැඩ ඔය මුහුදට වැටෙන ස්ථානය අසල තිබී මුහුදට ගිලීගිය කැළණියයි.කොළඹට නුදුරු වත්මන් කැළණි විහාරය ගොඩනංවන ලද්දේ පොළොන්නරු යුගයේ විසූ "කලාණවතී බිසව" විසිනි.ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව රාවණ රජුගේ සම්බන්ධතා නොවීය."රා"සහ "රෝ" යනු ඉරට ඇති නම්ය "රෝ +හණ"(රුහුණු) දේශය නැගෙනහිර හිරු පායන දිශාවෙහි ඇත. සූර්ය ශක්තියෙන් වැඩගත් රාවණ කිසි විටකත් බටහිර වෙරළට සම්බන්ධ වීමට නුපුළුවන. විභීෂණද එසේමය. රා+වණ යන්නෙහි අර්ථයද හිරු කණ්ඩායම (සුර්ය වංශය) නිසා රාවණ දේශ්‍ය නොහොත් සූර්ය වංශයේ දේශය රොහණ දේශය වූවාද විය හැක.රාවණ රජු මිය යාමෙන් පසු විභීෂණට ලංකා රාජ්‍යය ලබාදීම රාම කුමරුන් විසින් කළ බව රාමායණය පවසයි.නමුත් කාෂ්මීර රාජ වංශය දක්වන "රාජතරංගනිය" පවසන්නේ එරට රජ පෙළපත ඇරඹෙන්නේ විභීෂණගෙන් බවය.







                                                         කුඹුක්කන්

                                            
                                                                    රාවණ රජුගේ සොහොයුරකු වන අතර වාරිමාර්ග සහ කෘෂි විශේෂඥයෙකි.කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශය ඔහුගේ බල ප්‍රදේශය වූ අතර කුඹුක්කන් අමුණ මගින් ගංගා ජලය ලබාගෙන "මහවෙල්යාය" අස්වද්දන ලද බව පාරම්පරික ඉතිහාසයේ එයි.මෙම අමුණ වෙඩි දමා විනාශ කරන ලද්දේ 1818 දීය.ඒ 1818 වෙල්ලස්ස නිදහස් අරගල සටනට බත සැපයීම මහවෙල්යායෙන් සිදුකරන ලද නිසාය.එම කුඹුක්කන් ඔය ආශ්‍රිත  එම පෙදෙස භූමියේ ජනාවාස ඉවත් කර වනාන්තරයට යට කරන ලද්දේ යාල අභයභුමිය  ඇති කිරීම මගිනි.කුඹුක්කන් භාවනා කිරීමට පුරුදු වූ  අයකු වීම වාල්මිකී විසින් උපහාසයට ලක් කළේ බඩ පැලෙන තුරු ආහාර අනුබව කර හය මාසයක් නිදාගන්නා බව කීමෙනි.වැව් ශිෂ්ඨාචාරය තුළ පුරාණයේදී අප අවුරුද්දේ  වැඩ කළ මාස ගණන එකතු කළ විට හයක් වේ.ඉතිරි හය මාසය විවේක කාළය විය.පන්සල අවශ්‍ය වූයේ එම විවේකය දහම ඇසුරින් ගත කිරීමටය.දිය පාරවල් අසළ කුඹුක් පැළ වගා කිරීම ඔහු විසින් අරඹන ලද බවත් වැල්ලවාය මොනරාගල අතර පිහිටි "කුඹුක්කන" ඔහුගේ මධ්‍යස්ථානය බවත් පාරම්පරික ජන ඉතිහාසයේ කියැවේ.







                                                         මය(විශ්වකර්ම)

                                                             
                                                                           බෞද්ධ හා හින්දු සාහිත්‍යයන්හි සදහන්වන අසමසම සිවිල් ඉංජිනේරුවා මය නොහොත් විශ්වකර්ම වේ.ගොඩනැගිලි හා නිර්මාණ මවන්නකු ලෙස ඔහු හැදින්වේ.මරණයෙන් පසු දේවත්වයට නංවන ලද ඔහු විශ්වකර්ම  දිව්‍ය පුත්‍රයාය.මය+තොට නොහොත් මාතොට (මන්නාරම) ඔහුගේ මධ්‍යස්ථානය විය.මාතොට වරායේ වූ වානේ කුලුන සහිත බලකොටුව මයගේ නිර්මාණයකි."මය මතය" නමැති කෘතිය ඔහු විසින් සම්පාදනය කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම ගැන කෘතියයි.මන්දෝදරී ඔහුගේ දියණිය වන අතර රාවණා රජු ඇය විවාහ කරගති.මෙනිසා "මය" වනාහි රාවණ රජුගේ මාමණ්ඩිය වෙයි.ලංකාපුරය හා දඬුමොනර යන්ත්‍රය නිර්මාණය කරදුන්නේ විශ්වකර්ම විසිනි.ඒ මාල්‍යවන්ත (සිංහමුඛ) කුමරු සඳහාය.


                                                                 කු‍වේර

                                                                            විශ්‍රවස් මුණිගේ බිසවගේ පුතකු වන කුබිර නොහොත් කුවේර රාවණාගේ ඥාති සහොදරයෙකි.කතිර කුමරු සටනට එන විට මාල්‍යවන්ත කුමරු ලංකාපුරය හැරදමා පැනගිය විට එය අරාජක විය. එවිට විශ්‍රවස් මුණි විසින් කුබිර එහි රාජ්‍යත්වයට පත් කළේය යනු රාමායණ ප්‍රවෘත්තියයි.එයම ජනප්‍රවාදයෙන් සනාථ වේ.නමුත් මව් පාර්ශවයෙන් ඊට ඉහත පරම්පරාවේ සුමාලි රජුගේ සොහොයුරු මාල්‍යවන්තගේ රාජ්‍යය වූ ලංකාපුරයේ හිමිකම කෛකසීගේ පුත් රාවණාටය.එබැවින් රාවණා විසින් උපාය මාර්ගයෙන් කුවේර ලංකාපුර හිමිකමින් ඉවත් කර ලංකාවෙන් පිටත කෛලාශයට යවන ලදී.කුවේර යනු ධන සම්පත් අසීමිත ලෙස හිමි අයෙකි.වර්ථමානයේ "බහිරව" ලෙස අප විසින් පූජා  පවත්වන්නේ ඔහුටය.පොළොව යට ඔහුට අයත් නිසා නිධන් ගැනීමට හා ගෙවල් තැනීමට බහිරව පූජා පැවැත්වේ.ලංකාවේ බහිරව රූපය දකුණු ඇමේරිකාවේ පාතාල (ඉන්කා) ශිෂ්ඨාචාරයේද ඇති නිසා කෛලාශයට නොව කුවේර පාතාලයට ගිය බව බටහිර මානව විද්‍යඥයන්  ඇතැම් අය පවසති.


                                                              ඉන්ද්‍රජිත්

                                                                      රාවණ රජුගේ පුතුන් අතුරින් වැදගත්ම හා යුද දක්ෂතම අය ලෙස රාමායණයෙහි ඉන්ද්‍රජිත් දක්වයි.මේ ඝනද නම් මොහු දිව්‍ය ලෝකයට ගොස් ඉන්ද්‍ර ජය ගැනීම නිසා "ඉන්ද්‍රජිත්" නම් විය.රාම-රාවණ යුද්ධයේදී හඳට ගමන් කර වළාකුළුවලට මුවාවෙමින්  හඳෙහි සිට අලෝක ශර (ලේසර් අවි) මගින් රාම හමුදාවට පහරදුන් බව රාමායණයේ කියැවේ.ජනප්‍රවාදයේද "දේවතා එළි" නොහොත් වේගයෙන් දිවෙන ආලෝක ධාරා ගැමියන් විසින් හදුන්වන්නේ "රාමසැර" නොහොත් රාමාට එල්ල කළ ශර ප්‍රහාර ලෙසටය.මෙම ව්‍යවහාරය රාවණ යුගයේ සිට ආවකි.


                                                            දුම්රක් (ධූමරාක්ෂ)

                                                                                     දිඹුලාගල තම මධ්‍යස්ථානය කරගෙන විසූ ධූමරාක්ෂ සෙනෙවියා රාවණා රජුගේ මවගේ ඥාති සොහොයුරෙකි.කුවේර වෙතින් ලංකාපුරය ආපසු ලබාගැනීම සදහා සටන් කිරීමකින් තොරව උපායමාර්ග යෙදවූයේ ඔහු බව පානම් පත්තුවේ ජනප්‍රවාද පවසයි.ලංකාපුරයෙන් ඉවත් කරන ලද කුවේර අනිතිමට සීගිරියට සීමා කරන ලදී.විශ්‍රවස් මුණිද සිවගිරියේ විය.අන්තිමට අන්තිමට රාවණ විසින් කුවේර හා විශ්‍රවස් මුණි යන දෙදෙනාම ලංකාවෙන් පිටමං කර වයඹ දිග ඉන්දියාවේ රකුස් ජනාවාස වලට යවන ලදී.ශිව දෙවියන් ඉන්දියාවට පිටින් ආ දෙවියකු ලෙස පශ්චාත් වෛදික ග්‍රන්ථවල දැක්වෙන අතර එසේ ආවේ කුමන දේශයක සිටදැයි නොකිය වේ.අරිසෙන් අහුබුදු සූරීන් පවසන්නේ සිවගිරියේ (සීගිරියේ) වූ සිව රජු ඉන්දු දේශයේදී (පන්ජාවය) ශිව දෙවියන් බවට පත්වු බවකී.ඔහුගේ මධ්‍යස්ථානය "මුල්තැන" (අද මුල්තාන්) නම් විය.
 


                                                                දනුබ් කුමරු


                                                                            සුමාලි රකුස් රජුගේ මුනුබුරකු මෙන්ම කෛකසී බිසවගේ  (රාවණ මව) ඥාති පුත්‍රයකු වූ දනුබ් කුමරු කුඹුක්කන් කුමරු සමග කුඹුකුකන් අමුණ සෑදීමට හා ඊට අදාළ කුඹුරු අස්වැද්දීමට සහභාගී වී වාරිමාර්ග හා කෘෂි දැනුම හා අත්දැකීම් ලැබීය.අවුරුදු දහසකට පමණ ඉහතදී දේව අධ්‍යාපනයෙන් උද්දාම වූ ප්‍රලද රජුගේ පුත් "වීරන්න" කුමරු දකුණු ඇමෙරිකාවට ගොස් පාතාල රාජ්‍යය ඇති කළා සේ එයම අනුගමනය කරමින් දනුබ් කුමරු දකුණු යුරෝපයට ගොස් "රමණිය" නම් රට ජනාවාස කළේය.ඒ එරට ඇති මහා ගංගාවේ ජලය අමුණු බැද වගාව සදහා ලබාගනිමිනි.එම ගඟ "දනුබ් ගඟ" ලෙස  හැඳිනවුන අතර අදත් යුරෝපීය උච්චාරණයට අනූව "ඩැනියුබ්" නම් වේ."රමණීය" රට යුරෝපීය උච්චාරණයට අනූව "රොමානියා" ලෙස අදත් හැඳින්වේ.
                                                                                      
                                                       
                                                          බර හා දූෂක 


                              රාවණ රජුගේ ඥාති සොහොයුරන් දෙදෙනෙකි.සුපර්ණකා යාමට පෙර දණ්ඩකාරණ්‍යයේ පාලන කටයුතු කරන ලද්දේ මේ දෙදනා විසිනි.ශාඛ පමණක් බුදින ලද හෙළ රකුස් ජනාතාවට දණ්ඩකාරණ්‍යයේ වූ ඍෂින් විසින් බිලිපූජා පැවැත්වීම නවත්වාලීමට නොහැකි විය.එබැවින් පූජාවන් කඩාකප්පල් කිරීමට කටයුතු කළහ.මෙහි ප්‍රධාන ස්ථානය ගන්නේ "තාඩකා" නමැති රකුස් නායිකාවය.ඇතුන් දහසකගේ බල ඇයට තිබූ බව රාමායණය පවසයි.රාම කුමරුන් මුල් වරටම  දණ්ඩක වනයට රැගෙන ගියේ  විශ්වමිත්‍ර මුණි විසිනි.ඒ "තාඩකා" මැරවීමටය.එය සාර්ථකව ඉටුකළ නිසා ඊට තිළිණය ලෙස ජනක රජුවෙත ගෙන ගොස් දුන්න නෑවීම සිදුකරවා "සීතාව" බිරිඳ ලෙස ලබාදුන.ඛර හා දූෂක විසූ දණ්ඩක වනයේ අගනුවර වන "ජනස්ථාන"(දනව්ව) 2002 දී මුහුදු පත්ලේ තිබී ඉන්දීය සාගර දූෂණ කොමිසම විසින් සොයාගැනිණ.මෙම නගරය කාබන් පරීක්ෂණ අනූව අවුරුදු 10,000ක් පැරණි වීම රාවණා රජුගේ කාළය නිර්ණය කිරීමට ඇත් ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වෙයි.

                                                                                       රාමායණයේ  දැක්වෙන ප්‍රබන්ධාත්මක වර කාව්‍ය සිවරූපයෙන් ඔබ්බට ගොස් රාවණ රජුගේ ඓතිහාසික බව ඒත්තු ගැන්වීමට මෙසේ ඥාතීන් ගැන අවශ්‍යය. ඉහත දැක්වෙන පුද්ගලයන් අතුරින් මන්දාත නොහොත් දේවයානි සහ දනුබ් යන පුද්ගලයන් දෙදනා හැර ඉතිරි චරිත සියල්ල රාමායණයේ එයි.දේවයානි ගැන අග්නි පුරාණයෙහිද දනුබ් ගැන ස්කන්ධ පුරාණයෙහිද සදහන්ය.
             ඉහත සදහන් චරිත බොහෝමයක් ගැන රාමායණයෙන් හා පුරාණවලින් බැහැර ජන ප්‍රවාදයේ අඩංගු වී ඇත.ඒ සියල්ල ලංකාවේ ජනප්‍රවාද මිස භාරතීය ජනප්‍රවාද නොවේ.රාමායණය හුදු ප්‍රබන්ධිත වීර කාව්‍යයක් බව ඉන්දියානු ඉතිහාසඥයන් නිගමනය කරන්නේ එබැවිනි.
                                                                              නමුත් ලංකාවේදී මේ චරිත ගැන ඇති අමතර සාක්ෂි පහත සදහන් පරිදි වේ.
            
පුලස්ති:- පුලස්ති රූපය සහ පොළොන්නරුව "පුලස්ති පුර" වීම.

විශ්‍රවස්:- ලංකා ශිලා ලිපි සංග්‍රහයේ දරන වෙස්සගිරි ලිපිය.

දේවයානි:- පත්තිනි හා කාලි අම්මා ලෙස අදත් පිදුම් ලැබී.

කෛකසී:- කතරගම අසල නිල්මල්පැලැස්ස ඇගේ මධ්‍යස්ථානය බවට කතාවන්.

විභීෂණ:- දේවත්වයට ලංකාව පුරා ඇති විභීෂණ දේවාල.

කුඹුක්කන්:- කුඹුක් පැළය රෝපණය , කුඹුක්කන් ඔය ඔහුගේ නමින් හැඳින්වීම හා 1818දී විනාශ කළ කුඹුක්කන් අමුණ.

මය:- "මය මතය" නමැති ගෘහ නිර්මාණ ග්‍රන්ථය,මයතොට (මාතොට) වරාය හා විශ්වකර්ම විසින් ඉදිකළ බව කියන විහාරස්ථාන ඉන්ද්‍රජිත් ලංකා ශිලා ලිපි සංග්‍රහයේ ලිපිය.රාමසැර හා වත්මන් ලේසර් අවි භාවිතය. ඉඣු නමින් හෙළබසින් ඔහු හැදින්වේ.

කුවේර(කුබිර):- මොහුගේ පසුකාලීන වාසය වූ කෛලාශ පර්වතය අද දින සංචාරක මධ්‍යස්ථානයකි. ආටානාටිය සූත්‍රෙය්ද කුවේර යක් රජකු හැඳින්වේ. "බහිරව" රූපයද බහිරක පූජාවද අදත් භාවිතයේ ඇත.

දුම්රක්:- දිඹුලාගල පර්වතය අවට ධුමරාක්ෂ ගැන ජනප්‍රවාද  ඇත.යකුන්ගෙන් පැවත ආ වැදි ජනතාව මින් වසර 30ට ඉහතද මෙහි විසූහ.  



මෙය රිවිර පත්‍රයෙහි,රිවිදහර අතිරේකයෙන් උපුටා ගන්නා ලදී....... 
                          
            

ආදි අනුරාධපුර සමය

                                                      

                       දඹදිව අසෝකරජුගේ කාලේ වනවිට උතුරුබාරතෙන් ආපු ආරියබාසාවක් කතාකළ සිංහල ජනයා මේ දිවයිනේ නොයෙක් පෙදෙස් වල ජනාවාස පිහිටුවගෙන තමන්ගේ දිවිපෙවතට උවමනා වී ගොවිතැනෙත් ගවයන් ඇති කිරීමෙත් අත්තම් ආදියෙත් පුහුණුව ඇතිකරගෙන වෙළදාමෙත් සෑහෙන තරමකට යෙදිල රටේ පාලනයට උවමනා සංවිදානත් ඇතිකරගෙන හිටිය.මේ ආරිය ජනාවාසවලින් උතුරු පෙදෙසේ අනුරාධපුරයත් දකුණේ දිගාවැවත් අනික්වාට වැඩියෙන් දියුණුව තිබුණ.
                                                                   මිහිඳුරහතුන්නාන්සෙ සිංහලේට පැමිණෙන්න ටිකකලකට  ඉස්සර වෙල ඒ කාලෙදි මේ දිවයිනේ අනුරාධපුරේ අදිපති වෙලා හිටිය තිස්සනරපතියා අසොකසක්විත්තන්ට පඬුරු දීල දූතයන් යැව්ව.ඒ පඬුරු ලැබිල පැහැදුණු අසොකනරනාතයා තිස්සට රාජාබිසේකයට උවමනා සියළු උපකරණ ඇතුළුව පිළිපඬුරු එව්ව.එ උපකරණවලින් තිස්ස රාජාබිසේක ලැබුව.තිස්සරජුට ඉස්සර මේ රටේ අබිසෙස් ලත් රජුන් හිටියේ නැහැ කියල පැහැදිලිව ම කියල තියෙනව.පුරාණ සිංහලරජුන් අතර බාවිතාවේ පැවැති ගාමයේ (සමූහයේ) නායකයා යන අරුත ඇති ගාමණී (සකු-ග්‍රාමණී;එළු-ගැමුණු )යන අබිදානෙනුත් මේ බව ඔප්පු වෙනව.දෙවිවරුන්ගෙ යාළුවා යන අරුත ඇති දේවානම්පිය (‍දෙවනපෑ) යන අබිදානෙ තිස්සරජුගෙ නමට පෙරටුව යෙදිල තියෙනව වංසකතාවල.මේ අබිදානයෙනුයි අසොකනරාදිපයින් තමුනුත් තමන්ට පෙර හිටිය මගදරජුනුත් තමන්ගේ සාසනවල සඳහන් කරල ඇත්තේ.අසෝකරජුට පසුව මගදරජ ව හිටිය එයාගේ මුනුබුරා දසරතන් මේ අබිදානේ බාවිතා කරල තියෙනව.මොරිය රජ පෙළපත නැතිවුනායින් පස්සේ බාරතේ රජුන් අතර බාවිතාවෙන් ගිලිහිල ගිය මේ අබිදානේ දේවානම්පියතිස්ස රජුට පසුවත් දෙසිය අවුරුද්දක් පමණ යනතුරු සිංහල රජුන් අතර බාවිතා වුනා.මගදරාජ්ජේ අනුව යමින් සිංහලරාජ්ජේ පිහිටවපු බව මෙයින් එලිවෙනව.
             බුදුන් දහම් සඟ යන තුනුරුවන සරණ ගොහින් උපාසකයෙක් වෙල තමා සිටින බව පවසල තිස්සත් එහෙම කළොත් හොඳයි කියන සන්දේසෙකුත් අසොක මහීපාලයා සිංහල නිරිඳුන්ට එව්ව.මේ ආකාරයෙන් මහිඳුරහතුන්නාන්සෙගෙ සිංහලගමන සපල වෙන්නට උවමනා කරුණු සැලසුණාට පස්සෙ යි උන්වහන්සෙ පොසොන් පුර පසලොස්වක් දවසක මිහින්තලේට වැඩල තිස්සරජු හමුවුනෙ.සිංහලරජුත් ඇමතිවරුත් මහජනයාත් බාරතෙන් ආ තෙරුන්වහන්සේ හරසරින් පිළි අරගන උන්වහන්සේ දෙසූ දහ‍මෙ හොඳට ම පැහැදුන.මිහිඳුරහතුන්නාන්සෙටත් උන්වහන්සෙ සමග ආ අනිත් තෙරුන්ටත් උන්වහන්සේලා දෙසු දහම් අහල සිංහලරාජ්ජෙ පැවිදි වෙල හිටිය අයටත් වාසයට විහාර පිහිටෙවුව අනුරාදපුරෙත් මිහින්තලෙත්. සැදැහැවතුන්ට වැඳුම් පිදුම් කරගැනීමට දාගැබක් බුදුන්ගේ දකුණු අකුදාතුව නිදන් කරල අනුරාදපුරේ පවුරෙන් පිට තැනෙව්ව.බුද්දගයාවේ බුදුන් පිට දුන් බොදියේ සාකාවක් ගෙනැත් අනුරාදපුරයට දකුණෙන් තිබුණු රජමාලිගාවත්තේ හිටෙව්ව.මිහිඳු මාහිමියන්ගේ සොහොයුරී සංඝමිත්තාතේරීයි මේ බෝදිසාකාව වැඩමවාගෙන ආවෙ.එ තෙරිණියෝ ගැහැනුන් පැවිදි කරවල මෙහෙණිසස්නත් මේ රටේ ඇති කළා.ථූපයත් බෝදියත් බුදුන් සිහි කරවන නිමිති හැටියට සැලකුව.එයින් එකකට වැඳීමෙනු යි ආදිකාලයෙ සැදැහැවතුන් මුනිඳුන්ට බැතිය පළ කළේ.
                                   සිංහල ජනයා මේ දිවයිනේ පදිංචි වුනු අයුරුත් බුදුදහම තමන්ගේ සමය හැටියට පිළිගත් හැටිත් පොත්පත්වල එන කතාවලින් වටහා ගන්න පුළුවන් මෙහෙම යි.මේ තොරතුරු බොහො සෙයින් මේ විදියට ම පුරාවස්තුවලිනුත් එලි වෙනවා.




මතු සම්බන්ධය.........................!

සිංහලයාගේ ඉතිහාසය

                                                                            

පුරාණ සංස්කෘත පොතපතේ මේ දිවයිනට සදහන් වෙල ඇත්තේ සිංහලයින්ගේ දූපත යන අරුත ඇති සිංහලද්වීප යන නමිනුයි.මේ නම දැරූ මිනිස්සු ඉතිහාසගත මුල් ම  අවධියේ පටන් ම මේ දිවයිනේ හිටියා.දැන් කාලේ පිටරට ජනයා මේ දූපත අදුන්වන්නේ  'සිංහල' පදයෙන් බිඳිලා ආපු නමකිනු යි.
                                                                                                       
                                                                                                           ලොකයේ වෙනත් ජනතාවන් පිළිබදව වගේ ම සිංහලයනුත් තමන්ගෙ මුල ගැන පවසන කතාපුවත් නොයෙක් අන්දමේ අද්භූත සිද්දින්ගෙන් ගහනයි.සත්වලාංඡන ඇසුරෙන් ඇතිවෙලා තියෙන මේ කතාපුවත් දැනගන්න ලැබෙන්නෙ හයවැනි සතකය පමණෙ දි ලියු වංසකතාවලිනු යි.සිංහලයින් ඇතිවුණු හැටි දක්වන පුවත් අද්භූත සිද්දිවලින් අලංකාර වෙලා ඇති නමුත් ක්‍රිස්තු කාලය පටන්ගැන්මට සතක පහකට පමණ පෙර උතුරුභාරතේ ඉදලා ආරියබාසාවක් කතා කල ජනතාවක් මේ දිවයිනේ පදිංචිවීමට පැමුනුණු බව ඒවායින් නිගමන්න පුලුවන්ය යනු පඬුවන්ගේ පිළිගැනීම යි.ඉන්දුආරිය ජනතාවක් මේ දිවයින තමන්ගේ නිවාසය කරගැනීම පිළිබඳව පුරාණ භාරතයේ පැතිරිලා පැවතුණු කතාපුවත් සකු බවුද්ද පොත්වල දීලා තියෙනවා,ඒ අනුව ඉන්දු-ආරිය වගාව මේ දිවයිනේ පිහිටුවීමට පුරෝගාමීවුවෝ වෙළෙන්දෝ ය යන තීරණයට බහින්න පුලුවනි.මේ ගොඩබිමේ ලැබෙන මැණික් නිසා ගිනිකොණ වෙරලටත් ඇදිලා ආව යි හිතන්න පුලුවනි. සකු බවුද්ද පොත්පත්වල මේ දිවයිනට දීපු නම්වලින් පැරණි ම එකක් තමයි රුවන් උපදින දූපත යන අරුත ඇති රත්නද්වීප යන්න.මේ වෙළෙන්දෝ මෙහාට ඇවිත් ආපහු ගමරටවලට ගොහින් මේ දිවයින ගැන පුදුම කතාවල් පැවසුව.රත්නද්වීපයේ අලංකාර පහයවල්වල හිතුනු රූපයක් මවාගන්න පුලුවන් යස්සයොත් රාස්සියොත් විසූ බවත් මුන් බොහෝවිට මිනිසුන් අල්ලගන කෑ බවත් මෙහේ හිටිය රුවින් අගතැන් පත් රකුසියො ගෑනුමායමින් පුරුසයන් පොලඹවගෙන කලක් වල්ලබයන් හැටියට තියන් ඉඳලා අන්තිමේ දී කාලා දමාපු බවත් මේ පුවත්වලින් සමහරකි.මේ දිවයිනට වෙන වෙලෙන්දන්ගෙ පැමිණීම වලක්වල මෙහෙන් ලැබෙන වටිනා වෙළදබඩුවල අයිතිය තමන්ට තහවුරු කරගන්න අදහසින් මේ බියකරු කතාපුවත් පුරෝගාමීන් ගෙතුවයි කියලා හිතන්න පුලුවනි.




                                                                                                               ඉන්ද-ආරිය ජනයා මේ දිවයිනේ වාසයට පැමිණෙන කාලෙදි පමණ උතුරු බාරතේ බැරෑරුම් සිද්දි ගණනාවක් ඇති වුණා.අවුරුදු සිය ගණනක් මුළුල්ලේ මහණ බමුණු පරම්පරාවන් වත්පිළිවෙත්වලත් තතු දැක්මෙහිත් නිරත වීමෙන් පසුව බුදුදහම මගදදෙසයේ පහළ වුණා.යම්කිසි දෙවියෙකුගේ පිහිටක් නැතිව මනිසුන්ට තමන්ගෙ ම වීරියෙන් මෙලෝ පරලෝ සුබසිද්දියත් අවසානයේ අකාලික සාන්තියත් පිළිලැබිය හැකි යයි පැවසුවාවුත් යුක්තියට නියම තැන දුන්නාවූත් මේ දහමෙහි පැහැදි අයට එයින් ලැබිය හැකි සෙත මුළුලොව පතල කිරීම පැවරිල තිබුණ.ආරිය  ජනතාවක් විසින් පළමුවරට පිහිටෙවු මහාරාජ්ජය වුනාවූත් ඊට පෙර
ඇතිවු හැම මහාරාජ්ජයකට වඩා විසාලවුත් පිරසික මහාරාජ්ජයට දැනට බටහිර පකිස්ථානයට ඇතුළත් පුරාණ ඉන්දියාවේ වයඹ පෙදෙස් යටත් වෙලා තිබුණා.බුදුදහම  පහළවුනු මගද නම් ආරිය රාජ්ජේ පුරාණකාලෙදි ගංගානදිය දෙපැත්තේ පිහිටි ජනපද ඔක්කොම යටත් කරගෙන මහා බලඇණියකුයි කාරියට දස්ස පාලනතන්තරයකුයි පදනම වසයෙන් ඇති මහාරාජ්ජයක් බවට පත්වුනා.පාරසික මහාරාජ්ජෙ පරද්දල ඒ රාජ්ජෙ නැගෙනහිර සීමාවත් ඉක්මවලා බරතෙට ආ අලක්සන්දර යවනරජු ආපහු ගියාම යවනයක් යටතට ගොහින් තිබුණ පුරාණ ඉන්දියාවෙ පෙදෙසුයි ඊට බටහිරින් පිහිටි තවත් විසාල පෙදෙසුයි චන්ද්‍රගුප්ත පිහිටෙවු මොරිය මහාරාජ්ජෙට යටත්ව තිබුණා.
      
                         බටහිර ආසියාවේ අලක්සන්දර රජුගේ විජිත අයිති කරගෙන හිටිය සෙලෙවුකස් නිකතෝර රජුත් චන්ද්‍රගුප්ත මහීපාලයත් අතර දූතයන් මගින් සබඳතා ඇතිවුනා. මේ රජපවුල් දෙක විවාහයකිනුත් බැඳිලා තිබුණලු.
                      මොරිය මහාරාජ්ජෙ සියළු ම පෙදෙස් තමන් අතට අයත් කරගෙත් අසොක නම් චන්ද්‍රගුප්ත රජුගේ මුනුබුරා තමන්ගේ රාජ්ජකාලයේ මුල් අවුරුදු කීපය  තුල දී තවත් අමුතු පෙදෙස් ඒ මහාරාජ්ජෙට එක කළා.ඒ කාලෙදි අසොක රජු පළිපැද්ද දණ්ඩොපායෙන් හටගැනුණු යුද්දවලින් මිනිසුන්ට වුණු විපැත්ති දැකලා සංවේගයට ලත්වුණු ඒ මහීපාලය යුද්දකිරීම  අත ඇරලා දැහැ‍මෙන් දිනීම තමන්ගේ නීතිය කරන්නට ඉටාගත්ත.ලොකානුකම්පා සහිත බුදුදහමට මේ අයුරින් අසොක රජු ඇදිලා ආවා.මීට පස්සේ ඒ රජ්ජුරුවෝ මුළු රාජ්ජබලයම තමන්ගේ විසාල විජිතවල  පමණක් නොව ඉන් පිටතත් බුදුදහම  පතුරුවල ඇරිමට යෙදුව.මෙලෝ පරලෝ දෙකේ සුබසිද්දියට මිනිසුන්ට ඉවහල්වන බුද්දදෙසනා ඒ රජ්ජුරුවන්ගේ වචනවලින් මහජනයාට වැටහෙන  බාසාවෙන් පවසල ඇති දහම්ලිපි රාජ්ජෙ නොයෙක් තැන්වල පිහිටි පරුවත  මත්තෙත් ගල්කණුවලත් කෙටෙවුව.සිරියාව,මිසරේ,ග්‍රීසිය යන යවනරිජ්ජ සමග පැවතුණු දුත සම්බන්දතා ඒ දේසවලත් බුදුදහම ගැන දැනුමක් ඇත් කරවීමට උපයෝගී කරගත්ත.මොරියරාජ්ජේ පසල්දනවුවලටත් ඉන් බැහැර රටවලටත් දහම්දෙසකයන් යැවීමට සඟතෙරුන් ගත් තීරණය  අසොක රජ්ජුරුවො තමන්ගෙ සහාය නොමසුරුව දුන්න.මොග්ගලිපුත්තතිස්ස මහතෙරුන් පිටදේස බුදුදහමේ පැහැදවීමට ඇරිය පාමොක් තෙරනමක් තවත් තෙරුන් හතර නමක් සමගයි වැඩියෙ.එහෙම කෙළේ ඒ ගිය රටවල ටමෙක් මහණ වීමට කැමැත්ත දැක්වුවොත් එයාට පැවිද්ද දෙන්න පස් නමකින් පිරැණු විනයානුකූල ගණයක් ඇතිවෙන්න ඕනෑ නිසයි.අසොකරජු කාලෙදි දහම්දෙසකයන් එවාපු මොරියරාජ්ජෙන් බැහැර රටවලින් එකක් තමයි එසමයේ තම්බපණ්ණි නමින් විවහාරවුණු සිංහලදීපෙ.ලංකාවට එවු ගණයෙ පාමොක්තෙරණුවන් හැටියට වැඩියේ අසොක සක්විති රජුගේම පුතෙක් වූත් රජසැප ඇරල පැවිදබිමට පැමිණිල හිටියාවුත් මිහිඳු මහරහතන් වහන්සේ.සිංහලදීපෙ බුදුසසුන පිහිටුවීම ඉතාමත් ම වැදගත් කටයුත්තක් හැටියට සලකපු බව මෙයින් පේනවා.
                                                                                       

මතු සම්බන්ධයි.......................................................

බිතු සිතුවම් වල සැබෑ අයිතිකරු කාෂ්‍යප රජු ද...?

 
 
 
මෙම බිතු සිතුවම් වලට පුරා වසර ගණනක ඉතිහාසයක් ඇත්තේය..
මෙම බිතු සිතුවම් වල නිර්මාපකයා වශයෙන් ඉතිහාසයේ සදහන් වන්නේ කස්සප රජුය..නමුත් මෙය වටා ගෙතුනු අපූරු කතාවක් ඇත්තේය..

2012.12.21 තාරකා විද්‍යාඥවරියකගේ ඇසින්....

                                                     
"පරමාණුවේ සැකැස්මද ක්‍රියාකාරීත්වයද සුවිශාල මන්දාකිණියක ක්‍රියාකාරීත්වයට එක හා සමානය. බඹයක් තරම් වූ මේ සිරුර තුළ මුළුමහත් විශ්වයම අන්තර්ගතව ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හෙයිනි. ලෝකයේ පැවැත්ම හෝ විනාශය ගැන හෝ සොයා බලන කල්හි මේ භ්‍රමණ චලිතය පිළිබඳ බලපෑමද අප අමතක නොකළ යුතුමය. සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහයින් භ්‍රමණය වන බව දැන් කුඩා දරුවකු පවා දන්නා සත්‍යයකි. ඒ සඳහා දින 365කට ආසන්න වූ පෘථිවි වර්ෂයක කාලයක් ගත වෙයි. මේ අන්ඳමට අපේ සූර්යයාද පෘථිවිය ඇතුළු සිය ග්‍රහ පවුලද රැගෙන අපේ මන්දාකිණිය වූ ක්‍ෂීරසාගරය ඔස්සේ චක්‍රාකාර පථයක අතිදීර්ඝ ගමනක යෙදේ. මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්‍රකොට සිදුවන මේ මහා භ්‍රමණයේ සම්පූර්ණ වටයක් යාම සඳහා හිරුට අතිදීර්ඝ කාලයක් ගත වෙයි. ඒ පෘථිවි වසර මිලියන 250කි.


එසේම මේ දිගු ගමන් මගේ නිශ්චිත ස්ථාන දෙකකදී හිරු මන් දාකිණියේ සමක සමමිතික තලය මත අති පිහිත වන අවස්ථා 2ක් එළැඹේ. මින් එක් අවස්ථාවක් එළැඹෙනුයේ මිථුන හා මේෂ යුග්මය අසලදීය. අනෙක් පිහිටීම ධනු හා වෘශ්චික යුග්මය ආසන්නයේදීය. 2012 වසර ගැනවූ මහා ආන්ඳෝලනයේ අභිරහස සැබැවින්ම සැඟව ඇත්තේ මෙන්න මේ සූර්යයාගේ භ්‍රමණයේ එක් ප්‍රතිපලයක් වන මෙම එක් පිහිටීමක් මූලික කර ගනිමිනි. වසර දහස් ගණනකට පෙර සිට මායාවරුන් අපට එළිදරව් කරන්නට තැත්කර ඇත්තේ මෙකී රහසය.


•අප මන්දාකිණිය වටේ හිරු දුවන්නේ තත්පරයකට කිලෝමීටර 220ක වේගයෙන්. දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ ඔරායන් බාහුවට ඉහළින්. බ්‍රහස්පතී මෙන් 4 ගුණයක් විශාල ග්‍රහයෙකු සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර සැඟවී සිටිනවා.


•මායාවරුන් ගේ දින දසුන අවසන් වන 2012.12.21 දා යනු උතුරු අර්ධ ගෝලයේ රටවල කෙටිම දිවා කාලය සහ දිගුම රාත්‍රී කාලයයි. එසේම මේ දිනයෙන් මතු කාලයේ(2012-2014) අධිකතම සූර්ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් යෝධ හිරු ලප ගණනාවක් සහ සූර්ය විකිරණ හා ප්ලාස්මා කුණාටුද හොඳ හැටි ප්‍රතිඵල වනු ඇත.


•2012.12.21 11.11 හෙවත් මායා දින දසුන නවතා ඇති මොහොත වන විට සිසිර නිවෘත්තික සූර්යයා, ක්‍ෂීරපථය, මන්දාකිණියේ මධ්‍යයට ඒක රේඛියව පිහිටයි. මෙය වසර 2600ට පසුව එළැඹෙන පිහිටීමක්. මේ සුවිශේෂී පිහිටීම මායා වරුන්ගේ ඉපැරණි ජන ප්‍රවාදයකටද නැවත පණ ලබා දෙන්නට සමත් වෙයි. ඔවුන් ගේ 'ක්වොඩ් සොල් කොටිල්' නම් දෙවියා ආකාශයේ හටගත් ආවාටයක් තුළින් පියාඹන සර්පයකුගේ ආකාර ගත් දඟර තරප්පුවක් ඔස්සේ මහ පොළොවට බැස තිබේ. ඔවුන් සතු සියලු දැනුම, උසස් සංස්කෘතිය හඳුන්වා දෙනු ලැබුවේ මේ දෙවියා විසිනි. ඔවුන් සතුවූ සරුසාර තාරකා විද්‍යා දැනුමද ඔහුගේ තිළිණයකි. ඉතිං මේ දෙවියා දිනෙක ඔවුන් හැර දා යනවිට පවසා ඇත්තේ සූර්යයා මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්‍රයට නැවත ළං වූ දිනෙක ඔහු නැවත පැමිණන බවයි. 2013 සිට නව යුගයක් ඇරෙඹෙන බව මායාවරුන්ගේ ප්‍රවාදයේ එයි.


•කාර්ඩීෆ් සරසවියට අනුබද්ධව කටයුතු කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන ජානකී වික්‍රමසිංහ පවසන්නේ සූර්යයාගේ භ්‍රමණය සහ මන්දාකිණියේ භ්‍රමණය පිළිබඳව පරිගණක ආකෘතියක් ඇසුරෙන් කළ පර්යේෂණයකට අනුව මේ පිහිටීම පෘථිවියට මාරාන්තික විය හැකි බවයි. අපේ මන්දාකිණිය ඒ දිනවල ඇත්තේ තරු උදුර උදුරා ගිල දමමින. එහෙයින් එතැන ඇත්තේ ආගන්තුක පිටසක්වලක සිට කඩා වැටෙන තරු වැස්සකි. කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පැමිණෙන පෘථිවිය තරම් දෙතුන් ගුණයක් විශාල තාරකා වැහි බිඳු සොඳුරු මල් වැස්සක් නම් නොවනු ඇත."

සටහන : සුගත් පී කුලතුංගාආරච්චි
ලක්බිම (08.01.2012)

රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද?

”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.-”
උස්සන්ගොඩට යනෙන සංචාරකයන්ට බෙලිමල් වතුර විකුණන බබී නෝනා විජේසූරිය (77) මහත්මිය අප සමඟ එලෙස පැවසූවේ උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් පිළිබද ජනප‍්‍රවාදයක එන කතාවකි. අතීතයේ උල්කාපාතයක් පතිත වූ ස්ථානයක් ලෙසද ඇතැමෙක් විශ්වාස කරති.


උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.


කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද රැුසකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි.
උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.


අතීතයේ දී රාවණ රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි ”දඬු මොණරය” එලෙස ගොඩ බස්සවා ඇතැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.


කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය.


එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගනුලැබ ඇති ”පරෙයිගල” නැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තමා කුඩා කල දී දුටු බව බබි නෝනා විජේසූරිය මහත්මිය අප සමග ප‍්‍රකාශ කළේ දැන් ඒවා මුහුද බත් වී ඇති බව ද සඳහන් කරමිනි.


පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි මානාභරණ රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරුෂයින් විසින් රැුගෙන එනු ලැබ ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා ගොස් තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත.


ඒ බව දුටු භාර්යාවන් සත් දෙනා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගමන් කොට සිය දිවි නසා ගත්හයි ජනප‍්‍රවාදයක වෙයි. (මෙවැනි ජනප‍්‍රවාද දිවයිනේ ස්ථාන ගණනාවකම වෙයි)


භාර්යාවන් සත් දෙනා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම ව්‍යවහාර වන්නේ ඉහත කී ජනප‍්‍රවාදය නිසායැයිද පැවසේ.


උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැුතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.


රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි.


ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. දෙස් විදෙස් සංචාරකයෝ ඒ වෙත පැමිණෙති. උස්සන්ගොඩට යාමට ඇති තාර හෝ කොන්ක‍්‍රීට් හෝ නොදැමූ පාර වැසි දිනවලට ජලය පිරුණු වළවල් බවට පත් වෙයි. එවා සැකසීමට පියවර ගැනීම බලධාරීන්ට බාර ය. අනෙක් අතට ඒ වෙත යනෙන ඇතැම් සංචාරකයන් ද එම මා හැඟි උරුමය මත පොළිතින්, මත් පැන් බෝතල්, ආදිය දමා නොයෑමට තරම් අවංක විය යුතුය.
අනාගත පරපුර උදෙසා කළමැටිය අභය භූමියේ සුප‍්‍රකට උස්සන්ගොඩ දෝතින් තිළිණ කළ හැකි වන්නේ එවිටය.


ශාක නොවැවෙන රතු පස් කුට්ටියක්

උස්සන්ගොඩ තැනිතලාව





උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/4384

මම මේක ගත්තේ තවත් වෙබ් අඩවියකින්..ඉතින් මම මේ ගැන ඉදිරියට ලියන්නම් පසුව මගේ කරුණුත් ඇතුලත් කරලා....